( පුෂ්පකුමාර ජයරත්න )
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගැවසීම සැලකිල්ලට ගෙන කුලියාපිටිය නගරය සහ ඒ අවට පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථාන අද(29) දින සිට ලබන සඳුදා (4) දිනය තෙක් වසා තැබීමට කුලියාපිටිය වෙළඳ සංගමය තීරණය කර ඇත .
කුලියාපිටිය වෙළෙඳ සංගමයේ සභාපති සහ කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කුලියාපිටිය වෙළෙඳ සංගමය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත .
හම්මලව සහ උඩුබද්දාව හමුවූ කොරෝනආසානය වූවන් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් වන අතර ඔවුන් ආසාදිතයන් බවට හඳුනා ගැනීමට පෙර නිවාඩු පැමිණි අවස්ථාවේදී කුලියාපිටිය නගරයේ සහ නගරය ආසන්නයේ ඇති වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථාන රැසක සැරිසරා ඇති බව අනාවරණය වී තිබේ .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුලියාපිටියේ කඩ වසා දමයි