මැද පෙරදිග රටවලට අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝ එක් ලක්ෂ හාරදහසක් සමග හිමිකරු ඇතුළු දෙදෙනකු සපුගස්කන්ද මාකොළ දකුණ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමේදී අඩි 40 කන්ටේනරයක් එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර නිලධාරීන් එම කන්ටේනරය නවතා පරීක්ෂා කිරීමේදී අපනයනය කිරීමට සූදානමින් වරායට රැගෙන යමින් තිබූ කසල තේ කිලෝ 10,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද කියති.
ඡායාරූප - ඉන්දිකා රාමනායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබිකරයේ දැන් අපේ තේ වලට තැනක් නැහැ. ඒ අය කියන්නේ ලංකාවේ තේ රස නැති බවය මේවගේ බාල වැඩ කරන අය නිසා මෙහෙම වෙන්නේ. (ර)
මේ වගේ වැඩ හින්ද තමයි දැන් අපිට තේ දළු කිලෝවක්වත් විකුණා ගන්න බැරි වෙලා තියෙන්නේ. (ර)
මෙම තේ සමහර විට කසල තේ නොවන්නට පුලුවන්. තේ කර්මාන්ත ශාලාවලින් සියයට 35 ක් කොටසක් පිරිසිදු තේ වශයෙන් ගත් පසු ඉතිරිවන කසල තේ විශාල වෑවිලි සමාගම් වලින් පිරිසිදු කර වෙලදපලේ ලස්සන නම් දමා වෙලදපොලේ තිබෙනවා. (ර)
දැඩි දඩුවම් පමුණුවන්න ඕන. (ර)
කොච්චර අපරාදයක්ද.? (ර)
මේවා ජාතික අපරාධ. ලංකා තේ කියලා විකුණන මේවා අරගත්ත විදේශිකයෙක් නැවත ජීවිත කාලයටම ආයෙ ලංකා තේ ගන්නෙ නෑ. ලංකාවෙ තේ කර්මාන්තය එතනින්ම ඉවරයි. දැනුත් අපේ තේ මිල අඩුවීමට හේතු මේවා තමයි. (ර)
හොද දඩුවමක් දිය යුතුයි. (ර)
මෙම පිටුවේ මේ හොරු සාධාරණීකරණය කරන අයත් ඉන්නවනේ. ලෝකය දිහාබලන්න. අප අසරණ වෙලා ඉන්නේ (රේ)
අසාධාරණයෙන් උපයන මුදල් යාදෙන්නේ නැහැ කවමදාකවත්. (නි)
බලන්න මොන තරම් හොඳ දෙයක්ද කියල. කසල වලිනුත් විදේශ විනිමය ගෙනත් දෙන්න උත්සහයක් අරගෙන. අපේ මැති ඇමතිවරු විදේශ ණය අරන් අපිව උගස් තියනවා. මේ අයට මගේ ප්‍රණාමය. (බ)