IMG-LOGO

කුසල් තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ලවී තිබූ තහනම් උත්තේජක චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ කිරීමට ප්‍රබල සාක්කි නොමැතිවීම හේතුවෙන් එසේ නිදහස් කැරුණු බව අයිසීසීය බදාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා කරමින් අයිසීසීය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කුසල් ජනිත්ට තරග සඳහා සහභාගීවීම තහනම් කැර තිබිණි. ඒ අනුව නිමාවට පත්වූ 20-20 ලෝක කුසලාන තරගාවලියද ඔහුට අහිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා කුසල් නැවත එක්කරගන්නවාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එහි ආරංචි සඳහන් කරයි.

මේ අතර අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුසල් ජනිත් පෙරේරා තමා වෙනුවෙන් පෙනීසිටි හා තමාට උදව් කළ සෑමදෙනාටම ස්තූතිය පළ කළේය.

kusal_2016512 kusal_20165122



අදහස් (0)

කුසල් තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස්

ලසන්ත Thursday, 12 May 2016 08:42 AM

හිතට ලොකු සහනයක් දැනුනා (නි)

:       1       0

විජය Thursday, 12 May 2016 09:20 AM

කුසල් අපි දැනගෙන හිටියා ඔබ ඉක්මනින්ම බොරු චෝදනා වලින් නිදහස් වෙලා අප රටට නැවත වරක් ලොකු ගවුරවයක් ගේනවා කියලා. ඔබට අපේ අවංක සුබ පැතුම්. ඉක්මනින්ම නැවත කණ්ඩායමට ඇවිල්ලා කණ්ඩායම ශක්තිමත් කරන්න. (බ)

:       1       0

ශෂික Thursday, 12 May 2016 09:39 AM

අහන්නත් සතුටුයි..උපුල් වීරසිංහගේ අදහසට තුති.(හේ)

:       0       0

වික්‍රමාරච්චි Thursday, 12 May 2016 04:46 AM

ජයවේවා .............ඇත්ත කවදා හෝ ජය ගන්නවා. (ම)

:       0       1

මනෝජ් Thursday, 12 May 2016 04:55 AM

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කුසල්ට ලොකු වන්දි මුදලක් හා නඩු ගාස්තුවක් ගෙවිය යුතුයි. (ම)

:       1       0

බාසුර Thursday, 12 May 2016 05:00 AM

අපේ කුසල් නැවත අාවා කොල්ලා මේ පාර එංගලන්ත සාවාරිය යවන්න කියාලා පාලක මණ්ඩලයට කාරුණිකව කියා සිටිනවා (ම)

:       0       1

වසන්ත Thursday, 12 May 2016 05:14 AM

මම නම් දැනගෙන හිටියා ඇත්ත දිනන බව (නි)

:       1       0

රුවන් Thursday, 12 May 2016 05:26 AM

ලොකු දෙයක්. නුඹ නැති පාඩුව හොඳටම දැනිලා තියෙන්නේ කොල්ලෝ (නි)

:       0       0

සනත්‍ Thursday, 12 May 2016 05:32 AM

සමහරුන්ට කොහොමත් ඕනෑ වුණේ දක්ෂ ක්‍රීඩකයො පහුගිය ලෝක කුසලානයෙන් අයින් කරන්න. බංගලාදේශ, කොදෙව්, පාකිස්තාන් පන්දු යවන්නන් පන්දුව දමාගසන බවට චෝදනා කරලා ලෝක කුසලානයට ක්‍රීඩාකරන එකත් නැවැත්තුවා. (නි)

:       0       1

ආර්.එම්.එන්.බණ්ඩාර Thursday, 12 May 2016 05:35 AM

හොඳ ආරංචියක්. සුබ පැතුම්! (නි)

:       0       0

රොමේෂ් සිල්වා Thursday, 12 May 2016 05:56 AM

අපි නම් දැනගෙන හිටියා කුසල් නිදහස් වෙනවා කියලා. මොකද ඉන්දියාවට තමයි ලොකුම ඕනෑකම තිබුනේ අයි.සී.සී හරහා කුසල්ව ටී20 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කරවන්න. ඔයවගේ කීදෙනෙකුට ඔහොම කළාද? අයි.සී. සී එකේ නිශේධ බලයට සමාන බලයක් තියෙන්නේ ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තෙට. එ්ගොල්ලන්ට දිනන්න ඕනෑ විදිහට තමයි හැමදේම කරන්නේ. (නි)

:       0       0

වසන්ත Thursday, 12 May 2016 05:57 AM

ඇත්තටම සමහරුන්ට ඕනෑ කරන්නේ අනෙක් රටවල ඉන්න ඉන්දියාවට තර්ජනයක් වෙන දක්ෂ අයව කපා දාන එක. දැන් ඉතින් ටී20 ලෝක කුසලානය ඉවරයිනේ. (නි)

:       0       0

චන්දි Thursday, 12 May 2016 05:59 AM

දැන් චෝදනා කළ අය ඉල්ලා අස්වෙයිද අර පත්තරේ කෙනා වගේ? (නි)

:       0       0

ඉන්දික Thursday, 12 May 2016 06:43 AM

ඇයි පිට එවුන්ට බන්නිනේ අපේ ක්‍රීඩා ඇමති කියුවෙත් කුසල් වැරදියි කියලා (බ)

:       0       0

උපුල් වීරසිංහ Thursday, 12 May 2016 06:45 AM

අනේ මන්ද සමහර අදහස් දැක්කම පුදුමත් හිතෙනවා කොහොම වුනත් කුසල් පෙරේරා වගේම අනිත් අයත් තමන්ගේ අහාර පාන,ගන්න ඖෂධ, පාටි වලට ගිහින් බොන ඒවා ගැන එහෙම කල්පනාකාරී වුනොත් හොදයි. වර්තමාන සිංහල වර්ගයා පිළිබඳව මගේ මතය වනුයේ ඔවුන් තමන්ට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම්වලින් අඩුවෙන්ම ඉගෙන ගන්නා ජනවර්ගයක් බවය. විටින් විට ලොකු දේවල් රටේ සිදුවූ බවත් ඒ කිසිදු දෙයකින් ඉගෙන ගතයුතු පාඩම් ඉගෙන නොගත් බවය. (බ)

:       0       0

සිසිර Thursday, 12 May 2016 07:40 AM

හොද පුවතක් , ජය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site