කොස්ගම සාලාව කඳවුරේ ගින්නෙන් විනාශවූ ගෙවල් හදා දීමට පෙර කඳවුර ඉදිරිපිට මහපාර විවෘත කිරීමෙන් තමනට හිරිහැර වෙන බව කියමින් සාලාව ගමේ පිරිසක් සාලාව කඳවුර කෙළවර පාර හරස් කරමින් උද්ඝෝෂණය කෙරෙති.
300ක් පමණ වූ පිරිසක් එහි වෙති. පිළිස්සී ගිය දැව දඬු හා පුවරු පාරේ දමා ඇත.
වාහන තදබදයක්ද පවතී.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
ඡායාරූප - ලහිරු හර්ෂණ
විඩියෝ - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අසරණවෙලා සියල්ල අහිමිවෙලා පාරටම වැටුන මිනිසුන්ට බනින්නේ? ඔයාලට මෙහෙම දෙයක් වුණා නම් කොහොමද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. මේ මිනිස්සු වෙනුවෙන් කීයක්වත් වෙන්නොකරපු ආණ්ඩුව සැප වාහන ගන්න කෝටි 118 වෙන්කරගත්තා කියලා දන්නෙම නැද්ද? (නි)
මේ මිනිස්සු කියන්නෙ ජීවිත කාලය පුරා හම්බකරගත් තමන්ගෙ වටිනා බඩු භාණ්ඩ ටිකවත් අාරක්ෂාකාරි තැනකට ගන්න කලින් පාර අැරියාම වෙන කරදර. දන්නවනෙ අපේ අයියලගේ හැටි. දෙවැනි පන්සිල් පදේ අාරක්ෂා කරන්න හරිම රුසියොනෙ. එ් මිනිසුන්ගෙ දුක දැනෙයි තමන්ටත් එ් වගේ දෙයක් වුණාම (නි)
මේක තමයි අපේ රටේ දේශපාලන සහ සමාජ සංස්කෘතිය බොරුවට පාරට බැහැල උද්ඝෝෂණය කරනවා මේකට හේතුව නුගත්කම අපේ රටේ මොනවා වුනත් මෙයාල මෙහෙම තමයි .. ප්‍රශ්ණ වලට උත්තර හොයන්නේ .. අනිත් රටවල් දිහා බලල (බ)
අායෙත් මේ ආයුධ කවදා ගනීද? (නි)
මගේ ගෙය මහබුත්ගමුවේ ගංවතුරින් සම්පුර්ණයෙන් යටවුණා. ගෙදර බඩුමුට්ටු සියල්ල විනාශයි. තාම කවුරුවත් ඇවිල්ලා බැලුවේ නැහැ. අදට දවස් කීයද? (නි)
මෙතන අදහස් දාන අය හරියට දැනගෙන අදහස් දාන්න. යහපාලන ආණ්ඩුවේ කිළුටු රෙදි හෝදන ගමන් අදහස් දාන්න එපා (නි)
පිටබැද්දර ජයා, මේ මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන විධියක් බලන්න. (ර)
තත්වය මේක නම් මාස 3ක් වත් පාර වහන්න වෙයි. පැය 12 කින් විතර හදන්න පුළුවන් සෙල්ලම් ගෙවල් විතරනේ. (ර)
මේ ගැන කල්තියා සොයා බලා පසු ගිය ආණ්ඩුව ආයුධ 2/5 ක් වෙනත් ස්ථානයකට රැගෙන ගියා. ඉන් පසුව මේ ගැන කිසිකෙනෙක් සොයා බැලුවේ නැහැ. (ර)
පාර අරිනකම් බෙරිහන් දුන්නා ඉක්මනට පාර විවෘත්ත කරන්න කියලා දැන් පාර ඇරියට පසු ජනතාව කියනවා පාර වසන්න කියලා... (ර)
තමන්ගේ ලෙඩෙක් මේ පාරෙන් ගෙනියන්න වුනු වෙලාවට තමයි තරු පෙන්නේ.(බ)
මොවුන්ගේ ඉල්ලීම සාධාරනයි එයට සැවොම කන් දිය යුතුය. (ර)
තුවාලේ තියන කෙනා තමයි අමාරුව දන්නේ , මේවගේ කරදරයක් වුණාම මිනිසුන්ගේ මානසික මට්ටම පහලටම වැටෙනවා (බ)
දැන් මේක විලාසිතාවක් වෙලා, හැම දේටම මාර්ග අවහිර කරලා ඉල්ලීම් දින ගන්න හදනවා. මේ නිසා කරදර වෙන්නේ තමන්ගේම අයට කියල හිතන්නේ නැහැ .(ම)
තමුන් ජීවිත කාලෙම අමාරුවෙන් හරි හම්බ කරපු දේවල් නැති උන මිනිස්සුන්ට කොහොමද ඉවසීමක් තියෙන්නේ? හැම දේම විහිලුවට අරන් පහුගිය ටිකේ කට්ටිය හැසිරුණ හැටි දැක්කා. (ර)
දැන් මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රී නිදහස ලැබිල ඉතින් එයාල එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා , ඉස්සරනම් ඉතින් මේ වගේ උද්ඝෝෂණ කලානම් සට පට ගාල වැහුවා (ම)
ශෂික ඔබ හරි. දේශපාලුවන්ට කෝටි ගණන්වල සැප වාහන ගෙන්නන්න නම් සල්ලි වෙන් කරන්න පුළුවන්. ටීවී එකේ කතා පමණි. හමුදා කඳවුර පුපුරලා පලාතෙම ගෙවල් විනසයි. හැම කෙනෙක්ම අසරණ වෙලා අඩනවා. පාලකයන්ට සැප කාර්. (ර)
සියලු ගෙවල් හදනතුරු පාර අරින්න දෙන්න එපා කියලයි මමත් කියන්නේ. (නි)
අපි කොහොම කිව්වත් ගෙවල් දොරවල් අහිමිවුණ අය තමයි එ්කේ වේදනාව දන්නේ. ඉතින් අපේ කොයි ආණ්ඩුවත් මිනිසුන්ට පොරොන්දු දෙනවා. ඒවා ඉෂ්ට කරන හැටිත් දන්නවා. ඒ නිසා ගෙවල් හදනකම් පාර වහන්න කියන එකත් එක අතකින් සාධාරණයි. අනිත් අතට පාර වහලා වෙන පාඩුව ඔවුන්ට තේරුම් කරන්නත් අමාරුයි, මේ වෙලාවේ ඔවුන් ඉන්න තත්වය අනුව. (නි)
සිල්වා, ඔයතරම් ආර්මාර්ථකාමී වන්න එපා. එම ප්‍රදේශයේ ජනතාවට මේ හිරිහැරයක් වූ අවස්ථාවේදී රජය සහ හමුදාව එම ජනතාවට ඇහුම්කන් දියයුතුයි. ඔයත් කතා කරන්නේ යහපාලන රජය කතාකරන විදියටම තමා. (නි)
මෙහෙමත් දේවල්. කරදර එකක් මදිවට තව එකක්. මේක හිතාමතා කරපු වැඩක් නෙමෙයි නේද? තවත් හමුදාව අපහසුතාවට පත්කරන්නේ නැතුව සන්සුන් වෙන්න සහෝදරවරුනි. අද නුඹලට, හෙට තව කාටහරි වෙන්න පුළුවන්. න්‍යෂ්ඨික බලාගාරයක් පිපිරිලාවත් ජපානය කලබල කළේ නැහැ (නි)
මේ සාලාව අවට ජනතාවගෙන් පළිගන්න හෝ රිදවන්න ආයුද ගබඩාව ගිනි තිබ්බා නොවේ. මෙය හදිස්සි අනතුරක්. සියල්ලෝම වෙච්ච දේට දුක් වෙනවා. එක රැයෙන් විනාශ වුණු ගෙවල් හදන්න බෑ. ඉවසන්න වෙනවා.පාරවල් වහල ප්‍රශ්න විසදන්න බෑ. සුලු කොටසකට වුනු ප්‍රශ්නය නිසා මුළු ලංකාවම විදවන්න අවශ්‍ය නැ.පාරවල් අරින්න .පින්තුරු ගන්න එන අයට ගහල පන්නන්න. (බ)
කොහේ බැලුවත් අපේ රටේ මිනිසුන් සතුටින් නොවේ ඉන්නේ වෙනසක් ලැබුණා කියලා(ම)
තවම මුදල් ඇමැති දාපු රක්ෂණයේ මුදල් ලැබිල නැහැ . එකයි ප්‍රමාද.(ම)
ඔතනට එන දේශපාලකයන්ගේ වාහන එයාලා පදින්නේ අපේ සල්ලේ වලින්. වාහන වලට වෙන්කරන සල්ලි අසරණ මිනිසුන්ගේ ගෙවල් හදාගන්න දෙන්න ඕනෑ. මන්ත්‍රී 225 ට වෙන් කරන සල්ලි රටේ ජනතාවගේ අාපදා තත්වයට වෙන්කරන්න බැරිද? (නි)
මහා බුද්ධිමතුන්, මහා උගතුන්, මහා දක්ෂයින් කියාගන්නා මෝඩයින්ගේ දේශය. (නි)
මේ මිනිස්සු හරි. මගෙත් හිතවත් පවුල් දෙකක් ඉන්නවා. ඔවුන්ට ගෙවල් හදන්න තියා තාම විනාශය තක්සේරු කරන්නවත් පටන් අරන් නැහැ. දේශපාලුවන්ට කෝටි ගණන්වල සැප වාහන ගෙන්නන්න නම් සල්ලි වෙන් කරන්න පුළුවන් හරි ඉක්මනින්. (නි)
නිවාස හදන්න බඩු ටික හරි ගේන්නේ කොහොමද පාර විවෘත කරන්නේ නැතුව? හැම එකටම පාර වහලා උද්ඝෝෂණ කරනවා. (නි)
වන්දි ගෙවීමට රජය සුදානම්. පරීක්ෂණ වලින් පසු ලැබියයුත්තන්ට ඒවා ලැබෙයි (නි)
මේ වගේ උද්ඝෝෂණ කරන්න දැන් පුළුවන්. අපිට මතකයි වතුර ඉල්ලපු රතුපස්වල මිනිසුන්ට, කටුනායක අයිතිවාසිකම් ඉල්ලපු කම්කරුවන්ට වෙඩි තියපු හැටි. (නි)
ඒවුණාට ඇමතිලා මේවා නරඹන්න යන්න සැප කාර් තියෙන්නත් එපායැ? ඒවා නැතුව මේ පාරවල් වල ඔවුන් ගියොත් එහෙම කොන්ද රිදෙයි. (නි)
ඇමතිලා රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් සුර සැප විඳිනවා. ගංවතුරට ගෙවල් යටවෙලා තියෙද්දී සැප කාර් වෙනුවෙන් දඩිබිඩි ගාලා මුදල් වෙන් කරගත්තා. දේශපාලුවන් පැහැදිලිවම කියන්නේ නුඹලාට හෙණ ගැහුවත් අපිට මොකද කියන එකයි. (නි)
සජිත්, මේ විදියට අසරණ වුණ මිනිසුන්ට බනින්නේ රටේ ජනතාවගේ නියම හතුරෝ. (නි)
ආණ්ඩුව ගැන නම් දැන් අපිට තියෙන්නේ පුදුම කළකිරීමක් (නි)
මේ විනාශය ගැන ඇයි පරික්ෂණ ඉබි ගමනින් කරන්නේ මේවා ඉඛ්මන් කරන්න (ම)
මේ පැත්තෙන් කොළඹට යන්න හරි පාරක් නැතිකොට, තියෙන එකම පාර මේක වෙනකොට, ජීවත්වෙන්න තිබෙන අවශ්‍යතාව නිසාම රස්සා වලට කොළඹ සහ ඒ අවට නගර වලට දුවන මිනිසුන්ගෙන් පළිගන්න එපා. ඒ මිනිස්සු කරපු දෙයක් නැහැ නේද? වාහන වලට බස් වලට යන්න පුළුවන් වෙන පාරක් තියෙනවා නම් කමක් නැහැ මෙහෙම කළාට (නි)
කෝටි 118ක් ගෙවලා සැප වාහන ගන්න එක දවසින් දෙකෙන් අනුමතවෙයි. එ්ත් මේ අහිංසක මිනිස්සු උපන්දා සිට හම්බකළ සල්ලි වලින් හදාගත් දුප්පත් ගෙවල් නැවත පිළිසකර කරදෙන්න මාස කීයක් නම් යයිද. ඒ ගියත් නිසි වන්දියක් ලැබෙයිද. (නි)