
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කර මුදල් ලබාගැනීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් පස්දෙනකු තියුණු ආයුධ හා අත්බෝම්බ සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමඟ විදේශ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බ දෙකක්, කඩු දෙකක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිගෑම් 500 ක් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු ගේ සමීපතම අනුගාමිකයකු වන තිළිණ ප්‍රසන්න නොහොත් සුද්දා නැමැති පුද්ගලයා ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ දෙමටගොල්ල හොරම්පැල්ල ප්‍රදේශයේ නිවසක් වැටලූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ නොසිටි අතර පොලිස් නිලධාරීන් එම නිවස ආසන්නයේ සැඟවී සිටීමේදී සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ඊට පිටුපසින් පැමිණි යතුරුපැදි දෙකක් නවතා පරීක්ෂාවට ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර පුරවන්න එපා අපට කියන්නත් ඕනේ නැහැ. සද්ද නොකර වැඩේ ඉවරයක් කරන්න.