වෘත්තීමය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඔහු රංගනය හා ගායනය දස්කම් දක්වමින් කරළියට පැමිණ තිබේ. නමින් දනුක ක්‍රිශාන් දිසානයක වන ඔහු ‘සාරවිට’ සමගින් ඒකාත්මික වූ මොහොතකි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මම දනුක ක්‍රිශාන් දිසානායක. දැනට මම මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අතර ගායකයෙක් හා රංගන ශිල්පයෙක් වශයෙන් ජිවිතය සාර්ථකත්වය සතුටින් ජීවිතය විඳිනවා.
ඔබ කලාවට එකතු වෙන්නෙ කොහොමද?
කලාව කියන්නෙ පොඩි කාලෙ ඉඳන් මගේ ජීවිතේ එක්ක සම්බන්ධ දෙයක් මාධ්‍ය විෂය මාගේ රැකියාවවූ නිසා කොහොමත් කලාවට ඉතාමත් සමීපවයි.
මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
අධ්‍යාපන කටයුතු නිමවූ නිසා සාර්ථක නිර්මාණයකට දායකත්වය ලබා දෙන්න තීරණය කරලා තියනවා.
ඔව් මේ දවස්වල ‘රන් මුදුව’ නමින් චිත්‍රපටයක් රූගත වෙමින් පවතිනවා. මේ දවස්වල ඒ නිසා ටිකක් කාර්යබහුලයි.
මේ දිනවල යම්කිසි කාර්යයක් සඳහා දායකත්වය ලබාදී තිබෙනවා නේද? වර්තමාන කලාව පිළිබඳ පැහැදීමක් තියෙනවාද?
ඔව් ඇත්තටම ලංකාවේ කලාව හොඳ පැහැදීමක් තියෙනවා. අලුත් නිර්මාණ බිහිවෙන නිසා නවකයෙක් වශයෙන් අත්දැකීම් ලබා ගනිමින් සිටිනවා.
ඉදිරි බලාපොරොත්තු?
ඉදිරියේදී දක්ෂ පරිපූර්ණ නළුවෙකු හා වෙනසක් කළ ගායකයෙකු ලෙස මාගේ දක්ෂතාවයෙන් කලාවට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
උදවු කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?
ඔව් ඇත්තටම, මුලින්ම මාව මෙලොවට බිහිකළ දෙමාපියන්ට හා දැනට රූගත වෙමින් පවතින මෙම නිර්මාණය සඳහා මට ආරාධනා කරපු අධ්‍යක්‍ෂක දිල්ශාන් මදුසංක මහතාට හා කුඩා කල සිට අද දක්වා උදවු කළ අධ්‍යක්‍ෂකවරුන් හා නිෂ්පාදකවරුන්ට හා නොකිවූ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතර, සියලුදෙනාවම ආදරයෙන් හා ගෞරවයෙන් මතක් කර සිටිනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd