IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැසිනෝ කඩයට එරෙහිව බැහැලා ජනයා එළියට

”රටේ ආගම්, සංස්කෘතිය සහ සදාචාරය විනාශ කරන කැසිනෝ සූදුව අපට එපා” යන තේමාවෙන් කොම්පඤ්’වීදිය ජනතා පෙරමුණු කොම්පඤ්ඤවීදියේදී උද්ඝෝෂණයක් කළහ.

ලොව සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ”ජේම්ස් පැකර්” විසින් කොම්පඤ්ඤවීදිය ආසන්නයේ ඉදිකිරීමට නියමිත කැසිනෝ සමාජ ශාලාව වහාම මෙරටින් ඉවත් කරන ලෙස උද්ඝෝෂකයෝ කීහ.

කැසිනෝ ව්‍යාපාරය සමග මත්කුඩු සහ ගණිකා ව්‍යාපාරයද ව්‍යාප්ත විය හැකි නිසා තරුණ පරම්පරාව විනාශය කරා යාම නතර කළ නොහැකි බව උද්ඝෝෂකයෝ කීහ.

 



අදහස් (0)

කැසිනෝ කඩයට එරෙහිව බැහැලා ජනයා එළියට

දේවා - අකුරටිය Wednesday, 23 October 2013 02:34 PM

මොහාන් ඔයා දැනට නිදාගන්ඩ හොඳට පොරවගෙන.පසුවට මෙරටට වන යහපත් ප්‍රතිපල පස්සෙ හොඳට ‍තේරේවි. හැබෑවටම එතකොට ප්‍රමාද වැඩි හරිද. (ස)

:       0       0

රිස්වාන් Wednesday, 23 October 2013 03:06 PM

අපිට ඕන කැසිනෝ ....... කැසිනෝ හලාල් නැති නිසා අපිට ඕන කැසිනෝ. හලාල් වලින් තොර බෞද්ධ රට බේරා ගමු. (ස)

:       0       0

උපේන්ද්‍ර - යු.කේ Wednesday, 23 October 2013 03:53 PM

මෙවැනි දේ වලින් රට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රටේ සංස්කෘතියේ සහ අපේ සිංහල ජාතියේ අවසානයි! ඒක රැක ගන්න ඕනෑම දේකට අපි ලෑස්තියි. බටහිර රටවල නම් ඕවා ජයටම කෙරෙනවා ඒකයි උන් ජාතියක් ආගමක් නැති උන් බවට පත්වෙලා තියෙන්නේ. උන් මේවයින් බිහි කරන්නේ ගණිකාවන්, නපුංසකයන්, කුඩුකාරයන්. (ස)

:       0       0

උපේන්ද්‍ර -යු. කේ Wednesday, 23 October 2013 05:24 PM

රිස්වාන්, එහෙම නම් අපි තලෙයිබාන්ලට එන්න කියමු.මොකද දැන් එල්ටීටියත් නැති එකේ හමුදාවේ කොල්ලන්ට කරන්න දේකුත් තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

මොහාන් Wednesday, 23 October 2013 11:59 AM

ගෙදර ගිහින් නිදා ගත්ත නම් මීට වඩා ඇඟට සනීපයි. මෝඩ මිනිස්සු. (ස)

:       0       0

සමරවිර Wednesday, 23 October 2013 12:13 PM

කවුරු මොනවා කිවුවත් කැසිනෝ නවත්වන්න මහජනතාවට පුලුවන්ද? (නි)

:       0       0

චමත් [ලංකාව] Wednesday, 23 October 2013 12:16 PM

මේ උද්ඝෝෂකයන් කියන විදියට මීට පෙර ලංකාවේ කුඩු වසංගතය, ගණිකා උවදුර , සුදු කෙරුවාව තිබිලම නැද්ද කොහෙද? ජේම්ස් පැකර්ගේ කැසිනෝ එකෙන් පස්සේ තමයි මේවා ඔක්කොම ලංකාවට එන්න හදන්නේ. මේගොල්ලෝ ලංකාවේ කට්ටියක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

කසුන් Wednesday, 23 October 2013 01:37 PM

අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්වීම වටී. මම නම් ඉතසිතින්ම මොවුන්ගේ උත්සාහයට සුබ පතනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site