කුසිනාරානුවර හෝමියෝපති රෝහලේ ශාඛාවක් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ ආරම්භ කර ඇත. සෑම සෙනසුරාදා දිනකම නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා දෙන මෙම සායනය පවත්වනුයේ හල්විටිගල අස්සජී හිමියන්ගේ මූලිකත්වයෙනි.
ඒ හිමියන් පවසනුයේ තමනට දන් දුන් දායකයන් ඇතුළු දායක දායිකාවන්ගේ සෞඛ්‍ය රැක දීමට මෙම සායනය පවත්වන බවයි. සායන ගොඩනැගිල්ල සිය මව් පියන්ට පිං පිණිස ඉදිකර ඇති බවද අස්සජී හිමියෝ පැවසූහ.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට මේ පිනම ඇති හාමුදුරුවනේ (නි)
උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු පුතෙක්ම තමයි. ඔබ වහන්සේගේ මේ සත්කාර්යය ඉතා දිගු කාලයක් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් කලක ඔබ වැනි බුදු පුතෙකු දැකීමත් වාසනාවක් (නි)
පින්වත් හිමියනි, උසස් ක්‍රියා අගය කිරීමට අපි දනිමු. එහෙත් බෙහෙත්හේත් කිරීම භික්ෂුවකට කැප දෙයක්ද? විහාරස්ථානයෙන් පිටත පටන්ගත්තා නම් සතුටුවෙමු (නි)
නිදුක් නිරෝගී සුවය ලැබේවා! උතුම්වූ නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතුවේවා! (නි)
ඔබලාට බුදුසරණ වේවා (හේ)
අපි කුසිනාරා ගියේ 2014 පෙබරවාරි මාසේ මට සෙම්ප්‍රතිශ්‍යාව හදුනා එහේ ඉන්න කොට මේ ස්වාමින්වහන්සේ මට බෙහෙත් දුන්න ඉක්ක්මනින් සුවය ලැබෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා යි ප්‍රර්ථනා කරමි. (හේ)
ඔබ වහන්සේ කරන්නේ මහගු සේවාවක්.(හේ)