මෙරට දේශිය ඖෂධ අතර වටිනාම පැලෑටියක් වන කංසා ශාඛය වැඩීම තහනම් කර වු බටහිර ජාතින් දැන් ඒවා ඔවුන්ගේ රටවල වගා කරගන්නා බවත් මෙරට ආණ්ඩු ඊට වගකිව යුතු බවත් ආදී වාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ කියයි.
එමෙන්ම සුව කළ නොහැකි ඇතැම් රෝගීන් ශල්‍ය කර්ම වලට ලක් කැර සැණින් මිය යන නමුත් බටහිර වෙදුන් මවිත කළ හැකි පරිදි දරුණු රෝගාබාධ පැය කිහිපයකින් සුව කළ හැකි දේශිය වෙදකම පරිහානියට පත් කිරීම අපරාධයක් ද ඔහු ප්‍රකාශ කළේය.
ලංකා පාරම්පරික සිංහල වෙද සංගමය මගින් පවත්වනු ලබන මුල්ම සමුළුව ට එක් වෙමින් වන්නිල ඇත්තෝ මේ බව කීය.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේදී පැවැත්විණි.
ආදී වාසී නායකයා මෙසේද කීහ.
මේ ඇත්තන්ගේ රට පොජ්ජ පරම්පරා පොජ්ජෙන් මංගච්චන මේ වෙදකම් පොජ්ජට මන්දු වන වෙච්ච එක ගැනම මේ ඇත්තෝ මාව මාව කැච්චත් සතුටුයි,තැනින්ම මන්දු වුණා යනුවෙන් කතාව ඇරැඹු ඔශුගේ කතාව සම්පුර්ණ සිංහලෙන් මෙසේය.
මේ ගැන මට කියන්නට ඇත්තේ මේ පරම්පරාවේ වෙදකම කියන එක මේ අයගේ ආදී කාලේ ඉදන් මුල් බැසගත් සාර්ථක වෛද්‍ය ක්‍රමයක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංසා ගැන වගකීම ආයුර්වේද දෙපාර්තමේන්තුවටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් බාර දෙන්න.(නදී)
කංසා නිල වශයෙන් වවන්න ගියොත් ඒ පැලෙත් අවසානය තමා. නිල වශයෙන් ආරම්බ කරලා සාර්ථක කර ගත්ත එක වැඩක් තියෙයිද? ඕක හොරෙන් වවන තාක් කල් සරුවට වැවේවි.(නදී)
උරුගුවේ කියන රටේ අනුමත කලබව වන්නිලා ඇත්තෝ දන්නේ නැත්ද ?(නදී)
කංසා දේශීය දෙයක් හින්දා තහනම්. ඔන්න ඒකත් පිට රටින් එනවා නම් හොද ඖෂධයක් වෙන්න තිබ්බා.(නදී)
කතාව ඇත්ත මේකට තහනම් දාන්න දාන්න වටිනාකම වැඩි වෙනවා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කංසා වල්පලැටියක් එත් ඒවා බොන අය සියයට 10 විතර ඉන්නේ ලංකාවේ තහනම් කරලත් සියයට 15 විතර ඉන්නවා මම හිතන්නේ (දිල්)
කංසා වවනවා නම් බලපත්‍ර ක්‍රමයක් හා සීමිත බිම් ප්‍රමාණයක් වෙන් කර සිදුකල යුතුයි. එය වෙදකම සදහා වන වාර්ෂික අවශ්‍යතාවය නොයික්මවිය යුතුයි.(නදී)
කංසා තහනම් කරලා කුඩු වලට වෙළදපොල විවෘත කරලා අපේ තරුණ පෙළ විනශ කරනවා. කංසා වටිනා ආයුර්වේද ඖෂධයකි.(නදී)
තුන්වෙනි පින්තූරයේ තියෙන්නේ කංසා පැලයක්ද? (නදී);
පන්ජාබ් ප්‍රාන්තයේ විතරක් නොවේ බිහාරය ,උත්තර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල බහුලව මාර්ග දෙපස හමුවේ.(නදී)
කංසා සිංහල වෙදකමට ගන්න වටිනා සිංහල ඹෞෂධයක්. ඒත් කොයිකත් සීමාව පැන්නොත් නොහොද වෙනවා. අපි ඉතින් කවදක් පිටරට අය කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න අයනේ. වන්නිල ඇත්තෝ නොකීවා නම් කියන්න කෙනෙකුත් නැහැ. වෙද මහත්තයෙක් කීවා නම් නඩුත් දමාවි අපේ මිනිස්සු.(නදී)
ඉගෙන ගන්නවා නම් ආදි වාසීන්ගෙන් ඉගෙන ගන්න.(නදී)
වන්නිල ඇත්තන්ට නොතේරෙන කාරණා පොජ්ජක් මෙතැන තියෙනවා. ඒක තමයි උගුරු පොජ්ජේ හට ගන්නාවු සෙම රෝග පොජ්ජට වෛද්‍යවරුන් ලබාදෙන සිරප් පොජ්ජ පවා අපේ අය මත්පැන් පාන පොජ්ජක් කර බොනකොට මේ කංසා පොජ්ජ මත්වෙන්න උරන එක අහන්න දෙයක් යැ. (නදී)
වැඩේ කියන්නේ මේකට ගෑවිලා ඉන්නෙත් පාර්ලිමේන්තු යන කෙනෙක් නේද?(දිල)
කතාව ඇත්ත.(දිල්)
මේ රන් ආකාරයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට පාලකයින්ට නැණැස පහළවේවා!(දිල්)
සුද්දා කංසා තහනම් කළේ අපේ අයගේ නිර්මාණ ශක්තිය නැති කරන්න කියලයි මට නම් හිතන්නේ. (නි)
වන්නිල සීයේ ඔය කෙටේරිය අයින් කරන්න ටිකක් බය හිතෙනවා (දිල්)
කංසා කියන්නේ ඔය පාඩුවේ ඉන්න කට්ටියගේ වැඩක්නේ -හා නැද්ද? (දිල්)
නියෝජ්‍ය ඇමතිකමකට සුදුසු නායකයෙක්! (නදී)
මේවට තමයි කියන්නේ වැදි බන කියලා.(නදී)
කංසා කියන්නෙ පුරාණ කාලේ සිට අපේ රජවරු කාන්සිය නිවාගන්න භවිතා කල දෙයක්. කංසා කියන වචනෙ හැදුනෙත් එහෙමයි.(නදී)
අපේ රටේ විරැකියාවෙන් පෙලෙන තරුණයික් ගංජා උරන්න පෙළඹී සිටිනවා. මහා පරිමාණයෙන් කරන්නේ කව්ද කියලත් මුළු රටම දන්නවා.(නදී)
ඔව් මේක ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි.(නදී)