IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කලාවයි, දේශපාලනයයි එකට කරන්න බැහැ

20160309-ent-55

රංගන ශිල්පියෙකු ලෙසත්, නිවේදකයෙකු ලෙසත් කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ඔහු "රුවන් මාලිගා", "අඟුරු සිත්තම්" වැනි ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණු සුවිශේෂි රංගනයක් ඉදිරිපත් කිරීමට සමත් විය. මේ දිනවල විකාශය වන "උතුම් පැතුම්", "සේයා", "වස්සානයේ ප්‍රේමය" යන ටෙලි නාට්‍යය තුළින්ද දැකගත හැකි ඔහු කාවිංග පෙරේරාය.

 

20160309-ent-54ඔබ වැඩි වශයෙන්ම දකින්න ලැබෙන්නෙ මෙගා ටෙලි නාට්‍යය තුළින්?

ඒකට විශේෂ හේතුවක් නැහැ. මෙගා ලෙස එම ටෙලි නාට්‍යය හැඳින්වුවොත්, එහි කොටස් සියයක් එකසීය පණහක් පමණ විකාශය වෙනවා. මෙම ටෙලි නාට්‍යය වැඩි වශයෙන් නිර්මාණය වන නිසා මම ඒ ටෙලි නාට්‍යයවලට වැඩි අවධානයක් යොමුකරනවා.

 

එවැනි ටෙලි නාට්‍යය විකාශනය වන අවස්ථාවලදී, හඬකැවූ විදේශීය ටෙලි නාට්‍යයවලටත් වැඩි අවස්ථාවක් හිමිවෙනවා නේද?

ඔව්, මම නවක රංගන ශිල්පියෙකු ලෙස ඊට විරුද්ධයි. ලංකාවෙ ගුණාත්මක නිර්මාණ තියාගෙන ඇයි විදේශීය ටෙලි නාට්‍ය පෙන්වන්නෙ කියන ගැටලුව තිබෙනවා. ලංකාවෙ නිර්මාණවලට වටිනාකමක් නොලැබෙන්නෙ ඇයි? එයට හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නැහැ. ඒ ගැන කලකිරීමක් තිබෙනවා. වගකිය යුතු දේශපාලකයන් ඉන්නවා, කලාව පැත්තෙන් දේශපාලනය කරන්න යොමුවුණ අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. මේ අයගෙ අවධානය මේ වෙනුවෙන් යොමුවෙනවනම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා.

 

එකාකාරී ටෙලි නාට්‍ය වට්ටෝරුව නිසා මෙය සිදුවෙනවා කියලා සඳහන් කළොත්?

මම විශ්වාස කරන්නෙ එහෙම දෙයක් නැහැ කියලයි. මට ලැබුණ චරිතත් එක්ක මුලින්ම මාව රංගනයට යොමු කරන්නේ එච්.ඒ. පෙරේරා මහතා සහ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, සන්ධ්‍යා මෙන්ඩිස් තමයි මාව මේ ක්ෂේත්‍රයට ගෙන එන්නෙ. ඒ මොහොතේ සිට මේ වන තුරු මම ඒකාකාරී චරිතවලට දායක වුණේ නැහැ. නමුත් මම දායක වූ බොහෝ නිර්මාණ මෙගා නාට්‍ය බවට පත්වුණා. බොහෝ දෙනෙක් කිව්වෙ මෙගා නාට්‍යය තුළ චරිත නිර්මාණය කරන්න බැහැ කියලයි. "අඟුරු සිත්තම්" ටෙලි නාට්‍යයේ රයන්ගෙ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගෙනාවා. නිර්මාණකරුවෙක්ට දෙයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම්, එය අනිවාර්යෙන්ම නිර්මාණය කරනවා.

 

ඔබ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළත් ඔබේ මේ ගමන් මග ආරම්භ වෙන්නේ නිවේදකයෙකු ලෙස ?

මගේ අරමුණ වුණේ ගුවන් නියමුවෙක් වෙන්න. මම ගුවන් යානා තාක්ෂණ ඉංජිනේරු විෂය විදේශ රටකට ගිහින් හැදෑරුවා. පසුව මම ජනක රාමනායකගේ මැක්ස් ටී.වී. එකේ නිවේදකයෙකු ලෙස කටයුතු කළා. ප්‍රමුදිත මහතා මාව නිවේදකයෙකු ලෙස ගෙන ආවා. මම විදේශ ගතව සිටින කාලය තුළත් නිවේදනය, රංගනය පිළිබඳව හැදෑරුවා. වැඩමුළුවලින් පවා මම රංගනය පිළිබඳව ඉගෙන ගන්නවා.

 

පසුගිය කාලෙ කාවිංග දේශපාලනට යොමුවෙන පුවත් පළ වුණා?

මගේ පියා දේශපාලන පක්ෂයක හිටපු මන්ත්‍රීවරයෙක්. ඔහු 2012 නැතිවුණා. පසුව මම දේශපාලනයට එයි කියලා බොහෝ දෙනෙක් හිතුවා. අපේ අප්පච්චිලා කළ මහත්මා දේශපාලනය අද නැහැ. කාලයක් හිත ඇතුළෙ වැඩකළා ජනතාවට වැඩක් කළ යුතුයි කියලා. ඒකට අවශ්‍ය අඩිතාලම ලංකාව තුළ තියෙනවද කියන ප්‍රශ්නය මට ඇති වුණා. පස්සෙ මම හිතුවා දේශපාලනයට වඩා කලාව තුළින් සමාජයට දෙයක් කරන්න. මම ඒක කරනවා. තාම දේශපාලනය ගැන හිතලා නැහැ. ආරාධනා ලැබුණා. දේශපාලනය හරියට දැනගෙන කළ යුතුයි. කලාවයි, දේශපාලනයයි දෙකම එකට කරන්න බැහැ.

 

පසුගිය කාලේ ඔබ සමාජ වෙබ් අඩවිවල පුවත් මවන්නෙක් වුණා. ඒ වගේම මේ මොහොත වනවිට වයිබර් ඇප් එක නිසාත් ගැටලුවක් මතුව තිබෙනවා?

කෙනෙක් සමග මගෙ තිබුණු ප්‍රේම සම්බන්ධයක් ගැන මම මාධ්‍යට කිව්වා. කාලයක් යනකොට අපි නොගැළපෙන නිසා වෙන් වුණා. සමහර වෙබ් අඩවි එය වෙනස් විදියට පළ කළා. දැන් මම වැඩිපුරම අවධානය යොමු කරන්නෙ නංගිට. නංගි වෙනුවෙන් කළ යුතු යුතුකම කරනවා. මගේ වයිබර් මොබයිල් ඇප්එක හැක් කරලා තිබෙනවා. දැන් මම වයිබර් එකක් භාවිත කරන්නෙ නැහැ. මට ෆේස්බුක් පුද්ගලික ගිණුමක් නැහැ. මට දැන් තියෙන්නෙ ඔෆීසියල් ෆෑන් පේජ් එකක් විතරයි. වයිබර් හරහා මගේ හිත මිතුරන්ට අසභ්‍ය දේවල් යවලා තියෙනවා. එය මම සිදුකළ දෙයක් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

ඉදිරියෙදි ගුවන් නියමුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ඒ ගැන කියන්න බැහැ. මම කාලයක් ආසාවෙන් හිටියා නිව්යෝක් ෆිල්ම් ඇකඩමි එකෙන් රංගනය ගැන හදාරන්න. බෝහෝ කාලෙකට පස්සෙ මට එයට අවස්ථාව උදාවුණා. නංගි නිසා මම විදේශගත වෙන්නෙ නැහැ. ඉදිරියටත් ලංකාවෙ ඉඳිවි.

 

20160309-ent-56



අදහස් (0)

කලාවයි, දේශපාලනයයි එකට කරන්න බැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site