(අංජුල මහික වීරරත්න)
විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශනයකට ලක් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
එම සියලු ව්‍යාපෘති වල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක් ඇති අතර වැවිලි කර්මාන්ත විෂය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකව පවතී.
විශේෂයෙන් විදේශ අරමුදල් මෙම ව්‍යාපෘති සඳහා ලබා දී ඇත්තේ ණය ආධාර වශයෙන් වන අතර එම මුදල් නැවත අදාල විදේශ නියෝජිතායතන වෙත ගෙවිය යුතුව ඇත.
නමුත් මෙම ව්‍යාපෘති මගින් මුදල් වියදම් කිරීමේ දී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු රැසක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා ගොවි ප්‍රතිලාභ සඳහා දිය යුතු එම මුදල් නිකරුණේ වියදම් කිරීම මගින් විශාල මුදලක් අපතේ ගොස් ඇතැයි වාර්තා වී ඇති බව සඳහන් කළේය.
එමෙන්ම මෙම ව්‍යාපෘති බාර නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කමිටු ඉදිරියට කැඳවා කරුණු විමසිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි-වැවිලි විදෙස් ආධාර ව්‍යපෘතිවලට ’’උකුසු ඇස්’’