වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා කැස්බෑ අභිජනන සංරක්ෂණ සංගමය එක්ව ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනය නිමිති කැරගෙන කොස්ගොඩ වෙරළ තීරයේදී කැස්බෑ පැටවුන් සියයකට අධික ප්‍රමාණයක් මුහුදට නිදහස් කැරිණි.
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කල යුතු වැඩක්. මේ සතුන්ව රැකගත යුතුයි. හැබැයි මට හිතන්නේ මේ සතුන්ව නිදහස් කරන්න ඕන නිසා එකටම අල්ලලද මන්ද... මොකද මම දන්නා තරමට ඔච්චර ලොකු වෙනකම් කෘතීම පරිසරයේ ඔය සතුන්ව හදන්නේ නෑ.. දන්නා කෙනෙක් මම වැරදි නම් නිවැරදි කරන්න. (ස)
මේක කොයිතරම් දුරට සාර්ථක ද කියලා මට නම් තේරුම් ගන්න අමාරුයි. සමහරවිට මේ අහිංසක සත්තු හෝටලේක ඇති අද. මේක ඒ තරම් කුරිරු ලෝකයක්. මට නම් හිතෙන්නේ බෝට්ටු වල දාගෙන ගිහින් ගැඹුරු මුහුදට නිදහස් කලා නම් මීට වඩා හොඳ වෙන්න තිබුනා.මොනා උනත් සත් භාවයෙන් කල වැඩක් නිසා කමක් නෑ (ස)
මෙම කැස්බෑවන් රක්ෂණය කරන ස්ථාන මා විමර්ශනය කර තිබෙනවා. ලොකු සතුන් නොයෙකුත් ශරීර ආබාධ වලට ලක්වී වෙරළට පැමිනෙනවා. ඔවුන්ව සුවපත් කර පසුව මුදාහරිනවා. මෙම වීඩියෝව බලන්න http://youtu.be/4h_PCj6Imd8 (අ)
හොද වැඩක් සත්නු එසේ රැකිය යුතුයි (දිල්)
ඔය කැස්බෑවා අතගාන ලස්සන නෝනා කවුද? (නි)
ලංකාවේ අය කැස්බෑවෝ මෙච්චර ලොකු වෙනකන් ඉවසනවා කියන එකත් ලොකු දෙයක් (නි)