පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලගයකු කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශවාසීහු ඔහු මහ පාර අයිනේ විදුලි කණුවක බැඳ සිටිනු අද සවස දැකගත හැකි විය
.
පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලගයකු කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශවාසීහු ඔහු මහ පාර අයිනේ විදුලි කණුවක බැඳ සිටිනු අද සවස දැකගත හැකි විය
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසෙල් කැන අයිතිකරුට මේ හොරකම ගැන තරහ ඇති. ඒක එහෙම උනත් මේ වගේ තුට්ටු දෙකේ දඬුවම් පමුණුවන්නේ අහල පහල උදවිය නේ. ඒගොල්ලන්ට මේක මහා ලොකු වැඩක්. මේ කොලු ගැටයා මේ වගේ හොරකමකට යොමු උනේ ඇයි කියල හොයල බැලුවොත් සමහර විට මීට වඩා සංවේදී කතාවක් එලි දකින්නත් පුළුවන් නොවෙයි කියල හිතන්න බැහැ නේද ? (නදී)
මේකේ කිසි වැරැද්දක් නැහැ. වැරදිකරුවන්ට ගමේ මිනිස්සු හරි දඩුවම් දෙන්න ඕනා. මේකට පොලිසියෙන් දඩුවම් දෙයිද? (නදී)
ඔව් මෙතන හේතු දෙකක් තියෙනවා .ගස් බදින එක වැරදි .මොකද රටේ නීතියක් තියෙන්නේ ඕනි .එත් එක අපේ රටේ නැති නිසා මෙහෙම වෙනවා .(දිල්)
කොහොම වුණත් මිනිසුන්ම මෙහෙම කරන එක හොඳ නෑ. (ත)
මෙහෙම කරන්න ඕනි තවත් ලොකු ලොකු හොරු ගොඩක් ඉන්නවා.. (ත)
මා පිළිගන්නවා මෙය හොරකමක් බව. නමුත් මෙවැනි දඩුවම් වලින් අපට නොසිතන විදියේ අපරාධකරුවන් බිහිවීමට පුළුවන. (ත)
අනුන්ගේ දේවල් හොරකම් කරන එක වැරදි වැඩක් තමයි. ඒත් මේ මනුස්සයා මේ විදියට බැඳලා තියෙන එක හොඳ මදි. (ත)
පව් කියන්නත් හිතෙනවා. මොනවා වුණත් හොරකම නම් හොඳ නෑ. (ත)
දුප්පතා නෙවෙයි ලොකු ලොකු අයයි මෙහෙම බදින්න තියෙන්නේ. (ත)
මම නම් සොරකම අනුමත කරන්නේ නැහැ. නමුත් නීති ප්‍රකාරවයි දඩුවම් ලැබිය යුත්තේ. මම බෞද්ධයෙක් වුනත්, මේ හා සමාන දේකට ක්‍රිස්තු දහමෙන් දීඇති හොඳ පණිවුඩයක් මතක් කරන්නම්. මේ මනුස්සයා ගස් බදින්න සුදුසු කමක් තිබෙන්නේ කිසිම දාක කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් සොරකම් කර නොමැති අයෙකුටයි.(නදී)
කොටි ගණන් කුඩු ගේන රටේ අහිංසක තරුණයෙක් අමානුෂික විදියට බැදලා. කෙහෙල්කැන වැඩිම වුණොත් රුපියල් 2000ක් වටී. එර ළමයාගේ ආත්මය? (ත)
මේ අහිංසකයා කෙසෙල් කනක් කපල තියෙන්නේ ජීවත් වෙන්න බැරි හින්ද. මේ රටේ කෝටි ගණන් වංචා කරන අයව කවුරුත් ගස් බඳින්න යනවද? කුඩු ව්‍යාපාර කරන අයව ගස් බඳින්න යනවද? (ත)
මේ වැඩේ වැරිදි. මේ මනුස්සය ගස් බදින්න තරම්ම පිරිහිලාද? සමාජ ක්‍රමයේ වැරැද්ද. (ත)
මේ මනුස්සයා කරලා තියෙන දෙය වැරදියි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් දඬුවම් කරන්න ඕනා ක්‍රමය මේක නෙවෙයි. (නදී)
ලොකු පුටුවල වැජඹෙන ලොක්කන්ට දඬුවම් දෙන්නෙ කවුද? (ත)
කව්රුත් හොරකම් අනුමත කරන්නේ නෑ. මේ වගේ දඬුවමක් කරාම මේ මනුස්සය තවත් දරුණු වෙනවා. අද මහා පරිමාණයෙන් හොරකම් කරන පුද්ගලයන් නිදැල්ලේ හැසිරෙනවා. මෙවැනි දඬුවම් මම නම් කොහොමවත් අනුමත කරන්නේ නැහැ.(නදී)
මෙවැනි දේවල් ආර්ථික පසුබිමත් එක්ක සිදුවන දෙයක් නිසා මෙසේ කණුවල බැඳ ප්‍රදර්ශනය කිරීම යහපත් වැඩක් නොවෙයි. (ත)
අර රෝද පුටුවේ ඉන්නේ අයියද ? (නදී)
අහිංසක පොඩි හොරුන් ගස් බඳින රටේ, කුඩු ව්‍යාපාරිකයන්, මිනීමරුවන්, වංචාකරුවන් නිදැල්ලේ. (ත)
දඩුවම සැර වැඩියි. කෙසෙල් කැන ඕනෙ නම් රුපියල් 250 ක් වටියි. මේ මනුස්සයා දවසක් බැදලා තැබුවොත් රුපියල් 1000 කට වැඩ මේ මනුස්සයට පාඩු වෙනවා . ඒ පවුලේ අය දරුවෝ කන්නේ කොහොමද ? මම රුපියල් 250 ක් දෙන්නම් මේ මනුස්සයව නිදහස් කරනවා නම්.(නදී)
මේ වැඩේ වැරිදි. මේ රටේ කෝටි ගණන් වංචා කරන අයවත් මෙහෙමෙ ගස් බදිනවද? (ත)
කොයි කව්රුත් බෝධිසත්වයෝ වෙන්නේ තමුන්ට දෙයක් වෙනකම් විතරයි. තමුන්ට දෙයක් වුන දවසට කකුළුවාගේ ආදර්ශය තමයි.(නදී)
මේවගේ දසුන් දැක්කම හද කකියනවා. හොරකම් කළා තමයි. නමුත් මේ තරුණයෙක්නේ. අවවාද කර අතහැරියනම් ඉවරයිනේ. (ත)
මෙයාම බැඳගත්තද දන්නේ නෑ. (ත)
චාමර, ජීවත් වෙන්න අමාරු හින්ද හොරකම් කරනවා කියන එක මම පිළිගන්නේ නැහැ. හොරු ගාව අපිට වැඩිය සල්ලි තියෙනවා. අනිත් එක මිනිස්සු මාසයක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරන එක එයා එක විනාඩියෙන් හොරෙන් ගන්නවා. මොන හේතුවට වත් හොරකම හොඳ නැහැ.(නදී)
කෙහෙල් ගහ වවල ආරක්ෂා කරලා කෙහෙල් කැන අරගෙන ඒකෙන් තමන්ගේ අරමුණක් හරි ඉටු කරගන්න හිටපු මනුස්සයට එක තප්පරෙන් එක නැති වුනහම දැනෙන කණගාටුව ගැන සමහරවිට දන්නේ නැතුව ඇති. (ත)
හේරත්-කොටවෙහෙර, ඔයාගේ ගෙදරට හොරු පැන්නොත්, ඔයා කරන්නේ පොලිසියට කියන එකද, හොරකම් කරන්න හේතුව හොයන එකද?(නදී)
කෙහෙල් කැන අර ඇමති තුමාගේ. ඉතින් දන්නවනේ දඬුවම මොකක්ද කියලා.(නදී)
මේක වැරිදි (ත)
හැම දේකම දෙපැත්තක් ඇත. (ත)
මෙවැනි දඬුවමක් මානුසික වශයෙන් අනුමත කරන්න බැහැ.දඬුවමක් දිය හැකි වන්නේ අධිකරණයකින් පමණි...මහා පරිමාණ කුඩු හොරු අල්ලනේ කවුද?(ත)
ගම් වල පොඩි පොඩි හොරකම් කරන අය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ ඒවා කරන්නේ දුප්පත් කමට නෙවේ, කුඩු ගහන්න.(නදී)
දුක් මහන්සිවෙලා හදලා ඒක හොරකම් කලාම මට නම් මෙයාව මරන්න හිතෙනවා. ඇයි මහන්සිවෙලා හම්බකරගන්න බැරි.(නදී)
කිසිවෙකු උපතින් සොරෙකු නොවේ. මේ වගේ දඩුවම් දීමෙන් මෙම පුද්ගලයා අනාගතයේදී දරුණු අයෙකු විය හැක. මෙවැනි අමානුෂික දඩුවම් නොදී මෙමෙ තරුණයා යහ මගට ගැනීමට අවස්ථාවක් ලබා දීම සියල්ලන්ගේම යුතුකමයි. (ත)
කුඩු කන්ටේනර් ගණන් ගෙන එන අයට වැඳ වැටෙනවා. අහිංසකයන්ට ප්‍රසිද්දියේ දඩුවම් දෙනවා. හිතන්න එපා ලොකු වැඩක් කලේ කියලා .ඕක වරදට වඩා ලොකු වැඩි දඬුවමක්.(නදී)
දුප්පත් හොරෙක්. (ත)
හොරකමක් කළාට ඔය වගේ අශෝබන දඩුවම් දිය යුතු නැහැ. දඩුවම් දෙන්න ඕනේ නීතියට අනුකූලව. (නදී) .
දරුවන්ට කන්න දෙන්න හොරකන් කලාද කියල කවුද දන්නේ. දැකපුවාම තේරෙනවා දුප්පතෙක් කියා. (ත)
මමත් කෙසෙල් වගා කරන මිනිහෙක්. වගා කරන කෙනෙක් කෙසෙල් කැනක් ඔය තත්වෙට ගේන්නේ සැහෙන්න දුක් විඳලා වියදම් කරලා. නිකම් ඉබේ කෙසෙල් කැනක් ඔය තත්වෙට එන්නේ නැහැ. ඒ වගේ අමාරුවෙන් වගා කරපු දෙයක් හොරකම් කරගෙන ගියාම ඒකේ දුක තේරෙන්නේ ඒක වගා කරපු මිනිහට. එහෙම නැතුව හොරාව සාදාරණීය කරන්න හදන මේකේ ප්‍රතිචාර දාන මිනිස්සුන්ට නෙවේ. ඒ අයගේ වත්තෙත් හොරකමක් උණු දවසට ඒකේ වේදනාව ඒ අයට තේරෙයි.(නදී)
කෙසෙල් කැනක් ගොඩක් වටිනා දෙයක් නෙවෙයි. කවරු උනත් කරපු වැඩේ හොරකමටත් වඩා පහත් (ත)
මත් කුඩු හොරු කෝ? (ත)
මෙය අනුමත කළ නොහැකි දෙයක් (ත)
මම නම් මේක අනුමත කරන්නේ නැහැ. කොහොම උනත් හොරකමක්නේ පොඩි දේවල් වලින් තමා ලොකු ලොකු හොරකම් කරන්නේ.(නදී)
මේ කොලුවට රස්සාවක් දීල හොඳ පුරවැසියෙක් කරන්න මේ පිළිතුරු ලියපු කට්ටිය එකතුවුනොත් බැරිද? තරුණයෝ විනාසවෙලා යන්න දෙන්න එපා. මෙයාගේ ආත්ම විශ්වාසය විනාස කලාම ඒක මුළු ජීවිතේටම බලපානවා. කරුණාව මත ගොඩනැගුණ අපේ සංස්කෘතිය තමන්ගේ මිනිස්සුන්ට වෙනස් කම් කරන්නේ ඇයි? මහා කැලෑවල ගස් පිටින් අරන්යනවා , ඒවාට දඬුවම් නැහැ? (දිල්)
මෙය හොරකමක් නිසා දඩුවමක් දෙන්න. ඒත් මහ හොරු බදින්න ලංකාවේ තියෙන ගස් ටිකත් මදි වේවි නේද? (නදී)
මේ මනුස්සය හොරකම කරන්න හේතුව මොකක්ද කියල කවුරුත් හෙව්වේ නැද්ද? (ත)
බඩගින්නට පොල් ගෙඩියක් නැත්නම් කෙහෙල් කැනක් හොරකම් කලාම අල්ලනවා. ඒත් කුඩු හොරු පගා හොරු අල්ලන්නේ නැත්තේ ඇයි? (නදී)
සිරකරුවෝ මරණය ඉල්ලා විරෝධතා දක්වන යුගයක්,දරුවන් සමග සියදිවි හානි කරගන්න යුගයක්,කාන්තාවෝ මංකොල්ල කෑමට පෙලඹුන යුගයක්. (ත)
හොරකම් කිරීම වරදක්. දඩුවම් කිරීම පොලිසියට බාරකරන්න තිබුනා.(නදී)
බැදලා තියන හැටියටනම් මේ පුද්ගලයාටම ලිහා ගන්න පුළුවන් වගේ .(ත)
මෙයා ලංකාවෙ කියලා හොඳටම විශ්වාසද? අපේ රටට ගිය කලක්. සෝමාලියාවෙ, උගන්ඩාවෙ වගේ පෙනුමක්නේ තියෙන්නේ මේ අහිංසකයට.(නදී)
අහිංසක කොල්ලෙක් (ත)
පව් වැඩේ.(නදී)
උස් තැන් දැක හැකිළෙන්නේ. මිටි තැන් දැක පුම්බන්නේ. (නදී)
දුප්පත් තරුණයට රැකියාවක් ලබා දෙන්න විශාල පිනක් . (දී)
දුප්පතාගේ දිවි ගමනේ එක් අවස්ථාවක්. දරුවෝ බඩගින්නේ ඇති ඒකාන්තයෙන්ම. (නදී)
මේ වගේ බඩගින්නට පොඩි පොඩි වැරදි කරන මිනින්සුන්ව ගස් බඳිනවා. ඒ උනාට මහා පරිමාණයෙන් වැරදි කරන මහදැන මුත්තලව මොකද මේ රටේ ජනතාවට ගස් බදින්න බැරි. නිතීය රකින උදවියම ලොකු ලොකු දේවල් කරණ කොට මොකද අපේ ජනතාව කට වහගෙන ඉන්නේ. එයාලව ගස් බදින්න පුළුවන්නේ මොකද කරන්නේ නැත්තේ ඒ උදවියට තියෙන බය නිසාද . ඒ මිනිහව ගස් බැන්දා කියලා මොනවද ලැබුනේ. කවදාවත් නිතීය අතට ගන්න එපා රටේ නිතීයක් තියෙනවා කව්රු වැරදී කරත් බය නැතිව නිතීය ඉදිරියට ගෙනියන්න මෙහෙම ගස් බදින්න එපා ඒක රටේ නිතීයට කැළලක්.(නදී)
මේ වගේ අහින්සකයන්වනම් ගස් බදී (දී)
රටෙ නීතියක් තියෙද්දී ගොඩ නීතිය හොද නැ මෙහෙම කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ (අ)
මට ලංකාවේ නිතිය ගැන මහත් කලකිරීමක් ඇති උනා (දී)
නීතිය? (දී)
අන්න තියෙනවා කාලෙකට පස්සේ නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න වැඩක් හම්බවෙලා (දී)
කුඩු විකුණන මිනිස්සු යන්නේ කොටි ගණන් වල වාහන වල මේ මිනිහා රු 500වත් වටින්නේ නැති කෙහෙල් මලක් කපලා තියෙන්නේ මොකද්ද නීතියේ තියෙන සමානාත්මතාවය (දී)
මෙයා කුඩු කාරයෙක් නෙමේ නම් යන්න ඇරලා මීට වැඩිය ලොකු කුඩු මුදලාලි කෙනෙක්ව හරි මහජන දේපොළ කොල්ල කන කෙනෙක්ව ගස් බදින්න මම ලනුවක් දෙන්නම්.(නදී)
මෙම පුද්ගලයාට මෙසේ කිරීම කිසිසේත් අනුමත කල නොහැකි දෙයක්.(නදී)
අහිංසක මිනිස්සුන්ට උඩු කරන්න ජීවිතය ගොඩනගා ගන්න (දී)
මේකට අදහස් දැක්වපු අය දිහා බැලුවම මට මෙහම හිතෙනවා....... අදහස් වලින් අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ? (දී)
මේ මනුස්සයව මෙලෙස බැඳපු අයව රිමාන්ඩ් කර නඩු දැමිය හැකියි. (නදී)
වැරුද්දක් කලා කියල ඔය විදියට දඩුවම් දෙන්න පුළුවන්නම් අපේ රටට පොලීසි උසාවි අවශ්‍ය නැහැනේ. කෙසෙල් කැන් අයිතිකාරයා අර ඇමතිගේ ඥාතියෙක්ද? (නදී)
අසරණයින් විතරයි ගස් බඳින්නේ. ලොකු හොරුන්ට කව්රුත් මොකුත් කරන්නේ නැහැ.(නදී)
මිනි මරුවන්, ස්ත්‍රී දුෂකයින්, කුඩුකාරයන් රට පුර නිදැල්ලේ සිටින යුගයක මෙවැනි දෙයකට දඩුවහ් දෙන්න එකතු උනා වගේ ලොකු හොරුන්ටත් දඩුවම් දෙන්න එකතු උනොත් නේද හොද. (නදී)
අනේ පවු ලිහලා යවන්න.(නදී)
කෙසෙල් කැනක් වටින්නේ කීයද? ඒත් කොටි ගනන් ජරාව කන අයට දෙන දඩුවම මොකක්ද? (නදී)
මේ ඔක්කොම වැරදියි. නමුත් මේ දේ කරන්නත් එයාට හේතුවක් ඇති. ඒකට විසදුමක් දීල මේක තේරුම් කරලා එයාට ආපහු එහෙම නැතුව ජිවත් වෙන්න ජොබ් එකක් දෙන්න කැමති කවුද ? (නදී)
අපේ රටේ මහජන දේපල , පුරාවස්තු , ජාතික ධනය හොරා කන අයට මෙහෙම වෙන්නේ නැත්තේ ඇයි? පහත් තැනින් යයි ගලා ජලේ .(ත)
මෙය මා අනුමත නොකරමි. (ත)
මෙහෙම නෙමේ මිනිස්සුන්ව වරදින් මුදවන්නේ. හේතුව හොයලා වැඩ කරන්න ඕනේ. (ත)
කෙසෙල් හොරකමට මෙහෙම දඩුවමක් මේක අසරණ කමට කරපු දෙයක් වෙන්න පුළුවන්.(නදී)
ජනතාවට ජීවත් වෙන්න හරිම අමාරුයි (ත)
උස් තැන දැක හැකිලෙන්නේ , මිටි තැන් දැක පුප්පන්නේ, නිවටුන් මය සිතමින්නේ, මගේ පුතා නිදියන්නේ. (ත)
මේකෙන් පේන්නේ රටේ තියන බඩු මිළෙහි වැඩි කමයි. පුංචි මිනිහට තමයි හැම දෙයක්ම.(නදී)
ලොකු හොරුන්ට මොකද කරන්නේ? (ත)
මේ මනුස්සයාගේ ආත්ම ගරුත්වය බින්දුවට දාලා නේද? (නදී)
සමෘධි නියමක තමාවම ගහේ බැඳ ගත්ත වගේ මෙයත් ස්ව කැමැත්තෙන් වගේ කණුවට බැඳිලා ඉන්නේ. (නදී)
ඔහොම කරපුවම හරිද ? (නදී)
ගස් බැන්ද කෙනා පල් හොරෙක් .බදින්න අන කරපු කෙනා ලෝක හොරෙක්. (දී)
කෙසෙල් මලක උපරිම මිල කියද (දී)
හොරකම වැරදි උවත් මෙවැනි පහත් දඩුවමි මුස්ලිමිවරුන් ලෙස අපි තරයේ හෙලා දකිමු. (දී)
මෙහෙම ඉන්නකොට මේ මනුස්සයට මොනවා හිතෙනවා ඇත්ද? (නදී)
එතකොට ඔය කුඩු ගෙන්වන, මිනි මරන , දුෂණ ළමා අපචාර වංචා කරන ලොකුඅයව බදින්නේ මොකේද? (දී)
හොදයි එතකොට කුඩු කන්ටේනර් පිටින් පන්නන්න හදන අයට මොකද්ද කරන්නේ. (දී)
හරියට කල්පනා කලොත් කෙසෙල් කැණ වගේ දහස් ගුණයක වන්දියක් ගන්න පුළුවන් හොරාට මුලික මිනිස් අයිතිවාසිකම් අපහාසයට ලක් කිරීම නිසා.(නදී)
මේක පුද්ගලික කෝන්තරයක් පිරිමහන්ට කරපු වැඩක් (ත)
ලංකාවට කුඩු ගෙන්වන අයවත් බැන්දනම් හරිනේ. (ත)
මේ මනුස්සයා කළේ වැරැද්දක් තමයි. ඒත් මෙහෙම කළ එක හොඳ නැහැ නේද? (නදී)
මොහු සමාජය ගැන වෛරයක් ඇති වුණොත් ඊට වැඩි දෙයක් වේවි. (ත)
මේ විදියට දඩුවම් කරන එක හොද දෙයක් නෙමේ. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය, උසාවිය මොකටද? දරුවනට වැරදි අවබෝධයක් ලබා දෙන්නේ මේ වගේ වැඩ වලින්. (නදී)
මේවා තිරිසන් වැඩ පොඩි මිනිහෙක් නිසා මෙහෙම කරවී ලොකු ලොක්කෝ කරන ඒවාට කව්ද කේන්ති ගන්නේ (දී)
ඉතාම අසාධාරණයි. මේ මනුස්සයා මේ වගෙ දෙයක් කරන්න පෙළඹුනේ ඇයි කියලා හොයලා බලලා ඊට පස්සේ ක්‍රියා මාර්ගයක් ගන්න මේ මිනිස්සුන්ට තිබුනා. මොකද මේ රටේ මීට වඩා කම්බා හොරු හොඳ සැප සම්පත් විඳිමින් ඉන්නවා.(නදී)
වැඩේ වැරදියි තමයි. ඒත් මෙහෙම කළ එක හොඳ නැහැ නේද? (නදී)
මොකද මුණ වහල දැම්මේ? (දී)
බොහෝ දෙනෙක් ඉතාමත් සංවේදීව ප්‍රතිචාර දක්වා තිබීම සමාජ පරිහානියේ තරම පැහැදිලි කරනවා. වරක් මිනිසෙක්ව ගස් බැඳලා දුන්න ආදර්ශය තමයි ඔය තකතීරු ගම්මුන් එකතුවෙලා පෙන්නා දීල තියෙන්නේ. දැනට වසර 5 කට පමණ උඩදී පානදුරේම වයස 65ක පුද්ගලයෙක් කෙහෙල් කැනක් හොරෙන් කපා ගත්තා කියල පොලිසියෙන් ගහලම මැරුණා. පොලිසියටත් ලැජ්ජාවක් නැහැ ජනතාවටත් ලැජ්ජාවක් නැහැ.(නදී)
මෙතනින් පෙනෙන්නේ කෙසෙල් කන අයිතිකාරයාගේ මනුසිකත්වයයි (දී)
හොරකම වැරදියි තමයි. ඒත් නැතිබැරිකමට මෙහෙම දෙයක් කළාද දන්නේ නැහැ. පව් ඒ ගැන හොයලා බලලා අවවාද කළ නම් හරි.(නදී)
අනේ මේ අහිංසක මනුස්සයා (දී)
ගෙවල් බිඳින එකයි, මේ වගේ දේවල් හොරකම් කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. මේ මිනිසා කෙසෙල් කැනක් හොරකම් කලේ ඉඩමක් මිලට ගන්නවත්, වාහනයක් මිලට ගන්නවත් වෙන්න බැහැ. සමහර විට වේල පිරිමහ ගන්න වෙන්න පුළුවනි. හොරකමේ හැටියටනේ අධිකරණය උනත් දඬුවම් නියම කරන්නේ. (නදී)
මෙයා කුඩු කාරයෙක් නෙමෙයි නම්, කෙසේල් කැනත් සමග කීයක් හෝ දීල යන්න අරින්න. (දී)
වැඩේ වැරදි .................. නමුත් දඬුවම දුන්නු ක්‍රමය වැරදි (දී)
නියම වැඩේ, අපරාදේ කෙහෙල් කැන බෙල්ලේ එල්ලන්නයි තිබුනේ (දී)
පොඩි හොරෙක්ට මෙහෙම කරනවා නම් මීට වඩා හොරකමි කරන අයටත් ඒ වගේම දඩුවමි දෙන්න වටිනවා. ඉන්න අය උනන්දු උනොත් හොදයි. හොරකම ඉතින් ලොකු පොඩි කියලා නෑ. එත් අනිත් හොරුන්ටත් මේ වගේම දඩුවම් දෙන්න ඕනේ නැත්නම් වැඩක් නෑ.(නදී)
මේ අහිංසකයෙක්.. නමුත් හොරකම හොද නැහැ (දී)
මහා හොරු ටික ගස් බදින්නේ කවදද (දී)
නිතිය අතට ගන්න හදන්න එපා (දී)
විහිලු දකලා නැත්නම් මෙන්න තියෙනවා (දී)
කුඩු ලංකාවට එන්නේ කොහොමද කියලා හොයලා බලමුද පොඩ්ඩක් ඔය ගස් බැදපු කට්ටියටයි කියන්නේ (දී)
අනිවාර්යෙන් මේ කෙසෙල් කැන ලොක්කෙක්ගේ වෙන්න ඇති.(නදී)
මෙහෙම හොර කමක් කරන්නේ සල්ලි නැතිම කමට මිසක් වෙන දෙකට නෙමෙයි කියල මට නම් හිතෙන්නේ. නැත්නම් කෙසෙල් කැනකින් මොනවා කරන්නද.. (දී)
අනේ ඉතින් අර නවීන තාක්ෂනය යොදාගෙන මහා පරිමාණයෙන් නිදන් හාරන නිදන් හොරුන්ට මොකුත් දඩුවමක් නැත්ද ? (දී)
මේ වගේ සුලු වැරැද්දකට හැමෝටම පෙනෙන්න දඩුවම් දීපු එක නම් වැරදියි.(නදී)
මේ මනුස්සයව ගස් බැන්දිම ඉතාමත් කැත, පහත් සහ නීති විරෝධි වැඩක්. නීතිය අතට ගෙන මෙම දේ කල අයව ඉතා ඉක්මනින් නීතිය හමුවට ගෙන ගොස් දඬුවම් කර ප්‍රසිද්ධ කළ යුතුයි. අප සමාජය එසේ කිරීමට ක්‍රියා නොකලහොත් අප අවට වෙසෙන අය, ඉතා සුළු වරදකටත් අපටද මෙම දේ කරනු ඇත. සුභ දවසක්! (දී)
කෙසෙල් හොරකම අසරණ කමට කෙරුවද දන්නේ නැහැ. කොහොම උනත් අනුන්ගේ දේවල් හොරෙන් ගන්න එක හොද මදි. ගමේ ජනතාව මිට වඩා ටිකක් හිතන්න තිබුනා.(නදී)
මේ දේ මම අනුමත කරන්නේ නැහැ. මේ මනුස්සයා කලේ වරදක්. ඒත් පාරේ ගැට ගහපු එක වැරදියි. කව්රු උනත් මේ මනුස්සයාව පාරේ ගැට ගහපු එක තිරිසන් වැඩක්. අද රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක මිනිස්සු වැරදි දේ කරන්න පෙලබෙනවා වැඩියි. දරුවොන්ට කන්න දෙන්න විදිහක් නැති කමට කලාද දන්නේ නැහැ.(නදී)
මේක ඉතාම නින්දා සහගත වැඩක් (දිල්)
මෙවා වෙන්නෙ මෑදපෙරදිග ලංකාවටත් බොවෙලාද? (දී)
අපේ අය දඩුවම් දෙන්නේ ඔය වගේ අහිංසක අයට තමා ලොකු හොරුන්ට මොන දඩුවමක්වත්ක් නැ බඩගින්න නිවා ගන්න කරපු දෙයක් වෙන්න ඇති.(දිල්)
ලංකාවේ මෙහෙම තමයි අයි ඩෝන්ට් නො වයි (දී)
මේ මනුස්සයව මේ විදියට ගැට ගහපු කෙනා හිතනවා ඇති මහා ලොකු වීර ක්‍රියාවක් කලා කියලා.(දිල්)
අහිංසක මිනිහෙක් ඔය වගේ හොර වැඩ කරන ලොකු ලොක්කොත් ගස් බදින්නකෝ (දී)
මේක වැරැදි ආදර්ශයක්. හොරකම් කිරීම වැරැදී නමුත් මෙහෙම කීරීමට අයිතියක් නෑනේ. පුංචි කෙනෙක් හොරකම් කළොත් ඔක්කොම දඩුවම් කරනවා (දිල්)
මේ මනුස්සයාට මොනවා හරි කන්න දීලා යන්න අරින්න. නැති බැරි කමටයි මෙහෙම කරන්නේ. (දී)
මහජනයගෙ සල්ලි කෝටි ගනන් හොරකම් කරන දේශපාලුවන්ට මහජනයා චන්දෙ දීල වැඳලා එනවා. කෙසෙල් හොරා ගස් බඳිනවා. බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක්නෙ මේක. (දී)
සොරකම නම් වැරදියි එත් දඩුවම් දුන්න විදිහේ තමයි වැරැද්ද තියෙන්නේ (දී)
මම මෙය කිසි සෙත් අනු මත නොකරමි .මෙම තරුණ ජිවිතයක් කෙහෙල් කැන වැඩිම උනොත් රු 500ක් විතර වටියි .අපේ අයට බැරිද ලංකාවේ මහජන මුදල් කබසිනය කරන .අල්ලස් ගන්න අපේ මැති ඇමති වරු ටිකක් ගස් බදින්න .අපේ ඡන්දේ අරන් අපිටම ඔරවන ...!!! (දී)
කනගාටු වෙනවා මේ පුවතට (දී)
ඊලග පර ඡන්දෙ ඉල්ලාපන් පුතා. ඇමතිලා දෙන ආදර්ශ තමයි ජනතාවට.(නදී)
ගහ වවපු මිනිහට අමාරු ඇති. එත් සමාජයේ කොන් වීම නිසා මේ මනුස්සය මීට වැඩ ලොකු වැරදි කරන්න පෙලෙබෙන්න පුළුවනි. (දී)
කවුද මේ නීතීය අතට ගෙන, නඩුවත් අහල දඬුවමත් නියම කරලා තියෙන්නේ ? මේ වගේ අයට පළමුවෙන් දඬුවම් කරන්න ඕනි. දැනටමත් මේ පොටෝ එක කොටින්ගේ අන්තර්ජාලවල ප්‍රසිද්ද කරලා ඇති මීට වඩා බෙහෙවින් වෙනස් කතාවක් එක්ක, ඔවුන්ගේ ප්‍රචාරක වැඩ වලට. (දී)
කුඩු ගෙනාපු අයව හොයලා බදින්න. මේ අහිංසක කොල්ලට එහෙම කරන්න දෙන්න එපා.(නදී)
සින්හක්ල කමට නිගරු කරන්න එපා. පව් අහිංසකයා .(දී)
ඔය මනුස්සයා හොද වැඩක් කලානම් අගය කරනවාද අපේ සමාජය (දී)
මෙම දුප්පත් මිනිසා කෙහෙල් කැන කැපුවේ තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන් නමුත් මෙම අහින්සකයව මෙම තත්වයට දාපු දේශපලුවන්ව ලයිට් කණුවේ උඩ බැඳලා කරන්ට් වද්දවන්න. (දී)
මේ මනුස්සයාව දෙකකම පේනවා දුප්පත් කෙනෙක් කියා . එහෙත් සොරකම කිරීම වැරදියි නමුත් අද ලංකාවේ අධි පරිමාණයේ සොරුන් නීතියෙන් ආරක්ෂාවද ලබමින් මුළු රටම සුරා කනවා . ඔවුන් ගෙන කෙසේද ? මෙවෙනි දඬුවම් ඔවුන්ට දිය හැකිද (දී)
මේවා මෝඩ වැඩ. පුලුවන්නම් ගස් බදින්න ඕන ලොකු හොරු ඕනෑතරම් මේ රටේ ලොකු පුටු වල වැජබෙනවා
හොරකම නරක වැඩක්, නමුත් මේ වැඩේ ජරා වැඩක්.අහිංසක හොරකමක් නිසා සමාවක් දෙන්න තිබුන දැන් ඉතින් ලජ්ජාවට දිවි හානි කරගන්නත් බැරි නැහැ.පව් කියල හිතෙනවා මටනම්. (දී)
සිංහල ජාතියේ මෙලෙජ සහ මෝඩ කම හොදට පේනවා (දී)
මට හරිම කනගාටු මේ හොරාට මේ විදියට අපහස කරන එක ගැන ළමයි ගේ අනාගතයට වෙන අපහාසය පොඩක් හිතුවා නම් හොදයි නේද (දී)
රටේ ආර්ථිකය ගැන බැලුවහම මේවා සුළු දේවල්. මෙයාට අවවාද කරලා අත ඇරියා නම් රටක් වටිනවා. එක්කෝ ජීවත්වෙන්න පුළුවන් මාර්ගයක් හදල දුන්න නම් හරි. මේවා ඉදිරියට තව වැඩිවේවි. පව් අසරණ තරුණයා.(නදී)
පොඩ්ඩක් හිතල බලන්න මෙයා කෙහෙල් කැන හොරකම් කරල තියෙන්නෙ දරුවන්ට කන්න දෙන්න නැති නිසා වෙන්න පුලුවන්.(නදී)
මේ වැඩේ වැරදි යැයි කියන අය කෙසෙල් කැන අයිතිකාරයා ගැන කියාවිද දන්නෙ නැහැ කෙසෙල් ගහ හිටවපු එකයි වැරදි කියලා. (ස)
මෙයා තරුණයෙක් රැකියාවක් නොකර හොරකම් කරපු එකට හොද දඩුවමක්. ස්වයන් රැකියාවක් කරන බැරි කමක් නැහැ. අඩුම තරමින් කුලී වැඩක්වත්. ඔයාලගේ වත්තේ මේ වගේ හොරකමක් කරොත් ඔයාල මොකද කරන්නේ? (නදී)
මෙම සිද්ධිය තරයේ හෙලා දකිමි. මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.(නදී)
ගොඩක් කට්ටිය ලියල තියෙන්නේ හොරාගේ අම්ම ලියන විදිහට. 1989 කාලයේ හොරකම් හා තවත් අපරාද අඩු උනේ මේ විදිහට දඬුවම් ජේ වී පී නමින් දුන්න නිසා. ලොකු අය හොරකම් කරනවා කියල පොඩි අය හොරකම් කරන එක අනුමත කරන එක හරි වැඩක් නොවේ. කොහෙන් හරි තර්ජනයක් එනකොට හොරකම හා වෙනත් අපරාද පාලනය වෙනවා. රටේ ජීවත් වෙන්න අමාරු නම් ඉදිරියට අලුතින් ළමයි හදන එක පාලනය කිරීම මගින් හොරු බිහිවීම අඩුවෙන්න පුළුවන්.(නදී)
ඔහුව ගස් බැදපු අය අතරේ සුලුවට වත් හොරකමක් නොකරපු අයෙක් ඉන්නවනම් කියන්න, ලොකු හොරකමත් පොඩි හොරකමත් දෙකම හොරකම වෙනවා.(නදී)
කරුණාකර මේ මනුස්සයා නිදහස් කරන්න. සමහර විට පොඩි දරුවන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවනි. (ස)
ඔය ලංකාවේ ඉන්න ලොකු හොරු ටිකත් ගස් බැන්දා නම් හරිනේ.(නදී)
හොරාට වන්දි ඉල්ලන්න පුළුවන් නීති තියනවා.(නදී)
වරදට දඩුවම් දෙන්න ඕනෑ .නමුත් මෙය හොඳ ආදර්ශයක් නෙවෙයි.මිනිසුන් නීතිය අතට ගෙන ඉදිරියට මිනිසුන් මරල දමන්නත් පුළුවන්. (ස)
මේ හොරෙක්ද? පව් අහිංසකයෙක්. ලංකාවේ ලොකු හොරු වෙන දැකලා නැද්ද? (නදී)
මෙහෙම කරන එක වැරදියි (දී)
ඇස් කටේ දාගෙන වගෙයි සමහරු අදහස් දාලා තියෙන්නේ.(නදී)
නජිම් එතකොට ඔබගේ අය අරාබියේ කරන දඬුවම් හොඳද ? පොඩි හොරකමක් කලත් අතපය කපනවා. එය මනුෂ්‍යත්වයට නිගාවක් නොවේද? (නදී)
බැලූ බැල්මට මේ පොටෝ එක ලංකාවේ නෙමේ අප්‍රිකාවේ වගේ මට නම් පෙනෙන්නේ.(නදී)
දුප්පතෙක් ගහක බදින එක හපන්කමක්ද (දී)
අන්තිම පහත් වැඩක් (දී)
ඔය ගස් බැදලා තියෙන්නේ අහිංසක මනුස්සයෙක් (දී)
ලංකාව කියන්නේ බොහොම උත්තම රටක් ඒක විනාශ කරන්න එපා (දී)
මේක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොරකම් කරපු එක වැරදියි. මෙහෙම දඩුවම් නොකර පොලිසියට බාර දෙන්න තිබුනා. මේ දේ කරපු අය නිතිය අතට අරන්. (නදී) .
මිනිස් ජීවිතයක වටිනාකම දන්නවාද (දී)
දඩුවම හොද උනාට මේ දඩුවම නම් ඒ හැටි හොද නැහැ (දී)
අපේ රටේවෙන සොරකමට නිසි දඩුවම් දෙනවද (දී)
කෙහෙල් මල් දාහක් හොරෙන් කපලා හම්බෙන ගානට සමානයි කුඩු මිලිග්‍රෑම් එකක් විකුනලා ලැබෙන ගාන. ( මම නිකමට හිතුවේ ) කවුද ඇත්ත වැරදි කාරයා (දී)
හොරා කොහොමත් හොරා නමුත් මෙය සදාචාරාත්මකද (දී)
නිතිය සැමටම එකසේ ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ (දී)
මේ ආදර්ශය නම් ඒ හැටි හොද එකක් නම් නොවෙයි (දී)
මේක අනුමත කරන්න බැහැ. බඩගින්නට මෙහෙම දේවල් කරනවා.(දිල්)
තෝරු මෝරු පැන යනකොට නීතියේ දැල දාලා හාල්මැස්සෝ අල්ලන්නලු (දී)
සිය කැමැත්තෙන්ම කණුවේ බදාගන්න ඇති .... (දී)
මෙය වැරදි ක්‍රියාවක්. (නදී)
අසරණ මනුස්සයෙක්. එදා වේලවත් කන්න නැති මනුස්සයෙක්. පොඩ්ඩක් හොයල බලන්න තිබුනා. පොඩි අවවාදයක් දීල යැව්වා නම් හරිනේ.(නදී)
මනුතාපය කියවපු කෙනෙක් ඉන්නවද. මේක අසරණ කමට කරපු දෙයක් වෙන්න පුළුවන්. නමුත් කාටවත් නීතිය අතට අරගන්න බැහැ.(නදී)
කෙසෙල් හොරකමට මෙහෙම දඩුවමක් නම් කුඩු බිස්නස් කරන අයව විදුලි කණුවේ එල්ලන්න ඕනා.(නදී)
සෙනවි; අරාබි නීතිය තදයි. ඒ නිසා මිනිස්සු බයයි වැරදි කරන්න. මිනිස්සු නීතිය අතට ගන්න හොඳ නැහැ.(නදී)
දිවංගත අයි. එම්.ආර්. ඒ .ඊරියගොල්ල මහතා සිංහලට පරිවර්තනය කල මනුතාපය නම් වූ වික්ටර් හියුගෝ ගේ "ල මිසරබ්ලේ" කතාවේ එන ආදර්ශය ගැන ලංකාවේ මිනිසුන්ට මීට වඩා අවබෝධයක් තිබිය යුතුයි. "දුප්පතාගේ දුක" නමින් නිපදවූ චිත්‍රපටයට පාදක වන්නේත් ඒ කතාවයි. (දී)
ලොකු හෝ කුඩා හොරකම අනුමත කෙල නොහැකි නමුත් පවත්නා සමාජ ක්‍රමය යටතේ තව දුරටත් මිනිසුන්ට ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇත. මෙවැනි හොරකමක් කරනුයේ දනවතකු වීමට නොව බඩගින්නේ අඬන කිරි දරුවකුට කිරි ටිකක් දීමට හෝ තම පොඩි එකාට පාසලට අවශ්‍ය පොත පත හෝ කිසියම් අඩු පාඩුවක් පිරි මැසීමට විය හැකිය. ඒ නිසා කරුණ සොයා බලා මෙවැනි දඩුවමක් ලබා දුන්නේ නම් ඉතා වැදගත් වේ. මිනි මරුවන් ස්ත්‍රී දුෂකයින් රට පුර නිදැල්ලේ සිටින යුගයක මෙවැනි අහිංසකයින්ට දඩුවම් දීමෙන් කුමක් අපේක්ෂා කරන්නෙහිද? රටේ තත්වය තේරුම් ගෙන එය නිවැරදි කිරීමට උත්සහ ගතහොත් වඩා යහපත් වේවි.(නදී)
හොරා ඇල්ලුවේ කව්ද? (නදී)
කුඩු බිස්නස් කරන ලොකු අයව විදුලි කණුවල මුදුනේම එල්ලන්න ඕනේ.(නදී)
රාජ්‍ය දේපල හෝරා කන අය බඳින්න ගියොත් ලංකාවේ ලයිට් කණු මදිවෙයි.(නදී)
මේ හැමෝම කියන්නේ හොරා ගැන අනුකම්පාවෙන්. එහෙත් මෙවැනි ගොවිතැන් කරලා ඔලුව උස්සන්න හදන අහිංසක මිනිසාගේ පැත්ත ගැන හිතන්න. ගොවි පොලේ කිසිම දෙයක් ඉතුරුකරන්නේ නැහැ හොරු කඩනවා. පොලිසියට කිව්වොත් හොරා කව්ද අහනවා. අල්ලලා දුන්නොත් උසාවියක් ගානේ මාස ගනන් රස්තියාදු ගහන්න වෙනවා. මෙන්න මේකයි ස්ව ශක්තියෙන් ජිවත් වෙන්න හදන අයට සිදුවන්නේ. දැන් හොරා ගැන සිතන්න.(නදී)
මෙම තරුණයාට රැකියාවක් සොයා දීමයි කළ යුත්තේ. මෙහි පසු බිම ඛේදවාචකයක් ඇති. වහාම ලිහා දමන්න. (නදී)