IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා

20160309-ent-46

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින අංජු හිමායා බණ්ඩාර නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. රංගන ශිල්පිනියකට අමතරව රූපවාහිනි නිවේදිකාවක ලෙසද කටයුතු කරන ඇය බොහෝ දෙනෙකු අතර වර්තමානයේ කතාබහට ලක්වන්නේ "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යයේ "නිකිණි" චරිතය හරහාය.

 

20160309-ent-41 20160309-ent-42 20160309-ent-45"නිකිණි" චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. "නිකිණි" කියන්නෙ මම මීට කලින් රඟපෑ ටෙලි නාට්‍යය චරිතවලට වඩා වෙනස්ම එකක්. අන්තිමට කරපු හැම ටෙලි නාට්‍යයකම වගේ මම රඟපෑවෙ අහිංසක ගැමි චරිත. නමුත්, "නිකිණි" කියන්නෙත් අහිංසක චරිතයක් වුණත්, එහි වෙනස්ම අරුතක් තියෙනවා. තවමත් මෙම ටෙලි නාට්‍යයේ තිර පිටපත ලියාගෙන යන නිසා ඉදිරියෙදි මගේ චරිතයේ වෙනසක් සිදුවෙයිද කියලා කියන්න බැහැ.

 

ළඟදි චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා නේද?

"රාස්ස කැලේ" චිත්‍රපටයෙන් පසුව මා රඟපාන දෙවැනි චිත්‍රපටය තමයි "සාම" කියන්නේ. මෙහි රූපගත කිරීම් මේ දිනවල නුවර දීගන ප්‍රදේශයේ සිදුවෙනවා. මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. මෙම චිත්‍රපටය පන්සිය පනස් ජාතක කතා අතරින් එකක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් මෙහි රූපගත කිරීම්වලදී මම ලබනවා. මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට ආරාධනා කළේ මෙහි නිෂ්පාදකවරයා වන උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. කිහිප වතාවක් මට ඔහුගේ නිර්මාණවලට දායක වෙන්න ආරාධනා කළා. නමුත්, කුමන හෝ හේතුවක් මත ඔහු සමග වැඩ කරන්න ලැබුණෙ නැහැ. ඒ වගේම ඉසුරු චානක මුහන්දිරම්වත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ගයාන් චානක මුහන්දිරම්.

 

මේ කාර්යබහුලත්වය ඔබේ නිවේදන කටයුතුවලට බාධාවක්ද?

නැහැ. මම අදටත් රංගනයට වඩා ගොඩක් කැමති නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. දැනට මම ස්වර්ණවාහිනි නාළිකාවට සම්බන්ධ වෙලා වසර 07ක් වෙනවා. ඒ කාලය තුළ මම එම නාළිකාවේ නොයෙකුත් වැඩසටහන්වලට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙලා වැඩ කළා. මේ දිනවල "හිතට වදින එක" කියන වැඩසටහන කරනවා. ඉදිරියෙදි ස්වර්ණවාහිනි නාළිකාවේ ලොකු වෙනසක් සිදුවෙනවා. ඒ නිසා නිවේදිකාවක් විදිහට ලොකු වැඩ කොටසක් ඉදිරියෙදි මට කරන්න ලැබෙයි කියලා මම හිතනවා.

 

ඉදිරියට එන්න තියෙන කලා කටයුතු මොනවද?

මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක් තියෙනවා ඉදිරි කාලයෙදි විකාශය වෙන්න. දැනට මම සම්බන්ධ වෙලා වැඩ කරන්නේ "සාම" චිත්‍රපටයට සහ "දේදුන්නයි ආදරේ" "මෙගා" ටෙලි නාට්‍යයෙ.

 

ටෙලි නාට්‍යය බොහෝමයක ඔබ රඟපාලා තියෙනවා. නමුත්, ප්‍රේක්ෂකයන් ඔබ ගැන කතාබහ කළේ අඩුවෙන්?

"හිම කඳුළු" ටෙලි නාට්‍යයේ "කෞෂි", "චන්දනා" නාට්‍යයේ "තාරුකා" චරිත තුළින් මම ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක් වුණා. අද වුණත් මා අතිශය ජනප්‍රිය වූ "පබා", "බ්‍රහ්ම මුර්තිය", "ලොක්කි" ටෙලි නාට්‍යයේ කළ චරිතවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ගිහාන් රෝහණගේ "මං අවුලංගුයි" ටෙලි නාට්‍යයේ "සූකිරි" වගේම නිශාන්ත වීරසිංහගේ "චන්න කින්නරාවි" කියන නාට්‍යය වල මා ඉදිරිපත් කරන චරිතය ගැන බොහෝ දෙනෙක් කතාබහ කරයි කියලා මම හිතනවා.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ක්ෂේත්‍රය තුළ ඉන්නවා විවිධාකාර ගති ලක්ෂණ තියෙන මිනිස්සු. බොරු කියන, අපහාස කරන, කේළම් කියන පිරිස් ඉන්නවා. ඉතින් එහෙම පිරිසක් එක්ක එකට ඉඳලා මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියටත් රැඳිලා ඉන්න බැහැ. ඒ හින්දා බොහෝ දුරට ඉදිරියෙදි මම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වේවි. නමුත්, තවමත් හිතලා නැහැ එතැනින් එහා කරන්නෙ මොකක්ද කියලා. හැබැයි ගොඩක් ආසයි නිවේදිකාවක් විදිහට තව දුරටත් කටයුතු කරන්න.

 

  බුද්ධික සේනාධීර

tharunaya

20160309-ent-40
20160309-ent-43
20160309-ent-44

 



අදහස් (0)

ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site