ඉන්දු - කාශ්මීර අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාශ්මීර ජනතාවට කෙරෙහි ඍජු අවධානය යොමු කර එයට විසඳුමක් දෙන්නැයි ‘පකිස්තාන් ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන්‘ සංවිධානය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට අද ලියවිල්ලක් බාර දුන්නේය.
ඉන්දු - කාශ්මීර අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාශ්මීර ජනතාවට කෙරෙහි ඍජු අවධානය යොමු කර එයට විසඳුමක් දෙන්නැයි ‘පකිස්තාන් ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන්‘ සංවිධානය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට අද ලියවිල්ලක් බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනයම් හෝ ශ්‍රී ලංකාව ට අදාළ ප්‍රශ්නයකදී අප වෙනුවෙන් මතු බලාපොරොත්තු නැතුව උදව්වක් හැටියට කළා නම් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. වෙන රටක ප්‍රශ්නයකදී විශේෂයෙන්ම ඉන්දියාවට දැඩිව බලපාන ප්‍රශ්නයකදී අපේ රට පටළවාගන්න හදනවා නම් අර කළ උදවුව කුමක්ද කියලා අපිට හිතන්න වෙනවා. (නි)
ඉන්දියාව සහ පකිස්ථාන අතර යහපත් දේශපාලන මිතුරුකමක් නැහැ. එමනිසා එක රටකට සහයෝගය සඳහා අපි ඉදිරිපත් වීම නුසුදුසු ය යි සිතමි. මැද පිළිවෙලක රැඳී සිටීම වඩා හොඳය.(ම)
අනුන්ගේ ප්‍රශ්න වලට අතදාන්න ගිහිල්ලා රටවල් අතර හොඳහිත නැතිකරගන්න අපිට පිස්සු නෑ (ම)
මම නම් කියන්නේ අපි අපේ පාඩුවේ ඉඳිමු කියලයි (නි)
තුෂාරගේ ප්‍රාර්ථනාවට මමත් එක්වෙනවා (නි)
මම නම් මේ දේවල් ගැන නොදන්නා නිසා මොකුත් කියන්නේ නැහැ (නි)
මම නම් දකින විදිහට කාශ්මීරයේ ඉන්දීයවිරෝධීත්වය උසිගන්වන්නේ පාකිස්තානය. ඔවුන් කාශ්මීරය අල්ලාගෙන ඉන්නේත් නීතිවිරෝධීව. (නි)
මෙය අපට අදාල ප්‍රශ්නයක් නොවේ , මෙය අප විසින් ඇති කළේද නැත , මෙය වැලක්වීමට පකිස්ථානයට හෝ ඉන්දියාවට බලකිරීමට අපට ශක්තියකුත් නැත . කරුණාකර අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ හැර , ඔබලා ඉන්දියාවට හෝ පකිස්ථානයට හෝ ජිනීවා වලට ගොස් ඔය ප්‍රශ්නය විසදගන්න (බ)
වෙන රටවල ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීම ඉතා හොඳයි, ඒත් පකිස්තානය යුද්ධ කාලෙ අපේ රටට අඛණ්ඩව ආධාර කරපු රටක්. එජා සංවිධානෙධිත් අපි වෙනුවෙන් පෙනී සිටින රටක්..(බ)
ඉහත අදහස් දෙස විමසිල්ලෙන් බලන්න. ලංකාව වැනි කුඩා රටක ජීවත්වන සුළු සංඛ්‍යාවක් වන සිංහලයන් රට ජාතියට බලපාන ප්‍රශ්න වලදී මොනතරම් පරස්පරවිරෝධී අදහස් දරයිද? මේ හේතුවෙන් සිංහල ජාතිය පිරිහෙමින් ගොස් යම් දිනෙක අනාගත සිංහල දරු පරපුරට අපේ රට අහිමිවුවහොත් එයට වගකිවයුත්තේද ළිඳේ සිටින මැඩියන් වන අපම නොවේද? (නි)
ඉන්දු-කාශ්මීර-පාකිස්තාන් අර්බුදය නිසිලෙස තේරුම් නොගෙන පාකිස්තානයට "හෝයියා" කියන එකේ නම් තේරුමක් නැහැ. (නි)
අපි බලමුකෝ සිද්ධවෙන දේ (නි)
අයි එස් අයි එස් ගැනත් විරෝධය පාන්න.(හේ)
නිකන් කාලය කා දමන වැඩක්.(හේ)
දීපාල් අපට ඉන්දියාවත් උදව් කළා... ජිනීවා වලදී පාකිස්තානය පෙනීසිටියේ රෙජීමය වෙනුවෙන් (බ)
අනේ අපේ අයටත් තියෙන වැඩ! (නි)
මෙහේ ප්‍රශ්න සියල්ල අවසන් නිසා දැන් වෙන රටවල ප්‍රශ්න ගැන අපේ අය උනන්දු වුණාට කමක් නැහැ (නි)
ඒ කියන්නේ දැන් අපේ රටේ ප්‍රශ්න ඔක්කොම අවසන්ද? (නි)
සෑම මනුෂ්‍යයෙක්ම තම මව්බිමේ සංස්කෘතියත් එක්ක ජීවත්වෙනවා නම් අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය ගැටලු, බොරු ප්‍රශ්න ඇති නොවේ. (නි)
මේ සිද්ධිය සම්බන්ධව විශාල වශයෙන් කල්පනා කිරීම අවශ්‍යයි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව අප මෙතරම් සිතන්නේ ඇයි? අපට විසඳාගැනීමට කෙතරම් ප්‍රශ්න තිබෙනවාද? (ස)
මේ අය කියන නිසාම කාශ්මීර් ප්‍රශ්නේ විසඳෙයි දැන්! පාකිස්තානේ තමයි මේ අවුලට මුල. කරුණාකරලා අපට අදාල නැති ප්‍රශ්නවලට හොට නොදා ඉන්න. (ස)
පිඩාවන්ට පත්වූවන්ට ඉක්මනින් සහනයක් ලැබේවා! (නි)
ආ ආ ඔය එන්නේ. අපි කියන්නේ මේවා තමයි අපිව ජාතිවාදීන් කියල ලේබල් ඇලෙවුවට. පකිස්තාන් මිත්‍රත්වේ භයානකකම තව ටික කලකින් තේරේවි. අපිට මොකටද ඉන්දියාවේ ප්‍රශ්න. මෙතන තියෙන්නේ වෙන දෙයක්. (බ)
ඇෆ්ගනිස්තානයේ හා සිරියාවේ පීඩාවට පත්වන අය ගැනත් බලන්න. (ර)
චමල්ගේ අදහසට මමත් එකඟයි (නි)
මේ අය වෙන්නැති පකිස්තාන් ටීම් එකට සපෝට් කරන්නේ (බ)