දේශපාලන විද්‍යා උපාධිදාරී ගුරු පුරප්පාඩු තනතුරු ගැසට් නිවේදනය නිකුත් කර තිබිය දී ඊට පිටින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ගුරුවරුන් බඳවා ගත් බව කියමින් 383 දෙනකු වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළ ඉරේෂා දමයන්ති මෙනවියට වගඋත්තරකරුවන් වෙනුවෙන් ලිපි ගොනු යැවීම අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපහසුවී ඇතැයි ඇය කියන්නීය.
වගඋත්තරකරුවන් 383 දෙනකු සඳහා ලිපි ලේඛඹ අසූවක් පමණ පිටපත් කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ ද, ලිපි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ දහ අට දහසක් පමණ ද, ලියුම් කවර සඳහා රුපියල් පහළොස් දහසක් පමණද වැයවෙතියි ඇය පවසන්නීය.
ඉරේෂා දමයන්ති රුහුණ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධි ධාරිනියකි.
ඇගේ අසරණ භාවය දැක ඇයට අවශ්‍ය ඡායා පිටපත් ගැනීමට පරිත්‍යාග ශීලියකු ඡායා පිටපත් යන්ත්‍රයක් තාවකාලිකව ලබා දුන්නද අවශ්‍ය ඡායා පිටපත් කඩදාසි සපයා ගැනීමට බණ්ඩල 60ක් පමණ අවශ්‍ය වේ.
මේ සඳහා උදව් උපකාර කළ හැකි පිරිස් වෙතොත් 077 42 90 549 අංකයට කතා කළ හැකි බව ද ඇය සඳහන් කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු ගිණුමක් සඳහන් කරන්න (හේ)
එහෙම තමයි මේ දේශපාලුවන්ගේ හැටි. මෙවන් අසාධාරණකම් සිදුවීමේ මුල් බීජයට උත්තර හොයමු. එකාමෙන් හිතමු! එකට ගොඩයමු! (නි)
මේ කාන්තාවගේ ප්‍රශ්නය විසඳා ගැනීමට වියදම් රහිත කෙටි මාර්ගයක් තිබේ. ඒ කෙලින් ම තම දුක්ගැනවිල්ල අගවිනිසුරුතුමාට ලිපියක් මගින් ඉදිරිපත් කිරීමෙනි. (ම)
සුදුසු කම් ව්ලට තමාට නොලෑබුන දේ සදහා විරෝධතා උපවාස නොකර නීතිය විශ්වාස කර නීතිය හමුවට ගිය මෑයට සෑමගේ උදවුවක් ලෑබිය යුතුයි.(අ)
මේ නැගණියට උදව් කිරීම සැමගේම යුතුකමකි (නි)
කොහොම නමුත් අපි මැයට උදව් කළයුතුයි. (නි)
මෙවැනි අයට උදවු කිරීම අප සැමගේ යුතුකමයි (නි)
අද තමා ලිපි තැපැල් කරන්න ඕන. 16 නඩුවට අනිත් අයට එන්න කියන්න (බ)
මෙය හොඳ ආරම්භයක් වේවා! මෙහෙම ඉදිරියට එන අය ඉන්නවා නම් අනාගතයේදිවත් අසාධාරණකම් නවත්වාගත හැකියි. (නි)