කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දුර්ලභ ඇලි කැස්බෑවකු සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණීලි කැර ඇත.
කිලෝ 9.5 බරැති පළල 39 හා දිග 60 ක් වන මේ කැස්බෑවාගේ නම රෝසිය.
කලකට පෙර විදේශිකයකු මෙම කැස්බෑවා රුපියල් හාරකෝටියකට ඉල්ලුවත් නොදුන් බව එම මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවේ කොළ ,ධාර, පොතු ,ගල් හා ඔළුගෙඩි වශයෙන් කැස්බෑ වර්ග පහකි.
කැස්බෑ බිත්තර දහසකින් හෝ දසදහසකින් එක් ඇල්බීනෝ හෙවත් සුදු පැටවකු ඉපැදීමේ ඉඩකඩ ඇති බවත් සිරුරේ පැහැය ඇති කරන වර්ණක ඌණතායක් නිසා මෙවැනි සුදු කැස්බෑවුන් ඇති වන බවත් දකුණූ වෙරළ තීරයේ කැස්බෑ මධ්‍යස්ථාන බොහෝමයක ඇල්බීනෝ කැස්බෑවෝ සිටින බවත් කැස්බෑවුන් ගැන දන්නා පරිසරවේදීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රෝසිට කරදරයක් නොවේවා !(දිල්)
අහිංසක සතා පවු (දිල්)
මේ සතා බලා ගැනීමට මුරකරුවන් 4 දෙනෙක් ඉන්නවා .ඒ අය අත් අඩංගුවට ගත්ත නම් ,සතා සොයා ගන්න පුළුවන් .නැති වෙන වෙලාවෙත් මුරකරුවන් 3දෙනෙක් වැඩ කරලා තියෙනවා .නියම මුර කාරයෝ (අ)
පව් සතා (දී)
ලංකාව දැන් හොරුන්ගේ. මංකොල්ල කරුවන්ගේ. මිනී මරුවන්ගේ පාරාදීසයක් .මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ හමුදා පාලනයකින් විතරයි.(නදී)
මේ සතා කාටවත් නොපෙනී අරන් ගියේ කොහාමද? දැන් වටිනාකම දැනගත්තම මොනවා කරයිද? (නදී)
සුද්දා විශාල මුදලකට ඉල්ලපු වෙලාවෙත් නොදී ඉඳල රැක ගත්ත මේ සතාව හිත් පිත් නැති අපේ ම එවුන් විසින් හොරකම් කරලා. දැනටමත් මස් කරලද දන්නේ නැහැ.(නදී)
''කටුගේත් ''''හොරු කඩපු එකේ මේකත් හොරකමක්ද. (නදී)
මේ පිළිබද පොඩි හෝ තොරතුරක් දන්නා කෙනෙක් අපිව දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 0773262553.(නදී)
දුකයි, කණගාටුයි, ශෝකයි.(නදී)
කාලකන්නි මිනිස්සු සතා සිව් පාවටවත් ඉන්න දෙන්නේ නැහැ.(නදී)
පව් අහිංසක සතා... (නි)
මේ අය කරන්නේ සමාජ සේවයක්. ඔබලාට ඉක්මනින් රෝසි හමුවේවා! (නදී)
පව් අප්පා. ඇයි මෙහෙම පව්කාර වැඩ කරන්නේ? අහිංසක සත්තු නේද? අපි හැමෝම රෝසි ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.(නදී)
කැස්බෑවා අරගන ගියේ කොහොමද.? (නදී)
මින් පසුව වත් මෙවැනි දේවල් නොවීමට අපි වග බලාගමු. රටේ අධ්‍යාපනයේ එක කේන්ද්‍රස්ථානයක් වන මෙය ආරක්ෂා කිරීම අපගේ යුතුකම වේ. අශ්වයා ගියපසු ස්ථාලය වසා වැඩක් නෑ.(නදී)
මේ හිමිකරුවගේ මුළු පවුලම සුනාමියෙන් විනාශ වුණා ඔහු විශාල වෙහෙසක් අරගෙන්නි මෙය යළි ගොඩ නැගුවේ.මෙය මෙතුමාට දරන්න බැරි වේදදනාවක් වේවි (දිල්)
අපේ පොලිසිය දක්ෂයි. ඉක්මනින්ම මේ අපරාදයේ සුල මුල සොයා ගනී.(නදී)
අනේ පව් අයිතිකරුගේ ඇස්වල කඳුළු දකිද්දී හරිම දුකයි. ඉක්මනින් මේ රෝසිව කරදරයක් නැතිව හමුවේවා! (නදී)
ඒ අහිංසකයට දැනටමත් මොනවා කරලද දන්නේ නැහැ.(නදී)
විදේශ ගත වන අයවලුන් මගින් මෙම සතා ගෙනයන්න පුළුවන් නිසා රේගුව දැනුවත් කර තබන්න. (නදී)
අනේ පව් රෝසි. අසරණ හදවත් රිදවන්නට ඇයි මිනිසුන් චපල වුනේ.(නදී0