
(දයාරත්න ඇඹෝගම)
පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එහි ගියහ.
එළඹෙන මහ කන්නය ආරම්භ වීමත් සමඟ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට සහ සහල් වෙළඳපොළට ලබාදීම සදහා රජය සතුව විධිමත් වැඩපිලිවෙලක් පවතින බැවින් , රජය සතු වී ගබඩා පරීක්ෂා කර ඒවායෙහි අලුත්වැඩියා කටයුතු සිදුකිරිමෙන් පසුව වී ගබඩා කිරිමට යොදාගැනිමේ හැකියාව පිලිබදව අමාත්‍යවරයා මෙහිදි සොයා බැලිය.
වී සඳහා සහතික මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මීල දී ගැනීමට සැලැස්වීම රජයේ අරමුණ බව මෙහිද අමාත්‍යවරයා පැවසිය.
ඔයාමඩුව ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ගබඩා තුනක් පවතී. මින් එක් ගබඩාවක් කාබනික පොහොර නිෂ්පාදනය සදහා කුලී පදනම මත ලබා දී ඇති අතර තවත් ගබඩාවක් වී ගබඩා කිරිම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරී සී . චන්ද්‍රදාස යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට සකස් විය යුත්තේ ආර්ථික හා සමාජයික වශයෙන් පළමු පන්තියේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් ඉලක්ක කරගෙන මිස කොළ සඟවා කාඩ් සෙල්ලම් කරන නඩයකගේ අනාගත දේශපාලන ඉලක්ක සපුරාලීමට නොවේ. රජය ව්‍යාපාර නොකළ යුතු අතර කළ යුත්තේ රටට ගැලපෙන නීති පද්ධති මගින් ව්‍යාපාර පාලනයක් පමණි.
ඇයි මේ නිලධාරීන් තවම ටයි දාන්නේ? මේක ෆ්ල්ඩ් ට්‍රිප් එකක්. නිල උත්සවයක් නෙමෙයිනේ ගිනි අව්වේ ටයි දාගෙන දාඩිය පෙරාගෙන ඉන්නවා. කතා කරන එකක්වත් ඔළුවට යනවාද දන්නේ නෑ.
හිතුමතේ සංවර්ධන වැඩ ගැන සෞඛ්‍ය ඇමැති කිව්ව කතාව සාධාරණයි කියලා රටපුරාම තියෙන අතහැර දාපු ගබඩා සහ භාවිතා නොකර අතහැර තියෙන ගොඩනැගිලි සංකීර්ණ ගැන ඇහෙන කතාවලින් තේරෙනවා නොවේද? කොමිස්වලට හදපු ප්‍රායෝගික නොවන ගොඩනැගිලි...
"දැයට" කිරුල කෙසේ වෙතත් ඔය ව්‍යාපෘතියෙන් ගොඩ දෙනෙක් කිරුලු පැළඳුවා. ඒකෙ ආදීනව තමයි මේ බහුතරයක් සාමාන්‍ය ජනතාව විඳින්නේ...
ජනතා මුදල්වලට වෙච්චි දේ...!
පිටරටින් සහල් ගෙන්වන්න ගහන බද්ද කිලෝ එකට රුපියල් 10ක් විතර ප්‍රමාණයක් දක්වා අඩු කළා නම් වෙළඳපලේ සහල් මිල නිකම්ම පාලනය වෙනවා. මේ ගබඩා හදන්න, වී මෝල් හදන්න බොරුවට මහජන මුදල් නාස්තිකරන එකේ කිසිම වාසියක් ජනතාවට ලැබෙන්නේ නැහැ. බදු මුදල් වලින් පොහොර, වාරි මාර්ග ඇතුළු වෙනත් සහනාධාර ගොවියාට දුන්නාට වැඩක් නැහැ. ඔහු වී විකුණන්නේ ඩඩ්ලිට, අන්තිමට අපි වැඩි මිලක් ගෙවලා සහල් ගන්නවා... මේ ප්‍රෝඩාවට තිත තියන්න ඕනේ... රජය ව්‍යාපාර යන්න හොඳ නැහැ. භාණ්ඩ වලට පාලන මිලවල් දැමීමෙන් වෙන්නේ එම භාණ්ඩ වලට කළුකඩ මිලක් නියම වීම පමණි.