IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුලසේකර වෙනුවට සුරංග


කොදෙව් පිලට එරෙහිව ඊයේ (08) පැවැති තරගයේදී පන්දුව වැදීමෙන් ඇගිල්ලක් තුවාල කරගත් නුවන් කුලසේකර වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නියමිතය.

කුලසේකරගේ ඇගිල්ලක පැලීම් තුවාලයක් ඇති බවත් එම ඇගිල්ල මේ වන විට ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කර ඇති බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පසුගියදා කළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයටද එක්වූ සුරංග ලක්මාල් දකුණතින් වේග පන්දු යවන 26 හැවිරිදි කී‍්‍රඩකයෙකි. හෙතෙම එක්දින ජාත්‍යන්තර තරග 15 කදී කඩුලූ 17 ක් දවාගෙන තිබේ.
 



අදහස් (0)

කුලසේකර වෙනුවට සුරංග

පහන් Wednesday, 10 July 2013 12:38 PM

කුලසේකර වගේ නිහතමානී කණ්ඩායම් හැගීම තියන ක්‍රීඩකයෝ හරිම අඩුයි .ලංකාවේ කුලසේකර එක්ක කතාකරලා තියන ඇසුරුකළ අයගෙන් ඇහුවොත් කියාවි .මෙවැනි මහත්මයන් නිර්මාණය වීමට දෙමාපිය ,ගුරුවරු හා ඉගෙනගත් පාසැල වැදගත් වෙනවා.ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

ගයන් Wednesday, 10 July 2013 07:59 AM

නුවන් ලෝකයේ හොදම පන්දු යවන්න වෙලා හිටියා මතකද?(නදී)

:       0       0

අශාන් Wednesday, 10 July 2013 08:06 AM

කෝ තිසර පෙරේරා? (නි)

:       0       0

බුද්ධික Wednesday, 10 July 2013 01:31 PM

කුලසේකර වගේ නිහතමානී කණ්ඩායම් හැගීම තියන ක්‍රීඩකයෝ හරිම අඩුයි (දී)

:       0       0

සුරේශ් Wednesday, 10 July 2013 10:24 AM

සුරංග මේ දිනවල හොදම රිද්මයෙන් ක්‍රීඩා කරනවා මට පෙනෙන විදියට නම් (නි)

:       0       0

සරසි Wednesday, 10 July 2013 02:53 PM

තව එක තරගයයිනේ තියෙන්නේ. සෙල්ලම් කරන කට්ටියව වියදම් කරලා යවන්න (දී)

:       0       0

මනෝජ් Wednesday, 10 July 2013 09:14 PM

තවමත් කැපිලි කාරයෝ ශ්‍රීලංකා පරිපලානේ ඉන්නවා.හොඳම ක්‍රීඩකය මෙවෙලාවේ තිසර පෙරේරා . තිරිමාන්න ජීවන් ලට හොඳ දැන් ටෙස්ට් තරග. බලන්න ඉන්දියාව අයිපිඅල් එකෙන් බුවනේෂ් කුමාර් වගේ හොඳ ක්‍රීඩකයෝ හොයාගත්ත. අයිපිඅල් එකේ ශ්‍රිලංකාවේ හොඳම ක්‍රීඩකය ගෙදර. තිරිමන්නල ජීවන්ලා ෆේල් වේවි ගහනවා. තිසර සේවෙන් ඩවුන් ගිහින් එකක් දෙකක් ෆෙඅල් වුණාම ගෙදර.නිදිමරාගෙන තරග බලන අපිට ගහන්න ඕනේ .අර්ජුන අරවින්ද වගේ දක්ෂයෝ පරිපාලනයට එන්න ඌනේ. සොරි ශ්‍රීලංකා.සොරි තිසර. අපි සැමදා දක්ෂයා සමගයි. (අ)

:       0       0

අමිල Wednesday, 10 July 2013 10:53 AM

තිසර පෙරේරා ඉන්දියාවේදී කැපිලා පෙනුනා. අඩුම ගානේ තිසරව ගන්න ඇන්ජලෝවත් මේකට මුල් වෙන්නෙ නැද්ද?තිසර ගහලම ඇතුලට එන්න. කොහොම වුනත් මීට පස්සේ කුලයව මුලට එවන්න.එතකොට පන්දු යැවීමට විවේකයක් ලබන ගමන් කණඩායමට පිත්තෙන් වාසියක් ගන්න පුළුවන්. (නි)

:       0       0

දෙවිමිත් විතානගේ Tuesday, 09 July 2013 10:04 PM

තිසර පෙරේරාට මොකද වුනේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 10 July 2013 03:09 PM

සුරංග තනියෙන් යන නිසා ප්ලේන් එකේ දොරවල් මාරු වෙයිද දන්නේ නැහැ?(නදී)

:       0       0

නිහාල් ගුණතිලක Tuesday, 09 July 2013 10:49 PM

තදබල කැපිල්ලකට අසුවී ඇත දෙව්මිත්.(නදී)

:       0       0

රංග Tuesday, 09 July 2013 11:37 PM

කුලසේකර හිතලා අත තුවාල කරගත්තේ නැහැනේ (නි)

:       0       0

දම් Wednesday, 10 July 2013 01:57 AM

කුලය තමයි නියම පුද්ගලයා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site