IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුෂානිගෙන් නවතම ගීත දෙකක් ළඟදීම

2016-04-23-ent-89

 

කුෂානි සඳරේඛා යනු චිත්‍රපට ගීත ඔස්සේ බොහෝ ජනාදරයට පත් ගායිකාවකි. නවක පරපුරේ ගායිකාවක වන ඇය, ඇයටම ආවේණික වූ ගීත ශෛල්‍යයක් ඔස්සේ නිර්මාණ බිහිකරයි. ඇයගේ අලුත්ම තොරතුරු අපත් සමග මෙසේ පවසා සිටියා.

"ඉදිරියේදී මගේ ගීත දෙකක් එළිදක්වන්න කටයුතු කරමින් පවතිනවා. ඊට අමතරව ප්‍රසංග සඳහා දායකවෙන ගමන් කලායතනයේ වැඩකටයුතු කරනවා. මෙහි ගායන, වාදන, නර්ත, කටයුතු පුහුණු කිරීමට අමරතව මෙහි රියැලිටි ප්‍රසංග සඳහා ද පුහුණුවීම් සිදුකරනවා. මීට අමතරව ගායක ගායිකාවන් ලෙස ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් ඉන්න අයවත් පුහුණුවීම් කරනවා.

"මගේ අලුත් ගීත නිර්මාණය දෙකක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. ඉන් එක් ගීතයක් මගේ Performing සමග සම්බන්ධ වෙච්ච එකක්. එහි වීවියෝවත් එක්ක තමයි ගීතය එළිදක්වන්නේ. අනෙක් ගීතයත් විශේෂයි. මොකද මගේ යාළුවෙකුට වෙච්ච දෙයක් ගැන තමයි ඒ ගීතයෙන් කියවෙන්නේ. ඒක ලිව්වෙත් මගේ තව යාළුවෙක්. ඒ ගීතය සංගීතවත් කලේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාරවරයෙකු වන හරීන් කියන කෙනයි. තව මම ගායනයෙන් දායක වූ චිත්‍රපටයක් ළඟදීම තිරගතවීමට නියමිතව තිබෙනවා. ඒ තමයි ශ්‍රියන්ත කොළඹගේගේ "ආදරණීය කතාවක්" කියන චිත්‍රපටය. ඉතිං මෙහෙම තමයි මේ දිනවල වෙන කාර්යයන්."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - අන්තර්ජාලය ඔස්සේ

 



අදහස් (0)

කුෂානිගෙන් නවතම ගීත දෙකක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site