කුවේටයේ කසිප්පු පෙරූ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත (20) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.
ෆයිහා ප්‍රදේශයේ ස්ථානයක සිට සැකකාර ලාංකික කාන්තාව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් නිෂ්පාදිත කළා යැයි කියන මත්පැන් බෝතල් 400 ක්,බැරල් 10ක්,මත්පැන් පෙරීම සඳහා භාවිතා කරන දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද කුවේට් පොලීසිය විසින් එම ස්ථානයේ තිබියදී සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන නිර්මාණශීලි කියල කියනේ, බලධාරීන්ට අලුත් ප්‍රශ්න පත්‍රයක් හදල දීල තියෙන හින්ද. ඔයිට කලින් පිරිමි දෙන්නෙක්, දැන් කාන්තාවක්. ඇයි පිටරට යන්න හිතෙන්නේ? පිළිතුරු හොයල දෙන්නයි කියන්නේ. (අ)
චාමර, හැම එකටම නිර්මාණශීලිකමක් ගාවන්න හදනන් එපා. කාන්තාවක් කියන්නෙ අම්මා කෙනෙක් වෙන කෙනෙක්. කාටද මේ ගිනි වතුර පොවන්නේ? (නි)
ජාතික ගීය භාෂා දෙකකින් ගයන කරවන්න හදන රටක, විස්කි බිවුවත්, කසිප්පු බිවුවත් එකයි කියල මටනම් හිතෙන්නේ (මගේ අවංක හැඟීම). (අ)
රටේ නමත් කනවා (නි)
මේවා මේ ජීවත්වෙන්න විදියක් නැතුව කරන ඒවා නෙමෙයි. වැඩි පෙරේතකමට සල්ලි ලේසියෙන් හොයන්න කරන ඒවා. රටේ නමත් කැත කරනවා. (නි)
සමහරු කාන්තා ගෞරවය ගැනවත් රට ගැනවත් හිතන්නෙ නැහැ. තමන්ට කීයක්හරි හොයාගන්න ඕනෑ දෙයක් කරනවා. (නි)
මෙහෙම දේවල් අහුවුණාම මුළු ලාංකික කාන්තාවන්ටම ඒක අවාසිදායක විදියට ඉදිරියට බලපානවා. මේ අම්මණ්ඩිලා ඒවා හිතන්නෙ නැහැ. පිටරට ගිහිලලත් කසිප්පු පෙරනවා. (නි)
චාමරට මේ කාන්තාව සම්පතක් ලෙස පෙනෙන්නේ ඇයි. රටට නම් පිළිලයක් (නි)
චාමර දන්නේ නැද්ද ජාතික ගීය භාෂා දෙක තුනකින් ගායනා කරන රටවලුත් තියන වග? දන්නේ නැත්නම් පොතක් පතක් කියෝලා ඉගනගන්න! (අ)
මේ වගේ වැරදි වැඩ කරලා අන්තිමට කියනවා අරාබිකාරයෝ බෙල්ල කපනවා ගල් ගහල මරන්න හදනවෝ කියල. ඊට පස්සේ රටේ නමත් කනවා (ම)
නීල් මහත්තයෝ, ඔයාගේ ප්රශ්නය අහන්න වගකිවයුත්තන්ගෙන්.
මට නම් හිතෙන්නේ නැහැ පිටරට ජීවිතේ සුන්දරයි කියලා. කසිප්පු නැතුව වෙන අදායම් මාර්ගයකට හිත යොදවන්න පුළුවන්කමක් තිබුනා නම් හොඳයි. (නි)
රටේ නමටත් කැළලක් (නි)
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය අනුමත කරන්නේ නැහැ. නමුත් මෙම කාන්තාව නිර්මාණශීලි කාන්තාවක්. ජීවත්වීමට උත්සාහ කරන කාන්තාවක්. ලංකාවට අවශ්‍ය සම්පතක්. මොකක්හරි ක්‍රමයක් හොයලා දෙන්න බැරිද? (නි)