නුවරඑළියේ කෙසෙල් වගාවට දළඹුවකුගේ හානියෙන් කෙසෙල් වගාකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතැයි විදුලිපුර කෘෂිකර්ම උපදේශක එන්.පී.බී.හේරත් මහතා පැවැසීය.
නුවරඑළිය අඔගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඟරාපිටිය ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කෙසෙල් වගාවට නව පලිබෝධිතයකු වන “ස්පිකර්” සමනලයා නොහොත් කෙසෙල් පත්‍ර රෝල් කරන දළඹුවාගේ හානිය සිදුවි ඇති බවත් එහි බලපෑමෙන් කෙසෙල් ගස බාලවීම හා කෙසෙල් කැන් කුඩා වීම දක්නට ලැබෙන බව ද කියති.
මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් හානියක් ඇත්නම් වහාම විදුලිපුර කෘෂිකර්ම උපදේශක මහතාට දැනුම් දෙන ලෙසත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෙසෙල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක වගාකරුවන්ට තමයි ඒ කරදරයත් (නි)
ඉක්මන් පිළියමක් නොකළොත් තත්ත්වය භයානක වෙන්න පුලුවන් (නි)
මේ "බනානා ස්කිපර් " දළඹුවා යි. සාමාන්‍යයෙන් ස්වභාවික පරපෝෂිතයින් මාර්ගයෙන් පාලනය කළ හැක. හදිසියේ මෙය මතුවී ඇත්තේ ස්වභාවික පාරිසරික පද්ධතියේ වෙනසක් නිසා විය හැක. (බ)
සබන් වතුර ටිකක් ස්ප්‍රේ කරලා බැලුවොත් හොඳයි නේද? සමහරවිට සාර්ථක වෙන්නත් පුලුවන් (නි)
විද්‍යා කියන දේ හරි වෙන්නත් පුලුවන් (නි)
නොපමාව මෙම දළඹුවා මර්දනය කිරීම බලධාරීන්ගේ වගකීමක්. (නි)
ලෙඩේ කැනට ද කොලේට ද (හේ)
දැන් ඉස්සරහට කෙසෙල් මිල ඉහළ යයිද දන්නෙ නැහැ (නි)