(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළෙඳ සැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී හිමිකරුගේ රුපියල් ලක්ෂ 60 ක ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙහිවල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැග සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම සැකකරු සමඟ එම කොල්ල කෑමට පැමිණි අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා රන් ආභරණ සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයන බවට ඔහුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක අඩි 250 ක් පමණ උසැති දුරකථන කුළුණකට නැග අට්ටාලයක් සාදාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට දැන ගැනීමට ලැබී තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව එම ස්ථානය ගිය පොලිිසිය උපක්‍රමශීලිව සැකකරු බස්සවා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ලකරු දුරකතන කුළුණේ නැග සිටියදි අල්ලයි
චමින්ද Saturday, 13 May 2023 05:36 AM
අන්තිමේ මංකොල්ලකාරය වෙනුවෙන් නඩුවැටෙන්නේ ඔය කුඩුටිකට පමණක් නොවේවා