ඒඩ්ස් රෝගය ඇතැයි බොරු ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට කොළඹ ආනන්ද විද්‍යාලයය හෝ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයය ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.
මාස තුනක් යන තුරු දරුවාට අධ්‍යාපන අයිතිය නැති වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, ඔහුට පාලසක් ලබා නොදීම සම්බන්ධයෙන් කුලියාපිටිය අධ්‍යාපන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලයි.
ගුරු සංගමයේ පිරිසක් සඳුදා (08) කුලියාපිටියට ගියහ.
ත්‍රිත්ව විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් ද ඉරිදා (08) එහි ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල හොඳ දේ අගේ කරන්න ඉගෙන ගන්න (බ)
අගමැති දකින්නේ හෙට ලොව අද (අ)
මේ දරුවා බාර ගන්න එකඟ වුනු ආනන්ද, කිංස්වුඩ්, සහිරා, ට්‍රිනිටි විදුහල්පතිවරුන්ට මගේ ප්‍රණාමය. (බ)
ධනුෂ්ක කියන කතාව සම්පුර්ණ ඇත්ත ඒ අම්මා එඩිතර කාන්තාවක් වෙන අම්මලා නම් ළමයාව ගෙදර තිය ගන්නවා ,,, (ම)
ඔය ඔක්කොටොම පොට වැරදිලා වගෙයි. පිටිපස්සේ තියෙන්නේ තවත් කතාවක්. කුලියාපිටියේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. කතාව එහෙ ග්‍රාම නිලධාරීන්ගෙන් අහගන්න!ඔය විදිහේ වැඩක් හොරණ පැත්තෙත් වුනානේ පොල් හොරකම් කරපු ගැහැණු ළමයෙක් ගැන... අනේ මෙහෙමත් රටක්! (බ)
අනේ හොඳයි (නි)
මවගේ උත්සාහයත්, දරුවාගේ වාසනාවත් සමඟ මෙයට උදව් කළ සියලුම දෙනාට තෙරුවන් සරණ පතමි. (නි)
අවිද්‍යාවෙන් මන්මුලා වුණු අපේ ශ්‍රී ලාංකික සමාජයට නුවණැස පහදා දීමේ වැඩ පිළිවෙලක් ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න. (ම)
දුප්පතුන් වෙනුවෙන් ආරම්භ කළ පාසල් නිහඬයි. සල්ලි දැක්කොත් ඇහැරෙයි (නි)
කපිල, දේශපාලනය හැමදේටම ගාවගන්න එපා. මමත් මේ රජයට විරුද්ධව කතා කරන කෙනෙක්. කවුරු කළත් හොඳ දේ, හොඳ විදිහට පිළිගනිමු. (නි)
මගේ නම් අදහස කුලියපිට්යේම ඉකොලේ තමයි ළමයට දෙන්න ඕන අර කෑගපු අයට උණ ගන්න (කෞ)
කොච්චර හොඳ කලත් සමහරු බලන්නේ ද්වේශයෙන් ... (ර)
විදේශ රටක ජීවත් වන පුද්ගලයෙකු ලෙස, විදේශිකයන් අපෙන් මේවා ගැන අසන විට, ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් සිටීම හැර වෙන කිසි දෙයක් කල නොහැක. අවරුදු දහස් ගණනක ඉතිහාසය පට්ට ගසමින් ජීවත් වෙමු. (ර)
සමහර දෙමාපියෝ හැසිරෙන්නේ පොඩි ළමයි වාගේ (ම)
කුලියපිට්යේ ඉන්නේ මිනිස්සු නෙමෙයිද කොහොද? (ම)
කුලියාපිටියේ අර එච්.අයි.වී.ගැන සියල්ලදත් මහාචාර්යවරුන්ගේ ඇස දැන ඇරීලා ඇති. මේ දරුවාව පාසලට ගන්න ඉදිරිපත්වුණ සැමට අපේ ස්තුතිය. (නි)
අගමැතිතුමාට ජයවේවා! (නි)
දුප්පතුන් වෙනුවෙන් ආරම්භකළ පාසල් කෝ? (නි)
දැන් වත් වැරැද්ද නිවැරිදි කරලා ලංකාවේ සීලාචාර මිනිස්සුත් ඉන්න බව පෙන්නුවොත් හොඳයි..(හේ)
බොහොම හොඳයි. නිවාස සහ ගමනාගමන පහසුකම්ද ලබා දෙන මෙන් ඉල්ලමි. ඉදිරියේදී මෙවැනි බොරු ප්‍රචාර ඇතිවීම කලින්ම වැළක්විය යුතුය, නැත්නම් තම දරුවා ජනප්‍රිය පාසලකට යැවීමට සමහර දෙමව්පියන් උත්සාහ කිරීමට ඇති නිසා.(හේ)
ඇයි තමන් ඉගෙනගත් කොළඹ රාජකීය විදුහල යෝජනා කරන්නෙ නැත්තෙ ??? ඒක නේ දිය යුතු හොදම පාසල. (බ)
අන්න අම්මලා....! මුළු ගමම එරෙහි වෙද්දීත් දරුවාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තනිවම නැගීසිටි ඒ අම්මා රටටම ආදර්ශයක්. (බ)
එහෙමනම් කුලියාපිටියේ විරෝධකරුවෝ දිනුම් කියලද කියන්නේ ?(හේ)
අධ්‍යාපන බළධරයන්ට නිසි දඩුවම් ද දරුවාට වන්දි ද ගෙවිය යුතුයි (හේ)
මිනිස් කමට නිගා කල සිද්දියක්. අසරණ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වූ උතුම් මිනිසුන්ට ජාතියේ ප්‍රණාමය. (හේ)
ඇයි අගමැතිතුමා තමන් ඉගෙනගත් රාජකීය විද්‍යාලයට මේ දරුවා ඇතුලත් කරන්න උදව් නොදී වෙනත් විද්‍යාල නම් කරන්නේ. තමන්ගෙ ගමෙන් පිට වෙනත් විද්‍යාලයකට යන්න සැලස්සුවම අනෙකුත් වියදම් කොහොමද ? ඒවත් දෙන්න ඕනේ නේද ?(හේ)
මේ දරුවාට ලබාදෙන පාසල ගැන නම් කිරීම නොකළ යුතුය .නැතිනම් අනිවාර්යෙන්ම එම පාසල් වලින්ද විරෝධතාවයක් ඇතිවිය හැකිය (හේ)
මේවා විකාර සෝබන වැඩ. (ර)
දරුවා වෙනුවෙන් සටන් කළ මව මුළු ලෝකෙටම ආදර්ශයක්. දරුවාගේ අනාගතය අඳුරු කරන්න කටයුතු කළ අයට දැන් සනීපද (බ)
ඔව් ධනුෂ්ක. ඒ අම්මාට හැෙමා්‌ෙගම ආචාරය හිමි විය යුතුයි. (බ)
ඒ දරුවාට කොළඹ රාජකීය විද්‍යාලය ලබා දෙන්න. (බ)