බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු වෙනුවෙන් අද සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී උපන්දින සාදයක් පැවැත්විණි. අද නොවැම්බර් 14 දා චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරුගේ 65 වැනි උපන්දිනයයි. බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි චාර්ල්ස් කුමරු අද සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අරලියගහ මන්දිරයට ගියේය. චාර්ල්ස් කුමරුගේ උපන්දිනයට ජනාධිපතිවරයා ද සුබ පැතුවේය. කුමරු වෙනුවෙන් අරලියගහ මැදුරේ දේශීය කැවිලි පෙවිළි වලින් සමන්විත සාදයක් ද පිළියෙල කැර තිබිණි. හෙට ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩල රටවල නායක සමුළුවේ ප්‍රධානියා වන්නේ චාර්ල්ස් කුමරුය. ඔහු මේ සමුළුවට සහභාගී වන්නේ සිය මව වූ දෙවැනි එලිසබෙත් රැජන නියෝජනය කරමිනි. උපන් මොහොතේ පටන් කිරුළට හිමිකම් කියූ චාර්ල්ස් කුමරු එවැනි විදෙස් නායක සමුළුවක මුළසුන දරන්නේ බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියා වසර 65 ක් ගතවූ පසුව වීම විශේෂත්වයකි. එලිසබෙත් රැජන සිය සෞඛ්‍ය තත්ත්වය සළකා චාර්ල්ස් කුමරුට රාජ්‍යත්වයේ වගකීම් පවරමින් සිටියි. ඇය විශ්‍රාම ගන්නා බව ද පැවසේ. හෙට දිනය චාර්ල් කුමරුගේ රාජ්‍යත්වයට වැදගත් දිනයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙට සිට වසර දෙකක කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය උසුලනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ පාට අතහැරලා අපි හැමෝම මේ වෙලාවේදී එකාමෙන් කටයුතු කරන්න ඕන..........මොකද අපි ලෝකයක්, අපේ රටට ගෙනල්ල තියෙන්නේ.. ." එක්වුවොතින් සැවොම එක අරමුණක් ඇතිව , බැබලේවි ලෝකේ පුරා"........ (ස)
චාල්ස් කුමාරයාට හා එංගලන්තයට ජයවේවා! (නි)
නීල් රණා, ඔබ කියන කතාව ඇත්ත. (ස)
ලස්සන පින්තුරයක්..මේක ලංකාවට තීරණාත්මක මොහොතක්..ලංකාව සාමයෙන් බැබලෙන රටක් කියල ලෝකයට කියන්න හොඳ අවස්ථාවක් තමා මේ සමුළුව.. (ස)
ජනාධිපතිතුමා ගැන ආඩම්බරයි. (ස)
ලස්සන පින්තුරයක්, අප සිරිත් ලොවටම පෙන්නුවා. ඔබට ජය වේවා ජනාධිපතිතුමනි. (ස)
අපේ කෑම හරි ගියාද මන්දා (දී)
ඔබ ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් බව මගේ අදහසයි (දී)
ඇත්ත තත්වෙ මෙහෙම වුණත්.. හිරු අවරින් එනවා තමා.. (නි)
කුමරුනි, ඔබට සුබ උපන් දිනයක්..!! එහෙත් ඩයනා කුමරිය සිටියා නම් වඩාත් සුන්දර වේවි.. (නි)
කේක් එකක් මේසෙ ඇතේ.. ඉන් කොටසක් අතේ ඇතේ.. තෙලින් බැදුණු කැවුම් දිහා.. බයෙන් බලයි මගේ හිතේ.. (නි)
මම මේකේ විඩියෝ එක දැක්කා. (නදී)
නීල් රණා..පැහැදිලිවම කොටි පුල්ලියක්... (ස)
කුමරුනි සුබ උපන් දිනයක් වේවා!! (ස)
අපේ රට අපේ ජාතිය අපේ ගම - ඉහලට තබා අපේ සිරිතට දීල තැන - සැරදේ ආයුබෝවන් මේ උපන්දින - ජනපති තුමා පෙන්නුව අපෙ හැදුනු කම.- ජයවේවා.! (දී)
ජනතාව ඉදිරියේ සුද්දන්ට බැන බැන එයාලටම දැන් ඔවුන්ව හොදයි (නි)
අපේ අනන්‍යතාවය නොපැකිලව ලොව ඉදිරියට ගෙන ගිය එකම රාජ්‍ය නායකයා ජනපති මහින්ද රාජපක්ෂයි. පෙර සිටි අය ජාතික ඇඳුම ඇන්දාට හැසුරුනේ සුද්දෝ වාගේ. (දී)
ඉතාමත් සුන්දර අවස්ථාවක්. පක්ෂ පාට කෙසේ උනත් මම මෙය නම් අගේ යැයි කීමට පසුබට නොවෙමි. (ස)
ඇත්තටම මේ පින්වත් තේජවන්ත නාකයා අපට වස්තුවක්.මෙතුමාට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය මෙන්ම සියලු දෙවියන්ගේ පිහිට පතමින් අපේ විශේෂ අමුත්තාට සුබ උපන් දිනයක් කියා කියමු (නි)
පෙන්වා අපේකම දෑතම එකතු කර....... සොදවා කැවිලි මේසය ඒ විවර කර..... පිනවා ගත සිතද කුමරුගේ රස නහර..... පැතුවා දිගාසිරි කුමරුට කරුණ බර........ දිනේවා මගේ ලංකා මෑණි! (නි)
ජනාධිපතිතුමනි, ඔබ අපේ අනන්‍යතාවය පෙන්වා ලාංකික විදියට සැළකීම හරිම අගෙයි. ජයවේවා! (නි)
පක්ෂ පාට මොනවා වුණත් සතුට දනවන දසුනක් (නි)
ජාතික ඇඳුමෙන් සැරසී ලොව පුරා රාජ්‍ය නායක සමුළුවලට නොපැකිළව සහභාගිවන, ඕනෑම විදේශීය අමුත්තෙකුට දේශීය ආහාර පානවලින් සංග්‍රහ කරමින් අපේකම ලොවට පෙන්වන අපේ ජනාධිපතිතුමා මේ රටෙන් එළියට ගිය හැටියේම ඇඳුම මාරු කරන නායකයන්ට උතුම් ආදර්ශයක්. (නි)
රූපවති, මොකද සද්දයක් නැත්තේ? චාර්ල්ස් කුමාරයත් ඇවිල්ලා ඉන්නවා. (නි)
ඔය මේසේ තියෙන කෑම එකක්වත් දියවැඩියාවට හොඳ නැහැ. බයෙන් ඉන්නේ කන්ට වෙයි කියලා. ලංකාවේ හතරෙන් එකකට ඔය රෝගයලු. (ස)
අපේ රටේ මේ දවස්වල පවතින අභිමානය ,සංස්කෘතිය විදහා පෙන්වන පින්තූර ටිකක් වැඩියෙන් පළකරන්න පුලුවන්ද?ආයුබෝවන් වේල්ස් කුමරුනි! (නි)
ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
දකුණේ අය එහෙම තමා... අපේ රට, අපේ ජාතිය, අපේ ගම - ඉහළට තබා අපේ සිරිතට දීලා තැන - සැරදේ ආයුබෝවන් මේ උපන්දින - ජනපතිතුමා පෙන්නුවා අපෙ හැදුනුකම... (නි)
අපේ සිරිත් වලට ගරුකළාට ඔබට තෙරුවන් සරණයි! කුමරුනි, ඔබට සුභ උපන් දිනයක්! (නි)
අපේ හැදිච්චකම කී වරක් විදේශිකයින්ට පෙන්නුවද අපේ ජනාධිපති? (නි)
අපේ ජනපතිදුට ජය වේවා! (නි)
අපේකම අපේ ජනාධිපතිතුමා හැමදාම පෙන්නුවා, ප්‍රේමදාස මහත්තයා වගේම අපේකමට තැන දෙන රජෙක්. (නි)
මගේ ගෞරවය අපේ ජනාධිපතිතුමාට ! (නි)
විශිෂ්ඨයි සර්.(නදී)
රටට යහපතක් කරන්න හදන ජනපති තුමනි ඔබට ජය. (ස)
ඔටුන්න තිබුණත් ඒක හිසේ දමාගන්න කිසිම හදිස්සියක් නැති, එහෙත් තම වගකීම් පමණක් හිස මත දමාගත් ඔබ වැන්නවුන් ලොවටම ආදර්ශයකි. (නි)
අපේ ජනපතිතුමා පමණයි එඩිතරව කතා කරන්නේ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙනවා (නි)
උපන් දිනය දා ලංකාවට ආව එක අපේ පුංචි රටට ආඩම්බරයක් (දී)
පරෙස්සමෙන් හොඳේ.ජයවේවා අපේ උපන්බිමට. (නි)
සුභ උපන්දිනයක් වේවා. (දී)
ඔබට ඉක්මනින් රජ පදවිය ලැබේවා ...............(දී)
චාර්ල්ස් කුමාරයට දීර්ගායු ලැබේව...ජනාධිපතිතුමාට තුනුරුවන් සරණයි පක්ෂ පාට නැතුව මේ වගේ වෙලාවක රට වෙනුවෙන් එකතු වෙන්න (දී)
චාර්ල්ස් කුමරාත් බොහොම අගේට ප්‍රතිචාර දක්වනවා .මුළු ලෝකෙම බලන පින්තුරයක් (නි)
නියමයි (නි)
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු , ගිලිහී ගිය රටක ජාතියක අභිමානය ගෞරවය පෞඪත්වය ගොඩනැගුවේ ඔබයි. අභීත තීරණ ගත්තේ ඔබයි. හැබැයි ජ. වී. පෙ මෙයට අයෝමය හස්තය නොවීයැයි කිවහොත් එය හෘදය සාක්ෂියට කරන ද්‍රෝහිකමක්. අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ගුණසමරුව යෙදෙන්නේ එළඹෙන වසරේදීයි.මර නින්දේ සිටි ජාතියක් අවදිකළ සිංහල බෞද්ධ කවන්ධයට හිසක් ලබා දුන් ඒ උත්තමයාට ගෞරවයක් ලෙස සළකා ඔලු ගෙඩිවලට ස්ථාවර පණිවිඩයක් දෙන මෑත අප ඉතිහාසයේ සුවිශේෂී සනිටුහනක් තබන උළෙලක් ලෙස මෙය පවත්වමු. චෝගම් වලට වඩා ඉහළින් අපේකම ලෙසින් මෙය සමරමු. මේ ගමන හරවන්නේ නැතුව යමු. චිරං ජයතු ! (නි)
වඳිනකොට ගහන එකත් මෝඩයාලු. ගහනකොට වඳින එකත් මෝඩයාලු. සිංහලයා කැවුම් කන මෝඩයෙක් නොවුණත්, එංගලන්තයේ පුරවැසියෙක් සාහසික ලෙස මරා දැමීමේ චෝදනාවක් පවතිද්දී, ඒ රටේ ඔටුන්න හිමි කුමාරයාට කැවුම් කවපු එක නම් එක්තරා විදිහක මෝඩකමක් තමයි. මොකද චාර්ල්ස් රවට්ටන්න පුළුවන් කෙනෙක් නොවන නිසා. (නි)
මගේ මුළු ජීවිත කාලයටම දැක්ක ලස්සනනම පින්තූරේ.රජතුමන් දෙදෙනාටම දීර්ඝායුෂ! අපේ රටට මෙවන් අවස්ථාවක් ලබාදුන් අපේ ජනපතිතුමාට දළදා සමිදුගේ අාශිර්වාදය ලැබේවා! ( සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සිහිපත් කරන්නම ඕනෑ) (නි)
සත්‍යයා, ඔබගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
චොගම් එකෙන් පස්සේ අපිට නම් මොනවා කන්න වෙයිද දන්නේ නැහැ නේද? (නදී)
නිදහස් නිවහල් රටක පෞරුෂය, පිබිදෙන අපේ මවුබිමෙහි දකින්නට ලැබීම භාග්‍යයක්. ජනාධිපතිතුමනි, ඔබට තුති. (නි)
සත්‍යය,කට තිබුණට දොඩවනවද? පහුගිය දවස්වල ලංකාවේ පුරවැසියෙකුත් මැරුවා නේද? ඒවා වෙනම කතා, අනවශ්‍ය කතා දානවට මසුරන් තමා දාන්න ඕනෑ. (නි)
ඩයනාත් අද හිටියා නම්...? (නි)
ජනාධිපතිතුමනි, ඔබ අපේ අනන්‍යතාවය පෙන්වා ලාංකික විදියට සැළකීම හරිම අගෙයි (නි)
සත්‍යයා නමින් අදහස් දාන තැනැත්තා විතර කුහකයෙක් මේ එසැණ තීරුවේ මං දැකලා නැහැ. තමන්ගේ රටට පැමිණි රාජ්‍ය අමුත්තෙකුට සිංහල ක්‍රමයට ආචාර කරලා අපේකම පෙන්වමින් පිළිගැනීම ඔහු දකින්නේ වැඳ වැටීමක් හැටියට. තමන්ගේ පක්ෂ පාට කණ්ණාඩි ගලවලා මේ පින්තූර දිහා බලන්න තරම්වත් විවේක බුද්ධියක් මෙවැන්නන්ට නැහැ. (නි)
සත්‍යා ප්‍රකාශය අසත්පුරුෂයි.(දී)
අනේ කුහකයන්ගේ කටේ දාන්න දෙයක් මා ලඟත් තියෙනවා ..කවවනු නෙවෙයි...කරුණාකරලා කන්නාඩි දාගෙන කඩේ යන්ට එපා. ආයුබෝවන් ...කියන්නේ ...දිගුකල් දිනේව කියන අශිර්වදයායි..වැඳීම කියන්නේ වෙන දෙයක්.හොඳයි කට අත ප්‍රවේසම් කර ගන්න එක..
උපලි ඔබ සත්‍යාට දක්වපු ප්‍රතිචාරය ඉතා ඉහලයි. ලංකා කියන කෙනා ලාංකිකයකු නොවෙන බවයි මගේ හැගීම. කටට මසුරු නොවෙයි දෙන්නටම කටට වසුරු දැමිය යුතුයි.(දී)
ඇත්ත , මොන ප්‍රශ්නේ අපි අතර තිබුනත් අපි අපි ඇතුලේ ගහනිමු , මේ වෙලාවේ අපි ඉපදුන අපේ උපන් බිමට අපේ සිරිත් විරිත් වලට අපේ සංස්කෘතියට ගරහන්නනම් එපා (දී)
අනේ දෙවියනේ කුමරියත් හිටියා නම් කොච්චර නම් සතුටු වෙයිද අද වගේ දවසක.(නදී)
සත්‍යගේ කතාව සම්පුර්ණ ඇත්ත ,රන්ජනිට සහ උපාලිට තරහ ගියාට බ්‍රිතාන්‍ය ජතිකයව මැරුවේ ලංකාවේ දෙශපාලකයෙක් ,ලංකාවේ කෙනාව බ්‍රිතානේදී මැරුවේ එරටේ ඉන්න කුඩුකරයෙක් වගේ පුද්ගලයෙක් නමුත් එරටේ පොලිසිය ඒ පුද්ගලයාව වහාම ඇල්ලුවා ,ලංකාවේ මිනිමරුවැව නිදහස් කල,දැන් චාල්ස් ලංකාවේ නිසා ඒ නඩුව අහනවා අහල දඩුවම් දෙයි ,නමුත් ජනාධිපති සමව දෙයි.ඒ ලංකාවේ තත්වය ,නමුත් බ්‍රිතාන්‍ය එහෙම කරන්නේ නැහැ ,නිතිය කාටත් එකයි .අනිත් ඉහත අදහස් දාල තියන අය මොනවා දැකල අදහස් දානවද මම දන්නේ නැහැ ,ලංකාව තත්වේ දන්නේ නැහැ.(දී)
ලස්සන පින්තූරයක්. මව්බිමට ජය වේවා! (නි)
දුකේ සිල්වාටයි කියන්නේ, දකුණේ කියල බෙදෙන්න හදන්න එපා. හොඳ නරක දෙගොල්ලම ඕන පෙදෙසක ඉන්නවා. උතුරේත් හොඳ මිනිස්සු ඉන්නවා. සිරිමාවෝ මැතිනියත් හොදයි. දේශීය කුලවත් නායිකාවක්. එතුමිය දකුණේ නොවෙයි.කුරුඳු පොලු අරන් යන්නෙත් දකුණේ අය තමයි. එතකොට චැනල් ෆෝ කට්ටිය ගෙන්නාගෙන රට පාවා දෙන්න සංවිදානය කරන මිනිහත් දකුණේ නේද. (නදී)
පෙන්වා අපේ කම දෑතම එකතු කර....... සොදවා කැවිලි මේසය ඒ විවර කර..... පිනවා ගත සිතද කුමරුගේ රස නහර..... පැතුවා දිගාසිරි කුමරුට කරුණ බර........ දිනේවා මගේ ලංකා මෑණි!, ශාආආඅ කුමාරි හරිම ලස්සනයි.(නදී)
සත්‍යට සත්‍යය වැටහෙන්නේ නැති පාටයි (නි)
හැමෝගෙම නිවසක තබාගත යුතු පින්තූරයක් (නි)
ජය වේවා මහ රජාණෙනි. (ස)
සත්‍යාගේ සත්‍ය මුහුණුවර පාඨකයින්ට එළිදරවු කිරීම ගැන උපාලිට ස්තුතියි. දකුණේ සිල්වා, අන්න දකුණ වෙන්කරන්න හදනවා. (නි)
සත්‍ය කවදද සත්‍යය දැක්කේ..වැලිවේරියේ මිනිස්සුන්ව අතුරුදන් කරලා මල මිනී උතුරු වෙරළට පා කරවපු සත්‍යගේ විස්තර බලන්න ඕන නම් පරණ කොමෙන්ට්ස් ටිකක් බලන්න..බොරුවෙන් උපන්න බොරුවෙන් යැපෙන කෙනෙක්.. (ස)
එල... (ස)
සත්‍ය වගේ අයගේ කටවල් වල මසුරන් හරි දාලා වහනවා නම් මසුරන් .... (නි)