කවුඩුල්ල ජාතික උද්‍යානයේ ‘රොට වැව‘ ධීවර තොටුපළ ආසන්නයේ දී අල්ලා මස් කළ අඩි 12 ක් දිගැති කිඹුලකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එහි තිබී කිඹුල් බිත්තර 34 ක් ද කිඹුල් මස් කිලෝ 100 ක් පමණ ද සොයාගෙන ඇත.
කිඹුලා ආරක්ෂිත සත්ත්වයෙකි. කිඹුලන් මැරීම, මස් අලෙවිය, නිවසේ ඇති කිරීම ආදී සියල්ල නීතියෙන් තහනම්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් ජීවිත 35ක් මේ මිනිස් සතුන් නැතිකරලා...... (නි)
මම අසා තිබෙනවා කිඹුල් මස් හරි රසයි කියලා (නි)
පවු අහිංසක සතා! (නි)
සුමිත්‍රා බස්නායක, ලතා, දන්නවද? මුහුදේ ඉන්න ලොකුම මාලුන්ගෙන් කෙනෙක් තමයි මෝරා. පිහිටා තිබෙන්නේ ඉතාම කුඩා මොළයක්, එයින් සංඥා විතරයි නිකුත් කරන්නේ. ඒ ආහාර සොයාගන්න. ලියා ඇති දේ ගැඹුරින් හිතා බලන්න. නැත්නම් මොළයට සංඥා පමණයි හැමදාම ලැබෙන්නේ. (නි)
අපොයි දෙවියනේ! (නි)
මූර්තිව කිඹුල් මස් අනුභව කිරීමේ වරදට අත්අඩංගුවට ගත්තා නම් හරි (නි)
දකිනකොටත් එපා වෙනවා.. (බ)
කිඹුල් මසුත් ඉබි මස් වගේම රස කෑමක් (ම)
අනේ හැබෑට මිනිසුන්ට කරන්න පුළුවන්ද මෙහෙම දේවල්? (නි)
නාරද, මුර්ති - වෙන දෙයක් කියන්ඩම හිතුනේ නැද්ද? (බ)
කිඹුලන්ටත් ගරුකරන රටක් හැටියට මේ කිඹුලව මස් කිරීම වරදකි. ඒත් ..කිඹුල අපිව කද්දී රටම සද්ද නෑ, නමුත් අපි කිඹුලව කද්දී රටම සද්ද . අනේ අනේ රටේ හැටි. (බ)
පුදුම පෙරේතයෝ! පිලිපීනයේ මිනිස්සු වගේ පණ ඇති ඕනෑම සතෙක් කනවා (නි)
දැන් ලංකාවේ මිනිස්සු මීනී මස් කන්නත් පුරුදු වෙයි (බ)
කරන අකුසල් හෝ කරන ලද අකුසල් මේ අයට මරණ මංචකයේදී මතක් වේවි මේවා මනුෂ්‍ය ගුණධර්මයන් නොවන්නේය (බ)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
මම ජීවත්වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ ඩාවින් නගරෙය්. මෙහෙ කිඹුලන් මස් හා සම් පිණිස ඇතිකරන ෆාම් තිබෙනවා. කිඹුල් මස් සුදු පාටයි. පෙනුමෙන් රසෙන් කුකුල් මස් වගෙයිලු. ටිකක් හයියලු. මම නම් කන්නෙ නැහැ (නි)
ගොඩගේ, ඔයාගේ අදහස ගැන මට පුදුම හිතුණා. කිඹුලා කියන්නේ තිරිසන් සතෙක්. මිනිස්සුත් ඒ විදියට හසුරුනාම වෙනසක් නැහැනේ.මිනිස්සුත් සත්තුවාගේ ඉන්න කියලද ඔයා කියන්නේ. (කෞ)
ගොඩක් හරි.(හේ්)
අප්පිරියාවේ බැහැ දැක්කම., මටත් පුදුමයි ගොඩගේ ගේ කොමෙන්ට් එකට (කෞ)