කොටි සංවිධානය යළි නැගිටීමේ අවදානමක් ඇතැයි රජය අනතුරු අඟවද්දී මාතර ශ්‍රී ශිව සුබ්‍රමනියම් හින්දු කෝවිල ජනවාර්ගික සමගිය උදෙසා මහා පූජාවක් පැවැත්වීය.
සියවස් ගණනාවක් පුරා පවතින බව කියන 'කුවේනී ශාපය' ඉවත් කිරීම සඳහා මෙම පූජාව සිදු විය.
කොටි සංවිධානයට යළි පණ දීමේ උත්සාහයක් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ සැකකටයුතු දෙමළ කැරළිකරුවන් තිදෙනකු මුලතිව් කැලේදී මරා දැමීමෙන් පසුවය.
මාතර හිංදු කෝවිලේ පූජක මානි සිරිනිවාස එම පූජාව අවසානයේ පැවසුවේ රටේ යළි කවදාවත් යුද්ධයක් ඇති නොවන බවයි.
තිස් වසරකට පෙර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් එම කෝවිල ද විනාශ වූ නමුත් සිංහල හා දෙමළ ප්‍රජාවගේ උදව්වෙන් කෝවිල යළි ගොඩ නැඟිණි.
‘මේ ආකූල, ව්‍යාකූල බව මේ වසර අවසාන වන විට නැති බංග වී යනවා. ඒ බව නක්ශස්ත්‍රෙය් සඳහන් වෙනවා.‘යැයි පූජකවරයා කීවේය.
සිංහල මිත්‍යා විශ්වාස අනුව කුවේනී ශාපය සිංහල ජාති ආරම්භය තරම් පැරණිය.
ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය කුමාරයා ශ්‍රී ලංකාවට පැමිණ කුවේනී නම් යක්ෂණිය සරණපාවා ගත්තාය.
ඉන් පසු ඇය පන්නා දමා ඉන්දියාවෙන් කුමාරිකාවක් සරණ පාවා ගත්ෙත්ය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු බවට පත් වූ විජයගේ ඒ් ක්‍රියාවෙන් පසු කුවේනී ශාප කළ බව කියති.
‘විජය හා කුවේනීගේ පිළිරූ අපේ කෝවිලේ පසුගිය පෙබරවාරියේ තැන්පත් කිරීමෙන් අපි ඔවුන් යළි පිළිරූ වතාවට සමගි කළා. විජය හා කුවේනි එක ළඟින් සිටින ප්‍රථිමා ඇත්තේ අපේ කෝවිලේ පමණයි.‘ යනුවෙන් ඔහු කීවේය.
කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ ආරක්ෂකයා බවත්, ඒ බලයෙන් කුවේනීගේ හාපය ඉවත් වන බවත් සිරිනිවාස පූජකවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අායෙත් ත්‍රස්තවාදයට ඉඩක් නැහැ කිවුවට, ඔය හම්බන්තොට,උඩවලව, කුරුණෑගල වෙන්නේ මොනවද?? (නි)
යුද්ධයක් නොඑන්න නම් සිංහලයොත් සමගිවෙලා තමන්ගේ ව්‍යාපාර දියුණු වෙන්න අත දෙන්න ඕනේ. සංස්කෘතිය රැකගන්න ඕනේ..අපි මේ රටෙත් සුළු ජාතිය වුනොත් නිදියන්න බැහැනේ? (දී)
මීට කලින් ඕක කරන්න බැරි වූනේ ඇයි ? අවුරැදු 30 ක්ම ගියාද ඕක කරන්න.(නදී)
අපරාදේ..ඔය ශාපේ යුද්දේ කාලේ දී ඉවර කළේ නැත්තේ ඇයි දන්නෑ. 21වන සියවසේ වෙලාත් අපිට මේවා දකින්න වෙනවනෙ. (ස)
ආයෙත් යුද්ධයක් එන්නේ නෑ‘ කියලා කීවම අපි විමසිල්ලෙන් ඉන්න එක අඩුකරන්නද? (දී)
කුවේණි විතරද ලංකාවේ යක්ෂනිය අපිත් හොඳ යක්ෂයෝ තමා. කුවේණි ලංකාවට ශාප කලා කියන්නේ කවුද?? (ස)
මේවායේ කිසි සත්‍ය දෙයක් නැහැ . ඕවා ඔක්කොම මනක්කල්පිත ඇදහිලි පමණයි . අපි නුවනින් සමගියෙන් සැවොම සිටියේ නැතිනම් ආපසු ජනවාර්ගික යුද්ධයක් අනිවාර්ය දෙයක් . සමගිය බලය වේ (දී)
මොන විදිහකින් හරි සිංහලයට වචනයකින් හෝ පහර ගසන එක ඇත්ත.ඈත අතීතයේ සිට මේ දක්වාම ඇස්, ඉස්, මස් ජිවිත පුජා කර මේ රට රැක ගත්ත රණවිරුවෝ තමා මේ රට රකින දෙවිවරු. (ස)
විකාර. (ස)
ඔයිට වඩා කුවේණිල අපේ රටේ හැම තැනම ඉන්නවා. ඉපදුන දරුව මරල අල්මාරිවල දමනවා. කැලේට විසිකරනවා.බෙල්ල මිරිකලා හංගනවා, සැමියව කප්පම් දීලා මරල හංගනවා. (ස)
සිංහලයෝ කියන්නේ යක් පරපුරේ කට්ටියට. අපි රවන රජතුමාගෙන් පැවත එන සිංහලයෝ. (ස)
සිංහලයෝ කියන්නේ යක් පරපුරේ කට්ටියට. අපි රාවණ රජතුමාගෙන් පැවත එන සිංහලයෝ ඉන්දියානු මිශ්‍ර සමාජයක් මින් කුම්බාන්ඩයන් ඉවත් කර දවසට සමාජය හදන්න පුළුවන් අතීතයේ සිට මේ දක්වාම ඇස්, ඉස්, මස් ජිවිත පුජා කර මේ රට රැක ගත්ත රණවිරුවෝ තමා මේ රට රකින දෙවිවරු. (ස)
යුද්ධයක් නොඑනවා නම් කොච්චර හොඳද? (නි)
සිංහල අපේ ඇත්තෝ යක්ෂ පරපුරෙන් එන නිසා වෙන්න ඕනෑ යක්කු වාගේ හැසිරෙන්නේ? (නි)
හොඳට බලන්න. මේ පෙන්නන්න හදන්නේ සිංහලයන්ගේ ආරම්භය විජයගෙන් පස්සේ, දෙමළ අය ඊට පෙර සිට හිටියා කියලා නොවේද? (නි)
ඔන්න අැත්ත හෙළිවුණා. එහෙනම් මේ ඔක්කොම ඉන්දියාෙවන් අැවිල්ලා තියෙන්නේ? (නි)
විජය සමග දමිල , කේරල, පාන්ඩ, කුම්බාණ්ඩ, බංගලි ඔක්කොම ආවා සිංහල කතා කරන හුඟ දෙනෙක් එකිනෙකාට වෙනස්. කුඩු නිසා මිනි මරණ සාපරාදී ක්‍රියා කරන අය බොහොම ඉන්නවා. උඩරට ඇහැලේපොල , පින්නපොල , වලලියද්ද පරම්පරා ඔක්කොම එක වගේ ලු . ඩ් එන් ඒ පරීක්ෂා වලින් බොහොමයක් දැන් බංගලි බව ඔප්පු කර තියෙනවා. අපි ආවේ ඔරිස්සෙන් දැනට ඉන්දියාවේ තියෙන දුප්පත් ප්‍රාන්තයක්. (නදී)
මිත්‍යාවෙන් ලෝකය රවට රවටා යන්න පුලුවන්. මිනිසුන් මිත්‍යාවට පුදුම විදිහට ආසයි. ඒකෙ ආශ්වාදයටත් ආසයි (නි)
නුවන් හිටියේ කුවේණි රාක්ෂ පරම්පරාව රාවනා රජුගේ රාජදානිය එම අය සමුල ඝතනය කරලා අපි පදිංචි උනා දමිල අයගේ රාජධානියේ. අපි ආවේ ඔරිස්සෙන් සිංහල දහ දෙනෙක් එක්ක කන්නාඩියක් ඉස්සරහට ගියොත් අපි අපිම කියල ත්රුම් ගන්න අමාරු වෙනවා. ඒ තරම්ම ඉන්දියානු මිශ්‍ර සමාජයක් මින් කුම්බාන්ඩයන් ඉවත් කර දවසට සමාජය හදන්න පුළුවන්.(නදී)
අපි මිශ්‍ර සිංහලයෝ. (නි)
ට්‍රයිකෝ රන්ජිත්, අම්මපා ඇත්ත කතාව (නි)