IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොස්ගම ගෙවල්වලට වන්දි : තක්සේරු කිරීම සෙනසුරාදා අරඹයි

කොස්ගම සාලාව ගින්නෙන් හානියට පත් ගෙවල් හා කම්හල්වලට අද පවතින මිල අනුව වන්දි ගෙවීමට තීරණය කළ බව සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එච්.සී. බණ්ඩාර මාපා මහතා කියයි.

යුද හමුදා ඉංජිනේරු බළකා හමුදාව මගින් කැඩුණු නිවෙස් සාදා ගැනීමට කැමති අයට ගෙවල් සාදා දෙන බවත් එසේ අකමැති අයට වන්දි දෙන බවත් අද පැවැති සාකච්ඡාවකදී තීරණය විය. ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහත්වරුන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගැනිණි.

අලාබ හානි වූ කම්හල් සම්බන්ධයෙන් ජනපති හා අගමැති තීරණයක් ගනු ඇතැයි ප්‍රාදේශීය ලේකම් කීවේය.

රජයේ තක්සේරු නිලධරයන් 70 දෙනකු පමණ සමග සෙනසුරාදා එම දේපොළ තක්සේරු කිරීම අරඹන බවත් මාපා මහතා පැවසීය.

GLA_5758610 GLA_5819610 GLA_5895610 GLA_5953610

 

 



අදහස් (0)

කොස්ගම ගෙවල්වලට වන්දි : තක්සේරු කිරීම සෙනසුරාදා අරඹයි

ප්‍රියාන් Saturday, 11 June 2016 09:45 AM

මේක විහිළුවක් කර ගන්න එපා..ඒ මිනිස්සුන්ට විපතක් වුන නිසයි වන්දි ගෙවන්නේ..නැතුව ඒ මිනිස්සු ඉල්ලලා නෙවෙයි..(හේ)

:       0       0

නිලුකා Saturday, 11 June 2016 12:28 PM

ගෙවල් විතරක් හදලා මදි ඒ ගෙවල් වල බඩු මුට්ටුත් හදලා දෙන්න.(හේ)

:       0       0

මනෝජ් Saturday, 11 June 2016 12:30 AM

දැන් හොඳ වෙලාව නිවාස නවීකරණය කරගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 561 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 297 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site