පාදුක්ක නගරයේ උකස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටි එකහමාරේ  රන් බඩු කොල්ලයට සම්බන්ධ බව කියන ආබාධිත  හමුදා සෙබළුන් දෙදෙනාගේ සහ කොල්ලයට ගිනි අවි සැපයු බව කියන ආබාධිත ලුතිනන්ගේ  වැඩ තහනම් කළ බව  යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජයනාත් ජයවීර මහතා කියයි.

 යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතාගේ නියෝගයෙන් මෙම සේවය අත්හිටුවීම සිදු කළ බවද බ්‍රිගේඩියර්වරයා පැවසීය.

 ලුතිනන් එම් එච් ඒ ආර් රූපසිංහ සහ සාමාන්‍ය  සෙබළුන් වන  ඒ කේ වයි  සත්‍ය කුමාර,ආර් ඩී පී ප්‍රියශාන්ත එම තිදෙනාය.යුද හමුදා පොලීසියද ඔවුනට එරෙහි  පරීක්ෂණ අරඹා ඇත.