නුවරඑළියේ කෙසෙල් වගාවට දළඹුවකුගේ හානියෙන් කෙසෙල් වගාකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතැයි විදුලිපුර කෘෂිකර්ම උපදේශක එන්.පී.බී.හේරත් මහතා පැවැසීය.
නුවරඑළිය අඔගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඟරාපිටිය ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කෙසෙල් වගාවට නව පලිබෝධිතයකු වන “ස්පිකර්” සමනලයා නොහොත් කෙසෙල් පත්‍ර රෝල් කරන දළඹුවාගේ හානිය සිදුවි ඇති බවත් එහි බලපෑමෙන් කෙසෙල් ගස බාලවීම හා කෙසෙල් කැන් කුඩා වීම දක්නට ලැබෙන බව ද කියති.
මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් හානියක් ඇත්නම් වහාම විදුලිපුර කෘෂිකර්ම උපදේශක මහතාට දැනුම් දෙන ලෙසත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෙසෙල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල් කැනටත් ලෙඩක් වැටෙයි
ගිහාන් Tuesday, 27 October 2015 12:53 PM
අහිංසක වගාකරුවන්ට තමයි ඒ කරදරයත් (නි)
ටෝනි Wednesday, 28 October 2015 05:38 AM
ඉක්මන් පිළියමක් නොකළොත් තත්ත්වය භයානක වෙන්න පුලුවන් (නි)
උපුල් Tuesday, 27 October 2015 02:00 PM
මේ "බනානා ස්කිපර් " දළඹුවා යි. සාමාන්‍යයෙන් ස්වභාවික පරපෝෂිතයින් මාර්ගයෙන් පාලනය කළ හැක. හදිසියේ මෙය මතුවී ඇත්තේ ස්වභාවික පාරිසරික පද්ධතියේ වෙනසක් නිසා විය හැක. (බ)
විද්‍යා Tuesday, 27 October 2015 08:26 PM
සබන් වතුර ටිකක් ස්ප්‍රේ කරලා බැලුවොත් හොඳයි නේද? සමහරවිට සාර්ථක වෙන්නත් පුලුවන් (නි)
ඉඳුනිල් Wednesday, 28 October 2015 03:33 AM
විද්‍යා කියන දේ හරි වෙන්නත් පුලුවන් (නි)
ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 03:37 AM
නොපමාව මෙම දළඹුවා මර්දනය කිරීම බලධාරීන්ගේ වගකීමක්. (නි)
ප්‍රසාද් Wednesday, 28 October 2015 10:23 AM
ලෙඩේ කැනට ද කොලේට ද (හේ)
ඩෙස්මන් Wednesday, 28 October 2015 03:42 AM
දැන් ඉස්සරහට කෙසෙල් මිල ඉහළ යයිද දන්නෙ නැහැ (නි)