ඓතිහාසික සීගිරියේ උතුරු දොරටුවේ කැණිම් මධ්‍යස්ථානයේ තිබී කාශ්‍යප යුගයට අයත් බව කියන කිලෝ 20 ක්පමණ බරැති මැටි මුට්ටියක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
කැනීම් අංශයේ ප්‍රධානි ජී කේ කරුණාරත්න මහතා පැවසුයේ මෙම මැටි මුට්ටිය තවමත් විවෘත නොකළ බවයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජනරාල් ආචාර්ය ගාමිණි අධිකාරි, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජගත් වීරසිංහ යන නිලධාරීහු මෙහි පරීක්ෂණ කටයුතු සදහා අද සීගිරියට පැමිණියේය.
මෙවැනි මැටි මුට්ටියක් සිගිරියෙන් හමු වු ප්‍රථම අවස්ථාව මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාරන කොට හම්බ වෙච්ච රන් කාසි කොටසක් සෘද්ධි උනාය කියලත් ආරංචියි. (ස)
මුට්ටිය පස් වලින් පිරිලාද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)
ඕකේ තිබුනොත් මැණික් රන් එහෙම ඒ ටික නම් ලැබෙන එක කොහොම වෙතත් තිබුනේ කාගේ හරි මිනී අළු කියයිද දන්නෙ නැහැ කවුරුහරි. (නි)
වෙන මුට්ටියක් තියලා ඔය මුට්ටිය අතුරුදහන් කරයිද දන්නේ නැහැ (නි)
අාරියසේන හොදට මුට්ටි වාෂ්ප වෙන තැන් වල ඉදලා තිබෙනවා වගේ. ආපහු කවදාවත් මේ මුටිය ගැන විස්තරයක් දැන ගන්න ලැබෙන එකක් නැහැ. මුට්ටියේ කටු ටිකවත් දැක ගන්න ලැබුනොත් ඇති (නි)
එහෙනම් ඒ කාලෙත් මුට්ටිකාරයෝ ඉදලා තිබෙනවා. හැබැයි පරිස්සමින්! මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි (නි)
එකපාරටම මම හිතුවේ කසිප්පු මුට්ටියක් කියලා (නි)
ඕවා අර රටේ තිබුන අනෙක් නිදාන වගේම ඒකාලේ රජවරු ගන්න තැන්පත් කරපුවා. ඒ නිසා ඒගොල්ලන්ටම ඕක දීල දාන්න. (අ)
ඕකෙ වඩේ පොසිල නම් තියෙන්න එපෝ... ! දෙමළ නිජබිම කියලා අපිට ඉන්න වෙන්නෙ නැහැ (නි)
පේනවා නේද අපේ පැරිණි රජවරුන්ට බත් උයන මුට්ටියේ සයිස් එක කොහොම කැවිල්ලක් ද කාල තියෙන්නේ. (අ)
මුට්ටිය වාෂ්ප වෙන්න පුළුවන්.කන් ගැට්ටෙක් පනින්නත් පුළුවන්.ප්‍රවේශම් කර ගන්න. (නි)
මේ මුට්ටිය එතුලේ තියෙන්නේ මොනවාද කියන්න (අ)
මුට්ටිය අරිනකොටම ඇතුලේ තිබුන ඒවා වාෂ්ප වුණා කියලා එහෙම නම් කියන්න එපා මහත්තයෝ ඔන්න (නි)
මොන මුට්ටියක් වෙන්න පුළුවන්ද ඕක? මෙච්චර කාලයක් ඔතන ඕක තියෙන්න විදියක් නැහැ. (නි)
හරිටයම ලැබුණේ ඔය මුට්ටියම නේද? (නි)
මොනවද දන්නේ නැහැ මේකේ තියන්නේ. අර කට්ටිය දැන ගත්තාම අරගෙන යයි.(නදී)
කෝ දැන් මුට්ටිය. මුට්ටියේ තිබුන ඒවාට මොකද වුණේ.(හේ)
මධු, ඔයාට ඕනෑ නැති දෙයක් නැහැ. ඕක අැරියා නම් ඒකේ තිබෙන දේවල් එකපාරට වාෂ්ප වෙනවා කියලා ඔයා දන්නේ නැද්ද? (නි)
අපිට පේන්න ඕක අරින්න මොනවද බලන්න තියන්නේ. (ස)
හොයාගත්ත එක ගැන ඔබලාට අපගේ ප්‍රණාමය! හැබැයි අවුරුදු හත් අට සියයක් පැරණි මුට්ටිය වක්‍ර හැඩයෙන් යුතු තාච්චියක් මත තබා මේසයේ අයිනෙන් තියාගෙන කරන්නේ මෝඩ වැඩක්.එක මොහොතෙන් බිම වැටෙන්න පුළුවන්. (ස)
ඕකත් අරගොලන්ගේ මුතුන් මිත්තෝ ගෙනාවා කියයිද? (නි)
කවුරු හරි ලොක්කෙක් ගාව ඔය මූට්ටිය නතර වෙයි. (ස)
මේ කතාවත් එළුවයි, මුට්ටියයි, මහදැන මුත්තයි වගේ කෙළවර වෙයිද දන්නේ නැහැ. (ස)
ඕකේ ඇතුලේ තියෙන ඒවා ඇවිදගෙන ගිහිල්ලා අතුරුදහන් වේවීද?(නදී)
රත්න දීප ජන්ම භූමි, ලංකාදීප විජය භූමි , ,,,,, (ස)
මුට්ටිය මැටි නිසා අනේ ඉතින් අපිටත් දැක බලා ගන්න අවස්ථවක් ලැබුණා ඒක කොච්චර වාසනාවක්ද? (ස)