යාපනය සරසවියේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට ගිය උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ සුවදුක් විමසීය.
‘සිසුවාට ගල් වලින් පහරදුන් පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා. කිසි කෙනකුට නීතිය අතට ගන්න බැහැ. ඒ නිසා මම සීසීටීවී දර්ශන නරඹලා ඒ පුද්ගලයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නා‘ යැයිද ඔහු කීය.



COMMENTS
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
මහින්දගේ කාලේ නම් ඕවා මොකුත් තිබුනේ නැහැ (නි)
මහා බැංකුවේ අධිපතිගේ ප්රශ්නය විසඳුවේ කොහොමද? සල්ලි වලට මොකද කරන්නේ. (නි)
නීතිය තදින් ක්‍රියාත්මක නොවීම තමයි මේ හැමදේටම මුල (නි)
අපිට අපේ ආයුධ මුහුදේ දමා විනාහ කරන්න බලකළත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි බටහිර රටවල් දිනෙන් දින නව අවි තනති. ඔවුන් එසේය, එහෙත් අපට වෙනත් දේ කියති. ඉතින් ඔවුන්ගේ මුසාවන්ට රැවටී, අපි අපේ ආයුධ මුහුදේ ගිල්වමින් සිටිමු. අපි අපේ කඳවුරු ගලවමින් සිටිමු. එහෙවු රටක් විනාශනොවී වෙන කුමක් වෙන්නද? (නි)
මේක කවුරු හරි පිරිසක් සැලසුම් සහගතව කර වැඩක්.(හේ)
කාටත් නීතිය අතටනම් ගන්න බෑ. (හේ)
හැබැයි ආණ්ඩුවේ හැකියාව ගැනත් අපිට පේනවා. (නි)
සමහරුන්ට නීතිය විතරක් නෙමෙයි හැමදේම අතට ගතගැකි බව නම් අපිට පේනවා. (නි)
දේශපාලන බල පෙරේතකම නිසා ජාතිවාදය අමතක කරන සමහර දේශපාලකයන්ට සහ ඔවුන්ට ගැතිකම් කරන්නන්ට ශාපවේවා. දැන් පෙනෙනවානේ මහා ලොකු උගත් සමහර මහා ඇමතිලාගේ කෙරුවාව. අද සිටින සමහර සිංහල දේශපාලකයන්ගේ බලපෙරේත කෙරුවාව නිසා අනාගතයේදී සිංහලයා මේ රටේම අසරණ වෙනවා. (නි)
ඒ කියලා ඔබතුමා කෑ ගහලා හරියනවද?(හේ)
ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජමඟුල් කිවුවලු. තටු හැලුනු දේශපාලකයෝ හා ඔවුන්ගේ බත් බැලයෝ බලාගෙන ඉන්නේ කවදාද රටේ ගිනි ඇවිලෙන්නේ කියලයි. (නි)
මෙයාටම ගැළපෙන අමාත්‍යංශ දෙකක් තමයි දීලා තියෙන්නේ. හොඳට හොයලා බලලා මෙයාටම ඒක දීලා තියෙන හැටි. (නි)
බල තණ්හාවෙන් පෙළෙන සමහර දේශපාලුවෝ හින්දා සිංහල රටේ සිංහලයා පාච්චල් වෙනවා! (නි)
නිතිය අතට බැරිනම් කුලට ගත්තට කමක් නැහැ, ගුටි කපු යට සාදරනයක් කලොත් නේද හොදයි (ම)
කවුද දැන් නිතිය අතට ගත්තේ්.(හේ)
දේශපාලකයින්ට වේදිකා හදා දීම ගැන ඔවුන් ස්තුති කරනවා ඇති.(හේ)
මෙයාද කිවේ ඕන මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියා (බ)
සංහිදියාව කියල හොඳට ගුටිකාලා කටවල් පියාගෙන හිටපල්ලා කියල නේ ඔය ආණ්ඩුව තටම තටම කියන්නේ (බ)
ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල කියපු කෙනා නේද මේ ඇත්ත ප්රශ්නය යට ගසා පිළිතුරු දෙන්නේ, (බ)
සංහිදියාව හොඳයි, නමුත් මගේ ප්රශ්නය මේකයි..ඔය ගැන දෙමල නායකයො කතාකරන්නෙ නැත්තේ ඇයි ?ඒ නායකයො ළමයින්ට ප්‍රසිද්ධියේ කියනවා නම්…හොඳ ප්‍රතිඵල ලැබෙනවා.එහෙම වෙන්නෙ නැත්තෙ අැයි කියල හිතන්න ඔලමොට්ට නිවටයින්ට බැරි ඇයි (බ)
සහජීවනයේ ප්‍රතිඵලද මේ? (නි)
මම මහින්ද වාදියෙක්. නමුත් ඔබ මේ කිව්වා දේ හරියට කළොත් ඔබට ගරු කරනවා. සංහිදියාව යනු නිවටකම නොවේ. (බ)
නිතිය අතට ගැනීම? ඒ කියන්නේ මේ ළමය වැරද්දක් කරලා තියෙනවා. ගහපු මිනිස්සු නිතිය අතට අරන්. අනේ මන්දා....(බ)
බොරු රැගුම්! පුලුවන්නම් අත්අඩංගුවට අරන් පෙන්වන්න! (බ)
අපොයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් කොච්චර හොඳද. (බ)
ඔය වෙච්චදේ ගැන හොදට බලාගෙන ඉදල , ඒ වගේම වගකිවුත්තන් ක්‍රියා කලාපය හොදට බලල තම මේ ටික ලියන්නේ. ඒ රණ්ඩු කරපු අයට මොකද කරන්නේ, ගුටිකාපු අය නෙමේ එ්ක වෙලා පැය ගානක් ගියේ නෑ පොලිස් ලොක්කගේ ඉදල හැමෝම දැන් එ්ක සමතයකට පත්වුණා කිව්ව, දැනුත් කියනවා, හොදට ගුටිකාපු උන් බලන්න ඉස්පිරිතලෙත් යනවා ලොකු අය. ඔය කට්ටිය අතරත් පුංචි ප්‍රබාකරන් කෙනෙක් ඉන්න පුළුවන්. එක නිසා සුදු හුණු ගන්නේ නැතිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් හුගක් දුර දිගයයි (බ)
හැම එකටම ඒකාබද්ධ විපක්ෂය. ආණ්ඩුවක්. ,මොකක්ද ඔබලාට තිබෙන දැක්ම. (බ)
බෑ බෑ ගෑවට. අතට තියා කකුලටවත් ගන්න සාධාරණ නීතියක් තියෙනවද රටේ? පරීක්ෂණ විතරයි. අල්ලපු එකෙක් නැහැ.(බ)
මම නම් කියන්නේ පිටින් කිසිම කෙනෙක් සම්බන්ධවෙලා නැහැ කියායි (නි)
කොහොමහරි අන්තිමට මේ ළමයි කටඋත්තර දෙයි "මං මටම ගහගත්තා" කියලා. (නි)
පළමුව යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය ඉවත් කරන්න, පොලුමුගුරු අරන් විශ්ව විද්‍යාලයට ඇතුලුවීමට ඉඩ දුන්නාට. මේක දකුණේ වුණා නම් මෙලහකට ශිෂ්‍ය සංගම්වල සභාපතිලාගේ ඉඳලා ඔක්කොම අත්අඩංගුවට අරන් රිමන්ඩ් කරලා. ජනාධිපතිගේ ඉඳලා හැමදෙනාම ප්‍රකාශ නිකුත් කරලා. ජනමාධ්‍ය විවිධ සාකච්ඡා පවත්වලා. (නි)
මාර වැඩක්නේ. එතකොට මේ කියන ආකාරයට ඒකාබද්ධ විපක්ෂයද මේ ළමයින්ට ගහලා තියෙන්නෙ දැන්? (නි)
දෙමල ජාතිවාදය පොලොන් විස වගේ බියකරුයි. ආදරණීය සිංහලයිනි, මේ බව ඔබේ සහදරයන්ට , දරුවන්ට තේරුම් කර දෙන්න (බ)
වහාම ඒ අයට දඩුවම් ලබා දෙන්න.(හේ)
අනික මේවා නීතියට එපිටින් වෙන දේවල්. දැන් රට යන මාවත සහ වැඩපිළිවෙල වෙනස් කරන්න සහ අඩාල කරන්න එම වැඩපිළිවෙලින් පහර වදින පිරිස් කරවන වැඩ. අර 81 වගේ උගුලේ අහුනොවී අප්‍රමාදව වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න අවශ්‍යයි. ප්‍රමාදවීමෙන් වෙන්නේ මේ වගේ දේවල් ඇති කරවලා අායෙත් රට අස්ථාවර කරන එකයි. (නි)
අපි බලමු දැන් නීතිය ක්‍රියාත්මක කරන විදිය (නි)
ප්‍රියන්ති ඔයා හරි සමහර දෙමල නායකයන් ජාතිවාදයට උඩගෙඩි දෙනවා මේ සිදුවීම ගැන යමක් කියල තිබුනේ එකම දෙමල නායකයා මනෝ ගනේෂන් පමණි. (බ)
අපේ මිනිසුන්ටත් දේශපාලකයින්ටත් නොපෙනුනාට මේවා සියල්ල එක්තරා වැඩපිළිවෙලකට සහ න්‍යාය පත්රයකට කරන වැඩ. රටේ හමුදාව සහ සමහර නායකයින් තවදුරටත් ජනතා සිත්වල ජීවත්වෙද්දීම, ඒ නායකයින් සහ හමුදා විරුවන් විනාශ කරන්න උපදෙස් දීලා ජනතාව රජය කෙරෙහි කළකිරීමට තත්වයක් ඇති කරලා රජය අන්තයටම එපාකරවන්න සමහරු උත්සාහ කරනවා. පිටින් ඉඳලා බලන අයට පේනවා මේ න්යායපත්රය පසුපසින් ඉන්නේ කවුද කියලා. ප්‍රමාද නොවී කටයුතු නොකළොත් තවත් අවුරුදු ගණනාවක් අපිට විඳින්න වෙනවා. (නි)
සමහරු නීතිය අතට නොදීමයි මේ හැමදේටම හේතුව (නි)
දැන් රට යන විදිය බලනකොට මීටත්වැඩිය දේවල් ඉස්සරහට වෙයි (නි)
ඇමතිතුමනි , මෙතන නීතිය කඩවීමක් නෙවෙයි වෙලා තියෙන්නෙ. අහිංසක ලෙස තමන්ගෙ ජාතියට ගැලපෙන ලෙස සම්ප්‍රදායට ගරැ කරල කරන්න ගිය උත්සවය ජාතිවාදී මුග්ධයින් පිරිසක් විසන් විනාශකාරී ව වැළැක්වීම. මේ ගැන විග්නේශ්වරන් විජයකලා වැනි කොටින් කිසිවක් කියා නෑ. උන් හිතින් උදම් අනනවා ඇති. නිවට නොවී නිර්භයව කියන්න මේ කොටි අවතාර කියලා. (බ)
මහත්තයෝ, රටේ ආරක්ෂාව වෙනුවෙන් විහිළු එපා. මෙයට වගකිවයුතු පුද්ගලයන්ට නීතිය මඟින් දඬුවම් ලබාදිය යුතුයි (නි)
තනතුරු වලට ආසාවට 2009 යේ දිනපු ජයග්‍රහණය පාවා දුන්නේ කවුද? (නි)