IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිංස්බරි වස් ආරාධනාව

විහාරාධිපති අග්ගමහා පණ්ඩිත  ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශනාවෙන් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පොහෝදින පින්කම් මාලාව පැවැවිණි.

විහාරස්ථ උපාසක උපාසිකාවෝ විශාල සංඛ්‍යාවක් එදින අටසිල් සමාදන් වුහ. විහාර වාසී මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් දවස පුරාම ශීල භාවනා වැඩසටහන් පවැත්විණි.

තක්සිලා කරුණාරත්න,භාග්‍යා සිලවා, සුමිත්‍රා විමලදාස සහ ප්‍රමොදිනී ලියන්වෙල යන පවුල් වල සාමාජිකයෝ වස් ආරාධනා කළහ.

වස්සාන පින්කමේ වටිනාකම විස්තරකරමින් ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියෝ ධර්ම දේශනයක්  පැවැත් වුහ. සෙත් පතා බැද්දේගම අගලිය ශ්‍රී ධර්මාරාම විහාරාධිපති  රෑකඩහේනේ රතනසිරි හිමියන්  ප්‍රමුඛ මහා සංඝයා  ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කළහ.

කටින චීවර පුජා පිංකම ඔක්තොම්බර් 27 වැනි දින පැවැත්වෙන බවත් වස් කාලය පුරාවටම සෑම ඉරිදා දිනයකම විහාරස්ථානයේදී නව අරහාදී බුදුගුණ වන්දනා සහ සුමදුර ධර්මදේශනා පැවැත්වෙන බව පියදස්සී නාහිමියෝ පැවසුහ. 



අදහස් (0)

කිංස්බරි වස් ආරාධනාව

දීප්ති Friday, 26 July 2013 07:36 PM

හාමුදුරුවරු ලංකාවෙන් නොනැවතී පිට රටවලත් මේවා කරන එක හොදයි (නි)

:       0       0

අනුරුද්ධ ජයවර්දන Sunday, 28 July 2013 08:45 PM

හැමතැනමත්,හැම එකක්මත් එකම විදියට වෙනවා යයි සිතීම මුලාවකි.හොද සහ නරක එකසේ මිශ්‍රව ඇති ලෝක දහමේ බුදු දහමට එකගව කිංස්බරි විහාරස්තානයේ සිදුවන කටයුතු කෙරෙහි අපි පැහැදිය යුතුය. නිමල් ජයසිංහ මහතා කියන විදියට කාලයට දේශයට අනුව යම් යම් දේ වෙනස් විය යුතුය.ඒවා ප්‍රාථමික කටයුතුය. බුදු දහම එනම් නිවන් අරමුණු කර ගත් ධර්මය වූ කලි ලොව කොතනටත් වලංගු හැම කලටම සමාන බුද්ධිමතුන් විසින්ම පමණක් අවබෝද කටයුතු මනාසේ දේශනා කර ඇති දහමකි. බුදු සරණයි! (නි)

:       0       0

කුමාර් Friday, 26 July 2013 11:31 PM

එහෙත් සේනාවක් හදයිද දන්නේ නැහැ අපේ හාමුදුරුවෝ? (නි)

:       0       0

නන්ද ලන්ඩන් Friday, 26 July 2013 03:51 PM

වස් ආරාධනා කලාට කමක් නැහැ .හිර ගෙවල් වල ලගින වැඩ නොකර සිටීමට වග බලා ගත යුතුය .කින්ග්ස්බරි චරිත සහතිකය ඒ තරම්ම හොඳ එකක් නොවන බවට ඕනෑ තරම් සාක්ෂි ඇත්තේය . (නදී)

:       0       0

ඉෂාන්ත Friday, 26 July 2013 05:16 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ජගත් Friday, 26 July 2013 05:58 PM

ඉන්න සෙනග ටික දැක්කම "නන්ද" හරි ඇති කියලා හිතුනා. පිටරටවල පන්සල්වල වස් ආරාධනා වගේ පින්කම් වලට කට කපලා සෙනග එනවනේ....මොකද මෙහෙ බොහොම ටික දෙනෙක් කියලා මම බැලුවා. (නි)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 27 July 2013 07:30 AM

‍මේ දවස්වල යුරෝපයටම ග්‍රීෂ්ම ඍතුව ලබලා. බුදු හාමුදුරුවෝ වස් වැසුවෙත් ග්‍රීෂ්මයටද? දේශයේ හැටියට කටයුතු නොකර විහිළු කිරීම හොදද? මේක බෞද්ධ දර්ශනයට නිගාවක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site