කොල්ලුපිටියේ කැසිනෝ රාත්‍රී සමාජ ශාලාවකදී පානදුරයේ තාරුකා නදී කුමාරී විජේසිංහට පහර දුන්නැයි කොළඹ කැරොකි සමාජ ශාලා හිමියකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා රුපියල් පන්ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
කැසිනෝ හිමිකරු තමාට බැන වැඳුණු බව ඇයගේ පැමිණිල්ලේ සඳහන්ය.
සමීපරූප සහිත සීසීටීවී කැමරා දර්ශන ඉදිරිපත් කරමින් කැසිනෝ හිමියාගේ නීතීඥ අසේල රැකව මහතා පැවසුයේ ඇගේ චෝදනාව අසත්‍ය බවයි.
ඇමැතිවරයකුගේ දියණියක බව කියන පැමිණිලිකාරිය කැසිනෝ සමාගමේ සංවර්ධන නිලධාරිනියක ලෙස රදවා ගත් බවත් අලුයම පහට ඇය කැසිනෝ හලට පැමිණි බවත් සාමාන්‍ය කාන්තාවක එවැනි වේලාවක කැසිනෝ හලට නොයන බවත් රැකව මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක බස්නායක ඔබ හරියටම හරි. මම ලංකාවේ දී ජීවිතයේ මුල් වරට සහ අවසන් වරට කැසිනෝ හලකට ගියේ 1982 දී,එය තිබුනේ ලංකාවේ තරු පහේ හෝටලයක,ඔබ කී වගේ අද මේ අය විරුද්ද වෙන එකනම් මටත් මහා ප්‍රහේලිකාවක්.එදා මෙන්ම අදත් ඒවයෙන් රටට ලැබෙන දෙයක් නැති තරම්.ඒ නිසා ඒවා නීති ගතකලොත් අපේ ආර්ථිකයට යහපතක් වෙයි.ඔය විරුද්ද වෙන අයට සමහරවිට ඒවායේ කොටස් ඇති. ඉතින් විරුද්ද නොවී කොහොමද.? (අ)
උපාය මාර්ගික ආයෝජනයක්ද? නම ගම වන්හුන් පළ කළොත් හොඳයි ඡන්ද දායකයින්ට දැනගන්ඩ.(අ)
එහෙනම් කැසිනෝ දැනුත් තියෙනවා ? (අ)
මම ලංකාවේ කැසිනෝ සුදු පොළවල් දැක තිබෙන්නේ අවුරුදු 30 කට පෙර සිටයි . අද කැසිනෝ පිළිබඳව විරෝධය දක්වන බොහෝ දෙනෙක් මේවා ඇති කළා සේම , මේවයේ පහස ද වින්දා. (ස)
අනේ මන්ද කාට පිස්සුද කියල. (ස)
දුවෙක්වත් හරියට හදා ගන්න බැරුවද ඉන්නේ (ස)
සමන්ති ලංකාවේද ඉන්නේ? මේවා විවෘත ආර්ථිකේ ප්‍රතිපල. දැන් බොරුවට කෑ ගැහුවට. (ස)
මහජන මුදල් වලින් යැපෙන අයට ඒවා වියදම් කරන්න තියෙන ලේසි ක්‍රමය තමයි කැසිනෝ. (ස)
දැන් ඒ පාර ඇමති දුවලාත් කරලියට ඇවිත්.(දිල්)
ඇමති දුවට තියෙන්නේ ජේම්ස් පාකර් ළඟ රැකියාවකට ඉල්ලන්න. අනිවාර්යයෙන් ම ලැබේවි. (අ)
නරකද කැසිනෝ සංවර්ධන ඇමතිනි තනතුර දුන්න නම්. හොඳට ගැලපෙනවා. (අ)