රුපියල් කෝටි තුන හමාරක පමණ තැන්පතු වංචා කළැයි කලවාන සණස බැංකුවේ කළමනාකාරිණි බද්දේගම ලියනආරච්චිගේ අචිනි ප්‍රමිකා ලියනාරච්චි (35) ලබන 25 දින තෙක් රිමාන්ඩ් කරන ලෙස කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කළේය.
වැඩි මුදලක් බැංකුවේ තැන්පත් කළහොත් සියයට විස්සක පොලියක් ද, ගෘහභාණ්ඩ ඇතුළු තෑගි ද ලබාදෙන ලෙස ගනුදෙනුකරුවන්ට දන්වමින් ඔවුන්ගේ මුදල් වංචා කර ඇති බව ද විමර්ශන වලදි හෙළිව ඇත.
ගනුදෙනුකරුවන් සියයකට වැඩි පිරිසකගේ ගිණුම් මේ අකාරයට වංචාකර ඇති බවට පොලිසිය සැක කරයි. පැමිණිලි පහළොවක් පමණ රත්නපුර විශේෂ අපරාධ ඒකකයට ලැබී තිබේ. තවත් පැමිණිලි ලැබෙමින් පවතී. ඒ පැමිණිලි අනුව වංචා කළ මුදල රුපියල් කෝටි තුන හමාරක් පමණ වන බවද හෙළිවී තිබේ. වංචාවලට වැඩිපුර ලක්ව ඇත්තේ ගුරුවරුන් බවද ගුරු ජෝඩුවක් ගනුදෙනුකරුවන් සොයා දී ඇති බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සණස කැම්පස් හොර ගුහාවක් (අ)
වැරැද්ද ඔප්පු වෙනකම්, සැකකාරියක් විතරයි.. ඔප්පු වුනත් නම ප්‍රසිද්ධ කිරීම වැරැදියි .,(හේ)
සණස කියන්නේ ප්‍රජා අවශ්‍යතා රාශියක් ඉටුකරන ආයතනයක් මෙවැනි ක්‍රියා නිසා සත්භාවයෙන් කටයුතු කරන සණස ආයතන වලටත් ලොකු හානියක් නීතිය උපරිමයෙන් ක්‍රියාකල යුතුයි.(ම)
මම පොඩි කාලේ බැංකුවක් කියන්නේ හරිම විශ්වාසවන්ත තැනක්. (ම)
ඒ වැඩේ හරිම වැරදියි. අනුන්ගේ සල්ලි ගන්න එක මහ කැත වැඩක් (නි)
හුසේන් මොහමඩ් මහත්තයා මහා මෝඩ කතාවක්නේ කියන්නේ. ඇයි,`ඔප්පුවුනත් නම ප්‍රසිද්ධ කිරීම වැරදියි` කියල කියන්නේ?. වැරදි කරලා දඬුවම් ලැබුණු අයගෙත් නම් ප්‍රසිද්ධ නොකරනවා නම් ඒක ලොකු වරදක්! (ර)
හොරකමක් නම් කොහොමත් වැරැදී... (ර)