ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ලවී තිබූ තහනම් උත්තේජක චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ කිරීමට ප්‍රබල සාක්කි නොමැතිවීම හේතුවෙන් එසේ නිදහස් කැරුණු බව අයිසීසීය බදාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා කරමින් අයිසීසීය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කුසල් ජනිත්ට තරග සඳහා සහභාගීවීම තහනම් කැර තිබිණි. ඒ අනුව නිමාවට පත්වූ 20-20 ලෝක කුසලාන තරගාවලියද ඔහුට අහිමි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා කුසල් නැවත එක්කරගන්නවාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එහි ආරංචි සඳහන් කරයි.
මේ අතර අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුසල් ජනිත් පෙරේරා තමා වෙනුවෙන් පෙනීසිටි හා තමාට උදව් කළ සෑමදෙනාටම ස්තූතිය පළ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතට ලොකු සහනයක් දැනුනා (නි)
කුසල් අපි දැනගෙන හිටියා ඔබ ඉක්මනින්ම බොරු චෝදනා වලින් නිදහස් වෙලා අප රටට නැවත වරක් ලොකු ගවුරවයක් ගේනවා කියලා. ඔබට අපේ අවංක සුබ පැතුම්. ඉක්මනින්ම නැවත කණ්ඩායමට ඇවිල්ලා කණ්ඩායම ශක්තිමත් කරන්න. (බ)
අහන්නත් සතුටුයි..උපුල් වීරසිංහගේ අදහසට තුති.(හේ)
ජයවේවා .............ඇත්ත කවදා හෝ ජය ගන්නවා. (ම)
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කුසල්ට ලොකු වන්දි මුදලක් හා නඩු ගාස්තුවක් ගෙවිය යුතුයි. (ම)
අපේ කුසල් නැවත අාවා කොල්ලා මේ පාර එංගලන්ත සාවාරිය යවන්න කියාලා පාලක මණ්ඩලයට කාරුණිකව කියා සිටිනවා (ම)
මම නම් දැනගෙන හිටියා ඇත්ත දිනන බව (නි)
ලොකු දෙයක්. නුඹ නැති පාඩුව හොඳටම දැනිලා තියෙන්නේ කොල්ලෝ (නි)
සමහරුන්ට කොහොමත් ඕනෑ වුණේ දක්ෂ ක්‍රීඩකයො පහුගිය ලෝක කුසලානයෙන් අයින් කරන්න. බංගලාදේශ, කොදෙව්, පාකිස්තාන් පන්දු යවන්නන් පන්දුව දමාගසන බවට චෝදනා කරලා ලෝක කුසලානයට ක්‍රීඩාකරන එකත් නැවැත්තුවා. (නි)
හොඳ ආරංචියක්. සුබ පැතුම්! (නි)
අපි නම් දැනගෙන හිටියා කුසල් නිදහස් වෙනවා කියලා. මොකද ඉන්දියාවට තමයි ලොකුම ඕනෑකම තිබුනේ අයි.සී.සී හරහා කුසල්ව ටී20 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කරවන්න. ඔයවගේ කීදෙනෙකුට ඔහොම කළාද? අයි.සී. සී එකේ නිශේධ බලයට සමාන බලයක් තියෙන්නේ ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තෙට. එ්ගොල්ලන්ට දිනන්න ඕනෑ විදිහට තමයි හැමදේම කරන්නේ. (නි)
ඇත්තටම සමහරුන්ට ඕනෑ කරන්නේ අනෙක් රටවල ඉන්න ඉන්දියාවට තර්ජනයක් වෙන දක්ෂ අයව කපා දාන එක. දැන් ඉතින් ටී20 ලෝක කුසලානය ඉවරයිනේ. (නි)
දැන් චෝදනා කළ අය ඉල්ලා අස්වෙයිද අර පත්තරේ කෙනා වගේ? (නි)
ඇයි පිට එවුන්ට බන්නිනේ අපේ ක්‍රීඩා ඇමති කියුවෙත් කුසල් වැරදියි කියලා (බ)
අනේ මන්ද සමහර අදහස් දැක්කම පුදුමත් හිතෙනවා කොහොම වුනත් කුසල් පෙරේරා වගේම අනිත් අයත් තමන්ගේ අහාර පාන,ගන්න ඖෂධ, පාටි වලට ගිහින් බොන ඒවා ගැන එහෙම කල්පනාකාරී වුනොත් හොදයි. වර්තමාන සිංහල වර්ගයා පිළිබඳව මගේ මතය වනුයේ ඔවුන් තමන්ට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම්වලින් අඩුවෙන්ම ඉගෙන ගන්නා ජනවර්ගයක් බවය. විටින් විට ලොකු දේවල් රටේ සිදුවූ බවත් ඒ කිසිදු දෙයකින් ඉගෙන ගතයුතු පාඩම් ඉගෙන නොගත් බවය. (බ)
හොද පුවතක් , ජය (බ)