කොස්ගම කඳවුරේ ගින්නෙන් වැනසී ගිය ට්‍රාන්ස්ෆෝමර් 12න් 5ක් අලුතින් සවිකර විදුලිය ලබාදුන් බවත් ඉතිරි ට්‍රාන්ස්ෆෝමර 7 පිහිටි පෙදෙස්වලට ඇතුළුවීමට නොහැකි බවත් සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.පී.බණ්ඩාර මාපා මහතා පවසයි.
එම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර ලැබුණු විගස අලුත් ට්‍රාන්ස්ෆෝමර් සවිකරන බවද ඔහු කියයි.
ගෙවල් කැඩී ගිය අය කඳවුරු මානසිකත්වයෙන් මුදා ගැනීම සඳහා ඔවුන්ගේ නිවස ළඟම කූඩාරම් සවි කිරීමට පියවර ගන්නා බවත් ඔහු පවසයි.
කොළඹ මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවකදී ප්‍රදේශයට පිරිසිදු ජලය ආදී මූලික පහසුකම් සියල්ල සලසා ඇති බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd