එරිකේ ඉග්ලිෂියාස් ඔහුගේ නමයි. එන්රිකේ යනුවෙන්ද ඔහු ජනප්‍රිය විය.
එරිකේ මිගෙල් ඉග්ලිෂියාස් ප්‍රෙස්ලර් ඔහුගේ සම්පූර්ණ නමය.
බටහිර සංගීත ක්ෂේත‍්‍රයේ ඔහු හැඳින්වෙනුයේ ලතින් පොප් සංගීතයේ රජු ලෙසය. ස්පාඤ්ඤ ජාතිකයෙක් වන හෙතෙම ඉංගී‍්‍රසි හා ස්පාඤඤ භාෂා ද්විත්වයෙන්ම ගීත ගයන්නේය. ඔහුගේ බොහෝ ගීත ස්පාඤ්ඤ ඌරුවට බරය. ගයන ඇතැම් ඉංගී‍්‍රසි ගීත වලට ඔහු යොදා ඇත්තේද ස්පාඤ්ඤ නම්ය.
දරුවන් තිදෙනකුගෙන් යුතු වූ පවුලක බාලයා ලෙස එරිකේ 1975 මැයි මස 8 වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී උපත ලැබීය. ඔහුගේ පියා එවක ජාත්‍යන්තර තලයේ ජනපි‍්‍රය ගායකයෙක් වූ ජූලියෝ ඉග්ලිෂියස් විය. ඉසබෙල් ප්‍රෙස්ලර් නම් වූ ඔහුගේ මව සඟරාවක වාර්තාකාරිනියක වූවාය. ඔහුගේ මුත්තණුවන් ත‍්‍රස්ත කණ්ඩායමක පැහැර ගැනීමට ලක්වීමත් සමග ඔහු හා ඔහුගේ සොහොයුරා එදවස ඇමරිකාවේ වාසය කළ පියා වෙත ගියේය.
දෙමව්පියන්ගේ වුවමනාව වූයේ එන්රිකේට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. නමුත් ඔහුට වෙනත් සැලසුම් තිබිණ. සංගීත ක්ෂේත‍්‍රයට ඇතුළුවීමේ නොතිත් ආශාවකින් ඔහු පසුවිය. ජූලියෝ ගේ පුතණුවන් ලෙස නොව තනිව නමක් ඇතිකර ගැනීම ඔහුගේ අරමුණ විය. අතට ලැබෙන මුදල් ඉතිරිකරගත් හෙතෙම ඉංගී‍්‍රසි ගීත දෙකක් හා ස්පාඤ්ඤ ගීතයක් ඇතුළත් කැසට් පටයක් හැදුවේය. සංගීත කටයුතු නිසා ඔහුට අධ්‍යාපනයටද ආයුබෝවන් කියන්නට සිදුවිය.
1994 වසරේදී ගායකයකු ලෙස සංගීත ක්ෂේත‍්‍රයට පිවිස ඔහු ඉතාම කෙටි කලකින්ම ඉහළ ජනපි‍්‍රයත්වයත් අත්කරගැනීමට සමත් විය. මෙයට හේතුවූයේ ඔහුගේ ගීත වලට ලතින් ඇමරිකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ ජනපි‍්‍රයත්වයක් හිමිවීමයි. මේ නිසා යුනිවර්සල්, ඉන්ටර්ස්කෝප් වැනි ඇමරිකාවේ ප‍්‍රකට සංගීත නිෂ්පාදන සමාගම් සමග ඉහළ වටිනාකමින් යුතු ගිවිසුම් ඇතිකරගැනීමටද ඔහුට අවස්ථාව හිමිවිය. මෙවන් සමාගම් යටතේ ඔහු නිර්මාණය කළ ගීත හා ගීත ඇල්බමයන් විකිණී ගියේ උණු කැවුම් මෙනි.
වාර්තා වල දැක්වෙන අයුරින් ඔහුගේ නමින් ලොව පුරා දැනට විකිණී ඇති ගීත ඇල්බම සංඛ්‍යාව ලක්ෂ 1370 ඉක්මවයි. ඔහුගේ ගීත බටහිර ගීත දර්ශක වල ප‍්‍රථම ස්ථානයේ සති ගණන් රැඳී තිබී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඔහුගේ නමට අභියෝග කළ හැකි තරමේ බටහිර ගායකයෙක් තවමත් නොමැති බවද සඳහන්වේ.
එන්රීකේ ඉග්ලේසියාස්ගේ උස 6’1’’ කි. හිස කෙස් පමණක් නොව ඇස් ද දුඹුරු පැහැතිය. එය එන්රීකේගේ රසිකාවියන් ඔහුට ඇළුම් කරන එක් හේතුවක් වී ඇතැයි පැවැසෙයි. එක් කම්මුලක ඉන්නකු සහිත සරාගී ගායකයා ලෙස ද එන්රීකේ කලක් හැඳින්විණි. ඒ, 2003 වසරට පෙරය. එන්රීකේට සොහොයුරෝ දෙදෙනෙකි. සොහොයුරියෝ පස් දෙනෙකි. තමා ගායකයකු ලෙස හඳුන්වා දෙනවාට වඩා, ගීත රචකයකු ලෙස හඳුන්වා දෙන්නේ නම් කැමැති බව එන්රීකේ අවස්ථා ගණනාවකදී පවසා ඇත.
ආසියාකරයේ ඔහුට ඉහළම ඉල්ලූමක් හිමිවී ඇත්තේ ඉන්දියාවේය.
ඔහු නිර්මාණය කළ දසවැනි ගීත ඇල්බමය ’සෙක්ස් ඇන්ඞ් ලව්’ පසුගිය වසරේ මාර්තු මස නිකුත් විය. අලූත් ඇල්බමයක් නිකුත් කළ වහා එය ප‍්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල පැවැත්වෙන සංගීත සංදර්ශනයන්ට සහභාගීවීම මුල් පෙළ බටහිර ගායක ගායිකාවෝ ආහ. පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවැත්වුණු ප‍්‍රසංගයද එවැන්නකි. එන්රික්ගේ අලූත්ම ගීත ඇල්බමයේ නමින්ම එම ප‍්‍රසංගයද සෙක්ස් ඇන්ඞ් ලව් ලෙස නම් කර තිබුණේ ඒ නිසාවෙන්මය. රුපියල් 5000 සිට රුපියල් 50,000 දක්වා ටිකට් අලෙවි වූ එම ප්‍රසංගයට 7500ක් දෙනා ආ බව කියති.
ප‍්‍රසංග වේදිකාවට ගොඩවන තම රසික රසිකාවියන්ට හාද්දකින් හෝ වැළදගැනීමකින් සංග‍්‍රහ කිරීම ඔහුගේ පුරුද්දක් බව කියති. ලතින් ගීත වලට අනන්‍ය අයුරින්ම ඔහුගේ ගීතද ශෘංගාරය දනවන බැවින් උන්මාදයක් ඔහුගේ ඇතැම් රසික රසිකාවින් අතර ඇතිව තිබෙනු හඳුනාගත හැකිය. වේදිකාව වෙත තම තනපට ගලවා විසිකරන්නෝ ඔවුහුය. මෙය ඔහු සහභාගීවන බටහිර සංගීත ප‍්‍රසංග වල සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.
සංගීත ක්ෂේත‍්‍රයට පැමිණ වසර ගණනාවක් වුවත් වෙනත් බොහෝ බටහිර ගායකයින්ට මෙන් අයථා සම්බන්ධතා පැවැත්වීයැයි හෝ මත්පැන් හෝ මත්කුඩු ලෝලියෙකැයි හෝ චෝදනා ඔහුට නැගී නොමැත.
සංගීත ක්ෂේත‍්‍රයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයටද එන්රික්ගේ ඇල්ම හිමි බව සදහන්ය.ඔහු සතුව ප‍්‍රකට ව්‍යාපාර කිහිපයක්ම පවතී.
සහන සේවා කටයුතු සදහා නිර්ලෝභිව තම ධනය බෙදාදෙන පුද්ගලයකු ලෙසද ඔහු ප‍්‍රකටය.
එන්රීකේ උදේ අවදි වන කෙනෙක් නොවේ. ? පහන් වනතුරු සංගීත ප‍්‍රසංගවල නියැළෙන අවස්ථාවලදී පමණක් නොව, සාමාන්‍ය දිනවලදී පවා එන්රීකේ අවදි වන්නෙ උදේ ආහාරයට නොව දිවා ආහාරයට යැයි පැවැසෙයි. හැම්බර්ගර්, බැදපු අල පෙතිවලට හෙතෙම පි‍්‍රය කරයි. සුපිරි පොප් ගායකයකු වුවත්, එන්රීකේ දුම් පානය නොකරයි. මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැති බවත් පැවැසෙයි.
එන්රීකේ ත‍්‍රාසජනක කී‍්‍රඩාවලට පි‍්‍රය කරයි. ඔහු රළ පැදීමට එසේත් නැතිනම් රළ මත ලිස්සා යන ‘සර්ෆිං’ කී‍්‍රඩාවට කැමැත්තක් දක්වයි. එක් අවස්ථාවක එන්රීකේ සර්ෆිං කී‍්‍රඩා කරද්දී, රැුල්ලකට හසුවී ගසා ගෙන ගොස් කඩොලාන ගසක හැපී හිස පිටුපස කණ ළඟ තුවාල කර ගත්තේය. මැහුම් 39 ක් දැමීමට ද සිදුවිය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි එන්රීකේ විශ්වාස කරයි.
නිවසින් පිට යන විට එන්රිකේ සැමවිටම ළඟ තබා ගන්නේ ඩොලර් 20 ක් පමණි. ඊට වැඩියෙන් ඔහු මුදල් ළඟ තබා ගන්නේ නැත. ඔහුගේ පි‍්‍රයතම වර්ණ කළු, අළු සහ සුදුය. එහෙත් ඔහු වඩාත් ආසා කරන තොප්පියේ පැහැය නිල් ය. එන්රීකේ වහළය හැකිළිය හැකි මෝටර් රථවලට පි‍්‍රය කරන තැනැත්තෙකි. පදිංචිය ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නගරයේය.
එන්රීකේ විහිළුවට සහ විනෝදයට බර පුද්ගලයෙකි. බොහෝ අවස්ථාවලදී පාවහන් නොපැළඳ සිටීමට හෙතෙම පි‍්‍රය කරයි. අඳින්න කැමැති සැහැල්ලූ ඇඳුම්ය. වඩාත් කැමැති ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසමයි. එන්රීකේ කිසිදාක අත් ඔරලෝසුවක් පැළැඳ නැත. පළඳින්නේ ද නැතැයි පැවැසෙයි. ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලත් මුළු මහත් ලෝකයේත් අවධානය දිනා ගැනීමට පෙර ස්පාඤ්ඤ ගායකයකු ලෙස එන්රීකේ පළමුවෙන්ම කරළියට පැමිණෙද්දී, ස්පාඤ්ඤ ගීත විචාරකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් ඇසුවේය.
විචාරකයෝ ඔහුගේ ගීතවලට හැර ඔහුගේ පෙනුමට, ඔහු අඳින ඇඳුම්වලට පමණක් නොව කොණ්ඩයටත් දොස් නගන්නට වූහ. 2003 වසරේදී වෛද්‍ය උපදෙස් මත මෙම ඉන්නා ඉවත් කෙරුණි. වෛද්‍යවරුන් පවසා තිබුණේ පිළිකා තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් ඉන්නා ඉවත් කළ යුතු බවය.
එන්රීකේ ස්පාඤ්ඤ බසින් පළමු ගී ඇල්බමය එළිදැක්වූයේ 1995 සැපතැම්බර් 25 වැනිදාය. 90 දශකයේත් 2000 මුල් දශකයේත් එන්රීකේ අතිශින් ජනපි‍්‍රය ගායකයෙක් විය. සංගීතය යනු විශ්ව භාෂාවක් යැයි යළිත් වරක් පසක් කර දීමට එන්රීකේ 1998 දී ගායනා කළ ‘බයිලාමෝ’ සහ 2001 දී ගායනා කළ ‘හීරෝ’ වැනි ගීත සමත් විය. රිකී මාර්ටින් සහ මාර්ක් ඇන්තන ඔහුගේ සමකාලීනයෝය. එන්රීකේ පවසා ඇත්තේ මොවුන් දෙදෙනාට තමා අතිශයින් ගරු කරන බවය. ස්පාඤ්ඤ බසින් වූ දෙවැනි ගීත ඇල්බමය එළිදැක්වූයේ 1997 ජනවාරියේය. තෙවැනි ඇල්බමය 1998 සැප්තැම්බර් පළමු වැනිදා එළිදැක්වීය. එන්රීකේ සිය පළමු ගීත ඇල්බමය පිදුවේ ඔහුගේ ආයම්මා එල්විරාටය. මවගේ අඩුව පුරවමින්, තමාට සංගීත ලොවේ ඉදිරියට යන්න මඟ පෙන්නුවේ ඇය යැයි එන්රීකේ පවසා ඇත.
ලෝ සුපතළ ‘පීපල්’ සඟරාවේ වඩාත් කඩවසම් පුද්ගලයන් 50 දෙනා අතරින් පළමු තැන හිමි කර ගැනීමට එන්රීකේ වරක් සමත් විය. ප‍්‍රසංග වේදිකාවේ අවස්ථා කිහිපයකදීම පය පැටැළී වැටුණු ගායකයකු ලෙස ද එන්රීකේ ප‍්‍රකටය. ඇමෙරිකන් සංගීත සම්මාන උලෙළකදී පළමු වරට සජීවී ගී ගායනා කළ ස්පාඤ්ඤ ගායකයා වූයේ එන්රීකේය. ඔහු ගායකයකු ගීත රචකයකු පමණක් නොව නළුවෙක් ද වෙයි. ලතින් පොප් සංගීතයේ රජු ලෙස තවමත් කිරුළු පැළැඳ සිටින්නේ මොහුය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්දර්ශනය නරඹන අයගෙයි වැරැද්ද. නැතුව ගායකයා මොනවා කරන්නද? (නි)
රාග දෝස මෝහාන්ධකාරේ ගිලිලා ශෝක සදාවී... අඳුර සැමදා ජීවිත මායා කඳුලේ වී නැසීයාවී... පාපේ ගැලිලා වැනසේවී ... (නි)
ඔබත් මමත් විවෘත වෙන්න පුලුවන්. මේ සිද්ධියේ කිසි ප්‍රශ්නයක් නැතිවෙන්නත් පුලුවන්. ඒත් අපේ උප්පත්තියෙන් ආ සංස්කෘතියක් කියලා එකක් තිබෙනවා. අපි මොන ජාතියේ, මොන ආගමේ වුණත් අපි දැනගන්න ඕනෑ මේ ශ්‍රී ලංකාව ඇතුළේ තිබෙන ඒ බෞද්ධ ආගම මුල්කොටගෙන හැදිලා තිබෙන සංස්කෘතිය ඇතුළේ අපි අපේ සෙල්ලම් දාන්න ඕනෑ කියන එක. (නි)
මේ ගායකයාගේ නම් කිසිම වරදක් මට පෙනෙන්නේ නැහැ (නි)
මොහු ගැන නොදන්නා කරුණු රැසක්ම දැනගන්නා (නි)
මිතුරනි, සියලු දෙසින් හමන සුළඟට නිවසේ දොරගුළු හැර තබන්න. නමුත් ඒ සුළඟින් අපේ අක්මුල් සිඳීයාමට ඉඩ නොහැරීමට තරම් ශක්තිමත් සහ ප්‍රඥාවන්ත වෙමු. ලතින් අමෙරිකාවෙන් බිහිවූ ඒ අසහාය නායකයා, ෆිදෙල්ගේ සුප්‍රසිද්ධ කියමන සිහිතබාගනිමු. " ත්‍රස්තවාදීන්ටත්, විකෘති ආශා ඇත්තවුන්ටත් ඉතිහාසය වෙනස් කිරීමට ඉඩදිය නොහැකිය, එසේම අප එයට ඉඩදෙන්නේද නැත" ජාතියේ පියාණන් වන අනගාරික ධර්මපාලතුමන්ගේ නාමයෙන් එක්වෙමු. ඒකීය රාජ්‍ය සිඳ බිඳදමන සංස්කෘතික, ආර්ථික සහ යුධමය ආක්‍රමණයන්ට දිවිහිමියෙන් එරෙහි වෙමු. ඉතිහාසය විසින් නැවත නැවතත් ඔප්පු කරන ලද අපේම මඟ අපි ගමන් කරමු. ඒ කෙරෙහි විශ්වාසය තබමු. (නි)
සංස්කෘතිය සභ්‍යත්වය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. රෑට ගැහැණු ළමයෙකුට පාරේ තනියෙන් යන්න බැහැ. ඔවුන්ගේ රටවල නිදහස වගේම ආරක්ෂාවත් තිබෙනවා (නි)
ඉතාම හරවත් සටහනක්. (නි)
මෙම ගායකයා විශිෂ්ඨ ගායකයෙක්.. අපේ අයගේ වැරදි වලට ගායකයා පලි නෑ.අනික මේ සංගීතයේදී තමන් වියදම් කරපු ගානට බොන්න දීලා තියනවා. බීලා වෙරි වෙලා කෙල්ලො තමන්ගේ රටේ සංස්කෘතිය අමතක කරලා වැරදි විදිහට හැසිරිලා තියනවා. වැදගත් දෙමාපියන්ගේ දරුවෝ මේ විදිහට හැසිරෙන්න හොද නෑ. විශේෂයෙන්ම ගෑනු ළමයි. නැවත මෙවන් ප්‍රසංගයක් පවත්වනව නම් ගෙන්නන්න හදන ගායකයා ගැනත් හොයලා බලලා ගෙන්නන්න ඕනේ. අපේ අයටත් හැසිරෙන විදිහ කියලා දෙන්න ඕනේ... මේ සිදුවීම පාඩමක් ලෙස ගන්න ඕනේ (බ)
දන්නෝ දනිති ඉතින්.. සමහරු ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. හොද විග්‍රහයක්.. සෙක්ස් කියන වචනේ අපු ගමන් අපේ අය හිතන්නේ නරක මොකක් හරි කියල.. (කෞ)
අපේ සමහර අයගේ ගීත වලට වඩා එන්රිකේගේ ගීත සංවරයි. (නි)
මෙහෙම ගියොත් අපේ රටේ ගායකයන්ට තැනක් නැතිවෙනවා (නි)
අනේ ගෝවින්, ඔවුන්ගේ රටවල ආරක්ෂාව තිබෙනවලු. දකුණු ඇමරිකාව ගැහැණු ළමයකුට තියා පිරිමියෙකුටවත් බය නැතුව යන්න පුළුවන් රටක් නොවෙයි. (නි)
පිටරටවල වුණත් උගත් වැදගත් දෙමාපියන්ගේ දරුවෝ මෙලෙස නොහැසිරෙති. මේ රටේ ගැහැණු, නොදන්නා බටහිර සංස්කෘතියක් බදාගැනීමට ගොස් අවිනීත ලෙස හැසිරෙති. මෙවැනි ප්‍රසංග පවත්වන්නෝ දේශීය සංස්කෘතිය තව තවත් විනාශ කරති. (නි)
ගෝවින්, ඔබ කියන රට මේ පෘථිවිය මත තිබෙන රටක් විය නොහැක. ළමයින් සිටින පාසල් වලට පැන වෙඩි වරුසාවල් තබන රටවල් ගැනද ඔබ කියන්නේ ආරක්ෂාව තිබෙනවා කියලා (නි)
මෙම ගායකයාට වඩා ඉතා සංවර දක්ෂ ගායකයන් අපේ රටේ ඉන්නවා. අපේ බහුතරයක් ජනතාවට අපේකම අගයක් නැහැ. දියුණු යැයි කියාගන්න රටවල ඕනෑම කුණු ගොඩක් ඉස්මුදුනින් පිළිගන්නවා (නි)
විශ්ව සංස්කෘතියේ වෙනසට මුහුණ දිය යුතුය (බ)
මට හිතෙන විදියට මේ හාදයා දක්ෂ ගායකයෙක් හෝ ගිත රචකයෙක්ට වඩා අති දක්ෂ "ව්‍යාපාරිකයෙක් " (බ)
නව රටාවකට, නව සංගීතයකින් ජනතාව රසවත් කිරීමට පැමිණි ඔහුට ගරුකළ යුතුය. මන්ද අප ආරාධනය පිළිගෙන ලංකාවට පැමිණි නිසා. එදා සංගීත රසය විඳීමට ගිය කීදෙනෙක් කුඩු ගසා. වෙරිවී, මතින් ඉන්න ඇද්ද? ඔවුන්ගෙන් අයෙක් තනපටින් දමා ගැසීම ගැන අපි පුදුම නොවෙමු. ඔවුන් පමණක් සොයා නීතිය ක්‍රියාත්මක කරන්න. නියම රසවින්දනය ලබන රසිකයන් හට ඉඩ සළසන්න, තරුණ පරපුරට අත්දැකීම් ලබන්නට ඉඩහරින්න. එසේ කිරීම සාධාරණය (නි)
ඔහු කුමන ජාතියක වුවද ආගමක වුවද අපට කම් නැත. ඔහුගේ රුචි අරුචිකම් කුමක් වුවද අපට කම් නැත. මෙම සංස්කෘතිය අපිට අවශ්‍ය නැත. හරි දෙය හරි විදිහට දැකීම අවශ්‍යවන්නා සේම අපට මෙවැනි දේ බැහැර කිරීමට මොළයක් තිබියයුතුය. මා පුද්ගලිකව ඔය රටවල ජීවිතය ගත කර ඇත. එහෙත් හොඳ දෙය කුමක්ද නරක දෙය කුමක්ද යන්න වටහා ගැනීමේ වාසනාවක් සිංහලයකු ලෙස මට තිබුණි. මම මගේ රටට,ජාතියට සහ අහිංසක සංස්කෘතියට ආදරය කරමි. (නි)
වැදගත් තොරතුරු රැසක් අපිට දුන් ලංකාදීපයට තුති! (නි)
එතකොට මොකක්ද ඔය අපේ සංස්කෘතිය? ඔය දැන් අපේ ගම්වල තියන බාප්පා දුවව දුෂණය කරන සංස්කෘතිය ද ? නැත්නම් කොල්ලෝ කුරුට්ටෝ හවසට වැවු බන්ට් එක උඩට වෙලා ගංජා ගහන සංස්කෘතියද ? (කෞ)
අසිත, ඔබගේ අදහසට ගරු කරමු. එහෙත් ඔබ හෝ මා අකමැති වූ පමණින්ම මෙය අපට අවශ්‍ය නැතැයි පැවසීම නිවැරදි නොවේ. මේ බටහිර ක්‍රමයට කැමති පිරිස් ඕනෑතරම් මේ රටේ සිටිති. ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අප ඉඩ දියයුතුය. ඔබ අකමැති නම් ඔබ නොයන්න. කොළඹ තිබෙන රාත්‍රී සමාජ ශාලා වල වෙන දේවල් දිහා බැලුවහම මේවා මොනවද? ඒවා එතකොට අපේ සංස්කෘතියට හොඳද? මෙතන සිදුව ඇත්තේ මේ ප්‍රසංගය අනවශ්‍ය ලෙස අපේ හිස මත තබාගැනීමට යාමයි. (නි)
කලකට පෙර තිබුන ලෝක පාපන්දු කුසලාන තරඟාවලියකට සින්දුවක් කියා ජනප්‍රිය වූ මේ ගායකයා දැන් කා හටත් අමතකය. ලංකාවේ තරුණ පරපුර ගැන මට බලවත් අනුකම්පාවක් දැනෙනවා. මේ විදෙස් රටවල හැදෙන උගත් සිංහල දරුවන් මේ වැනි නොමේරු ලංකාවේ අයට විවාහයකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. (අ)
කඩවසම් තරුණයෙක් (නි)
එක්කෙනෙක් දෙන්නෙක් හැසිරෙන්න දන්නේ නැති පළියට සංගීත සංදර්ශන නවත්වන එක වැරදියි. දඬුවම් දියයුත්තේ හැසිරෙන්න දන්නේ නැති අයට. (නි)
මෙහි ගායකයාගේ දක්ෂතාවය ගැන ලිවීම නරක නැත. ඔහු දක්ෂ වුවද අපි කතාකළේ ලංකාවේ කෙල්ලන්ට හැදීගෙන එන අමාරුව ගැනය. (නි)
මෙතන ගායකයාගේ කිසිම වරදක් නැත. ලංකාවේ සංස්කෘතියේ වරදක් හෝ සිදුවූ සිද්ධීන් දෙස බලන ආකාරය අනුවය වරද ඇත්තේ. මෙම ගායකයා ලෝකෙයේ කොහේ ගියත් මෙම සිදුවීම් මාලාව සිදුවනවා ඇත. රටේ සැටියට එහි හොඳ නරක ප්‍රතිචාර ලැබෙනවා. ගායකයාට දොස් පැවරීම කිසිසේත් වටින්නේ නැහැ (නි)
හොඳ තොරතුරු ඇතුළත් ලිපියක් (නි)
"ලංකාවේ සංස්කෘතියේ වරදක් හෝ සිදුවූ සිද්ධීන් දෙස බලන ආකාරය අනුවය වරද ඇත්තේ" කියන අය සිටිනුයේ පිටරටවලය. ශ්‍රී ලංකාවේ සිටින අප ඉස්මතුකලේ මෙවැනි ප්‍රසංග ශ්‍රී ලංකාව වැනි සීලාචාර රටකට නොහොඹිනා බවය. එතුලින් සිදුවන සංස්කෘතික විනාශය ගැනය. එන්රීකේ වන්නුන් ලොව කොතෙක් සිටියත් අපටකම් නැත. වියයුත්තේ ඔව්න්ගේ ගීත රසවිඳීම නැවෙත්වීම හෝ තහනම් කිරීම නොව. අපේකම තුල අපේ දරුවන් රඳවා ගැනීමය.අපට එය කළහැකිනම් ලොව අනෙකුත් රටවල් නිරුවතින් සංදර්ශන පැවෙත්තුවද කම්නැත. අද සමාජය තුල සිදු නොවනේමද එයමය. (අ)
උස්සගෙන ගිහින් දූෂණය කරලා මරල දානවා.ඔන්න අද අපේ රටේ මහලොකු සංස්කෘතිය.මගේ අය කොරියාවේ. එහෙ බහුතරයකට ආගමකුත් නැහැලු.ඒ වුනාට කාන්තා අතවර අහන්නත් නැති තරම්ලු.අපි හැදෙන්න ඕනේ අන්න එහෙම. නිවැරදිකරන්න ඕනේ අන්න ඒවා. (බ)
බොහෝ අයගේ අදහස් වලට එකඟ වෙන්න පුළුවන්. ගායකයාගේ කිසිම වැරැද්දක් නැහැ. ඔහු කඩවසම් නිසා තවත් ඔහුට තරුණ අය කැමතියි. විදේශීය ගායකයෙක් නිසා විදේශීය රටවල සේම ප්‍රේක්ෂකයින් හැසිරෙන්න අවශ්‍ය නැහැ. ඒකයි මෙතන වරද වුණේ (නි)
එන්රික් ඇහුවොත් අපේ ලංකාවේ ඕන කෙල්ලෙක් හා කියනවා .. අපේ කොල්ලන්ට සොරිම තමයි ..දැක්කනේ අර මොකක්ද පටයකුත් ඉල්ලන්නේම නැතුව ගලෝල දුන්නේ .. (බ)
ගූගල් එකේ "සෙක්ස්" වචනය වැඩිපුරම හොයලා තියෙන්නේ අපේ අයනේ. තව මොනවද? (නි)
බෙනට්, නිකන් මෝඩ කතා දොඩවන්න එපා. අනික කෙනෙක්ගේ කැමැත්තෙන් ඕනෑ දෙයක් කරන එක කාටවත් ප්‍රශ්නයක් නැහැ. (නි)