ප්‍රකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් හා ඔහුගේ දෙවැනි මනමාලයා වූ නයින් එන්ටර්ටේන්මන්ට් ප්‍රධාන විධායක ඩේවිඩ් ගින්ජල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි පෙදෙසේ මහ පාරක දී ඉරිදා (4) සවස හොඳටම ගුටි ඇන ගත්හ.
දෙන්නා පිස්සු බල්ලන් වගේ රන්ඩු වුණා යැයි සිද්ධිය සියැසින් දුටුවෙක් කීවේය.
ගැටුමට හේතු වූයේ පැකර්ට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු දුරකතන ඇමතුමකි.
පැකර් ඒ වන විට සිටියේ ශ්‍රී ලංකාවේය.
ඩොලර් කෝටි 40 ක (රුපියල් කෝටි 5280) සුපිරි කැසිනෝ මධ්‍යස්ථානය ගොඩ ගැනීමේ අවසන් උත්සාහය සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.
දුරකතන ඇමතුමෙන් කියැවුණේ පැකර්ගේ නිවස ඉදිරිපිට නයින් එන්ටර්ටේන්මන්ට් වාහනයක් නතර කර ඇති බවයි.
පැකර් සිය බිරියගෙන් වෙන් වී මිරෙන්ඩා කර් නම් නිරූපිකාව සමග මිත්‍රකමක් පවත්වන හෙයින් නයින් එන්ටර්ටේන්මන්ට් වාහනය එහි එන්නට ඇත්තේ පින්තූර ගැනීමට විය හැකි යැයි පැකර්ගේ මිතුරා ඔහුට කියා ඇත.
පැකර් නයින් එන්ටර්ටේන්මන්ට් ප්‍රධාන විධායකට ඇමතුමක් ගත්තේය.
හොඳටම බැන්නේය. තම ආයතනයේ වාහනයක් පැකර්ගේ ගෙදර ඉදිරිපිට ඇති බව නොදන්නා බවත්, ඒ ගැන සොයා බලා දන්වන බවත් ගින්ජල් ඔහුට කීවේය.
ගින්ජල් පසුව සොයා ගත්තේ ඔහුගේ ආයතනයේ රියක රියදුරා වෙනත් රාජකාරියකට යමින් සිටිය දී ඒ අසළ පිහිටි ඔහුගේ නිවසට යෑම මේ කලබලයට හේතු වූ බවයි.
පැකර් ගුවන් මගින් සිඩ්නි නුවරට ගියේය. ජින්ජල් ද ඔහු හමුවීමට ආවේය. දෙදෙනාම හොඳටම ගහ ගත්හ. පැකර්ගේ දකුණු ඇස අසළ සීරී තිබිණි. ඇස රතුවී තිබිණි. නිකට වම් පස ඉදිමී තිබිණි.
රැවුල නොකපා සිටි ගින්ජල්ගේ දෙපයේ සපත්තු ද නොවීය.
ඔහු වෙනදා අඳින ව්‍යාපාරික ඇඳුම් කට්ටලය ඇඳ නොසිටියේය. පැකර් කාරයෙන් බසිනවාත් සමගම ජින්ජල් ඔහු ළඟට ගියේය.
දෙදෙනාම පුපුරමින් වහසි බස් කියමින් ගුටි ඇනගත්හ.
ගැටුමෙන් පසු පැකර්ගේ අසල්වැසියකු වූ ක්‍රිස් වෝකර් පැවසුවේ පිරිසක් පාරේ වැටී තිබුණු දත් සෙවූ බවයි. පැකර්ගේ ආරක්ෂකයන් දෙදෙනා මැදට පැන රණ්ඩුව බේරන තුරු ඔවුහු හොඳටම ගහගත්හ.
පැකර් නිවසට රැගෙන යනු ලැබීය. වෛද්‍යවරයෙක් ඔහුට ප්‍රතිකාර දීමට පැමිණියේය.
පැකර් හා ජින්ජල් අද උදේ පැකර්ගේ නිවසේ දී හමුවූහ. ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළහ. ‘අපි දෙන්නා වසර 35ක් තිස්සේත් දැනුත් හොඳම මිතුරෝ වෙමු. මේ සිද්ධිය ගැන තවත් කිසිවක් කියන්නේ නෑ. මෙවැනි දෙයකින් අපේ මිත්‍රත්වය නවත්වන්නත් බෑ.‘
දෙදෙනා අතර රණ්ඩුව වීඩියෝ ගත කළ ඡායාරූප ගත කළ ඡායාරූප ශිල්පියෙක් එය රූපන් මර්ඩොක්ගේ නිව්ස්කෝපරේෂන් වෙත ඕස්ට්‍රේලියා ඩොලර් දෙලක්ෂයකට (රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලක්) අලෙවි කළේය.
මෙම සිද්ධියෙන් පසු ජේම්ස් පැකරුගේ සිඩ්නි කැසිනෝ හලට අවසර දීම ප්‍රශ්නයට ලක්වෙතියි කියති.
(ගැටුම සිද්වූ ස්ථානය)
(ගිංජල්)
(පැකර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න ඕන කෙනා ද කොහෙද ගුටි කාල තියෙන්නේ (දී)
විකාර, එයාල ගහගත්තාම අපිට මොකද? (දී)
මම ප්‍රතිචාර දැක්වුයේ කැසිනෝ එපා කියන අයට ගහන්න කියලා කියපු ෆේස් බුක් චමින්දට. ඒ ඔබ නෙමෙයි නම් මගේ අදහස ඔබ ලියු දේ ගැන නෙමෙයි. එකම නමින් දෙන්නෙක් අදහස් පළ කරනකොට මෙවැනි දේවල් සිදුවෙනවා. (නි)
සල්ලි තිබ්බාට ලැජ්ජාවක් නැති කම තමයි (දී)
ලංකාවට ඇවිත් කරන්න හදපු වැඩේට පල දුන්නා. දිට්ඨ දම්ම වේදනීය කර්මය තමයි. (ස)
මේ වගේ අවම සදාචාරයක් වත් නැති හාල්පාරුවෝ තමයි මෙහෙ මහා ලොකුවට දේවත්වයෙන් සලකන්නේ හේතුව වෙන මොනවත් නොවේ සල්ලි.(ස)
ඔය ගහ ගැනිල්ල සිඩ්නි වල පටන් ගන්න හදන කැසිනෝ එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.බොරු කතා ඕවා.බොරු පුවත් මවනවා.නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වටින්නේ ඔය ගහ ගනිල්ලද ,එහෙම නැත් නම් ප්‍රාන්ත රජයේ ආර්ථිකයට වාර්ෂිකව එකතු වෙන ඩොලර් මිලයන ගානක බදු මුදලද ?
අපිට මොකෝ ඒ අයට ඕනවට කරන දේවල් (දී)
හරි සන්තෝසයි.... (දී)
ලංකාවේ බජාර් අයියලා සමග හැප්පීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බව පැහැදිලිව පෙනේ. මුලින්ම ප්‍රාදේශීය සභාවටත් , පසුව පාර්ලිමේන්තුවටත් යාහැක.ජයවේවා! (නදී)
මේවා ගැණු හුටපට , මෙහෙනම් පොලිසියට මාරුවීම්.(නදී)
නරකද පාකර් ට ලංකාවේ ගෞරවනීය පුරවැසිකම දුන්නොත් ? ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලන්න ඕනවාටත් වඩා සුදුසු කම තියනවා.(නදී)
හා හා,කිසිම වචනයක් මේ වැදගතාට කියන්න එපා. අපේ රටේ දියුණුව ගැන හිතලා අවංකවම සද්භාවයෙන් ආයෝජන කරන්න සැරසෙද්දී මොනවද මේ අපේ පුරවැසියන් කියන්නේ ? මෙහෙම මහත්වරු අපේ රටේ ආයෝජනය කරන එක කොතරම් අපේ රටට නම්බුවක්ද ? (නි)
දැන් තේරෙනවා අපේ සමහර අය කැසිනෝ ව්‍යාපෘතියට විරුද්ධව වචනයක් වත් නොකිව්වේ මොකද කියලා. පැකර් කොහොම කෙනෙක් ද කියලා දිවැසින් පෙනිලා නේ. කවුද කැමති පාරේ දෙනෝදාහක් ඉදිරිපිට ගුටි කන්න. නැද්ද මං අහන්නේ .(නදී)
මම හිතන්නේ මෙයා එක්ක ආයෝජන කල උදවිය දැන් ජීවිත රක්ෂණ ගන්න ගිහින් ඇති. (නදී)
කෝ මේ පැකර් ගේ ආයෝජන ගැන මහා ඉහළින් වර්ණනා කළ උදවිය? මේවායේ ආදීනව කියපු අයටත් සමච්චල් කළේ... මේ ගහගත්තේ කාන්තාවක් සම්බන්ධ දෙයකට නම් මෙයාගේ ආයෝජන තිබෙන ස්ථානත් අපේ රටේ කාන්තාවන්ට සුභ තැන් නෙමෙයි කියලා කවදාවත් අපේ රටේ සමහරුන්ට තේරෙන්නේ නැහැ. (නි)
මට මතක් වෙන්නේ "" අප්පා කල දේ නොකොළොත් ඒකා නොට්ටිගේ පුතා''' කියන කියමනයි. ජේම්ස් ගේ තාත්තා "කෙරී පැකර්" ඕස්ට්‍රේලියාවේ ඉන්න අනික් කෝටිපති පවූල වන මර්ඩොක් පව්ලේ කෙනෙකුගෙන් හොඳටම ගුටි කැවා. එයාගෙත් තාත්තා වන "සර් ෆ්‍රෑන්ක් පැකර්" අශ්ව රේස් එකකදී ප්‍රසිද්ධියේ ගුටි ඇන ගත්තා. මේක ඒගොල්ලන්ගේ පව්ලේ සම්ප්‍රදායක් කියලා තමා කියන්නේ. (දී)
මෙම ගැටුම පුද්ගලික එකක්. ආයෝජන සහ මෙම ගැටුම සම්බන්ධ කිරීම විහිළුවක්. (නි)
අනේ ජේමිස් අයියේ, ගහපිය කැසිනෝ එපා කියන කට්ටියටත්.... (නි)
තව පොඩ්ඩෙන් ගුටි ඇන ගන්න වෙන්නේ බේරේ වැව ඉදිරියේදී. මෙහෙම මිනිස්සු එක්කද ආයෝජන කරන්න යන්නේ. ගුටිකන්න බලාගෙන තමා ආයෝජන කරන්න වෙන්නේ. (නි)
මේක දැකලා අපේ ලංකාවේ පැකර් "හෙන්චයියල" ටිකට බඩ යනවලු. සිහි මද ගතිය වගේලු. දොඩවනවලු. රට යන්නත් බය හිතෙනවලු. මොකද එයාලට අත තියන්න ලංකාවේ ඊට ඉහලින් එකෙක් නැනේ. පැකර්ගෙන් හරි කන්න ලැබෙනවානං අපිටත් බලන්න. (ස)
සල්ලි තිබුණට මොළය නැති මෙහෙම අයටනේ අපේ අයත් රැවටිලා තියෙන්නේ? (නි)
ලුමිබිණි ලාටත් පුළුවන් පැකර් ගේ ආයෝජනය ට සම්බන්ධ වෙන්න . කාන්තාවන්ට ඉහල ලාභාංශ ලැබෙන ව්‍යාපෘති තමා ඒවා. (නදී)
චමින්ද ට නරකද පැකර් ගේ ළඟ රස්සාවක් බැලුවානම්. විරුද්ධවාදී ලාංකිකයෝ ටික අල්ලලා දීල ගතමනාවක් හොයාගන්නත් පුළුවන්. (නදී)
නියම කොල්ලෙක්නෙ. ලංකාවට ගැළපෙනවා (නි)
මෙන්න පැකර්ලගේ වැඩ.අපේ අය නොදන්නා පැකර් කෙනෙක් අපිට ගෙනල්ලා දාන්න හැදුවා.දැන්වත් දැනගන්න ඔවුන්ගේ සංස්කෘතිය.තමන්ගේ කුට්ටිය අහක යනවාට නොදන්නා පිටරැටියන්ට සුදු හුණු ගාන වේලාවෙන් සමාජයට වටිනා වැඩක් කරන්න. (නි)
මේක අපේ රටේ නායකයන්ට දෙවියන් විසින් පෙන්වූ සංකේතයක්. ඒ මුදල් පසුපස විතරක්ම යන මිනිසුන්ගේ ළඟ ඉවසීමක්, කිසි ගුණයහපත්කමක් නැති බව පෙන්වන්න.අපේ රටට ඇවිල්ලා බෝ කරන්නෙත් ඔය වගේ ලක්ෂණ තිබෙන අයම තමයි. තෙරුවන් සරණයි! (නි)
දැන් කියන්න බලන්න පැකර් ගේ ගුණ ගායනා කරන උදවිය, තමන්ගේ ඇහැට කනට පෙනෙන නෝනා හරි තරුණ දුව හරි පැකර්ගේ කැසිනෝ එකේ වැඩට යවන්න කැමතිද කියලා. බැරි නම් මේ ආයෝජනය රටවැසියාට ප්‍රතිපලදායක වෙන්නේ කොහොමද කියලා අපිට කියන්න. (නි)
චන්දන මහතාණෙනි, මගේ අදහසින් ඔබගේ සිත් රිදීමක් සිදු වුනා නම් මට සමාවෙන්න.[ෆේස් බුක් එකේ නොමැති චමින්ද] (ස)
චන්දන ,නිකන් විකාර අදහස් දාන්න එපා.මම මෙතන වැරදි දෙයක් නිවැරදි කිරීම පමණයි කලේ.අනිත් කාරණය මම සුදු කෙලියේ නොයන නිසා පැකර්ගේ කැසිනෝ එක ලංකාවට ගෙනාවත් එකයි ,නොගෙනාවත් එකයි .එය මට කිසිම ප්‍රශ්නයක් නොවේ. (දී)
ලංකාවට එන්න බලාපොරොත්තු වෙන එකේ දැන්මම ගහගන්න පුරුදු වෙන එක හොඳයි (නි)
මෙයාව හොඳයි අපේ සංවිධානයකට බඳවා ගත්තා නම්. සල්ලිත් තියනවානේ... (නි)
මේ වගේ අය තමා අායෝජකයොයි කියලා ඇවිල්ලා ඉන්නේ. (නි)