‘රටේ සම්පත් විකිණීම සහ බිලිදීම සිදුකරන ආණ්ඩුවේ ක්‍රියාව නතර කිරීමට වෘත්තීය සමිති දේශපාලන පක්ෂ ඇතුළුව බලවේගයක් ගොඩනගනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පැලවත්ත පත්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අවුරුදු එක හමාරක කාලයක් මේ ආණ්ඩුව නිෂ්පාදනය වැඩි කිරීමට, නිෂ්පාදන කරන අයගේ ආරක්ෂාව වැඩි කිරීමට හෝ රැකී රක්ෂා වැඩි කිරීමට සමත් වී නැති බවත් රනිල් හෝ මෛත්‍රී සමග තමන්ට පෞද්ගලික ගනුදෙනු නොතිබූ බවත් කී දිසානායක මහතා මෙතෙක් පත්වුණු කිසිම ආණ්ඩුවක් බලයට එන්නට පෙර කී දේ බලයට ආ පසු නොකළ බවද කීවේය.
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල ආණ්ඩු කරලා නැතිනිසා කියවන්න ඕන තරම් සිංහල භාෂාවේ වචන තිබේ ...(බ)
කියන්න ලේසියි කොරන්න ගියාම තමයි වැඩේ තියෙන්නේ ...(බ)
චන්ද්‍රිකා කාලේ ඇමතිකම් කීපයක් කළානේ ....කෝ ...(බ)
දැන්වත් ඇත්ත තේරුනා නම් ඇති (නි)
තවමත් පළපුරුද්ද මදි වගෙයි (නි)
මේ අයගේ කතා විශ්වාස කිරීමට නොහැකියි (නි)
පීඩිත පන්තියට නායකත්වය දෙන ඔයාලා කොහොමත් අස්ථාවර ආණ්ඩු හදන්න කැමතියි. ආර්ථිකය අස්ථාවර වෙලා, මිනිස්සු පීඩිත වෙන තරමට වාසියි. රට සංවර්ධනය වෙලා, පීඩිත පන්තිය අඩු වෙනවට ඔයාලා කැමති නැහැනේ. එහෙම වුණොත් නායකත්වය දෙන්න අනුගාමිකයෝ නැති වෙනවානේ. ලක්ෂ 62 තණකොළ බුදින පන්තියට නායකත්වය දෙන්න ඔයාලා හොඳයි. (නි)
ඔයාලා හැමවෙලාවෙම අනුන්ට ළමයි හදා දීලා පස්සෙ ඔවුන්ගෙ වැරදි කියකිය තඩිබාන එක වගේ වැඩ තමයි කරන්නේ. අනුන්ගෙ වැරදි විතරක් කියවන අය ගැන කාටවත් විශ්වාසයක් ගොඩනැඟෙන්නෙ නැහැ (නි)
ලංකාවේ කියවන මිනිස්සු වැඩියි, කරන මිනිස්සු අඩුයි. ආණ්ඩුවක් කියලා වෙනසක් නැහැ, පිටසක්වළින් ආ මිනිස්සු නොවේ ඔතන ඉන්නේ. කවුරු ගියත් එකයි. කුඩාකල සිට හැදුන වැඩුන සහ ඉගෙනගත්තදේට අනුව තමා වැඩකටයුතු සිදුවෙන්නේ. කීයක්හරි හම්බ කරගෙන පිටරට ගිහිල්ලා වියදම් කරන්නේ කොහොමද කියන ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ. (නි)
ඒ උනාට තාම කිරන්නේ ඒ කඩේ බඩුම තමයි. දවසක ඔය කටින්ම කිවුවේ 2020 වෙනකල් ආණ්ඩු වෙනසක් නැහැ කියල. කල් ඉකුත් වුණ කතා විස්වාස කරන කෙනෙක් නැහැ. (බ)
සිරිකොතෙන් අවසර ගත්තද දැන් ඕකට, නැත්නම් ඕකත් සිරිකොතෙන් ආපු නියෝගයක්ද? (බ)
ඉස්සර ආණ්ඩුව රටේ කිසි රජයේ ආයතනයක් නොවිකුණා කලින් විකුනපු ඒවත් අයෙත් ආණ්ඩුවට ගනිද්දීත් බෙරිහන් දුන්නා. දැන් ආණ්ඩුව විකුනනවා කියලත් බෙරිහන් දෙනවා. මොකක්ද මේකේ තේරුම? (හේ)
මොනතරම් හොරු හොරු හොරු හොරු හොරු හොරු... කිවත් කලින් අන්ඩුව නම් එන්න කලින් කිව විදියටම යුද්දෙත් ඉවර කරලා රටත් සැහෙන්න සංවර්දනය කලා. දැන් නැකත් නැතිලුනේ සංවර්දන වැඩ පටන් ගන්න! (හේ)
අපිට ගිය ආණ්ඩුවෙන් නම් කිව්ව විදියටම යුද්දේ ඉවර කළා. ඒක තමයි ඒ වෙද්දී තිබුණු ලොකුම ප්‍රශ්නේ (බ)