බෙන්තොට ,ගලපාත රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී අනුබුද්ධ කාශ්‍යප දළඳා මහා පෙරහර ඉරිදා රාත්‍රි සිට අද(21) අලුයම දක්වා බෙන්තොට රජ මාවත ඔස්සේ වීථි සංචාරය කෙරිණි.
ගලපාත විහාරයේ චෛත්‍ය රාජයා තුළ තැන්පත් කර ඇති ශ්‍රී අනුබුද්ධ කාශ්‍යප දළදා වහන්සේට පූජෝපහාර පිණිස මෙම පෙරහැර දෙවන පැරකුම් රජ සමයේ සිට පැවැත්වේ.
පෙරහරේ ගමන් ගන්නා මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම පෙරහරේ ප්‍රධාන ගිහි අනුශාසක ,ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd