කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරය අසළ කැසිනෝ ක්‍රිඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තමන් වහන්සේ සම්පුර්ණයෙන් විරුද්ධ බවත් මෙය අපේ රටට කිසිසේත්ම සුදුසු නැති බවත් මෙය ආරම්භ කරනවානම් පළමුවෙන්ම පාරට බහින්නේ මම බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියෝ අද උදේ (10) මාධ්‍ය හමුවකදී පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවරත්නටත් කොටස් තියෙනවා වගේ කැසිනෝ එකේ.ඔහොම යන් ඔහොම යන් (නි)
සූදුවට විරුද්ධව හඩ නගන අපේ නාහිමියනට ස්තුතියි.(ස)
ඔබේ වචන දැක්කම මම දන්නවා ඔබ දැන් ඉන්නේ මොන විශ්වවිද්යාලේද, ඔබේ ඔය උපුටා ගන්නේ කාගේ අදහස්ද කියලා. හැබයි ඔය චින්ත විප්ලවය කරන්න ගිහින් ඔය මනුස්සයා රස්සාවක් නැතුව හිටිය අවරුදු 15 විතර. පාසල් වල අවකාශ කාල වක්‍රය උගන්නවන්න බැහැ. එකට සධාරණ සාපේක්ෂත වාදය දන ගන්න ඕනේ. ඊට වැඩිය අත්‍ය අවශ්‍ය දේවල් තමයි දැන් උගන්වන්නේ. බටහිර විද්‍යාව බොරු කියල විතරක් මදි. අපි ඒ වෙනුවට මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලත් යෝජනා කරන්න ඕනේ.(නදී)
ලංකාවේ මොනවද වෙන්නේ නැත්තේ? ඔය කියන හැමදේම හොදට සිද්ධ වෙනවා විවිධ ආකාරයෙන්. ඩුබායි වල ඔය ඕනෑතරම් ගණිකාවෝ ඉන්නේ. බොන්නත් තියනවා. අපේ අය ලිං ගෙම්බෝ වගේ රැල්ලට අහුවෙනවා. පන්සල නැවත ප්‍රතිසංවිධානය වීමයි මට හිතෙන හැටියට වියයුතු හොදම දේ (නි)
අලුතින් කාර් පර්මිට් එකක් ඕනේ වෙලා වගේ. (ස)
ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. (ස)
හැබැයි මතක තියාගන්න, සුපිරි තරු පහේ හෝටල් පන්තිය තියෙන්නේ ඔය විහාරේ ඉස්සරහමයි. ඒවලත් ඔය කියන සෙල්ලම් තියෙනවා (නි)
සනුල්, අවකාශ කාල වක්‍රතාවය කියන්නෙත් එක්තරා ආකෘතියක්. නිව්ටන් නියමය කියන්නෙත් ඒ වගේම වෙන ආකෘතියක්. ඒ දෙකේම නිවැරදි වැරදි දෙකම තියෙනවා. ඒ ආකෘති දෙකම වෙන් වෙන් අවස්ථාවලදී නිවැරදි ගණනය කිරීම් වලට භවිත කරන්න පුළුවන්. ඔබතුමා විද්‍යාව සහ කලාව, දර්ශනය කියන ඒවා පටලවාගෙන වගේ. විද්‍යාව හෙට වෙනස් වෙනවා. එක විද්‍යාව ගැන පරම සත්‍ය, කලාව සහ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. විකිපීඩියා කියන්නේ ඕනෑ කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් වෙබ් පිටුවක්. ඒකේ තියෙන ඔක්කොම පිළිගත් දේවල් කියල හිතන්න එපා. ඔබට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා සනුල්. විද්‍යාව තව දුරට ඉගෙන ගත්තම තේරේවි එය කලාත්මක දාර්ශනික දේවල් විස්තර කිරීමට යොදා ගත නොහැකි බව. (නි)
බුද්දාගමේ හැටියට යහපත් වෙළදාම හොඳයි කියනවනේ.කැසිනෝ වලින් රටට වාසි තිබුනට සුදුව නරක දෙයක්.හරිම භයානක තත්වයක් රටේ උදා වෙලා තියෙන්නේ. (නි)
අන්න හොදයි අපේ හාමුදුරුවනේ... (ස)
ආ සනුල්, ඉතිහාස පොතක් අලුතෙන් ලිවුවද? ඉස්කෝල වල නම් එහෙම අලුත් ඉතිහාසයක් උගන්වන්නේ නැහැ. සිංහලයට වාසි වෙන විදියටද ඒක ලියලා තියෙන්නේ? කවුරු පෙරගමන්කරු වුනත් වැඩක් නැහැ ලෝකෙට ණය වෙලා. මොකෝ ණය වෙද්දී පෙර ගමන්කරුවා වෙන්නේ ණයට දෙන රටවල්. (නි)
සේනාව ආණ්ඩුවේ බලල අතක්. ඒකයි සද්ද නැත්තේ. සල්ලි ගලන්නේ නොර්වෙන්. නොර්වෙන් අනුමත කරන වියාපෘති විතරයි කරන්නේ.(නදී)
හැමෝටම බලපාන විදුලි බිල ගැන මෙහෙම කවුරුත් හිතුවද ? අනික ඔය කැසිනෝ වල සෙල්ලම් කරනේ කෝටිපතියෝ. (නි)
සිල්වා වගේ අනුවණයෝ ඉන්න රටකට කැසිනෝ හොඳයි.රැකියා ටිකක් ඇති වෙද්දී එයාලට පඩිය හැටියට සොච්චමක් දීලා බිලියන ගණන් මුදල් ගෙවන්න වෙන්නේ අපේම අහිංසකයින්ටමයි.කැසිනෝ විතරක් නෙමෙයි, බුකිත් තහනම් කළ යුතුයි. (නි)
සානුල්, අලුත් පොතක් පෙරලන්න පටන් ගත්තද ඒ පාර? කවුද ඕකේ කතුවරයා. ඉස්කෝල වල නම් තාම උගන්වන්නේ මහාවංශය. (නි)
සනුල්, ඔය අලුත් පොත කවුද ලිවුවේ? ඕකත් අර හිට්ලර්ගේ "මයින් කම්ෆ්" වගේ පොතක් වෙන්න ඇති නේද.... (නි)
මට පෙන්නේ ආණ්ඩුව හදන්නේ කොහොමහරි රටට රස්සා හොයල දෙන්න වගේ. (ස)
කැසිනෝ වල හොඳ ගැන ලියා තියෙන කතා දැක්කම හිතෙනවා අපේ රටේ මෙච්චර මෝඩ අය ඉන්නවද කියා. කැසිනෝ වලින් වෙන්නේ මිනිස්සු සල්ලි නැති කරගෙන පවුල් විනාශ කරගෙන අන්තිමේ ජීවිතෙත් නැති කරගන්න එක. (නි)
අන්න හරි අපේ එකට එකඟ වෙනවා හාමුදුරුවෝ රට පෙරට. ජය වේවා ! (ස)
ලගදී බෙන්ස් එකක් එහෙම හම්බවෙන්න නෙතුව ඇති මයේ හිතේ?මෙච්චර මේරටේ අපරාද උනා දෙකකේ නේ වගේ කටපියන් හිටිය
මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට විසදුමක් දෙන්න ගියත් පාරට දුවන්නේ හාමුදුරුවෝ. සංචාරක හෝටලයක්, වෙනත් දෙයක් කරන්න ගියත් පාරට දුවන්නේ හාමුදුරුවෝ.... පල්ලියක් හැදුවත් කෑගහනවා. (ස)
පන්සල වෙන තැනකට ගෙනියන්න. පන්සල් ඔය නගර මැද තියෙන්න ඕනෑ නැහැ කියලයි මම නම් හිතන්නේ. මොකෝ බාවනා කරලා බවුන් වඩන්න ඔය තැන් වල නිදහසක් නැහැ.පන්සල් තියෙන්න ඕනෑ නිදහස් තැනක.අන්න එවැනි තැනක් බලලා පන්සල මාරුකරන්න. (නි)
ඇයි මේ හැම දේටම හාමුදුරුවරුන්ට සටන් කරන්න වෙලා තියෙන්නේ..? (ස)
නිදන් හාරද්දී සද්ද නැතිව ඉන්න සේනාව සුද්දෙක් පච්චයක් තවත් බෞද්ධ රටක් වන බුරුමෙන්ම කොටාන එද්දී බෙරිහන් දෙනවා. පාලකයන්ට අවැසි වෙනවිට පෙනි නොසිටින සේනාව ජාතිවාදේ අවුස්සන්න පෙනි සිටිනවා. ඔහොම සේනා මොකටද සනුල්.(නදී)
මේ කියලා තියෙන දේවල් වල හැටියට මට නම් හිතෙන්නේ ලංකාවෙන් බාගයක්ම දැන් සූදුවට බරයි වගේ. (නි)
මොනා වුනත් අපි සිංහලයෝ එකතුවෙන්න ඕනෑ. මතවාද වෙනස් වෙන්න පුලුවන්. රට, ජාතිය සහ බුද්ධ ශාසනය කියන තැනදී අපි එකමුතුවෙන්න ඕනෑ. රිසානා මරපු වෙලාවේ අම්මා ඇතුළුව සියලුම මුස්ලිම්වරු එක මතයකයි හිටියේ. එහෙම කළේ ඔවුන් සියල්ලෝම එම වැඩේ පිළිගන්න නිසා නෙමෙයි. තමන්ගේ ජාතියේ සහ ආගමේ නාමයෙන්. අප අතර මොන මතවාද තිබුනත් මේ කාරණා වලදී මොකටද එකතුවෙන්නේ නැතුව ඉදලා? නිශ්සබ්දව හිටියත් බනිනවා. කතාකලත් බනිනවා. මොනවා වුනත් උන්වහන්සේලා අපේ උත්තමයෝ. ඔබට පුලුවන්ද සිවුරු දරාගෙන ඉන්න. අනෙක මේකේ අදහස් දාන අයගෙන් කී දෙනෙක් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් හරි හමන් වැඩක් කරලා තියනවද? උඩබලාගෙන කෙල ගහගන්නේ නැතුව ඔලුව පාවිව්චි කලොත් හොඳයි නේද ? (නි)
අන්න හොද වැඩ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ.(නදී)
ජේම්ස් පැකර් අස්ගිරිය පැත්තේ ගියේ නැති හින්ද තරහ ගිහින් වගේ ..මට නම් හිතෙන්නේ එහෙමයි ..(නදී)
මේවා පැවැත්ම තහවුරු කරගන්න කරන වෑයම්. දැන් දියවඩන නිලමේ තේරීම කුලවාදී ක්‍රමේ වෙනස් කරන්න කතාකරන්න බලන්න පුළුවන් නම්.(නදී)
අර බොදු බල සේනාවට මේවා නවත්වන්න බැරි ඇයි. ආන්ඩුවෙන් අනුබල දෙන නිසාද?(නදී)
තිලිනි මොකද ? (නදී)
කැසිනෝ, කුඩු, ගණිකාවෝ, හොරකන්, දූෂණ, කොමිස්, පගාව, මිනී මැරුම්,.... රට කොහෙද මේ යන්නේ? ආධ්‍යාත්මික දියුණුවේ වටිනාකම තේරෙනවද දැන්වත්? (ස)
සිංහලයා විජය රජ්ජුරුවන්ගෙන් පැවත එනවා කියන අයගෙන් අහන්න කැමතියි මේ රටේ සිටි යක්ෂ, නාග, දේව යන ජනකොටස් වලට මොකද වුනේ කියලා. මේ රටින් 200ක් ඇමරිකාවට ගියොත් ඇමරිකව සිංහල වෙන් නෑ. වෙන්නෙ ගිය අය පරම්පරා 2ක් ඇතුලත ඇමරිකන් වෙන එක. ඉතිහාසය පැත්තකින් තියමු. අපේ රටේ මිනිස්සු කීදෙනෙක් දන්නවද නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමය අයින්ස්ටයින්ගේ අවකශ කාලය කියන සංකල්පයෙන් ප්‍රතිස්තාපනය වන බව. ඒඑත් අපේ රටේ මිනිස්සු කී දෙනෙක් හිතා ගෙන ඉන්නවාද ගුරුත්වාකර්ශන නියමය ඇත්ත බවත් එය නිව්ටන් විසින් සොයා ගත් බවත්. ගුරුත්වකර්ශනය, අවකශ කලයේ වක්‍රතාවය යන සියල්ල පැරඩයිම බව හාවර්ඩ් විශ්වවිද්යාලයේ මාහාචාර්ය තෝමස් කූන් ගේ මතයයි. (සුසමාදර්ශ සන්කල්පය - වැඩි විස්තර ව්කිපීඩියා වෙබ් පිටුවෙන් ලබා ගත හැක.) ඒත් අපේ රටේ උගන්වන්නෙ පොල් වැටෙන්නෙ ගුරුත්වාකර්ශනය නිසා කියලා. තොරතුරු තාක්ෂනය මෙතරම් දියුනු කාලෙ විදයාව ගැන (ගුරුත්වාකර්ශනය ගැන ) පට්ටපල් බොරු කියන අපේ පෙළ පොත් ඉතිහසය ගැන කියන කතා ගැන කවර කතාද? මාහාචාර්ය තෝමස් කූන් ගේ පැරඩයිම් (සුසමාදර්ශ ) සන්කල්පය බැහැර කර විද්යාව උගන්වන අපේ පෙළපොත් වර්ගපූර්ණිකාව උගන්වයිද ඉතිහාසෙට.(නදී)
කැසිනෝව දැම්මොත් පාරට බහිනවා අස්ගිරි මහානාහිමි අනතුරු අගවති. මෙයට විරුද්ධ වෙන්නෙත් මහ සංඝරත්නය, අනිත් පැත්තෙන් කැසිනෝ ක්‍රිඩා සූදූ මධ්‍යස්ථානයේ අයිති කරුවන්ට සාර්ථක වියාපාරයක් කරගෙන යන්න ආශීර්වාද කරලා අතට නූල් පොටක් ගැට ගහන්නෙත් මහ සංඝරත්නය.(නදී)
පන්සල් ලගට නෙමේ මේ රටට ම කැසිනෝ අවශ්‍ය නැ අපේ හාමුදුරුවනේ. මරාගෙන මැරෙන්න උනත් අභීත සිංහල පුතුන් ඉන්න බව රජයට අවධාරණය කරමි. (ස)
තාමත් අපි පිටරට අයගේ දේවල්මනේ මෙහෙට ගේන්නේ. ලංකාවේ අපේම කියල කර්මාන්තයන් තියෙන්නේ. මොනවටද ඔක්කොම සුද්දන්ගේ දේවල් ගෙනෙන්නේ? අනුරාධපුර පොළොන්නරු යුග වලදී අපේ සිංහල රට සුද්දන්ට වඩා බැබලුනා. ඒත් අපි දැන් සුද්දෝ කන්න දෙනකන් උඩ බලාගෙන සිටිනවාලංකාව දියුණු කරන්න නම් ලංකාවේ සිදුවන වංචා දුෂණ 100% නැවතිය යුතුය. නීතය සැමට එක සමාන විය යුතුයි. එවිට මෙරට සංවර්දිත රටක් වේවි (නි)
නායකයෝ දෙන්නෙක් ඉන්න ආගමක අනිත් එක්කෙනා මොන කියාවිද දන්නේ නැහැ නේද?(නදී)
කැසිනෝ විතරක් නෙමේ ගණිකාවොත් නීතිගත කරන්න ඕනෑ. එතකොට ඒවා හොදින් පාලනය, අදීක්ෂණය කරන්න පුළුවන්.නැත්නම් ඒවා කොහොමත් හොරෙන් කෙරෙනවා. (නි)
ගරුතර ස්වාමීන් වහන්ස ඔබ විසින් කියූ දෙය නම් ලංකාවේ කොපමණ කැසිනෝ දැම්මත්, කවදාවත් වෙන්නේ නැහැ. ඒ වගේම කරන්න ලැබෙන්නෙත් නැහැ. (ස)
සිල්වා , ඔහේට පිස්සුද? ලංකාවේ පත්තරයක් අරන් කියවල බලන්න ඇත්ත මොකක්ද කියලා (නි)
සඳා හාමුදුරුවරුන්ට නිකන් අගෞරව කරන්න එපා. කරන හොඳ වැඩකට උදව් කරනවා ඇරෙන්න. (ස)
ඔය මහනුවරත් තියෙන්නේ කැසිනෝ. ඔන්න ඔහේ මේකත් දාන්න දෙන්න (නි)
ඔය මහා නායක ස්වාමීන්වහන්සේලා මෙතෙක් දුන්න අවවාද අනුශාසන වලින් අඩුම ගණනේ එකක්වත් ක්‍රියාත්මක වූ බවක් කාට හරි මතකද?(නදී)
සංචාරක කර්මාන්තෙ හරහා රට දියුණුවෙනවා ඉවසන්න බැරි නම් දිනකට පය 12 වත් හොරකම, වංචාව, කම්මැලිකම ඉවතලා ජර්මනියේ චිනේ වගේ වැඩකරන්න. කයිවාරු විතරක් ගහල හරියන්නේ නැහැ කරලා පෙන්නන්න. ලෝකේ වැඩිම නිවාඩු තියන රට මෙක. වැඩ වර්ජන වැඩිම රට මේක. එහෙම අය කැසිනෝ එපාලු. (ස)
ඔබ වහන්සේ හරි අපේ හාමුදුරුවනේ. (ස)
රාජ්‍යය අංශය අසාර්ථක නිසයි මෙවැනි දේ හරහා හරි රට දියුණු කරන්න හදන්නේ. මේකට වරද නිතර වැඩ වරන,කම්මැලිකමින් පිරුණු, හොරකම,තක්කඩිකමට හුරු වුන මහජනයාමයි (නි)
ඇයි මේ රට ලාස්වේගාස්, ටෝකියෝ, බර්ලින් වගේ දියුණු කරනවට මෙතන අදහස් දමන අය අකමැති? ඔයාලා හරි කියමුකෝ... එතකොට ඔය බටහිර එම්බසිවල දිනපතා එහෙ යන්ට පෝලින් ගැහිලා ඉන්නේ මොකෝ? ඒවා එතරම් සවුත්තු නම් බෝට්ටුවල එල්ලිලා මෙල්බර්න් බඩගාන්නේ මොකෝ. (නි)
අම්මපා, බෙන්ස් එකේද?(නදී)
සනුල් අලුත් පොතක් ලිවුවද? එතකොට මහාවංශය විසි කළාද? පාසල් වල නම් තාම ඔය පොත උගන්වන්නේ නැහැ. (නි)
ජනතාව ඔහේ රැල්ලට දුවනවා අවබෝදයක් නැහැ. මුලික දේ දැනුවත් වීම, කාලීන අවශ්‍යතාවයන් ගැන. අද විනය කොයිතරම් පිරිහිලාද? ඉස්සල්ලම මේ දේවල් ගැන බලන්න. කැප - අකැප යනු කුමක්ද වටහාගන්න (නි)
සඳා,ජෝයි,රූපා,නිකන් අපායට යන්න පාර කපා ගන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගන්නකෝ. (නි)
කි පාරක් පාරක් පාරට බැහැලා තියෙනවද ?(නදී)
කෑ ගැහුවට ඕවා කරන්නේ නැහැ. පන්සලට උදව් කරා නම් ඔක්කොම හරි.(නදී)
සමහරුන්ට නම් රටට ආගමට ජාතියට මොනවා වුණත් කමක් නැහැ (නි)
මේ රට දැන් සීට්ටු, පිරමිඩ, කොමිස්, අතරමැදි වෙලදාම්, බ්‍රෝකර් වැඩ, ඉන්ටනෙට් මාර්කටින් වගේ නිකන් ඉදල සල්ලි හොයන දේවලට ඇබ්බැහි වෙලා ඉවරයි.එකයි මේ කැසිනෝ එන්නෙත්. මෙහෙම වෙන්න හේතුව කම්මැලිකම,අලස කම... (ස)
මේවට කෑ ගහන්නේ කුහකයෝ. අපේ රට දියුණු වෙනවට අකමැති අය. එහෙම කෑගහන අයම බෝට්ටුවල එල්ලිලා සුද්දන්ගේ රටවලට බඩගානවා. කොරියාවට සිංගප්පුරුවට ගිහාම එන්නේ නැහැ. ඉස්සර කලේ ඒ රටවල් වල පුරවැසිභාවය ගන්න යුදෙව් ආගමත් වැලද ගන්නවා.(නදී)
තර්ක කරලා වැඩක් නෑ.අන්තිමට වෙනදේ මම කියන්නම්.කැසිනෝ දාන එක නවත්තන්නෙත් නැහැ.නායක හාමුදුරුවො පාරට බහින එකකුත් නැහැ. (නි)
ඕවා මොනවද, ඩෙංගු හැදිලා බුරුතු පිටින් මැරෙන එකේ.(නදී)
ඔය සානුල් වගේ උදවිය කරන්නේ හිට්ලර් නසිවාදෙට "මයින් කම්ෆ්"කියල පොතක් ලිව වගේ මෙහෙ අනාගත් වර්ගවාදී සංවිදාන වල අරමුණු පදනම් කරගත්තු බොරු ටිකක් ලියන එක. කුවෙනිට කොලේ වහල ලංකාව අල්ලගන දැන් එහෙම නෑ කියන්න හදන එක.(නදී)
හාමුදුරුවනේ කරන්න බැරි දේවල් දේශනා කරන්න එපා. මීට වඩා ලොකු දේවල් තිබුනා පාරට බහින්න.(නදී)
සනුල් මහත්තයෝ, එතකොට අර දඹානේ ඉන්නේ කාගෙන් පැවතෙන අයද? ඉතිහාසේ වෙනස් කරන්න ඔහෙට එහෙම බැහැ (නි)
ගරුතර ස්වාමීන්වහන්ස, බුදු බව අත්වෙනවා මේ වැඩේ නවත්වන්න, රට විනාශ කරන්න පෙර. (නි)
මම එකක් කියන්ඩද මේ ලෝකේ කවද හරි විනාස කරන්නේ එක්කෝ තම්බි නැත්නම් ඇමරිකන් කාරය ලංකාව විනාස කරන්නේ කව්ද දන්නවද ?(අ)
ගරුතර ස්වාමීන් වහන්ස, දැන්වත් ඔබ වහන්සේලගේ ඇස් ඇරුනොත් එය ජාතියේ වාසනාවකි. පසුගිය කාලය තුල රටේ මොනතරම් විනාශ වුනාද? (නි)
දැන් කැසිනෝ නැහැ කියලා ගණිකාවෝ නැද්ද? කුඩු නැද්ද? මොනවද නැත්තේ? අපරාධ අඩුද? සංස්කෘතිය සුඛිත මුදිත වෙලාද? (නි)
ලෝකේ ඉතාමත් සීග්‍රයෙන් දියුණුවෙන් ඒ වගේම දැනටත් සංචාරකයන් බහුලව ගැවසෙන රටක් තමයි " ඩුබායි" රට. නමුත් ඩුබායි වල කැසිනෝ තහනම්. මොකද කැසිනෝ හරහා බොහෝ නරක දේවල් රටකට ඇතුළුවිය හැකි නිසා (නි)
දානයක් හෝ අවම පහසුකම් හෝ නැති පන්සල් විශාල ගණනක් මේ රටේ තියනවා. ඒවා සොයා බලා දළදා මාලිගාවට ලැබෙන ආධාර වලින් එම පන්සල් ආරක්ෂා කලොත් ශාසනය සහ බුද්ධාගම රැකේවි. විය යුත්තේ එය මිසක් උද්ගෝෂණ විරෝදතා නොවේ. චීවරයේ බලයෙන් බුද්ධාගම රැක ගනිමු. (නි)
චමිලා, ඔබ මගේ තර්කය වැරදි විදිහකට තේරුන් අරන් තියෙන්නෙ. මන් අහන්නෙ නිව්ටන් නියමය ආකෘතියක් විදිහට පිලිගන්නෙ මේ රටෙන් කීයෙන් කී දෙනාද. බහුතරය සිතා සිටින්නෙ එය පරම සත්‍යක් විදිහට. මෙය සත්‍යය දෙයක් විදිහට දකින්න අපිට ඉගැන්නුවෙ අපේ රටේ පාසල් පෙළ පොත්. අපේ රටේ පාසල් පෙළ පොත් වල අවකාශ කාළය ගැනවත්, සුසමාදර්ශ සංකල්ප ගැනවත් මුකුත් නෑ. මේ සංකල්ප හරිද වැරදිද කියන එක නෙවෙයි ප්‍රශ්නය. අපි යමක් ඉගෙනීමේදී විකල්ප සංකල්ප ගැනත් ඉගෙන ගත යුතුයි. අදුර අවබෝධ කර ගන්න ආළෝකය ගැන අවබෝධයක් තිබිය යුතුයි. එ වගේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ශනය නිසි ලෙස අවබෝධ කරන්න නම් ඊට එරෙහිව තියෙන විකල්ප සංකල්පත් ඉගෙන ගත යුතුයි. මේවා අපේ පාසැල් වල උගන්වනවද? මට අවශ්‍ය වුනේ පාසල් වල උගන්වන්නෙ බොරු විද්‍යාවක් කියල කියන්න මිසක් මේ සංකල්ප වල ඇත්ත නැත්ත කතා කරන්න නොවෙයි. හේතුව මේ සියලුම දේ අවසාන වශයෙන් මනසේ නිර්මාණ පමණක්ම වන නිසා.(නදී)
නවතාවය ගැන අපි දැනුවත් වෙන්න ඕනෑ. ඒ නිසා මෙන්න මේ නවතාවය කියන ශත්තිය වටහගන සංවර්ධනයට උදවු වන්න. ඇමරිකාවේ හැමෝම සුදු කෙලින්නේ නැහැ. (නි)
පුදුමේ කියන්නේ හැමදේටම විරුද්ද වෙන , අර අහවල් කට්ටිය මේ කිසිම දේකට විරුද්ධ වෙන්නේ නැහැ? ඒකෙන් මොකක්ද හැමෝටම හිතාගන්න පුළුවන් ? (නි)
ඔබ වහන්සේ දන්නේනැද්ද අපේ බෞද්ද සම්මේලනයේ සභාපති ලංකාවේ කවුද කියල ඔවුන් හොඳ බෞදයෝද ? (අ)
මේ කැසිනෝ එපා කියන අයගෙන් මන් අහන්නේ ගිය වසරේ පමණක් ආණ්ඩුවේ ආයතන 5 පාඩුව කෝටි 18500. ඒ ඇයි පිටි පස්සේ ගිහින් රස්සා අරන් මෙතන කෑගහන ඔහෙලත් වග කියන්න ඕනා. ෂෙල්, වෝල්ස්, දර්ලි බට්ලර්, රෙකිට් ඇණ්ඩ කොල්මන් වගේ කොම්පැනි වහල දැම්මා ඒ ඇයි. අපේ වැඩවර්ජන, කම්මැලි කම නිසා. ඇත්තටම ඔහෙලට මොනවද ඕනා.(නදී).
ඔය නායක හාමුදුරුවරුම තමා ජෙනරාල් හිරේට ගත් වෙලාවේ සංග ආංඥාවක් පවත් වලා පාරට බහිනවා කිව්වේ. කෝ කරාද. එකට වුනුදේ අපි හැමෝම දන්නවා .අනේ හාමුදුරුවනේ කරන්න බැරි දේවල් වදාරන්න එපා.(නදී)
තියෙන කැසිනෝ ටික හලාල්ද දන්නෙ නැහැ?අලුතෙන් එන ඒවා විතරක් හරාම්ද? එසේ වන්නේ කෙසේද? (නි)
අමිල , ජාති හිතෛශීන් කැසිනෝ අනුමත කරනවා නම් 13ටත් විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද? (නි)
මිස් ලුම්බිණි, ඔයාට නිකන් හිතෙන්නේ නැද්ද ඔයාට පොඩි ලෙඩක් තියනවා කියලා. (නි)
පන්සිල් පද පහ රකින්න කියන්නේ නැහැ. හැම තැනම බාර් . පන්සිල් පද පහටත් කැසිනෝ එපා කියලා තිබුණා නම් කවුරුවත් මොකක්වත් කියන එකක් නැහැ. දේශපාලන කන්නාඩි දාගෙන හිටියම සිදුවෙන විනාසේ පෙනෙනවනේ... (නි)
සනුල්ගේ කතාව හරි. ලසන්ත, ඔයා හිතාගෙන ඉන්නේ සිංහලයා පැවතෙන්නේ ඉන්දියාවෙන් පිටුවහල් කරපු මිනිසුන්ගෙන් කියලද? පාසලේදී ඉගැන්නුවට ඒක නොවෙයි ඇත්ත, පෙළ පොත් සංශෝදනය කිරීමට කාලය ඇවිල්ලා. හෙළය කියන්නේ බොහොම දීර්ග ඉතිහාසයක් තියන ප්‍රබල ජාතියක්. අද පරගැති වහල් මානසික මට්ටමක් හදාගෙන හිටියට... (නි)
මන් නම් තේරුම් අරන් තියෙන්නේ අපේ අය කැමති හැමදේම හොරෙන්, නිත්‍යානුකුල නොවන විදියට කරන්නයි. දැන් කැසිනෝ නැහැ. ඒත් මිනිස්සු රේස් දමති.ගබ්සා නැහැ.ඒත් දිනකට ගබ්සා 1000 වෙනවා.ගණිකාවෝ තහනම්.ඒත් ඒ වැඩේ වෙනවා. කුඩු,ගංජා තහනම්. ඒත් ඒකත් වෙනවා. ඇයි හැමදේම හොරෙන් කරන්න කැමති? ලජ්ජාවටද ? බයටද? (නි)
ගරුතර මහා සංඝයා වහන්සේ විසින් ගෙනහැර දක්වන කරුණු කාරනා සත්‍ය වුවත්, මෙය පිලිපදීද? ඒ එක්කම අපි මෙසේද බැලිය යුතුයි. මෙවැනි යෝජනා ගෙනෙන්නෙ කුමක් සඳහාද? සමහර සංඝයා වහන්සේලත්, වරප්‍රසාද, වරදාන වලට ආගම ධර්මය පාවා දෙනවා. මෙන්න මේකයි තමයි අපේ රටේ අද තත්වය. ඔබ වහන්සේ පමනක් පාරට බැහැලා මේ දේ කිරිමෙන් පලක් වේවි යැයි මට හිතන්න අමාරුයි. මම හිතනවා , මේකට ත්‍රයි නිකායේ මහානායක හිමිවරු, කතෝලික පූජකතුමන්ලා, මුස්ලිම් පූජකතුමන්ලා, මේ සැම දෙනාම එකතුවී, ඔබ අප සෑම දෙනාම ජීවත්වන රට බේරා ගැනීමට එකමුතුව එකට වැඩ කල යුතුයි කියා (නි)
දැනටත් ලංකාවේ කැසිනෝ නම් කීයක් තියෙනවද? අනික දෙවියනේ කැසිනෝ දාන්නේ අපි වගේ අයට නෙවෙයි, හොද ලොකු සල්ලි කාරයන්ට , සල්ලි වලින් කරන්න දෙයක් නැති අයට. ඉතින් එයාලා ලංකාවට ඇවිත් වියදම් කළාට මොකද වෙන්නේ? අනේ අපි පාරට බහිනාව නම් බහින්න ඕනෑ කොටුවේ අහිංසක මිනිහගේ බඩට ගහන බුකි කරුවන්ට විරුද්දවයි. ඔතනට යන මිනිස්සු නිසා පවුල් කීයක් අනාථ වෙනවද? පොඩ්ඩක් පාරට බැහැලා බලන්න හවසට ඔය කොටුව පැත්තේ කොහමද කියලා. තෙවරක් බුදුන් වැඩිය රට කියලා කියන්ඩත් ලජ්ජා හිතෙයි!! (නි)
හිතන්න.ජපානේ චිනේ වගේ රටවලුත් බෞද්ධ. ඉතින් බැරිද අපට මහායාන බෞද්ධාගම ගෙනෙන්න? (නි)
සමහරුන්ට දැන් ඕනා කරලා තියෙන්නේ කෘතිම ඉතිහාසයක් හදලා අහසින් වැටුන ජාතියක් කියලා කියාගන්න. තව ටික දවසකින් කියයි නිදහස් සටනට අපේ ජාතියේ අය විතරයි සටන් කලේ කියලා. කන්න දුන අත සපා කන ජාතියක්.(නදී)
ගම්‍යා, ඔබට ස්තූති කරන්න කැමතියි. (නි)
රාණි : පන්සල, පල්ලිය, කෝවිල අවශ්‍ය වන්නේ බාවනා කරලා බවුන් වඩන්න පමණක් නොවන බව මතක තබා ගන්න. මිනිසාගේ ඇසින් ඔය ස්තාන තවත් දුරස් වුනොත් සමාජයේ මේ තිබෙන අවසන් පිරිහීමත් සිදුවන්නට වැඩි කලක් ගත වෙන එකක් නැ. සංචාරක කර්මාන්තයේ එක් අවශ තාවයක් මේ කැසිනෝව. නමුත් පුද්ගලිකව මමද විරුද්දයි. ප්‍රස්න මදිවට ප්‍රස්න ඇති කරන්න එපා. (ස)
මේකට එකම විසදුමයි තියෙන්නේ. මහායාන බෞද්ධ රටවල් වන චිනේ ජපානේ දියුණුවෙන්නේ ඇයි කියලා බලන්න. අපිත් මහායාන ගේමු කියලයි මම නම් කියන්නේ. (නි)
මහන වෙන්නේ සංසාරෙන් එතෙර වීමේ ඒකායන පරමාර්ථය මුදුන් පමුනුවා ගන්න. උද්ගෝෂණ කරලා දේශප්‍රේමයෙන් ඔදවැඩිලා රට ජාතිය බේරන්න හාමුදුරුවන්ට කැප නැහැ නේද? මේවා කිවුවේ මම නෙමෙයි බුදු හාමුදුරුවෝ. (නි)
ජීවන්, මේකට එකම විසදුම මහායාන බෞද්ධ හෝ හිනියන බෞද්ධ නෙවෙයි. චිනේ ජපානේ දියුණුවෙන්නේ පාලකයින් සහ මිනිසුන් අවංකව වැඩ කරන නිසා. (ස)
ග්‍රෙගරි පාරේ සම්බෝදී පන්සල ලග කැසිනෝ දාන්නේ නැහැ. දාන්නේ කොටුව සම්බෝධි පන්සල ලග කාර් පාක් එකේ. ඒක කියන්නේ ඩී ආර් විජේවර්ධන මාවතේ.(නදී)
මහා නායක හිමිවරු පාරට බැස්සොත්, වෙන මොන කතාද රටේ ලොක්කෝ පණ බයේ දගලනවා ඇති. දැන් ඉතින් ශ්‍රද්ධාවන්න්ත උපාසක ගොල්ල කියාවි ඔය වැඩේ හාමුදුරු ගොල්ලන්ට හොද නැහැ හැමුදුරුවරුන්ට තියෙන්නේ භාවනා කරගෙන පන්සලේ වැඩ සිටින්න එක නේද කියා.(නදී)
මේකට කවුද ගිනි තියාගන්නේ. අයියෝ සල්ලි.(නදී)
කැසිනෝ සෙල්ලම් කරන්න පිටරට පාස්පෝට් පෙන්නන්න ඕනි. ගමේ තියන සුදු පොළවල් නැති කරමු.(නදී)
කොළඹ ග්‍රෙගරි පාරේ විතරක් නොවේ ලංකාවේ කොතැනක මෙවැනි සුදු ආරම්භකලත් ඔබ වහන්සේලා විරුද්ධ විය යුතුමයි ! (ස)
කරනවා නම් මම නිකන් කියන්නම්. දුෂණ වංචා වලට එලියට බහින්න,ප්‍රසිද්ධ ආගමික සිද්දස්ථාන ගැන විගණනයක් කරන්න,දේශපාලන වන්දි බට්ටකන්,කඩේ යැවිලි වලට විරුද්ධ වන්න.රටක් දියුණු වන දේවල් වලට විරුද්ධ වන්න එපා (නි)
හැමෝටම රට යන්න බැහැනේ. ඉතින් ඇයි එහෙම වැඩ කරන්නේ (නි)
ඔබ වහන්ස කලිනුත් වතාවක ඔහොම දෙයක් කියලා ලිමොසින් එකක් ගත්තා.(නදී)
පාරට බසී?
කනගාටුවට කරුණ නම් මන් අද පත්තරේක දැක්කා සේනාව මේවට විරුද්ද වෙන්නේ නැහැ කියලා. අධිරාජ්‍ය විරෝදී සංගමෙක ප්‍රසිද්ද හාමුදුරු නමක් සේනාවට විරුද්දව පාරට බහින්න හදනවා. ඒ හාමුදුරුවන් වහන්ස කියන දේ සහතික ඇත්ත උනත් අන්තිමට හාමුදුරුවෝ රංඩු වෙන එක හොද දෙයක් නෙවේ.(නදී)
සේනාව,රාවය,බලය වගේ කට්ටිය නෑසුනා සේ ඉන්නේ ඇයි. අපි දන්නවා ඇයි කියලා. මේ සියල්ල කාගේ බලල අත්ද. නොර්වෙන් සල්ලි මෙවැනි වියාපෘති වලට නොදීම.(නදී)
අර සේනා මේ සේනා කෝ... (ස)
ඔබ වහන්සේ සමඟ අපිත් එකඟයි... අපිත් එනවා... (ස)
ඒකනම් ඇත්තම තමා. සම්බෝදී විහාරය අවට මොකටද සුදුව? අනෙක එදා ඉදලා අද වෙනතුරු අපේ හාමුදුරුවරුන් පෙරමුණ ගෙන සිංහලයන් සමග මේ රට බේරාගත්තේ. අතන අපට ඕනෑ, මෙතන අපට අයිතියි කියන ඔය සුළු ජාතිකයන් හැමදාම රට තුල ප්‍රශ්න ඇතිකර රට විනාශ කරනවා. ඒ විදිහට දෙමළ ත්‍රස්තවාදීන් මේ රටේ සම්පත් අවුරුදු 30ක් විනාශ කලේ. අපේ හාමුදුරුවරු බය නැතුව කතා කරනවා නම් හොදයි. (නි)
ඔය හැමෝම වරද්දාගෙන ඉන්නේ. සිංහලයා කියන්නේ තනිකර ඉන්දියානුවෙක්වත් තනිකර දේශීය කෙනෙක්වත් නොවෙයි. ඉන්දියාවෙන් ආපු ආර්යයොත් මෙරටේ හිටපු දෙශිය ජනයාත් මිශ්‍ර වෙලා හැදුනු ජාතියක් වත්මන් සිංහල ජාතිය. සිංහල බාෂාව පැරණි හින්දි භාෂාවට ගොඩක් සමානකම් තියෙනවා.මහා බාරත් ,උත්තර ප්‍රදේශ් වගේ නම් වගේම යෝග නම ( සුරය නමස්කර්, පර්වතසන වගේ ) ඕනෑතරම් උදාහරණ දෙන්නන පුලුවන්. (නි)
කැසිනෝ හොද හෝ නරක වේවා එය සිමාසිහිත විය යුතුයි. හැම දෙයකටම සීමාවක් ඕනා. හතු පිපෙනවා වගේ කැසිනෝ, ඇති නොවිය යුතුයි.(නදී)
අපේ ගරු නායක හාමුදුරුවනේ මහනායක තනතුර නැති කරගන්නවද ...? බෙන්ස් කාරෙක ගන්නවද ...? (ස)
අපේ හාමුදුරුවොනේ රටේ දැන් පාලනය යහපත් නැහැ. අපි වගේ පොඩි මිනිසුන්ට කල හැකි කිසිම දෙයක් නැහැ.ඔබ වහන්සේලා ඉදිරිපත් වෙන්න.රටට යහපාලනය ගෙනෙන්න. නීතිය සදාචාරය ඇති කරන්න පාලකයන්ට බල කරන්න. ලස්සන ලංකාවක් අපේ දරුවන්ට උරුම කර දෙන්න. එම පිනම ඇති ඔබ වහන්සේලාට. (ස)
මහනායක වහන්සේට පොදු ජනතාවගෙන් තියන ගෞරවය මෙහි ලයන ලද අදහස් වලින් එතුමන්ට ලැබුණානම් - එතුමන්ට වටිනවා සුළු සමාජ පර්යේෂණයක් මගින්, ජනතාව පන්සලට ගෞරවය නොකරන හේතුවට කරුණු කුමක්ද කියා සොයා බලන්ට.(නදී)
තම තමන්ට අසාධාරණ වෙනකොට තමයි කවුරු කවුරුත් එලියට බහින්නේ. එදා අර හාමුදුරුවෝ ජීවිතේ පුජාකළේ අසාධාරණයට විසදුම් නොදුන් නිසානේ. (නි)
දැන් හරි ඇස් ඇරුණු එක ගැන සතුටුයි. (ස)
දැන් දාල තියෙන කැසිනෝ වලට පාරට බහින්නේ කවදාද? (ස)
හලාල් එපා, හරාම් ඕනැමයි. (ස)
ඊළඟ බෙන්ස් කාර් එක වඩිනකම්ද හාමුදුරුවනේ.(නදී)
දැන්ද ඇස් ඇරුනේ!! ඇති යාන්තම්. (ස)
මේ රටේ අද කාලේ වෙන වංචා, අපරාධ, දුෂණ, මැර කම් වගේ දේවල් දැක්කම ඒවාට විරුද්ධ වෙනවා හරිම අඩුයි. මොකද මේ කැසිනෝ එකට මෙච්චරම කෑ කෝ ගහන්නේ?(නදී)
මෙච්චර කල් නිදියගෙනද හිටියේ යම්තම් ඇති.(නදී)
මේ කැසිනෝ අපේ රට බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. ඕකේ සෙල්ලලං කරන්නේ වෙන අය. ඇමරිකාවේ ලාස්වේගාස්, හෝං කොං වල මකාවෝ, ලෝකේ ගොඩක් රටවල ව්‍යාපාරයක් ව්දියට මේදේ කරනවා. සමහර තැන්වල මිලියන ගනන් තමයි ඔට්ටු අල්ලනේ. මේකෙන් රටට හානියක් වෙන්නේ නැහැ. රැකියා ඇතිවෙනවා කැසිනෝ කියන්නේ දණ කුවෙරයන් ඇද ගන්නා ක්‍රීඩාවක්. මේකේ හොද නරක දෙකම තියනවා. හොද දේ ලබා ගනිමු රටටට ඔබින විදියට. රෝයල් කැසිනෝ ෆිල්ම් එක බලන්න ගොඩක් දේවල් අවබෝද කරගත හැක.(නදී)
මහා නා හිමිට මගේ ප්‍රණාමය ! යමෙකුගේ අදහස් වලට අනුව කැසිනෝ තුලින් රටට ආර්ථික වාසියක් ලැබේ යැයි සිතනවා නම්, ගණිකා වෘත්තියත් නීති ගතකොට මධ්‍යස්ථාන පිහිටුවිය හැකියි .ඒ තුලින් රැකියා අවස්ථාද බහුල විය හැකියි. (නි)
සමීර බෙන්ස් නෙවේ ලිමොසින්.(නදී)
මුරුගන් අද අර සේනා මේ සේනා තිබුනේ නැත්නම් හොඳ නාඩගම් බලන්න තිබුණා. සේනාව තිබුන නිසා තමයි මේ වෙනස. අපේ ගරු ස්වාමීන් වහන්සේලාට චිත්ත් දහිරියහ ලැබේවා. මේ වගේ සිටියොත් මුළු රටටම වාසනාවක්.(නදී)
බලමු දැන් මේකට කවුද ගිනි තියාගන්නේ කියලා ඇත්තනම් ?(නදී)
මේකෙන්ම තේරෙනවා බල සේනාව කාගෙද කියලා.(නදී)
දැනටමත් කොල්ලු පිටිය සහ රටේ අනෙකුත් තැන්වල කැසිනෝ හෝ වෙනත් නම් වලින් හදුන් වන සුදු ඕන තරම් ඇත. මේකේ වෙනස තමා අපේ රටේ අය කට කතා විස්වාස කිරීම. මේ එන්නේ ලෝකේ ධනවත් සමාගමක්. ඉතින් ඇතැම් අය බලනවා බොරදියේ මාළු බාන්ට. (ස)
මුරුගන් ඇයි ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නය සේනාව ගැන. සිංහල බෞද්ධ සමාජයේ මුර දේවතාවා ලෙස තමයි බෞද්ධ භික්ෂුව හදුන්වන්නෙ. බෞද්ධ භික්ෂුව බණ කියනවට අමතරව සින්හල බෞද්ධ සමාජයේ පෙර ගමන් කරු විය යුතුයි. එය තමයි සේනාව කරන්නෙ. ඔබ වැනි අයට හුගක් රිදිල තිබෙන බව පේනවා. හේතුව සිංහලයා විජය රජ්ජුරුවන්ගෙන් පැවත එනවා වැනි බොරු තව දුරටත් කියා සිංහලයට හිමි තැන අහිමි කිරීමට නොහැකි වීම ගැන. මතක තියා ගන්න සිංහලයා පැවත එන්නෙ නාග, යක්ෂ, දේව යන ජන කොටස් වලින් බව. වර්ගපූර්ණිකාවෙහි වැඩි විස්තර සදහන් වෙනවා. අවශ්‍ය නම් කියවා බලන්න පුලුවන්. මෙවැනි දේ බෞද්ධ භික්ෂුව දිවි හිමියෙන් රැකගත් නිසා තමයි මුරුගන් වැනි අයට බෞද්ධ භික්ෂුව සමග තරහක් තිබෙන්නෙ.(නදී)
කාට හරි කියාන්න පෝයක් බලලා ගිනි තියා ගන්න කියලා. ඊට පස්සේ පෙට්‍රල් ගත්තු හැටි හොයන්න කමිටුවක් දමලා. මේ කැසිනෝ වැඩේ හින් නුලෙන් කරගන යන්න.(නදී)
දළදා වීදියේ තිබෙන මත්පැන් කඩ,හරක්මස් කඩ වහන්න පියවර ගන්න . අලුතින් මත්පැන් කඩ දැම්මොත් කොතන උනත් කමක් නැහැ මැදිහත් වෙලා කටයුතු කරන්න. සිංහලයෝ 80% මත් පැනට පුරුදු වෙලා. දරුවන් මන්ද පෝෂනයෙන්.(නදී)
මේ වෙලාවෙවත් ඔබවහන්සේලා මේ අය හරි මාර්ගයට ගන්න හිතපු එක ලොකු දෙයක්. අපිත් ඔබ සමග ඉන්නවා උඩරට පුරවැසියෝ හැටියට.(නදී)
දැන් හරි ඇස් ඇරුණු එක ගැන සතුටුයි. (ස)
ඔබ වහන්සේ හරි අපේ හාමුදුරුවනේ. සම්බෝදී විහාරය කියන්නේ සුළුපටු තැනක් යැ. ලංකාවෙන්ම සුදුව නැවැත්තුවොත් හොදයි නේද?(නදී)
ඔබ වහන්සේ හරි අපේ හාමුදුරුවනේ සම්බෝදී විහාරය කියන්නේ සුළුපටු තැනක්ද? (ස)
අපේ හාමුදුරුවනේ සමහර පන්සල් වලින් පෝයට සල්පිල් තියල ගසා කනවා. සල් පිල්වල විරිදු කාරයෝ දම්මලා කියන්නෙත් කුණු හරප. ලොකු ලොකු පන්සල් වල එකතුවෙන සල්ලි වලට මොනවා වෙනවද මන්දා. මේවා ගැන හෙව්වොත් නරකද?(නදී).
කැසිනෝ බෞද්ධාගමට එකග නැත්නම් ධීවර කටයුතු වගේ දේවලුත් මේ බෞද්ධ රටේ තියෙන්න බැහැ නේද? (නි)
හාමුදුරුවනේ, හැකිනම් මේ දේ කරන්න. කොතරම් සූදු පොළවල් තිබුණත් මිනිසුන් ඒ තැන් වලට නොයන තැනට වැඩතරන්න. එයයි දක්ෂතාවය (නි)
සුදුවට ගිය කල හෙළුවෙන් ගෙදර පල.කොළඹත් චිකාගෝ නගරයක් කරන්නද යන්නේ? (ස)
හැම දෙනාම හෙට සිදුවන විපත ගැන දුර දිග හිතන්න. මේ නොහොබිනා වැඩ නවත්වන්න. හෙට ඔබේ දුව ගණිකාවක් වේවි. පුතා සූදු අන්තුවෙක් වේවි. හිතන්න... ක්‍රියාත්මක වන්න... පමා නොවන්න. මහා නායක ගිමියන් සමග අපි ඉන්නවා. (නි)
මේ ආණ්ඩුව රට දියුණු කරන්ඩ හදනවා. මොන දේ කරන්ඩ ගියත් ලංකාවේ හැටි ඔහොම තමා. දැනටත් කැසිනෝ ලංකාවේ තියෙනවා. ලෝකේ හැම තැනමත් තියෙනවා. කරන මිනිහට කරන්න දෙන්නේ නැහැ. වචනෙනේ හරි බාධා කරන්න කී දෙනෙක් නම් ඉන්නවද. පාරට බහිනවානම් ගොඩක් කලෙකෙට ඉස්සර බහින්න තිබුනේ. (ස)
කෑසිනෝ නොදෑම්මොත් පාරට බහින කට්ටියකුත් ඉදීවි (නි)
විහිළුවට එහෙම නොවෙයිනේ.. (ස)
සදරුවන් චිකාගෝ බැරි නම් අටකලම්පන්නිය හරි කමක් නෑ වැඩක් වේ නම්. සුදුව බැරි නම් හං වෙළදාම හරි කමක් නැහැ ණය බර අඩුවේ නම්. ස්වෛරීභාවය වැඩි වේ නම්. දුප්පත් කම තුරන් වේ නම්. පස්සේ බැරිය නිවන් දකින්න. (ස)
විජේවර්ධන මාවත කැසිනෝ වලට දීලා බෞද්ධාලෝක මාවත ගණිකා මඩම් වලට වෙන් කරොත් නරකද ?(නදී)
අනේ හාමුදුරුවනේ දැම්මොත් පාරට බහිනවා නොකිය මෙහෙම කියන්න "මේ පුජා බිමේ කැසිනෝ දැම්මොත් බලාගෙනයි. දළදා වහන්සේ නාමයෙන් එය නොකර හරින ලෙස මම රජයට බල කරනවා බුද්දීමත්ව වෙන්න කියලා." ඔබ වහන්සේලා වෙනුවෙන් ගිහියන් පාරට බහීවි.(නදී)
කැසිනෝ පන්සල් ළගට ඕනේ නෑ, වෙන කාටත් වඩා මේවට බලපෑමක් කල හැක්කේ ඔබ වහන්සේලාට පමණි දැන්වත් විරුද්ධ වෙන්න. (ස)
සිල්වා, මොනවද ඔය කියන රැකී රක්ෂා? මොනවද ඔය කියන හොඳ දේවල්? (නි)
කැසිනෝ නැහැ කියලා දැන් අපේ රටේ සදාචාරය සංස්කෘතිය රැකිලා තියෙනවද? ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, සුදු පොළවල්, කසිප්පු පොළවල්, ගංජා හේන් , කුඩු ජාවාරම් , හොර මැරකම් වගේ කොච්චර දේවල් වලින් සමාජය පිරිහිලාද? කොච්චර හාමුදුරුවරු දුශ්ශීල වැඩ කරනවද?කැසිනෝ එකක් දැම්මොත් ඔය විදේශ රටවල් වලින් ඇවිල්ලා සුදු කෙලලා කීයක් හරි අපේ රටටත් දීලා යාවි. අපි කලබල වෙන්න ඕනෑ අපේ රටේ මිනිස්සු බෞද්ධයෝ සහ හාමුදුරුවරු දැනටත් කරන අශීලාචාර වැඩ ගැන මිසක්ඔය එන්න තියෙන උවදුරු ගැන නෙමෙයි. (නි)
ඔය උඩු බුරන මිසදිටු කට්ටියට කියන්න තියෙන්නේ, මේක බෞද්ධ රටක්. ඔයාලට ඕනෑ කරන දෙයක් ඔයාලගේ ඕනෑම රටකට ගිහිල්ලා කරගන්න. හැබැයි ලංකාවේ ඉන්නවා නම් ඒවිදියට ඉන්න. (නි)
සිල්වා මහත්තයෝ, ලෝකයේ සල්ලි හොයන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. ඒත් මේවා අපේ රටට අත්‍යවශ්‍යද කියලා බලන්ඩ ඕනෑ. අපිට මුදල් ඉපදවීම සඳහා අවශ්‍ය නම් චීනයත් සමග හවුල් වී එය කළ හැකියි. එය වැරද්දක් නෙමේ. එහෙත් කැසිනෝ සුදුව පමණක් නොව මින් වෙන්නේ ගණිකා වෘත්තිය සහ කළු සල්ලි මාෆියාව රට තුල රජ කල කිරීමයි. (නි)
කොළඹ දාන්න යන කැසිනෝ ගෙන කියන්න කලින් පන්සල ගාවින් දුවන නයිට් රේස් ගැන කතා කරමුකෝ (නි)
නවීන ලෝකය තුල තිබෙන දේවල් වලින්, දැන් ලංකාවේ නැති දෙය කුමක්ද? දැන් ද පාර මතක් උනේ ? (ස)