පහේ ශිෂ්‍යත්ව විභාගයට යෑමින් සිටි සිසුවකු පාර මාරු වෙද්දී ත්‍රීරෝද රියක ගැටී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොස්ගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා දරුවාට වෙනත් මධ්‍යස්ථානයක දී විභාගයට පෙනී සටීමේ අවස්ථාව උදා විය.
කොස්ගම ඇස්වත්තේ පදිංචි සිසුවා සිය මව සහ පියා සමග අද (23) ශිෂ්‍යත්ව විභාගයට යමින් සිටිය දී මේ අනතුර සිදු විය.
තුවාල ලැබූ සිසුවා කොස්ගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට මාරු කැර යැවිණි.
කොස්ගම සුමේධ විද්‍යාලයයේ දී විභාගයට පෙනී සිටීමට සිටි සිසුවාට කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ අයි ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයයේ විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලිවීමට පහසුකම් සැලැසිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක් (නදී)
පොලිස් නිලධාරීතුමාගේ සේවය ඉතා අගය කරමු. (නදී)
අපගේ හද පිරි ආචාරය. ඔබතුමා පොලිස් සේවයටම සම්පතක්(නදී)
පොලිසිය වනසන්නේ දේශපලුවෝ. ඉතා හොද දක්ෂ නිලධාරීන් හුඟක් පොලිසියෙන් අස්වුණා, රාජකාරිය කරන්න බැරි හින්දා. (නදී)
ආදර්ශමත් පොලිස් නිලදාරියෙක්. ඔබට අපේ ආචාරය. (නදී)
පොලිස් කියන්නේ ඕකට තමයි. ඔන්න ඔය වගේ නිලධාරීන් වගේ කොල්ලෝ ඉන්නවා අල්ලාගෙන ඇවිල්ල පොලිසියට බැඳ ගන්න ඕනා. (නදී)
දෙමව්පියන්ගේ සහ දරුවාගේ හද ගැස්ම තේරුම් ගත් ඔබට ගොඩක් පින්. (නදී)
මහත්මයෙක් මිනිසත් බවේ අරුත කියා දීලා. (නදී)
පොලසීය නැත්නම් විභාගේ විතරක් නොවෙයි ජන්දෙත් දැන් හරියාකාරව කර ගන්න බැහැ.(නදී)
පොලිසිය ගොඩක් වෙලාවට හොඳ වැඩ කරනවා. සමහර නිලධාරීන්ගේ නොමනා වැඩ නිසා තමයි ජනතා අප්‍රසාදය ගොඩ නැගෙන්නේ. ගමගේ මහතාණෙනි, ඔබ තුමාට පින්! (නදී)
අපේ උත්තමාචාරය (නදී)
මේ මහත්මයාට උසස් වීමක් දුන්ණොත් ඔහුව අගය කල හැකියි (අ)
හංවැල්ල, කොස්ගම, අවිස්සාවෙල්ල කියන්නේ හොඳ පොලිස් ස්ථාන කිහිපයක් (නදී)
නියම වැඩක් (නදී)
ආදර්ශමත් පොලිස් නිලදාරියෙක්. ඔබට අපේ ආචාරය. (නදී)
මේ අලුත් මහත්තය ගොඩක් හොදයි. ව්‍යාපාරික ප්‍රජාව එක්ක උනත්, නීතියට වැඩ කරන කෙනෙක්. ඒ වගේම හොද පුද්ගලයෙකු කියලත් තේරෙනව මේ වැඩේ නිසා.(නදී)
මෙන්න නියම පොලිසිය (නදී)
කාලයකින් පොලිසියට ආචාර කරන්න හම්බ උනේ. (නදී)
මෙවැනි ස්ථානෝචිත ප්‍රඥාව ඇති කාරුණික පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් රටට අවශ්‍යයි. ඔබට අපේ ආචාරය. (නදී)
මගේ උපහාරය! දලදා සමිදු පිහිටයි (නදී)
ආදර්ශමත් නිලධාරියෙක් (නදී)
ලොකු මහත්තයට මාගේ ආචාරය. (නදී)
ඔන්න නියම මහත්තුරු, අපගේ ආචාරය.(නදී)
කොස්ගම පොලිසිය ඕඅයිසී මහතානෙනි, ඔබගේ මහඟු සේවයට පැසසිය යුතුයි (නදී)
ඔබ ලක් මවට ආඩම්බරයකි දලදා හිමි සරණයි (නදී)
පොලිස් කියන්නේ ඕකට තමයි. ඔන්න ඔය වගේ නිලධාරීන් වගේ කොල්ලෝ ඉන්නවා අල්ලාගෙන ඇවිල්ල පොලිසියට බැඳ ගන්න ඕනා. එතකොට පොලිසියයි සිවිල් ජනයායි හොඳම යාලුවෝ.(නදී)
මේ සත්කාරයට සහයදුන් සියලුම දෙනාට අපගේ උත්තමාචාරය (නදී)
මේ නිලධාරීතුමාට ස්තුති වන්ත වෙන අතර ලග හිටියා නම් හිස නමා ආචාර කරමි (නදී)
ඔබට අපේ ආචාරය(නදී)
උතුම් නිලදාරියෙක් අපගේ උත්තමාචාරය (නදී)
වාසනාවන් (නදී)
ඔබට අපේ උපහාරය! (නදී)
ඇති විශිෂ්ට වැඩක් (නදී)
වැටුපට එහාට වැඩ කරන ඔබ වැනි නිලධාරීන් රටට අවශ්‍යයි දිගටම මෙසේ සේවය කරන්න දරුවට දළදා සමිදුගේ පිහිටයි (අ)
ආදර්ශමත් බුද්දිමත් පොලිස් නිලදාරී තුමෙක්. ඔබට අපේ ආචාරය (නදී)
ගරු කල යුතු නිලදාරියෙක්. පොලිස් සේවයටම රිදී එළියක් මෙවන් බුද්ධිමත් එඩිතර නිලදාරීන්. (නදී)
මෙහෙම මහත්තුරුත් ඉන්නවා පොලිසියේ නම්බුවත් රැකෙන්නේ මේවගේ උතුම් අය ටික දෙනෙක් හරි ඉන්න නිසා (අ)
අපගේ හද පිරි ආචාරය. ඔබතුමා පොලිස් සේවයටම සම්පතක්. (නදී)
ඔබට ස්තුතියි පොලිස් ස්ථානාධිපතිතුමනි (නදී)
දරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීමත් සමගම අනාගත බලාපොරොත්තු සාර්ථක කරගැන්මට යුහුසුළුව වෙහෙසුන කාරුණික පොලිස් නිලධාරී මහත්මාණෙනි. ඔබට අපගේද උපහාරය. (නදී)
අනේ ඒ මහත්මය ඉතාමත් වටින වැඩක් කරලා තියෙන්නේ.අර දරුවාගේ අනාගතේ ගැන හිතලා ඒ කරපු සත්කාරයට ගොඩාක් පින්.. (හේ)
ඔබ ආදර්ශමවත් නිලදාරියෙක්. ඔබට මගේ ගෞරවය.(නදී)
අපරාදේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ වත් විභාගේ ලියන්නේ නැතිව ඉන්න තිබ්බ චාන්ස් එක පොලිස් අංකල් කෑවා. (නදී)
පොලීසියටම ආලෝකයක් වූ ඔබතුමාට අපගේ උත්තමාචාරය (නදී)
ඇත්තටම හොද වැඩක්.ඒ පොලිස් නිලධාරියාට සතුටු විය හැක්කේ ඒ දරුවා විභාගය සමත් වූ විටයි.(හේ)
අපේ පොලිසිය කොහොමත් හොඳයි, දේශපාලන අත පෙවීම් නැත්නම්. (නදී)
උදාර පියෙක් (නදී)
පින් සිදුවේවා! නියම මනුස්සයෙක් (අ)
ශ්‍රියා ගේ කතාව මරු අනතුරට පත් වෙච්ච දරුවාගේ හදවතේ ඉදන් කියපු කතාවක් (නදී)
අර කාටුන් එකක තිබුන "පුංචි පහේ මන් " ද දන්නේ නැහැ මේ අකරතැබ්බේ උනේ ! (නදී)
නැහැ සංජය මේ වගේ ගොඩක් අය ඉන්නවා. එ්ත් ටික දෙනෙක්ගේ වැඩ හින්දයි පොලිසියට අවනම්බු වෙන්නේ. එ්කට අනුබල දෙන්නෙත් සිවිල් ජනතාවමයි (නදී)
අනේ අම්මපා මේ කාලකන්නි 3 වීල් කාරයෝ ළමයෙකුට විභාගයකටවත් යන්න දෙන්නේ නැති හැටි. මට නම් පාරේ යන එක අන්තෙටම ඇතිවෙලා. පාරෙ යන්න දන්නෙ නැහැ. කතා කරන්න දන්නෙ නැහැ. පුදුමාකාර යක්ෂ කොට්ටාශයක්. (නදී)