වත්තල ප්‍රාදේශිය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මහතාගේ කෙරවලපිටිය නිවස කොල්ල කෑමට පැමිණි පිරිසක් ඊයේ (21) රාත්‍රියේ එහි සිටි 75 හැවිරිදි බාස් කෙනෙකු ඝාතනය කැර ඇතැයි වත්තල පොලීසිය කියයි.ඔහු නිවසට ගෙන්වාගෙන ඇත්තේ ලී බඩු පොලිෂ් කිරීම සදහාය.
සභාපති හා බිරිද ඊයේ රාත්‍රී 9.30ට පමණ පන්සලේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී නිවස අවට කිසියම් පුද්ගලයකු සැරිසරන බවට නිවසේ සිටි පුද්ගලයා සභාපතිට දුරකථනයෙන් දැනුම් දී ඇති බවත් , ඔහුගේ සිරුර නිවසේ නාන කාමරයේ තිබී හමු වී ඇති බවත් කොල්ලකරුවන් නිවසේ අල්මාරි ඇද දමා ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාහුල, නිකන් මෝඩකම පෙන්නන්න එපා. (නි)
මට මතක් වෙනවා 1989 කාලේ. අපි පාරේ යනකොටත් දේශපාලකයන්ගේ වාහන දැක්කොත් ඒ පැත්තෙවත් ඉන්න බයවුනා. පුළුවන් තරම් දේශපාලනඥයෝ ඉන්න තැන්වලින් ඈතව ඉන්න උත්සාහ කළා. හේතුව දන්නවනේ. මේ අහිංසක බාස් උන්නැහේට වෙච්ච දේ ගැන හරි දුකයි. පවු..!(නදී)
පව් අහිංසක බාස් ගේ ජීවිතේ (නි)
මටනම් ලොකු සැකයක් තිබෙනවා. ලී බඩු පොලිෂ් කිරීම සදහා ගෙන්වාගත් බාස් උන්නෙහෙ ගෙදර නවත්වා ගතේ මොකද කියාලත්. දුරකථන ඇමතුමක් දුන්නට පස්සේ මැරුවා කියන එකත්. සමහරවිට මේ පුද්ගලයා මෙයාලගේ පරණ දෙයක් දැනගෙන හිටපු රහසක් වහගන්න කල දෙයක් විය හැක. බලයේ සිටින පක්ෂයක ප්‍රාදේශිය සභාවේ සභාපති කෙනෙකුගේ ගෙදරක් කොල්ලකන්නට කෙනෙකු එන බව සිතිය නොහැක.(නදී)
මේවා කොයි රටෙත් වෙන සාමාන්‍ය දේවල්. කිසිම අපරාද රැල්ලක් නැහැ.(නදී)
අවුරුදු 75ක් කියන්නේ වයසක මනුස්සයෙක්නේ. කොහොම මේ වගේ වැඩ කරනවද මන්දා. ඉක්මනටම අහුවෙයි. උපරිම දඩුවම් දෙන්න.(නදී)
සොයාබැලිය යුතු කරුනු නම් එමට තිබෙන හැඩයි (නි)
රාහුල , මොකද ඇත්තට ඔච්චර බය? (නි)
මේ ගැන තව බොහෝ දේ ,හිතන්නට ඇත !!මට නම් සැකයකි උපදින්නේ (අ)
මේවා කිරිමෙල් වැඩ. මොකුත්ම කියන්න බයයි . හාපොයි මේ ප්‍රාදේශීය සභාපොති උන්නාන්සේ කෙනෙක් ගේ ගෙදරක් නේ ආයිබෝවන්. (අ)
එක එක්කෙනා මේ ගැන එක එක කතා කියනවා (නි)
ඔය ප්‍රාදේශීය සභා සභාපතිතුමා සම්බන්ධ මීට කලින් මොනවාහරි චෝදනා එහෙම තිබේද? (නි)