කැස්බෑව නගර සභාවේ අය -වැයට විරුද්ධව ඡන්දය දුන් උප සභාපති නීතිඥ හේමාල් ධර්මප්‍රිය සහ මන්ත‍්‍රි හර්මන් වටරැකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කැස්බෑව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති එකමුතුවේ බලමණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.
‘කැස්බෑව නගර සභාවේ අය -වැය දෙවරක් පරාජය වුණා. ඒ පිළිබඳව පාක්ෂීකයන් දැනුම්වත් කිරිම මගේ යුතුකමක්. එයාලා තමයි කැස්බෑව නගර සභාව ජයග‍්‍රහණය කළේ. එම නගර සභාව පරාජයට පත්වුණාම එයට හේතුව පැහැදිලි කිරිම මගේ යුතුකමක්. ‘
අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නා පිළිබඳව තීන්දු ගැනීමේ අයිතිය පක්ෂයට මම බාරදී තිබෙනවා.
කැස්බෑව නගර සභාවේ උප සභාපති හේමාල් ධර්මප‍්‍රිය
එහෙම තීරණයක් ගැන පක්ෂයෙන් දැනුම්වත් කර නැහැ. මම දුරකතනයෙන් කතාකර ඇමතිතුමාගෙන් ඇහුවා රැස්වීමට එන්නද කියලා. පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇතැයි එවිට ඔහු කිව්වා. කැස්බෑව ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කිරිමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. නගරයේ දෙවැනි පුරවැසියා ලෙස මට බලමණ්ඩල රැස්වීමට යන්න මට අවසර නැහැ. ඒකද ප‍්‍රජාත්නත‍්‍රවාදය?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්ෂේ කට්ටිය අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න හේතුවක් ඇතිනේ? මොකද එම කාරණය ගැන හොයන්නේ නැත්තේ. සභාපති හොඳ නැති නිසා අයවැයට විරුද්ධ වෙනවා නම් එයාගෙනේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න ඕනේ. (නදී)
මේ ඇනකොටා ගන්නේ ඡන්ද දායකින් වන අපගේ දියුනුවටනේ.(අ).
පක්ෂ සාමාජිකයෝ අයින් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ වැරදි හදාගන්න එක ? (අ)
මහා පිළිතුරක් ලිවීමට වැඩි කාලයක් නාස්ති නොකරමි.අද පවතින පාලනයේ වෙනසක් අවශ්‍ය කියලයි මගේ හැගිම (අ)
හෘද සාක්ෂියට එකඟව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රණාමය පුදකරමු. (නදී)
බැරිවුණාද බය කරලා හරි ඡන්ද ටික දින ගන්න ? (අ)
වැඩේ හරි උනත්, වැරදි උනත්, ඇමතිතුමාට පන ඇති කොන්දක් තියෙන බව පේනවා. (අ)
ජනපතිතුමනි කැස්බෑව නගර සභාව විනාසයෙන් හා දුෂණයෙන් වලක්වන්න උත්සහ දරන උප සභාපති හේමාල් මැතිතුමාට සභාපතිකම දීලා මේ කැස්බෑව රැකගන්න. වෙන කිසිම මන්ත්‍රීවරයෙකුට මෙය රැකගැනීමට නොහැක. මමත් කැස්බෑවේ හොඳ ශ්‍රී ලාංකිකයෙක්(දිල්)
අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ අවංකව රටේ අනාගතය වෙනුවෙන් තමන්ට වඩා රට ගැන හිතල කටයුතු කරන උගත් බුද්ධිමත් තරුණ නායක පිරිසක්.(දිල්)
මම හැමදාමත් කියන දෙයක් තමයි යු.එන්.පී එක නැවත හදාගෙන බලයට එන්න කව්රුවත් මහන්සි වෙන්න ඕනේ නැහැ. යු.එන්.පී එකේ වැලේ වැල් නැතිව හිටිය අය තමන්ගේ පැත්තට අරගෙන මහින්ද මහත්තයා හොඳ යු.එන්.පී පාලනයක් ගෙනයනවා. දැන් ශ්‍රී ලං.නි.ප. තනිකරම පාලනය වන්නේ යු.එන්.පී එකෙන්. ඉල්ලන් කෑවට ශ්‍රී.ලං.නි.පක්ෂයේ අයට හොඳ පාඩමක්. (නදී)
කැස්බෑවේ ජවනතාව දැන් මේ තිදෙනාගෙන් නිදහස්. අනවසර ගරාජ වලින් මාසිකව මුදල් ගැනීම සහ ආරක්ෂා කිරීම මේකට මුල. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. (නදී)
කකුළුවට කෙලින් යන හැටි කියා දෙනවා.(නදී)
ඒ ඇමෙරිකාවේ. මෙහෙ එහෙම නැහැ නේද?(නදී)
හේමාල් මහත්තයෝ, යන්න පටස් ගාලා යු.එන්.පී එකට. ඊට පස්සේ ඡන්දෙට ඉල්ලලා දිනන්න. (නදී)
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන අපට ඉතින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටම තමයි. අසීමිත බලයක් ලැබුනහම සිදුවන අනිසි ප්‍රතිඵල වල අනිසි කරුමය කියවීමේ නිසි බලය ඡන්ද දායකයා වෙත උත්තරී තර ප්‍රජාතන්ත්‍රවාදය විසින් පිරිනමා ඇත.(නදී)
විජය කුමාරතුංග මහතා ඝාතනය කල තුවක්කුව කාගේද ?(නදී)
ඔය බලලෝභීන් එලවා දැමුවේ නැත්නම් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා.(නදී)
උප සභාපති හේමාල් මහත්තයා කලේ හොඳ වැඩක්. මමත් කැස්බෑවේ හොඳ ශ්‍රී ලාංකිකයෙක්. සභාපතිගේ වැරදි පෙන්නුවේ ඒ දෙන්න විතරයි. ඔවුන්ට කරුණු පැහැදිලි කරන්න අවස්ථාවක් දිය යුතුය. ඔවුන් ආණ්ඩුව පෙරලන්න හදනවා නෙමෙයි. අතිගරු ජනාදිපතිතුමනි හේමාල් මහත්තයට සභාපතිකම දීලා මේ කැස්බෑව රැකගන්න.(නදී)
කඩුවෙල ආදර්ශයට ගන්න.(නදී)
හොඳ තීරණයක් ඇමතිතුමා. අවස්ථාවාදීන්ට එරෙහිව හැම පක්ෂයක්ම කෙලින් තීරණ ගත යුතුය. මෙවැනි තීන්දු ගැනීමේදී අර මහත්තයා හොඳම ආදර්ශයකි.(නදී)
මේකේ හැටියට දැන් සන්දානේ කිසිකෙනෙකුට විරුද්දව ඡන්දය දීම කල නොහැකිද? (නදී)
ඇත්තෙන්ම මෙයද අපේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
කැස්බෑව නගර සභාව විනාසයෙන් හා දුෂනයෙන් වලක්වන්න උත්සහ ගත් උප සභාපති හේමාල් මැතිතුමනි ඔබට කැස්බෑව ජනතාවගේ ප්‍රණාමය. ජය වේවා! (නදී)
ඡන්දෙ දුන්න පලියට එහෙම පලිගැනීම් කරන එක හරි නැහැ නේද? (නදී)
ධර්මප්රිය මහත්තයෝ, ඔහොම යමු ප්‍රජාතන්තරේට තව ටික දුරක් යන්න වෙනවා. ඉවසගෙන ඔහොම යමු.(නදී)
මමත් පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මටත් අහන්න තියෙන්නේ මේකද ප්‍රජාතන්ත්‍ර වාදය කියන එකයි.(නදී)
අපිත් මේ අයට මනාපය ලබාදුන් අය වෙමු. එහෙත් මේ වන විට අපි කල වරද පිළිබද කනගාටු වෙමු.(නදී)
ඇත්තද? එතකොට පක්ෂ මාරු කරන අයගේ සාමාජිකත්වයට මොකද වෙන්න ඕනේ? (නදී)
පක්ෂ සාමාජිකත්වය තහනම් කරනවා කියලා මිනිස්සු බය කරලා අයවැය දිනගන්නයි ඒගොල්ලෝ හදන්නේ. ඒ කියන්නේ අය වැයේ මොන වැරදි තිබුනත් පක්ෂව ඡන්දය දෙන්න ඕන කියලද ? (නදී)
ඔය කියන ඇමති තුමා පාට මාරු කරලා ආණ්ඩුවට ඇවිත් දැන් පැරණි ශ්‍රී ල නි ප අයටත් පක්ෂයේ වගකීම ගැන කියාදෙනවා.(නදී)
අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ අවංකව රටේ අනාගතය වෙනුවෙන් තමන්ට වඩා රට ගැන හිතල කටයුතු කරන උගත් බුද්ධිමත් තරුණ නායක පිරිසක්.හේමාල් සහ විපක්ෂයේ සිටින ලෙනාඩ් කරුණාරත්න යන දෙදෙනාම උපදිධාරීන් වගේම කැස්බෑවට වාසනාවට පහලවූ දෙදෙනෙක්. මෙවන් පිරිසක් ආරක්ෂා කරගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. පක්ෂ දේශපාලනයෙන් තොර ස්වාදීනව ආවත් මේ වගේ පිරිස ජයග්‍රහණය කරනවා. අනාගතයේ මේ රටේ පාර්ලිමේන්තුව හැදෙන්නේ මේ විදිහට. එහි පෙරලකුනුයි මේ. ඔබ දෙපලටම චිරන් ජයතු. (නදී)
යසවතී බොහෝ දේවල් දන්නවා. ඇගේ දැනුම මේ තීරයට අවුත් අඳුරේ අත පත ගාන නොදරුවන්ගේ මොළය වර්ධනයට හේතුවේවා! (නදී)
මම නම් හිතන්නේ මේක හොදයි කියලා. පක්ෂයේ මතයට විරුද්ද වෙනවා නම් පක්ෂෙන් ඉවත් වෙලා ඡන්දය දෙන්න ඕනේ.(නදී)
හොඳ තීරණයක් ඇමති තුමා. මේ අය යැව්වේ නැත්නම් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. මෙය අපේ වගකීමක්.(නදී)
හේමාල් මහත්තයට සභාපතිකම දීලා කැස්බෑව අනවසර ගරාජ වලින් මාසිකව මුදල් ගැනීම සහ ආරක්ෂා කිරීම දිගටම කරන්න.(නදී)
මයික් එක ඉස්සරහ මොනවා කීවත් පක්ෂයේ විනය නීතියක් මේ විදිහට නැහැ. මෙහෙම සාමාජිකයින්ව අයින් කරන්න බැහැ. නිකන් නඩු ගිහිල්ලා පරදින එක විතරක් වේවි. ඔය මහත්තයත් ඇවිත් තියෙන්නේ මොකක්ද පක්ෂයක විනය නීතියක් කඩාගෙන නේද?(නදී)
හෘද සාක්ෂියට එකඟව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රණාමය පුදකරමු.(නදී)
සභාපතිවරු තනිවම කන නිසා තමයි මේ ප්‍රශ්නේ (අ)