කොස්  කැඩීමට දාහතර හැවිරිදි සිසුවකු  පාසල් වත්තේ කොස්  ගසකට  නැංවු  බව කියන ගුරුවරියක කහවත්ත පොලිසිය විසින්  අත්අඩංගුවට  ගනු ලැබීය.

පැල්මඩුල්ලේ පාසලක මෙම සිසුවා  පසුගිය (26) වැනි දා  පාසල් වත්තේ කොස්  ගසට  නංවා  ඇතැයි ද ගසින්  වැටුණු සිසුවා  පැල්මඩුල්ල රෝහලට ද එතැනින් රත්නපුරයට ද පසුව කොළඹ ජාතික රෝහලට ද මාරු  කර යවා  ඇත. දැඩි  සත්කාර  ඒකකයේ  සිටින සිසුවා  යන්ත්‍ර ආධෘරයෙන්  හුස්ම ගන්නා  බව රෝහල්  ආරංචි  කියයි.

ගුරුවරිය අධිකරණයට  ඉදිරිපත්  කිරිමට  නියමිතය.