කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වස විස නැති එළවළු හා පළතුරු ආදිය අලෙවි කරන පොළට රටේ ප්‍රධාන පුරවැසියා අද (7) දෙවැනි දිනටත් පැමිණියේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගනිමින් කථාව කළේ ලේකම්වරයෙකි.
ඔහු අවසර ගත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි යනුවෙනි. එසේ කියනවාත් සමගම එහි අසල සිටි පුද්ගලයෙක් ඔහුට ඇඟිල්ලෙන් ඇන්නේය. ඔහුගේ කථාවට ලොකු විසක් එකතුවූ බව ඔහුට තේරුම් ගියේය. ඒ විස නැති කරගැනීමට දෙවරක්ම ඔහු ජනපති සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලා සිටියේය.
සිරිසේන මහතා එය වැරදීමක් බව තේරුම් ගෙන සිටියේය. ඔහුගේ සිනහවෙන් ඒ බව පැහැදිලි විය.
මෙවැනි සිද්ධි මීට පෙරද වාර්තා විය. ඒත් මෛත්‍රිපාල සිරිසේන ජනපති එවැනි දේ කිසිම ගණනකට ගත්තේ නැත. වැරදීම මිනිස් ගතියක් බවත් අදත් පසක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් කාටත් දැනෙන්නේ ඒ නම විතරයි. මොකද රටට වැඩක් කළ අයගේ නම් තමයි මිනිස්සුන්ගේ හිත්වල හැමදාම තියෙන්නේ (හේ)
ගුරුන්ටත් අකුරු වරදිනවා කියන්නේ මෙවැනි දේවලට තමා. මේක කෘෂිකර්ම ලේකම්ට වෙච්ච වැරදීමක් නෙමෙයි. එයාගේ ඔලුවත්, හිතත් තවම පරිභ්‍රමණය වෙන්නේ මහින්ද වටායි. කට බොරු කිවුවත් දිව බොරු නොකියනවා කියන කතාව යළිත් වරක් මෙහිදී හොඳින්ම සනාථ වී තිබෙනවා. මෙවැනි දෙයක් මහින්ද පාලන සමයේ සිදුවුණා නම්, ලේකම් මෙලහකටත් රැකියා විරහිත පෝලිමේ අග සිටගෙන ඉන්නවා වෙන්නත් තිබුණා. ජනපති සිරිසේන මැතිතුමාට මගේ ආචාරය !!!!! (නි)
ඇයි මහින්ද රාජපක්ෂත් නිතරම වරද්දා ගන්නේ?? මාතෘභූමියට ආදරෙයි කියන්නේ එයාගේ පවුලට ආදරෙයි කියන එක වරද්දගෙනනේ(කෞ)
ඔය කියන දේ වැරදීමක් නොවෙයි. හිතාමතාම ඉන්න ජනාධිපති තුමාට අවමන් කරන්න කියන කතා. (බ)
මෙවැනි වැරදි වලට විනය පරීක්ෂණයක් තියලා දඬුවමක් දෙන්න අවශ්‍යයි. (ම)
ඔව් ඉතින්. කාටද මෙයාව අමතක කරන්න පුළුවන් ? (ර)
තාම ජිවත් වෙන්නේ ඒ හීන ලෝකේ.(හේ)
මටනම් මහින්දට වඩා නිම්මි ගැන දුක තමා. (අ)
තාමත් රටේ මිනිස්සුන්ට මතකය තියෙන්නේ මහින්ද නමයි. (ර)
එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. නම් දෙක විතරනේ වෙනස් (නි)
අද රජයේ නිලධාරීන් වැඩි දෙනෙකුගේ ඔලු බහුබූත වලින් පිරි ඇත . බොහෝ විට ඔවුන් කියන කරනදේය ඔවුන්වත් නොදනිති. (ර)
නිමල් හරි. වැඩක් කරපු මිනිස්සු විතරයි ඉතිහාස ගත වෙන්නේ. මහින්දට අපහස කරපු අයට අද මොකද වෙලා තියෙන්නේ? සේභිත හිමි පාටලී රාජිත එම්.ඩෟ.ඒ.කේ,විශ්වා වර්ණපාල...... එක නිසා මහින්දට අපහස කරන අය පරිස්සමෙන්. (කෞ)
ඕක ලොකුවට කියන්න දෙයක් නෙවේ නේද? චන්ද්‍රිකා ගියාට පස්සේ මහින්ද පිලිගන්නත් කීදෙනෙක් චන්ද්‍රිකාගේ නම කිව්වද? (ර)
මේවා වැරදීම් නෙවෙයි - හිතා මතා කරන වැඩ .. ජනපති කෙනෙක් එන උත්සවයක කියන කරන දේවල් වල පෙරහුරවක් අනිවාර්යන්ම තියෙනවා , කතාවල් කොලයක ලියාගන්නවා , මේක මහින්දට ලකුණු දැමීමක්. (ර)
තාමත් මහින්ද අමාත්‍යංශ ලේකම්ලගේ හිතේ හොල්මන් කරනවා (නි)
මේවා යටිකූට්ටු වැඩ.(හේ)
මෑත කාලයේ ලොකු වගකීමක් ඇතුව රට නිදහස් කර ගත්තු පුද්ගලයා.සිංහල මිනිසුන්ගේ සිතෙන් මෙතරම් ඉක්මනට ඔහුට ඈත් වෙන්න බැහැ.(හේ)
කොහොමත් ඔය ලොකු පුටුවල ඉන්න ගොඩක් දෙනෙකුට මෙලෝ සිහියක් පතක් නෑ. කරන්නේ මොනවද ? කියන්නේ මොනවද ? කියලා වගේ වගක් නෑ. (ර)
ඕවා සැළසුම්සහගතව කියන දේවල් කියලයි මට හිතෙන්නේ. වැරදුනා කිව්වම ඉතින් හරිනේ සේරම. මහින්දගේ වටේ හිටිය වන්දිබට්ටයෝ තාම ඉන්නේ ඒ ලෝකෙම තමයි. (නි)
ලේකම්වරයා පහුගිය කාලේ ඉඳලා ඉන්න කෙනෙක් නම් ඉතින් අහන්න දෙයක් නැහැ. විනය පර්ක්ෂණ තිබිය යුතුයි. මෙහෙම අය තවමත් සංස්ථා, ලොකු ලොකු කාර්යාංශ වල හොල්මන් කරනවා. ඔය කට්ටිය දතකට මැදගෙන ඉන්නේ නැවත බලයක් එනකම්. මේ යහපාලන කට්ටය ඒ අයව නළවනවා තාම. ඕවායේ ප්‍රතිඵල එනකොට තමයි තේරෙන්නේ (නි)
හිනාවෙන්නේ නැතුව අඬන්නද ඉතින්. (බ)
ඕක තමයි ඇත්ත.(හේ)
අවුරුද්දක් ගතවෙලත් තවමත් අමාත්‍යංශ ලේකම්වරයෙකුට ජනාධිපතිගේ නම පැටලෙනවා නම් ඔහු ලේකම් තනතුරට සුදුස්සෙක් නෙමෙයි. (බ)
පාටලී, රටේ මිනිස්සුන්ට මහින්ද විතරක් නෙමෙයි, එතුමාගේ මුළු පරම්පරාවම තව සැහෙන කාලෙකට අමතක වෙන්නේ නෑ. (ර)
වැරැදි කා අතිනුත් වෙනවා ඕක හිතන්න දෙයක් නෑ.(හේ)
"වැරදීම මිනිස් ගතියක්“
රටේ මිනිසුන්ගේ හදවත්වල තිබෙන්නේ මහින්දගේ නම විතරයි නායකයකු හැටියට. (නි)
හිතට ගතට වැදුන දේ කාලාන්තරයක් පවතිනවා (ම)