”රටේ ආගම්, සංස්කෘතිය සහ සදාචාරය විනාශ කරන කැසිනෝ සූදුව අපට එපා” යන තේමාවෙන් කොම්පඤ්’වීදිය ජනතා පෙරමුණු කොම්පඤ්ඤවීදියේදී උද්ඝෝෂණයක් කළහ.
ලොව සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ”ජේම්ස් පැකර්” විසින් කොම්පඤ්ඤවීදිය ආසන්නයේ ඉදිකිරීමට නියමිත කැසිනෝ සමාජ ශාලාව වහාම මෙරටින් ඉවත් කරන ලෙස උද්ඝෝෂකයෝ කීහ.
කැසිනෝ ව්‍යාපාරය සමග මත්කුඩු සහ ගණිකා ව්‍යාපාරයද ව්‍යාප්ත විය හැකි නිසා තරුණ පරම්පරාව විනාශය කරා යාම නතර කළ නොහැකි බව උද්ඝෝෂකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාන් ඔයා දැනට නිදාගන්ඩ හොඳට පොරවගෙන.පසුවට මෙරටට වන යහපත් ප්‍රතිපල පස්සෙ හොඳට තේරේවි. හැබෑවටම එතකොට ප්‍රමාද වැඩි හරිද. (ස)
අපිට ඕන කැසිනෝ ....... කැසිනෝ හලාල් නැති නිසා අපිට ඕන කැසිනෝ. හලාල් වලින් තොර බෞද්ධ රට බේරා ගමු. (ස)
මෙවැනි දේ වලින් රට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රටේ සංස්කෘතියේ සහ අපේ සිංහල ජාතියේ අවසානයි! ඒක රැක ගන්න ඕනෑම දේකට අපි ලෑස්තියි. බටහිර රටවල නම් ඕවා ජයටම කෙරෙනවා ඒකයි උන් ජාතියක් ආගමක් නැති උන් බවට පත්වෙලා තියෙන්නේ. උන් මේවයින් බිහි කරන්නේ ගණිකාවන්, නපුංසකයන්, කුඩුකාරයන්. (ස)
රිස්වාන්, එහෙම නම් අපි තලෙයිබාන්ලට එන්න කියමු.මොකද දැන් එල්ටීටියත් නැති එකේ හමුදාවේ කොල්ලන්ට කරන්න දේකුත් තියෙන්න ඕනෑනේ. (නි)
ගෙදර ගිහින් නිදා ගත්ත නම් මීට වඩා ඇඟට සනීපයි. මෝඩ මිනිස්සු. (ස)
කවුරු මොනවා කිවුවත් කැසිනෝ නවත්වන්න මහජනතාවට පුලුවන්ද? (නි)
මේ උද්ඝෝෂකයන් කියන විදියට මීට පෙර ලංකාවේ කුඩු වසංගතය, ගණිකා උවදුර , සුදු කෙරුවාව තිබිලම නැද්ද කොහෙද? ජේම්ස් පැකර්ගේ කැසිනෝ එකෙන් පස්සේ තමයි මේවා ඔක්කොම ලංකාවට එන්න හදන්නේ. මේගොල්ලෝ ලංකාවේ කට්ටියක් නම් වෙන්න බැහැ. (නි)
අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්වීම වටී. මම නම් ඉතසිතින්ම මොවුන්ගේ උත්සාහයට සුබ පතනවා. (ස)