උඩුනුවර කසල තේ පිරිසිදු කර තේ නිෂ්පාදනය කරන්නන් ශ්‍රි ලංකා තේ මණ්ඩලයට මසකට රුපියල් ලක්ෂ දහයක පමණ බද්දක් ගෙවුවත් ඔවුන්ට රජයෙන් කිසිදු සහනයක් නොමැති බව උඩුනුවර කසල තේ නිෂ්පාදනය කරන්නන් පවසයි.
ඔවුන් මෙසේ පැවැසුයේ උඩුනුවර තේ වෙළඳුන්ගේ සංගමය පැවැත් වු මාධ්‍ය සාකච්ඡාකදිය.
මෙම කසල තේ නිෂ්පාදනයේ නියැලී සිටින කර්මාන්තකරුවන් මුල් කාලයේදී 400 ක් පමණ සිටියත් දැන් බොහෝ පිරිසක් එය අත හැර ගොස් ඇති බව ඔවුහු පවසති.
තේ කර්මාන්ත ශාලා වලින් ඉවතලන කසල තේ පිරිසිදු කිරිම සදහා ශ්‍රි ලංකා තේ මණ්ඩලයෙන් ලබා ගන්නා අවසර පත්‍රයක් මුලින්ම ලාබාගැනීමේදි ශ්‍රි ලංකා තේ මණ්ඩලයට රුපියල් 28,500 ක මුදලක් ගෙවා ලබා ගත යුතු අතර අවසර පත්‍රයක් ලබාගෙන ඇති කර්මාන්ත ශාලා හිමියන් එය වසරකට වරක් නැවත අලුත් කර ගැනීම සදහා රුපියල් 9000 ක මුදලක් ගෙවිය යුතු අතර කසල තේ නිෂ්පාදනයේ නියැලෙන්නන් වසරකට කෝටි 7 ට වැඩි මුදලක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ගෙවනු ලබන බවත් රජයට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලබාදෙන උඩුනුවර තේ කර්මාන්ත ශාලා හිමියන් හට රජය මගින් යම් සහනයක් ලබාදෙන ලෙස එම සංගමයේ ලේකම් එස්.එම්.එස්.සෆාන් මහතා ඉල්ලා සිටියි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් කසල තේ පිටතට විකිණීම තහනම්. ඒවා තේ කර්මාන්ත ශාලාවේදීම ගිනි තබා විනාශ කළ යුතුය. දැන් තේ මණ්ඩලය විසින්ම හොර ජාවාරම් කරුවන් බිහි කරන බව පෙනේ. (බ)
මලානි මොකෝ බයවෙලාද? කසල තේ තමයි අපට බොන්න සිද්ධවෙලා තියෙන්නේ. (නි)
මිනිස්සු අද කාලේ බලන්නේ මොන ක්‍රමයකින් හරි සල්ලි හොයන්න (නි)
මේ ජාවාරම්කරයින් තේ වලට අළුහුණු, රෙදි ඩයි ආදිය දමා කසල තේ පාට කරයි. මෙම විෂ තේ වකුගඩු රෝගවලට හේතු වී ඇත. එසේම ලෝක තේ වෙළඳපළේ අපේ තේ අළෙවිය කඩා වැටීමට මෙම කසල තේ ජාවාරම හේතු වී ඇත. මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අපේ තේ වෙළඳාම බේරා ගනිමු. (නි)
සංජීව කියන එක ඇත්ත. අපේ තේ වලට අනාදිමත් කාලයක සිට ඉල්ලුම පැවතියේ ඉරානය සහ අරාබිකරයේයි. දැන් මේ අය අපේ තේ ප්‍රතිෂේප කරන්නේ මේ කසල තේ නිසයි (නි)
කසල තේ ? (ර)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)