IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාශ්මීර ප්‍රශ්නයට ලංකාවෙත් උද්ඝෝෂණ

ඉන්දු - කාශ්මීර අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාශ්මීර ජනතාවට කෙරෙහි ඍජු අවධානය යොමු කර එයට විසඳුමක් දෙන්නැයි ‘පකිස්තාන් ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන්‘ සංවිධානය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට අද ලියවිල්ලක් බාර දුන්නේය.

Kashmeer_20151027 Kashmeer_20151027--2 Kashmeer_20151027--3

 



අදහස් (0)

කාශ්මීර ප්‍රශ්නයට ලංකාවෙත් උද්ඝෝෂණ

කුමාර Wednesday, 28 October 2015 03:43 AM

මොනයම් හෝ ශ්‍රී ලංකාව ට අදාළ ප්‍රශ්නයකදී අප වෙනුවෙන් මතු බලාපොරොත්තු නැතුව උදව්වක් හැටියට කළා නම් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. වෙන රටක ප්‍රශ්නයකදී විශේෂයෙන්ම ඉන්දියාවට දැඩිව බලපාන ප්‍රශ්නයකදී අපේ රට පටළවාගන්න හදනවා නම් අර කළ උදවුව කුමක්ද කියලා අපිට හිතන්න වෙනවා. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 03:52 AM

ඉන්දියාව සහ පකිස්ථාන අතර යහපත් දේශපාලන මිතුරුකමක් නැහැ. එමනිසා එක රටකට සහයෝගය සඳහා අපි ඉදිරිපත් වීම නුසුදුසු ය යි සිතමි. මැද පිළිවෙලක රැඳී සිටීම වඩා හොඳය.(ම)

:       0       0

කමල් Wednesday, 28 October 2015 04:08 AM

අනුන්ගේ ප්‍රශ්න වලට අතදාන්න ගිහිල්ලා රටවල් අතර හොඳහිත නැතිකරගන්න අපිට පිස්සු නෑ (ම)

:       0       0

ටිහාන් Tuesday, 27 October 2015 12:25 PM

මම නම් කියන්නේ අපි අපේ පාඩුවේ ඉඳිමු කියලයි (නි)

:       0       0

විල්සන් Tuesday, 27 October 2015 12:26 PM

තුෂාරගේ ප්‍රාර්ථනාවට මමත් එක්වෙනවා (නි)

:       0       0

උපාලි Tuesday, 27 October 2015 12:39 PM

මම නම් මේ දේවල් ගැන නොදන්නා නිසා මොකුත් කියන්නේ නැහැ (නි)

:       0       0

නාමල් Tuesday, 27 October 2015 12:59 PM

මම නම් දකින විදිහට කාශ්මීරයේ ඉන්දීයවිරෝධීත්වය උසිගන්වන්නේ පාකිස්තානය. ඔවුන් කාශ්මීරය අල්ලාගෙන ඉන්නේත් නීතිවිරෝධීව. (නි)

:       0       0

සිල්වා Tuesday, 27 October 2015 01:05 PM

මෙය අපට අදාල ප්‍රශ්නයක් නොවේ , මෙය අප විසින් ඇති කළේද නැත , මෙය වැලක්වීමට පකිස්ථානයට හෝ ඉන්දියාවට බලකිරීමට අපට ශක්තියකුත් නැත . කරුණාකර අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ හැර , ඔබලා ඉන්දියාවට හෝ පකිස්ථානයට හෝ ජිනීවා වලට ගොස් ඔය ප්‍රශ්නය විසදගන්න (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 27 October 2015 01:39 PM

වෙන රටවල ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීම ඉතා හොඳයි, ඒත් පකිස්තානය යුද්ධ කාලෙ අපේ රටට අඛණ්ඩව ආධාර කරපු රටක්. එජා සංවිධානෙධිත් අපි වෙනුවෙන් පෙනී සිටින රටක්..(බ)

:       0       0

තිලකරත්න Wednesday, 28 October 2015 06:22 AM

ඉහත අදහස් දෙස විමසිල්ලෙන් බලන්න. ලංකාව වැනි කුඩා රටක ජීවත්වන සුළු සංඛ්‍යාවක් වන සිංහලයන් රට ජාතියට බලපාන ප්‍රශ්න වලදී මොනතරම් පරස්පරවිරෝධී අදහස් දරයිද? මේ හේතුවෙන් සිංහල ජාතිය පිරිහෙමින් ගොස් යම් දිනෙක අනාගත සිංහල දරු පරපුරට අපේ රට අහිමිවුවහොත් එයට වගකිවයුත්තේද ළිඳේ සිටින මැඩියන් වන අපම නොවේද? (නි)

:       0       0

ධම්ම Wednesday, 28 October 2015 06:25 AM

ඉන්දු-කාශ්මීර-පාකිස්තාන් අර්බුදය නිසිලෙස තේරුම් නොගෙන පාකිස්තානයට "හෝයියා" කියන එකේ නම් තේරුමක් නැහැ. (නි)

:       0       0

ටානියා Wednesday, 28 October 2015 06:38 AM

අපි බලමුකෝ සිද්ධවෙන දේ (නි)

:       0       0

විජිත Tuesday, 27 October 2015 03:21 PM

අයි එස් අයි එස් ගැනත් විරෝධය පාන්න.(හේ)

:       0       0

තුෂාර Tuesday, 27 October 2015 03:35 PM

නිකන් කාලය කා දමන වැඩක්.(හේ)

:       0       0

නිරෝෂා Tuesday, 27 October 2015 04:01 PM

දීපාල් අපට ඉන්දියාවත් උදව් කළා... ජිනීවා වලදී පාකිස්තානය පෙනීසිටියේ රෙජීමය වෙනුවෙන් (බ)

:       0       0

චම්පික Wednesday, 28 October 2015 07:23 AM

අනේ අපේ අයටත් තියෙන වැඩ! (නි)

:       0       0

ශානක Tuesday, 27 October 2015 09:51 PM

මෙහේ ප්‍රශ්න සියල්ල අවසන් නිසා දැන් වෙන රටවල ප්‍රශ්න ගැන අපේ අය උනන්දු වුණාට කමක් නැහැ (නි)

:       0       0

සහන් Wednesday, 28 October 2015 12:53 AM

ඒ කියන්නේ දැන් අපේ රටේ ප්‍රශ්න ඔක්කොම අවසන්ද? (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ. Wednesday, 28 October 2015 01:02 AM

සෑම මනුෂ්‍යයෙක්ම තම මව්බිමේ සංස්කෘතියත් එක්ක ජීවත්වෙනවා නම් අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය ගැටලු, බොරු ප්‍රශ්න ඇති නොවේ. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 28 October 2015 08:32 AM

මේ සිද්ධිය සම්බන්ධව විශාල වශයෙන් කල්පනා කිරීම අවශ්‍යයි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව අප මෙතරම් සිතන්නේ ඇයි? අපට විසඳාගැනීමට කෙතරම් ප්‍රශ්න තිබෙනවාද? (ස)

:       0       0

කීර්ති Wednesday, 28 October 2015 08:39 AM

මේ අය කියන නිසාම කාශ්මීර් ප්‍රශ්නේ විසඳෙයි දැන්! පාකිස්තානේ තමයි මේ අවුලට මුල. කරුණාකරලා අපට අදාල නැති ප්‍රශ්නවලට හොට නොදා ඉන්න. (ස)

:       0       0

තුෂාර Tuesday, 27 October 2015 11:13 AM

පිඩාවන්ට පත්වූවන්ට ඉක්මනින් සහනයක් ලැබේවා! (නි)

:       0       0

චමල් Tuesday, 27 October 2015 11:53 AM

ආ ආ ඔය එන්නේ. අපි කියන්නේ මේවා තමයි අපිව ජාතිවාදීන් කියල ලේබල් ඇලෙවුවට. පකිස්තාන් මිත්‍රත්වේ භයානකකම තව ටික කලකින් තේරේවි. අපිට මොකටද ඉන්දියාවේ ප්‍රශ්න. මෙතන තියෙන්නේ වෙන දෙයක්. (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 27 October 2015 11:57 AM

ඇෆ්ගනිස්තානයේ හා සිරියාවේ පීඩාවට පත්වන අය ගැනත් බලන්න. (ර)

:       0       0

රොෂාන් Tuesday, 27 October 2015 12:09 PM

චමල්ගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

ප්‍රියත් Tuesday, 27 October 2015 12:12 PM

මේ අය වෙන්නැති පකිස්තාන් ටීම් එකට සපෝට් කරන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site