නවක නිරූපිකාවක ලෙස කලඑළි බහින ඇය නමින් මධූෂා ලක්මාලිය. තවමත් නව යොවුන් වියේ පසුවන ඇය නිරූපණය හා ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
ඔයා ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මගේ නම මධූෂා ලක්මාලි. ගම ඇල්පිටිය. ඉගෙන ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය.
රැකියාවක් කරනවාද?
රැකියාවක් නම් කරන්නෙ නැහැ.
ඒ කියන්නේ ගෙදරට වෙලා ඉන්නවා?
කලින්නම් ප්‍රාථමික ගුරුවරියක් වශයෙන් කටයුතු කළා. දැන් නම් ගෙදර ඉන්නේ.
කලාවේ මූලික අඩිතාලම?
මම මුලින්ම ඩීවීඩි ෆිල්ම්වල තමයි හිටියේ. මුලින්ම රාජ් රණසිංහ සර්ගේ ෆිල්ම් එකකින් තමයි ආවේ.
ඒ චිත්‍රපටය ගැන කිව්වොත්?
මුලින්ම ‘එයා තමයි මෙයා’ චිත්‍රපටය සඳහා දායක වුණා. ඊට පස්සේ ‘රෝද තුනේ මනමාලයා’, ‘මිස්ටර් ඔල්මොරොන්දම්’ කියන ඩීවීඩි ෆිල්ම්වලටයි. ඊට පස්සේ මියුසික් වීඩියෝ සහ ෆොටෝ ෂූට් සඳහා දායක වුණා.
මියුසික් වීඩියෝ දෙක මොකක්ද?
මචං ක්‍රියේෂන් ආයතනයේ. තාම ඒ ගීත දෙක එළිදැක්වූයේ නැහැ.
නිරූපණයෙන්ද ඉදිරිය බලාපොරොත්තු වෙන්නේ?
ගොඩක්ම ෆෝටෝ ෂූට් සඳහා තමයි කැමති. වෘත්තීයක් වශයෙන් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් කරන්න ආසාවක් තියෙනවා.
විනෝදාංශයක් විදිහට නිරූපණය කරන්නේ?
ඔව්, ඒ වුණත් දිගටම කරන්න බලාපොරොත්තුවක් නැහැ.
නිරූපණය හොඳද?
හරියට ක්ෂේත්‍රයේ ඉන්න ඕනා. ගෑනු ළමයෙක් වුණාම තමන්ගේ ගෞරවය තියාගෙන හරියට වැඩකරගෙන හරියට හිටියොතින් මේ ක්ෂේත්‍රයේ ඉන්න අමාරු නැහැ.
ක්ෂේත්‍රයට වටිනාකමක් තියෙනවාද?
තියෙනවා කියලා හිතෙනවා. නමුත් මිනිස්සු එක එක විදිහට බලනවා. තමන් හරියට හිටියෝතින් එච්චරයි.
ඉදිරි බලාපොරොත්තු?
මේ ක්ෂේත්‍රයට පොඩි හරි හැකියාවක් තියෙනවා නම් ඒ දේවලුත් තව දියුණු කරගෙන පුළුවන් තරමක් ක්ෂේත්‍රය තුළ ඉන්න බලාපොරොත්තු වෙනවා. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ සතුටින් ඉන්න තමයි මට ඕනේ.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ අම්මයි, තාත්තයි, අයියයි මතක් කරන්න ඕනේ. ඒ අය තමයි මට ගොඩක් උදවු කරන්නේ. ඒ වගේම පැතුම් අයියවත් මතක් කරන්න ඕනේ. ගොඩක්ම උදවු කරනවා. ඒ අයියා සහ මට සහයෝගය දීපූ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd