සාරධර්ම වනසන කැසිනෝ වැනි සියලු සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමටත් ඒවා නතර කිරීමටත් පියවර ගැනීමෙන් ජනතාවට පමණක් නොව රජයටද යහපතක් වනු ඇතැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියකින් දන්වා ඇත.
දූ කෙළියෙන් රටක් සංවර්ධනය කළ හැකි බව සිතනවා නම් එය මුලාවක් බව ද මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, අමරපුර නිකායේ මහා නායක දවුල්දෙන ඤානිස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පෙමසිරි නාහිමිවරුන්ගේ අත්සනින් ජනපතිට යැවුණු ලිපියේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝවිට සමිති සමාගම් නිලතල සමාජයේ වැඩ වලදී මුල් තැන ලබාගන්නේ ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී සිටින කැසිනෝ වලින්,සුදුවලින්, සුරාවලින් උපයාගත් මුදල් වලින්ය. ඔවුන් මුදල් ඕනෑතරම් වියදම් කිරීමට සුදානම්ය. (නි)
බුදුන් දෙසු දහම වෙනස් වුණේ අද ඊයේ නොවේ.රජ කාලේ දී පටන් එය වෙනස් වුණා.අන්න ඒකයි හාමුදුරුවෝ රජතුමාට උපදෙස් දෙන්න පටන් ගත්තේ.එහෙම කරලා නිවන් දකින්ට බැ කියලයි මන් නම් හිතන්නේ. කොහොම හරි සුදුව නවත්තනවා නම් හොද.හැබැයි සුද්දගේ සුදුව විතරක් නවතන්නේ නැතිව දේශීය ව්‍යාපාරිකයන්ගේ සුදුවත් නවතන්න බලන්න.
කැසිනෝ මෙච්චරකල් තිබුනේ නැද්ද? (නි)
ගමේ වැල ගමේ කපුටන්ට කිවුවලු. ලංකාවේ දේවල් ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට මිසක පිට අයට දෙන්න ඉඩ දෙන්න එපා. එම දේශීය ව්‍යාපාරිකයෝ අපට මහත් ශක්තියක්. (නි)
ඔය සුද්දෝ එති යති.... මෙහෙ ඉන්න දේශීය ව්‍යාපාරිකයෝ රැක ගැනීම අපේ යුතුකමක්.... (නි)
අනේ! අපේ සාරධර්ම නැතිවුණේ සූදුවට වැඩිය පළාත් සබා අයගෙනුයි (නි)
පාරවල් ගානේ කැසිනෝ වලට විරුද්දව කෑගහන මිනිස්සු දේශීය ව්‍යාපාරිකයන්ගේ සල්ලි වලට කෑගහනවා කියලයි මන් නම් කියන්නේ. දේශීය කැසිනෝ කාරයන්ට පිටරට කැෂිනෝ කාරයන් එක්ක හැදෙන තරගය දිනන්ට බැරිවේවි කියන බියට මෝඩයෝ සාමාන්‍ය මිනිස්සු අවුස්සනවා. (නදී)
"ගමේ වැල ගමේ කපුටන්ට කිවුවලු. ලංකාවේ දේවල් ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට මිසක පිට අයට දෙන්න ඉඩ දෙන්න එපා." එනිසා කැසිනෝ ගහන්න ගමේ අයට ඉඩ දෙන්න කියලනේ කියන්නේ. මෙන්නේ දවසේ කියමන (නි)
අපේ හාමුදුරුවනේ මොනවා හරි කරලා පැකරේ එලවන්ට. හැබැයි එම ව්‍යාපාරේ දිගටම කරගන යාමට දේශීය ව්‍යාපාරිකයින්ට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්ඩ.(නදී) ..
බමුණු මහත්තයෝ, කැසිනෝ ගහන්න අමුතුවෙන් ඉඩ දෙන්න දෙයක් නැහැ.කොළඹ,නුවර,පමණක් නොවේ අනුරාධපුරෙත් අශ්වයෝ දුවනවා. මෙතන තියන ප්‍රශ්නය වන්නේ මේක අලුත් මාතෘකාවක් වුණේ කොහොමද කියන එකයි. (නි)
ඕවට අපේ කට්ටිය යන මාර්ග අහුර ගත්තා නම් ඉවරනේ. .සුද්දන්ගේ වැඩ සුද්දෝ බලා ගනී. කොහොමත් අපේ අය වගේ නැති බංගස්තාන වෙන්න සුද්දෝ කැෂිනෝ ගහන්නේ නැහැනේ. හොඳට සල්ලි තියෙන අය විනෝදයට කරන සෙල්ලමක්. සල්ලි ඇති උනත් නැති උනත් මේ අයට ඒකෙන් බලපෑමක් නැහැ. සල්ලි උපයන්න බලාගෙන ගියොත් තමයි ඕක සුදුවක් වෙන්නේ.(නදී)
දැන් මෙතුවක් කාලයක් මේ ව්‍යාපාරේ කාටවත් අරදරයක් නොවෙන්නට කරගන ගියේ දේශීය ව්‍යාපාරිකයෝයි. අැයි දැන් මේ සුද්දෙක් මෙතෙන්ට කඩාවැටිලා ඔක්කොම අවුල් කරන්නේ? සිරිලක දේ සිරි සැප දේ... (නි)
බමුණු , ගමේ වැල ගමේ කපුටන්ට කිව්වට ,දැන් ගමේ වැල ගමේ කපුටන්ට අරහන් ,මොකද ගමේ වැල වල හොඳ නරක ගමේ කපුටන් දන්නා නිසා ගමේ වැල වලට එතරම් කැමැත්තක් නැහැ.(ස)
කැසිනෝ පටන් නොගෙන අපි කොහොමද මුදල් හොයන්නේ?මේ වන විට ඇගළුම් ආයතන සියල්ලම පාහේ වැහිලා.අපේ රට ගැන ,රටේ වැඩ පිළිවෙල ගැන ,සෑහීමකට පත් නොවී ජී.එස්.පී. සහන අහිමි වෙලා.පොල් ගෙඩිය,කුරක්කන් ඇටය ඇතුළු සියලුම දේ දැන් ආනයනය කරනවා.දක්ෂ නිර්මාණ රුවෝ,නිෂ්පාදකයෝ සිටියත් කිසිම දේශීය නිෂ්පාදනයක් කිරීමට සුදුසු වාතාවරණයක් රට තුළ නැත. අසීමිත බදු,ඉහළ විදුලි සහ ඉන්ධන ගාස්තු මේවට බාධක ලෙස බලපවත්වනවා.අඩුම තරමේ පා පැදියට හුළං ගහන පොම්පයවත් මේ රටේ නිපදවන්නේ නැහැ.ඒකත් ගෙන්වන්නේ චීනයෙන්.එහෙම නම් දැන් ඉතින් අපි කුමක් කරමුද? කැසිනෝ වලට පැකර්ට බදු සහන දී ගෙන්වා ගන්නවාද?මේ තුලින් සංචාරක කර්මාන්තය දියුණු වේවිද? (නි)
ජනතා මුදල් අපයෝජනය කරන අපේ නායකයෝ දැන් බලන්නේ කැසිනෝ වලින් හරි සල්ලි හොයන්න. දැන් හරි අපි අවදි නොවුනොත් රට අගතියට (ස)
කැසිනෝ වගේම බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගැනීමට නමි අර සේනාවත් තහනමි කරන්න පියවර ගන්නේ නමි යහපතී හාමුදුරුවනේ . (ස)
කැසිනෝ සුද්දන්ට සෙල්ලමක් අපේ කට්ටියට සුදුවක්.සුද්දට දිනුවත් පැරදුනත් එකී.අපේ කට්ටිය හම්බකරන්න බලගේනනේ යන්නේ ඉතින් එක තනිකරම සුදුවක්.(ස)
කොහොම උනත් මෙය කැසිනෝ වලට පමණක් සීමා වෙන්නේ නැහැ.දැන් පසුගිය කාලේ ආරම්භ කල ඇගලුම් කර්මාන්ත ශාලා ටිකත් වැහිලා නිසා ගම්වල ගැහැණු ළමයින්ට වක්‍ර රැකියා අවස්ථා උදාකරන්න ගන්න ලද පියවරක් මේක. විදේශ සංචාරකයෝ අපේ රටට ආසයි.ඒ වගේම අපේ කිරි කජු වලටත් ඔවුන් කැමතියි.මේ බව හොදින් තේරුම් ගෙන තමා මේ සියල්ලට බදු සහනත් දී මේවා ආරම්භ කරන්න ආරාධනා කලේ.(ස)
කොටි පිට දේශීය කෝටිපතියන් බිහිකර ෆෝබ්ස් සගරාවේ පවා නම රදවා දේශයට කීර්තියක් අත්කරදුන් වියාපාර රැකගැනීමේ සටනට අප සියල්ල අත්වැල් බැඳගනිමු. (ස)
මේවා විදේශීය බලවේගවල කුමන්ත්‍රණ.... නැතිනම් මෙතුවක් කලක් දේශීය වියාපාර විසින් ඉතා අලංකාරවත් ලෙස කටත් කරදරයක් නොවන ලෙස කරගන ගිය මෙම වියාපාර වලට විදේශීය මැදිහත් වීමක් නිසා මෙහෙම සමාජ අසහනයක් ඇතිවේවි යෑ.....(ස)
මහා නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ ගැනත් ටිකක් අවධානය යොමු කරන්න. දළදාව පිහිටි මහනුවර තිබෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. (ස)
අවදි වෙමු අපේ හාමුදුරුවනේ (නි)
ජීවත් වෙන්න බැහැ බඩු මිළ ඉහල ගිහින්. ගන්නේ සොචිචමයි ඒකත් බදුවලට ගිහින්. කන්නේ මොනවාද දරුවන් ගෙදර ගිහින්. කැසිනෝ ගහන්නේ කොහොමද බඩ ගින්නේ ගිහින්. (ස)
සුදුව චිරාත් කාලයක් ලංකාවේ පැවතුනත් මෙය ඊයේ පෙරේදා සිට හැමෝටම ප්‍රශ්නයක්ව ඇතිවගක් පෙනෙන්නට ඇත. (නි)
කැසිනෝ වැනි සුදු ව්‍යාපාර ලංකාව තුල තිබීමේ වරදක් නැත. දියුණු වන ලොවත් සමග ඉදිරියට යාමට නම් මෙවැනි කුඩා ව්‍යාපාර තිබිය යුතුයි. (නි)
බන්දුල පෙරේරා, මේ මෙතක් වෙලා ඔබේ වෙනස් වීම ගැන මොකුත් නොකීවේ එය වෙන කෙනක් දාපු ප්‍රතිචාරයක්ද නොදන්නා නිසා. කෙසේ වුවත් එය ඔබේ බවයි පෙන්නේ. නිවරදි මඟ පෙන්වීමකින් අංගුලිමාල වැනි දරුණු පුද්ගලයින් සත්‍ය තේරුම් ගෙන අරහත් බාවයට පත්වුණා. ඉතින් මහනායක හිමිවරුන්ගේ මඟ පෙන්වීමෙන් ඔබ මේ දේශපාලකයන් ගැන සත්‍ය තේරුම් ගත්තනම් ඉතාම සතුටට කරුණක්. අපි කවුරුත් මැරෙනවා, අද ද හෙටද කොහොමද මැරෙන්නේ කියන එක එතරම් වැදගත් නැහැ. එතෙක් කරන කියන දේවලුයි වැදගත් වෙන්නේ. මා ඡන්දය ප්‍රකාශ කිරීම හැර, පෞද්ගලිකව කිසිම දේශපාලන පක්ෂයකට සහයෝගය නොදක්වන කෙනෙක්. සෑම අයෙකුටම සාධාරණය ඉටු විය යුතුයි කියන මතයේ මම ඉන්නේ . දවසකින් බැරි වුනත් යම් කාලයකින් එය කල හැකියි. (ස)
ඉතාම වටිනා ඉල්ලීමක්. (ස)
ඒක ඇත්ත. සූදුව අනවශ්‍යයි (නි)
දැන් ඉතින් "දේවදත්තයා" හෙට ඉදලාම මේ මී නායක හාමුදුරුවන්ට ගල් පෙරලන්න බලාවි.(නදී)
බීරි අලින්ට වීනා වයනවා කියන්නේ ඕක තමා. (ස)
ඔන්න කරනවා නම් වැඩ. ආන්න එතකොට අපිට හිතාගන්න පුළුවන් අපේ රට ආශ්චර්යයට ගමන් කරනවා කියලා (නි)
රටේ නීතිය සහ ක්‍රමය පාලනය කලයුත්තේ රජයයි. නමුත් මෙය පාලනය කරන්ඩ යන්නේ වෙනත් උදවියයි. පරිස්සමින් සුද්දා හෙට කැසිනෝ මද්‍යස්ථානය වහල ගියොත් අපේ කලිසමත් අරන් යයි. (නදී)
ඔබ වහන්සේලා මෙහෙම පෙරට ආ එක අපිට සතුටක් (නි)
අති පුජ්‍ය හිමිවරුනි, ඔබ වහන්සේලාට නමස්කාර පුර්වකව ස්තුතිවන්ත වෙමි. ඒ වගේම ඔබ වහන්සේලාටත් ඉතා කෙටි සංදේශයක් බාර දීමට කැමැත්තෙමි. එනම්, සිව්වන ධර්ම සංඝායනාව පවත්වා ශාසනයට ඇතුළු වී සිටින දුෂ්ශිල චීවරධාරීන් නෙරපා බුදු සසුන රැක ගැනීමට පියවර ගන්නා මෙන් කරන කාරුණික ඉල්ලීමයි. එමගින් ඔබ වහන්සේලාටත්, සමස්ත ශ්‍රී ලංකික බෞද්ධ ජනතාවටත් වචනයෙන් කියා නිම කල නොහැකි යහපතක් වන බව මගේ හැඟීමයි.(නදී)
විමුක්ති, ප්‍රමුඛ, නාමල්, සාගර, නිරංජල, ටිකිරිබණ්ඩා ඔබලා සියලු දෙනා මෙතෙක් කල් පෙන්වා දුන් සත්‍ය අද මේ මහානායකවරුන්ගේ ප්‍රකාශයත් සමඟ තහවුරු වුනා.මට සමාවෙන්න. අදින් පසු මම මේ ව්‍යාජ දේශපාලකයන්ගෙන් මිදී ඔබලා සමඟයි.ඔබලාගේ මතය සමඟයි. (ස)
රකිත්, ඔය ලියපු දේ ම තමයි මමත් ලියන්න හිටියේ? අපේ ගරුතර සංඝ රත්නය මෙවන් දෙයකට රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත්වීම ඉතා වැදගත්. නාමල් කියනවා වගේ අපි මුදල් හොයන්න අපිට තියෙන සියලු වැදගත් සංස්කෘතීන්. (ස)
සාර ධර්ම නැතිවෙන්න කැසිනෝ නිසා විතරද?. තව සාරධර්ම නැතිවෙන සමාජයෙන් තුරන් කලයුතු කරුණු කොයිතරම් තියෙනවද? කෝ ඒවාට විරුද්දවෙනවද ? මේ විරෝධතාවය එක්කෙනෙකුට වන ලාභය තව කාටහරි බෙදිලා යනවට කරන විරෝධත්වයක් . කැසිනෝ වලින් විතරද සාරධර්ම නැතිවෙන්නේ. එතකොට කුඩු මුදලාලිලාට පිරිත් නූල් බැඳීමෙන් සාරධර්ම රැකෙනවද ? (නදී)
තරහ අවසර හාමුදුරුවනේ. මේ මමත් හොඳ බෞද්ධයෙක්. මගේ අත්තලත් ඉදල තියනවා මහනායක පදවිවල. ඔය වගේ දේශපාලකයන් කරන දේවල් වලට ඒ අය අගිලි ගැහුවේ නැහැ. පන්සලේ ඉදල බන කියල තමයි ජනයා පෙළ ගැස්සුවේ. හොද නරක කියල දුන්නේ. කැෂිනෝවලට වඩා මොන තරම් දේවල් ගම්වල හදන්න තියනවද? කැසිනෝ නිසාද ඒවා වෙන්නේ ?. හැම ගමකම පන්සලක් තියනවා. හැමදාම බනකියනවා. ඒත් ගොඩක් මිනිස්සු තවමත් වනචාරී යුගයටත් එහා. ගම හදල රට හදන්න ගියොත් නේද හොද?.(නදී)
හාමුදුරුවරු හැමදාමත් කිව්ව දේ රජය කනකට වත් ගන්නේ නැහැ. (නදී)
ඒයි මෝඩ ටිකිරි බංඩා, ඔය දේවදත්තයා තාම ඉන්නේ අපායේ. තාම දඩුවම් විදිනවා.(නදී)
අපේ හාමුදුරුවනේ ඕකට ඔබ වහන්සේලා කීවට වැඩක් වෙන එකක් නැහැ. පුළුවන් නම් අර සංවිධානය ඇරලා මොකක් හරි ජවුසමක් නටවන්න.(නදී)
මහා නාහිමිවරුනි, ඔබ වහන්සේ කියනවා නම් මම ඇවිල්ලා ඔය කැසිනෝ ව්‍යාපාර විනාශ කරලා දාන්නම්.(නදී)
ස්වාමීන් වහන්සේලා එක්ව හරියට වැඩක් කරනවා නම් ලංකාවේ බුදු දහම බේරගන්න පුළුවන් (නදී)
බලමුකෝ..... අපේ ජනාධිපති තුමා මහනායක හිමිපාණන් වහන්සේලාට කොච්චර ගරුකරනවද කියල...(ස)
අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාව නොමග යවලා. මේක මේ තරම් කළු යකෙක් නෙමේ. මුලින්ම කල යුතු රේස් බයි රේස් තහනම් කිරීම. කැසිනෝ ගහන්නේ ධන කුවීරයෝ. (නදී)
ඉතාම හොද අවවාදයක්. ජනාධිපතිතුමා සත්‍යය දන්නවා, එතුමාට හොඳ තීරණයක් ගන්න පුළුවන් රටේ අනගතය ගැන හිතලා. (නි)
ඇති යන්තං ඔහොම දෙයක් ලියන්න වත් ඒ ගොල්ලන්ට හිතුනා.(නදී)
අම්මෝ ඇති යන්තන් (නි)
එතකොට රේස් බයි රේස්? ගමේ ඉන්න පීතර මාමලා පියදාස මාමලා ජමිස් පැකර්ගේ කැසිනෝ එකට යන්නේ නැහැ. ඔවුන් යන්නේ ගමේ බුරු පොළට හරි අශ්වයෙකුගේ පිටේ හරි. ඒකත් නවත්තලා දෙන්නකෝ. තරහ අවසර. (නි)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මුළු රටේම ජනතාව නමස්කාර පුර්වකව ස්තුතිවන්ත වෙනවා.(නදී)
අපේ අදහස් දාන්නේ නැත්තේ ආණ්ඩුවට විරුද්ධ නිසාද? (නදී)
ඇති යාන්තම් ! එහෙම නැතිව මොනව හරි අඩුපාඩුවක් ලබාගන්න තියෙනවද දන්නේ නැහැ. (ස)
ඔබ වහන්සේලා මෙහෙම අවදි වූ එක අපිට සතුටක් (නි)
බන්දුල පෙරේරා, ඔබ පමා වී හෝ මෙවැනි දෙයක් අවබෝධ කරගත් එක හොඳයි.රතුපස්වල ජල ගැටලුවත් මේ වගේ තමයි.මේ කම්හල මෙයට වගකිය යුතු බව දැන් ඔප්පු වෙමින් තියනවා නේද ? (ස)
නාමල් කියනවා වගේ අපේ වැදගත් සංස් කෘති සියල්ලම මුදල් ඉදිරියේ දන නැමිය යුතුද? එහෙම නම් තව ටික කලක් යනකොට ඔයාගේ අම්ම, සොයුරිය, බිරිද වැනි ජිවිතයේ මිල කළ නොහැකි ඉතාමත් පුජනිය අයවත් ඒ සදහා ඔබට බිලිදෙන්න බැරිවෙන එකක් නැහැ නේද? මොකද බොහෝ අය හිතනවා වගේ සල්ලි තමයි ජිවිතේ වැදගත් කියල හිතන අයට.(නදී)
පෙර රජ දවස ලංකාවේ රජකළ රජවරු දස රාජ ධර්මය ඉක්මවා දුෂණ ක්‍රියාවල යෙදුනු කල මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා නොපිළිගත් අවස්ථා වලදී රජුගේ ආරාධනා පිළිගෙන මාළිගාවට දානය ට වැඩි පසු "පත්ත නික්ඛුජ්ජන කර්මය" (පාත්‍ර යටිකුරු කර තබා ගනිමින් විරෝධය පෑම) කළ බවට සාසන ඉතිහාසයේ සඳහන් වේ. (ස)
මේ සම්බන්ධයෙන් අලුතින් විශාල ප්‍රචාරයක් මේ දවස්වල ආරම්භ වී තිබුනත් සුදු සහ කැසිනෝ ශ්‍රී ලංකාවේ කාලාන්තරයක සිට පැවත ආ දෙයක්. සුදු ව්‍යාපාර පවත්වාගෙන යාමෙන් ධන කුවේරයන් වී ඉන්නා සුපිරි පැලැන්තියේ නායකයින් පවා ඉන්නා බව ළඟදීත් ප්‍රසිද්ධ කෙරුනා. (නි)
සල්ලි වලට අන්ධ වූ විට වැරදි නොපෙනේ (නි)
ඔයාල දන්නවද ඉන්දියාවේ තමිල්නාඩුවේ කිසිම ලොතරැයියක් අළෙවි කරන්නේ නැති බව? (නි)
සූදුව පිරිහීමට මගකි.තාවකාලික ජයග්‍රහණ ලැබුවත් කුමන පුද්ගලයාත් අවසානයේදී පිරිහේ. (නි)
මහනායක හාමුදුරුවරු කියන දේ අහන දේශපාලන නායකයෝ රජකාලෙත් හිටියා (නි)
මෙම පෙන්වාදීම ඉතාම හොදයි. නාහිමිවරුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
සාදු....සාදු.....සාදු......!!මගේ රටට දළදා හිමි සරණයි! (නි)
දුටුගැමුණු රජ රට එක්සේසත් කර බුද්ධ ධර්මය ප්‍රචලිත කළා වගේ ආදර්ශමත් දෙයක් කරන්න ඉහළ නායකයන්ට ප්‍රඥාව පහළ වේවා! (නි)
අපේ නායක හාමුදුරුවරු රටේ ප්‍රශ්න විසඳීමට කිසිවක් කරන්නේ නැහැ කියා කෑ මොරගහන උන්දැලාම දැන් කෑ ගහනවා හාමුදුරුවරු "සංවර්ධන" කටයුතු වලට මැදිහත් වෙන්න එපා කියලා. කට ඇරියත් වැරදියි. නෑරියත් වැරදියි. අපේ හාමුදුරුවනේ, රට විපතට පත් වෙන ඕනෑම වෙලාවක ඉදිරියට වඩින්න. ජනතාව ඔබ වහන්සේලා සමගයි. (නි)
අපේ හාමුදුරුවනේ පෙර කල කොසොල් රජතුමා දුටු සිහින දහසය සැබෑ වෙමින් පවතින යුගය පටන් අරන්.දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීමට පක්ෂ විපක්ෂ සියලු නායකින්ට සිහි නුවණ ලැබේවා! මවුබිමත් සම්බුද්ධ ශාසනයත් රැකදේවා! (නි)
මහනායක හිමිවරු නෙවෙයි මොන සක්කරයා කිව්වත් කවදාවත් කැසිනෝ නම් නවත්වන්නේ නැහැ. (ස)
වැඩියෙන් බලවත් අපේ මහා නා හිමිවරුද, නැතිනුම් ජේම්ස් පකෙර් සහ ආර්ථික උප දේශකයන් ද කියල බලමු. (ස)
ඔබත් මේ කතාව අසා ඇති. කැසිනෝ සූදුවේ ආරම්භය ගැන මෙහෙම කතාවක් මම අහලා තියෙනවා. කැසිනෝ සූදුව නිර්මාණය කළේ ප්‍රංශ ජාතික කැසිනෝ මහත්මයෙකුයි. ඒකට දැම්මේ ඔහුගේම නමයි. ඔහු ලිපියකින් කියා තිබුනේ " මම මනුස්ස ජීවිතය විනාශ කරන ක්‍රමය නිර්මාණය කළා. ඒ බව මට තේරුනේ මේ මොහොතෙයි . මට සමාවෙන්න ." මේ ටික මමත් දැනගත්තේ මමත් ලංකාවේ කැසිනෝ සූදුවට වසරක් ඇබ්බැහි වී මුදල් විනාශ කරගත්තට පස්සෙයි. මම අද දුගියෙක්. ඒ කැසිනෝ සූදුවට යොමුවූ නිසයි. (නි)
මොකට කියනවද ලංකාවේ කෙරෙන වැඩ ගැන? (නි)
අපරාධ මංකොල්ලකෑම් ,මිනීමැරුම්,ස්ත්‍රී දූෂණ ළමා අපචාර රටේ බහුලයි,මේවාටත් අපේ ගරු මහානායක හිමිවරුන්ගේ අවධානය යොමු වුණොත් හොදයි (නි)
දැන් මෙච්චර කල් අපේ අය කරමින් හිටි කැසිනෝ වෙළදාමට සුද්දෙක් සම්බන්ධ වෙනකොට ඇයි විරුද්ධ වෙන්නේ කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ලංකාවේ ලොකුම පොහොසතා සිංහල බෞද්ධ කිවුවම ඒකට ඔහු කැසිනෝ වෙළෙන්දෙක් වුණත් සිංහල සහ බෞද්ධ වීම නිසාම අප්‍රමාණ සන්තෝෂයි කියලා ඊයේ අදහස් දාපු කට්ටිය සුද්දගේ කැසිනෝ ව්‍යාපාරයට පමණක් විරුද්ධ වෙන්නේ මොකෝ... (නි)
අපේ අය මේ ව්‍යාපාරේ මෙච්චර කල් කරද්දී කවුරුවත් සද්ද නැහැ. සුද්දෙක් කරද්දී විරුද්ධ මොකද? (නි)
ඇති යාන්තම් (නි)
මහා නාහිමිවරුනි, ඹබ වහන්සේලා ගත් තීන්දුව හොදයි නමුත් ප්‍රථිපල භයානක විය හැක. මොකද අපි ජන්දෙන් බලයට ගත්තේ සර්ව බළධාරී රජෙකි. ඒ ඇත්තට කරන්ඩ බැරිදෙයක් නොමැත. උදා. ශිරාණී බණ්ඩාරණායක අගවිනිසුරුවරිය. රටට දළදා හාමුදුරුවන්ගේ සරණයි.(නදී)
එකල සිරිලක විසු ඔටුනු පැළඳි රජවරුන් මහා නාහිමිවරුන් කී දේ පිළිගත්තා. (නි)
මේක තමයි වෙන්න ඕනා. සමහරු අහනවා කුඩු එතනෝල් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියලා.ඒ වා අල්ලන්න රේගුව පොලිසිය ඉන්නවා. මේවා නවත්වන්න කවුද ඉන්නේ. (නදී)
බොදු බල සේනාවට හා අපේ නායක ස්වාමින් වහන්සේලාට මගේ ප්‍රණාමය! (නි)
ප්‍රමාද වෙලා හෝ මෙසේ කිරීම ගැන සතුටුයි (නි)
මේ විනාශයෙන් රට බේරගන්න ඔබවහන්සේලාට තවමත් ඉඩ තිබෙනවා (නි)
එතකොට මස් කඩ, තැබෑරුම් හොඳයි.පැකර් එන්නට කලින් මෙහේ කැසිනෝ තිබිලම නැහැ.දැන් තමා අලුතෙන් පටන් ගන්න යන්නේ. (ස)
මේ වගේම හෙරොයින් ,එතනෝල් ස්ප්‍රීතු ,කන්ටේනර් ගණනින් ආනයනය කිරීමත් නතර කිරීමට බලපෑම් කළ යුතුය.නැත්නම් මේවා ඉබේ නතර වෙන්නේ නැහැ.මී වදයේ මී මැස්සෝ වගේ හැමෝම පොදිකකා මේවායේ එල්ලිලා ඉන්නේ.. (නි)
හිමිවරුනි,තවද දැනට පවතින කැසිනෝ සහ අශ්ව තරඟ වැනි දේ සමාජයෙන් තුරන් කිරීමට මුලික වන්න. (නි)
හොද ලිපියක්. මහානායක හාමුදුවන්ට මාගේ ස්තුතිය (නි)
කැසිනෝ ගහන්නේ ධන කුවේරයෝ කියල කියන්නේ කොහොමද? .ඕකට සමාන දෙයක් අඩු මුදලට රට පුරාම දැම්මොත් අපේ ළමයින් ,මිනිස්සු ඕව නොගහ නිකම් සිටීද ? රේස් දැමීමත් ඕවගේ නිසා එයද නැවතිය යුතුය. (නදී)
මගේ ප්‍රණාමය මා පුදකලත් බුදු බල සේනාවම තමයි මේවාට වගකිව යුත්තේ.(නදී)
හිමිවරුනි, මෙවැනි මොහොතක ඔබේ අවවාද බොහෝ වටින්නේය. (නි)
මට තියෙන ප්‍රශ්නේ? දැන් මේ නායක ස්වාමීන් වහන්සේලා දේශනා කරන දේ අහන්න තරම් පාලකයෝ ඉන්නවද? අතීතයේ උන්වහන්සේලා පාලකයින්ට දේශනා කරපු දේවල් වලට ඇහුන්කන් දුන්නද? ඒවාට පුර්වාදර්ශ දීපු ආකාරය, මේ මුළු රටම දන්නවා. (ස)
මට ඇති ප්‍රශ්නය නේපාලයේ ඔය කියන කැසිනෝ නැද්ද ? (නදී)
කැසිනෝ යනු අන්සතු මුදල් ප්‍රසිද්ධියේ මංකොල්ලකෑමේ විනෝදයකි (නි)
මේ රටේ මිනිස්සුන්ට අද ඕනෑ කරන්නේ කැසිනෝ නොව එදා වේල ගැටගසා ගන්නා ක්‍රමයකි. කැසිනෝ කියන්නේ පිට රට සිට මේ රටට එන අයගේ පොකට් එකට විදින ක්‍රමයකි. එය බුදු දහමට අනුව හොරකමකි. සූදුවද බුදුදහමට අනුව පස් පවින් එකකි. සුරාව සූදුවේ නිවුන් සහෝදරයායි. සුරාව සුදුව සමග බැඳුන මීළඟ හිතවතිය ගැහැණියයි. එය කාම මිත්‍යචාරයට පදනමයි. එය එසේ නම්, අප බෞද්ධයන් නම් මේ සුරාව, සුදුව, බොරුව සහ වංචාව සමග කරන මේ මහා හොරකමට දායක විය යුතුද? මහානායක හිමිවරුනි, මේ යමක් කිරීමට කාලයයි. (නි)
ගරුතර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේලා මේ රටට සිදුවන්නට යන භයානක ව්‍යයසනය තේරුම් ගෙන ගන්නා ලද මේ ක්‍රියාමාර්ගය කාලෝචිතය.ඔබ වහන්සේලාට ගොඩාක් පින්.මම ද මේ දක්වා මේ කපටි දේශපාලකයන් මවා පාන සුරංගනා ලෝකයට මෝහනය වී සිටියෙමි.ඔවුන්ගේ දේශප්‍රේමී කතා වලට වශීකෘත වුයෙමි.මෑතකදී සිට දිගින් දිගටම මත්කුඩු ,එතනෝල් විශාල තොග පිටින් රටට ගෙන ඒමෙන් විශාල සමාජ ව්‍යයසනයක් සිදුවන්නා සේම කැසිනෝ වැනි සුදු වලින් මේවා තව තවත් තීව්‍රර කරන බව දැන් නම් මට ද වැටහේ.අපි පමා වී හෝ මේ සමාජ යථාර්තය තේරුම් ගෙන අපේ අනාගත දරු පරපුර මේ දරුණු භයානක උවදුරෙන් මුදවා ගත යුතුය.සැබෑ දේශප්‍රේමීන්ගේ වගකීම විය යුත්තේ මෙයයි.මින් මතුවට මම ව්‍යාජ දේශප්‍රේමීන්ගේ මිරිගුවට හසු නොවී හරසුන් තර්ක විතර්ක වල යෙදෙමින් ඔවුන්ගේ කිළුටු සේදීමේ නිරත නොවෙමි.එය විශාල පාප කර්මයක් බව දැන් මට වැටහේ.පමා වී හෝ සත්‍ය අවබෝධ කර ගත් මම ද ඔබ වහන්සේලාගේ ගමන් මගට අනුගත වන්නෙමි. (නි)
තව ටික දිනකින් පඩුරු,පිරිකර වලට බෙන්ස් කාර් හතරක් ලැබුනොත් එහෙම මේ වගේම කතා කරනවද? (නදී)
අර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් යැවූ ලිපියට මොකද වුණේ? (නි)
කිරි අප්පට බල්ලෝ බුරපි කිවලු. බොලේ හැබෑටම මේ ඉන්නේ අර රතුපස්වල සිද්ධියේදී කතා කල බන්දුල පෙරේරාමද ? (ස)
මෙතන අන්‍යාගමිකයන් පිරිසක් සුදුව අගය කරමින් සුක්ෂම ලෙස ජනතාව මුල කරන්නට උත්සහ කරනවා. (ස)
එතකොට එතනෝල් කුඩු ? (නි)
උත්සහය හොදයි අපේ හාමුදුරුවනේ. බලමුකෝ ඉතින් (නි)
මහනායක හිමිවරුන් පමණක් නොව අනිකුත් ආගමික නායකතුමන්ලාත් දිගින් දිගටම විරෝධය පළකරන බව පෙනෙනවා කැසිනෝ ඇතුළු සුදුවලට. 'වීදේශිකයින්ට පමණයි' වැනි බෝඩ් ගහගෙන කැසිනෝ කාලයක් තිස්සේ රටේ පවතිනවා. ඒත් ඒ සීමාවන් බෝඩ් එකට පමණයි. සත්‍ය වශයෙන්ම දැඩි පාලනයක් යටතේ කළහැකි නම් මෙහි වරදක් නැහැ කියලයි මං නම් හිතන්නේ. නමුත් තහංචි වැඩිවෙන්න වැඩිවෙන්න කොමිස් ගහන, පගාගන්න පිරිස වැඩිවෙනවා හැර නීතියට අනුව වැඩක් මේ අපේ රටේ නම් සිදුනොවෙන බව නිසැකයි. (නි)
ඔය අවවාද අහයිද කියලා අපි බලාසිටිමු (නි)
ලංකාවේ කෝටිපතියෝ කැසිනෝ ව්‍යාපාර කරද්දී සමහරු නෑසුනා සේ ඉන්නේ ඇයි? (නි)
දැන් මෙතුවක් කල් කැසිනෝ කළේ අපේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ නේද? (නි)
බන්දුල පෙරේරා, මා මෙතෙක් වෙලා ඔබේ වෙනස් වීම ගැන මොකුත් නොකීවේ එය වෙන කෙනක් දාපු ප්‍රතිචාරයක්ද නොදන්නා නිසා. කෙසේ වුවත් එය ඔබේ බවයි පෙනෙන්නේ.(නදී)
මහා නායක හිමිවරුන්ට පාදාභිවන්දනය කරමි!!! එම අනුශාසනා අනුව කටයුතු කිරීමට අපගේ ජන නායකයන්ට සිත් පහළ වේවා ......! (ස)
බන්දුල පෙරේරා, කෙනෙක් මහණ වන්නේ සසරෙන් එතෙර වන්න මිසක රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නට හෝ නීතියට ඇගිලි ගැසීමට නොවේ. ගිහියන් සේ අපේ යුතුකම හාමුදුරුවන්ට සසරෙන් එතෙර වන්න දාන මාන අාදිය මගින් උදවු කිරීම මිස රට හැදීමට දායක කරගැනීම නොවේ. ඒ සදහා පොලිසියක් ඇත. (නි)
හරි හර අහයි අහයි. වක්‍රව හරි ගේනවා. ඒකේ එක පියවරක් තමයි යම් කෙනෙකුට ලොකු ප්‍රසිද්ධියක් දුන්නේ. (ස)
මගේ යාලුවෙක් හිටිය ඩුබායි වල සිල්වා කියලා හරියටම බන්දුල පෙරේරා වගේ. උදේ ඉදලා රෑ වෙන කම්ම සල්ලි වියදම් කරගෙන දුරකථන ඇමතුම් දීලා මගේ ලේ කුපිත කරනවා. රටේ සංවර්දනය ගැන කියලා අපි ඔලුවෙන් හිටන් කිව්වත් මේ මනුස්සයා හැදෙන පාටක් තිබුනෙම නැහැ. ඔන්න ලංකාවට යන්න තීරණය කරලා කාර්ගෝ පෙට්ටියක් දැම්මා. දාන්න කලින් රටේ නායකයා රේගු නිලදාරීන් කැදවලා රටට පුළුවන් තරම් බදු මුදල් අරන් දෙන්න කියල කියපු කාලෙදි. මම නම් ඉතින් ඉතියෝපියාවට යනවා වගේ දාන්නෙම හාල් ,පිටි,සීනි,කරවල,පරිප්පු,රින්සිඔ වගේ දේවල් විතරයි. අන්තිමට මගේ යාළුවගේ පෙට්ටිය නිදහස් කරන්න රුපියල් 70,000 ක් ගෙවන්න සිද්ද වුනා. තිබුන උන දැන් හොදයි. ඔන්න දැන් ලංකාවේ ජීවත් වෙනවා අම්ම මූ නැතිව බනිනවා.(නදී)
රටේ වෙන වෙනත් අපරාධ කොයිතරම් තියෙනවද?මේක රටේ ධනවත් මිනිසුන්ගේ ක්‍රීඩාවක් නිසාද මන්දා නතර කරන්න කියන්නේ. (නි)
මට නම් මෙහි වරදක් පෙනෙන්නෙ නැහැ (නි)