දින පහක් කටුවන රන්මල රක්ෂිතයේ ගල් ගුහාවක සිටි බව කියන පහළොස් හැවිරිදි පෙම්වතිය හා 18 හැවිරිදි පෙම්වතා කටුවන පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ කාලයේදී තරුණයාගේ පියා ඔවුනට කෑම සපයා ඇතැයි ද පොලිසිය කියයි.
තරුණයා වලස්මුල්ල උසාවියේදී රිමාන්ඩ් කළ අතර තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නේ මෙයාලගේ වයසනේ...නැත්නම් මේ අයට පාඩුවේ ඉන්න දෙන්න තිබුනා (නි)
වෛද්‍ය වාර්තාවක් ගන්න එක හොදයි මේක සදාචාරාත්මක ප්‍රශ්නයක් (දී)
මෙහෙමත් පියවරු.(නදී)
අනේ ෂෝයි තාත්තා....ෂෝයි අනේ. (නි)
හිර ගන්න ගිහින් හිරයක්ම හිමි වුනා. මන් වගේ අසරණයෙක් වෙන්න ඇති.(නදී)
අපිට කොහෙන්ද ඔය වගේ ගල් ගුහා.(නදී)
ආදි වාසීන්ගේ දිනය සමරන්න යන්න ඇත්තේ.(නදී)
කළවයස එළැඹෙනතුරු දෙන්නා ගල්ගුහාවේ තියන්න පීයා තීරණය කරන්න ඇති. (නදී)
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ - හේතුව මම නොදනිම්.(නදී)
දැන් ඉතින් මධූසමයට යන අයට ගල් ගුහා පැකේජ් දෙන්න කට්ටිය පටන් ගනී...(නි)
මුන් ආදම්ට ඊවටවත් පාඩුවේ ඉන්ට දෙන්නෑනෙ.(නදී)
හිරේ ගියත් මොන තරම් වාසනාවන්තයෙක්ද? හිටිය දවස් පහ කැලේ ගල් ගුහාවේ, හරිත වනයේ, සිසිල් සුළගේ ,නිදහසේ, .අනේ මටත් එහෙම ඉන්න අවස්තාවක් දැන් ඉතින් එන්නේ නැහැ නේ. ගල් යුගයේ අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතය. ෂාහ්! මොනතරම් අපූරුද?(නදී)
ලංකාවේ කොල්ලෝ අති දක්ෂ ගල්වඩුවෝ.(නදී)
අපේ අය තව හොඳයි, රාම හා ලක්ෂ්මන් සමග වනගත වුනු සීතා සහෝදරයො දෙන්නෙක් එක්ක එකගෙයි කෑවා මෙහෙට ගෙනෙන්න කලින්.(නදී)
තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකර ඇත්තේ ඞී.සී.ඞී පරීක්ෂාවටද?(නදී)
නියමයි!(නදී)
මටත් ආසයි එහෙම ගල්ගුහාවකට වෙලා ඉන්න.(නදී)
මල හත්තිලව්වයි සීතා එහෙමත් කරලාද මේ පතිවත ගැන කයිවාරු ගහන්නේ. ඔය කියන්නේ අර රාමගේ සීතා ගැන නේද? (නදී)
වියට්නාමයේත් අවරුදු 40ක් දෙන්නෙක් වනන්තරේ ජීවත් උනාලු! මෙයලටත් ගල් ගුහාවේම ඉන්න දෙන්න තිබුනේ! ආදිවාසීන් වඳවෙමින් යන කාලයක තවත් වසර 40-50කින් ආදිවාසීන්ගැන කතාකරන්න මේක හොඳ ආරම්බයක් වේවි!(නදී)
රන්මලේ කන්ද හරි ලස්සන පැත්තක්. කලකට පෙර මේ කන්ද යටින් උමං දෙකක් හදා නිල්වලා ගඟේ වැඩිපුර ජලය කිරම ජලාශයට ගෙනයන ව්‍යාපෘතියකට මා විද්‍යාත්මක පරීක්ෂනයක් කලා. ඒ කාලෙ මටත් හිතුනා ලස්සන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කන්දෙම නවතින්න. ගැටබරුව කන්ද උඩ දේවාලේ සිට බලන විට රන්මලේ ලස්සනට පේනවා.(නදී)
ඇයි මෙයාලව පොලිසියෙන් අරන් ගියේ. ආදරේ නම් දෙන්නා එකිනෙකාට බැදලා දාන්නයි තිබුනේ.(නදී)
කල්පනී මාත් ආසයි ගල්ගුහාවක එහෙම ඉන්න ඔයත් ආස නිසා අපි දෙන්න යමුද ගල්ගුහාවකට.(නදී)
දැන් ඔය ගල් ගුහාව තරු පන්තියේ සුපිරි හෝටල් කාමරයක් බවට පත් කරයිද දන්නෑ.(නදී)
කොයි දේටත් සුදුසු වයසක් තයෙනවා. තාත්ත නැත්නම් ජෝඩුවට කන්නත් නෑ. තමන්ට කන්න හොයාගන්නත් බැරුව මොන පවුල්ද? දැරියගේ දෙමව්පියෝ දැරියට සමාජ අවබෝධයක් නොදී හදල තියෙන්නේ. කොටහළු මගුල් වලින් දැරියන්ගේ ලැජ්ජා භය සදාචාරය ඇතිවෙනවා කියල හනමිටිකාරයෝ කියනවා. බම්බුව තමයි.(නදී)
කල්පනී, මගෙත් අකැමැත්තක් නැහැ ඔන්න.(නදී)
ප්‍රියා, ගල් වඩුකම ඉගෙන ගන්න ගියානම් වෛද්‍ය පරීක්ෂණ කුමකටද?(නදී)
මේක සදාචාරය පිලිබඳ ගැටළුවක් නොවේ ආර්ථිකය පිලිබඳ ගැටළුවක්, අහිංසක තරුණ ජිවිත කාලකන්නි කරන්නේ මේ බොරු සංස්කෘතිය, නීති හදපු මිනිස්සු දන්නේ නැද්ද තරුණ වයසේ ආසාවන්, කොල්ලෙක් කෙල්ලෙක් අතින් ඇල්ලුවත් සාපරාධි ක්‍රියාවක් විදිහට සලකන රටක්, ඉතින් මේ කොල්ලොත් ඉවසන්න බැරි උනාම මේ වගේ තීරණ ගන්නවා, ඉන්න ගෙයක් තිබුනානම් මෙහෙම කරන එකක් නැහැ, දැන්වත් තේරුම් ගන්න අලුත් පරම්පරාව වෙනස්, මේ පරම්පරාව නීතියෙන් හිර කරනඑක තවත් අපරාධ වැඩි වෙන්න හේතුවක්.(නදී)
අසංග, දිනෙයි වෙලාවයි කොයි වනයෙද කියලයි කියන්නකෝ මම එන්නම්.... (ස)
මටත් එයාලත් එක්ක ඉන්න පුලුවන්නම්.(නදී)
ගල් ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා. මම දැනගතිමි, මම සැක කලෙමි.(නදී)
පිටිගල, රාමගේ සීතා නැතුව වෙන කවුද ලංකාවේ අපිටත් එක ගෙයි කනහැටි පුරුදු කළේ. සීතා මිත්තනියට පිංසිද්ධ වෙන්න කෝට්ටේ විජයබා කොල්ලය සිදුවෙන කාලෙ වෙනකම්ම අපේ රජ පරපුරේ අයත් එකගෙයි කෑවා. ඒත් මමනම් කැමති අරාබි ක්‍රමයට එකගෙයි කන්න.(නදී)
රන්මලේ කන්ද වනයේ මමත් දඩයක්කරුවෙකු සමග දින කීපයක් ඇවිද තියනවා. හරිම සුන්දර තැනක්. කන්දේ කෙලවර ලොකු සුලන් කපොල්ලක් තියනවා. හීගොඩ වරාපිටිය මාර්ගය වැටී ඇත්තේ මේ සුලන් කපොල්ල හරහායි. ඒ ප්‍රදේශයේ මිනිස්සු එතනට කියන්නේ හුලන්කන්ද කියලා. සොබා දහමට ආසකරන දෙන්නෙක් වෙන්න ඇති ගල්ගුහාව තෝරාගන්න ඇත්තේ. වයස තමා ප්‍රශ්නේ.(නදී)
විශ්ව හරි අපේ ඔය රකින සංස්කෘතිය නිසා තරුණ කොල්ලෝ කෙල්ලෝ කොයි තරම් මානසික පීඩනයකින්ද ඉන්නේ.(නදී)
ගල්යුගය වගේ ගල්ගුහාවක ලස්සන කෙල්ලෙක් එක්ක ඉන්න මමත් හරි කැමතියි. කව්ද කැමති මාත් එක්ක වනගත වෙන්න (නි)
නංගී, තවම ඔයාගේ වයස මදි ගල් ගුහා අස්සෙ යන්න (නි)
ටාසන්..(නදී)
බලපත්‍ර සහිත සියලු සැපපහසුකම් වලින් යුත් ගල් ගුහාවක් වුවමනාකර තිබේ කුලියට, බද්දට, හෝ සින්නක්කර (නි)
අයියෝ කුමාරිහාමි
ඉතින් පලක් නෑ කුමරියෙ හැංගිලා. ඔබෙයි මගෙයි පෙම් කතාව එළිවෙලා.(නදී)
අසංග අපේ ආච්චි කමතීලු ඔය එක්ක ගල් ගුහාවට එන්න .ගුහාව සහ වෙලාව දන්වන්න ආච්චිට.(නදී)
මෙවා සාමාන්‍ය සිද්දි (දී)
ගල් ගුහාවක සේවය කිරීම සඳහා පළපුරුදු තලත්තානි දුසිරිතෙන් තොර ගල් ගුහා සේවා සහතිකපත් ඇති අයෙක් අවශ්‍ය කර ඇත.වැටුප් කතා කර ගත හැක. (ස)
ආදරයට කොහේදෝ බාදා නැත්තේ.(නදී)
අනේ කාලේ වනේ වාසේ........ (ස)