මාස් පතා වාරිකය ගෙවීමේ පදනම මත ත්‍රිරෝද රථ විස්සක බද්දට ගෙන විකුණු බව කියන කණ්ඩායමක සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි.
රාගම ගෙයක් කුලියට ගත් හිටපු හමුදා සෙබළකු,කාන්තාවක හා දරුවන් දෙදෙනකු ද සමඟ මාස දෙකක් නතර වී සිට දැන් අතුරුදන් වි ඇතැයිද එම සෙබළා මෙහි මහ මොළකරු විය හැකියැයිද පොලීසිය සඳහන් කරයි.
හොරට විකිණූ ත්‍රිරෝද රථ කිහිපයක්ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා මෙතන කියල තියෙන්නේ "හමුදාව හැරගිය" අය නිතරම අපරාධවලට ගෑවෙන බව නේද? මමත් ඒකම කියනවා. ඒ කතාව සම්පුර්ණ ඇත්ත නෙමෙයිද, මහත්වරුනි? හැබැයි, පටලවා ගන්න එපා. ජයාත්, මාත් කියන්නේ හමුදාවට නිගා දෙමින්, "හමුදාව හැර ගිය, හමුදාවෙන් පැනගිය" කට්ටිය ගැන මිසක් අප වෙනුවෙන් දිවි පිදු, අදත් සක්‍රිය සේවයේ නියුතු, ජනහිතකාමී සැබෑ රණවිරුවන් ගැන නෙමෙයි. කරුණු පටලවා ගන්න එපා. (ස)
ඇත්තටම අපි අද ජීවිතය ගෙවන්නේ අමුතුම පරිසරයක. සැප විඳින මිනිස්සු සැප විඳිනවා, දුක් විඳින මිනිස්සු දුක් විඳිනවා. දිනෙන් දින රටේ දරුණු ලෙස අපරාධ වැඩිවීගෙන යනවා.කොතරම් දරුණු ඝනයේ අපරාධයක් කළත් දින අනුවෙන් නිදහස් වෙන්න පුළුවන් ලොව එකම රට ශ්‍රී ලංකාව..... (නි)
ඔය ලොකු මහත්තයෙක් ගංජා ඇදලත් අහුවුණේ? (නි)
දැන් ටිකකලක සිට හමුදාව ගෑවුනේ කොතනද, එතන සනීප නොවන වනයකි (නි)
සෙබලාට නිසි දඩුවම් ලැබිය යුතුයි.(නදී)
හොරකමක් , මංකොල්ලයක් , මිනිමැරුමක් , ස්ත්‍රී දුෂණයක් කොහෙද එතන හමුදාව හැර ගිය කියන වචනේ අද සුලබ වෙලා නේද ? (නි)
දැන්,දැන් වෙන දේවල්..,දැක්කම දුකත් හිතෙනවා .හමුදාවේ සහ පොලිසියේ අය කරන වැඩ දැක්කම රටට වෙලා තියෙන්නේ මොනවද..?කියල (ඒත් ඉතින් හැමෝමත් නෙවෙයි).(නදී)
මෙතන අදහස් දමන හැමෝටම අමතක වෙලා අවුරුදු 30ක් රටේ තිබුණු වනය සුවපත් කළේ හමුදාව කියලා. සිංහලයාට කෙටි කාලයකින් අතීතය අමතක වෙනවා කියපු කතාව බොරු නෙමෙයි. (නි)
දැන් සෑම අපරාධයක් පිටුපසම හමුදාව ඇත (නි)
අපිත් ඉතින් හමුදාවේ අය උඩින් තියාගෙන හිටියේ.අපිටත් හොදම වැඩේ. (නි)
අහෝප්‍රසන්න වැනි අය සිටින රටක ඉපදීමත් ලැජ්ජාවක් (නි)
ඔය ඉහලින් ලියපු අය හිතන්න මෙන්න මේ ටික, හැමෝටම බනින්න එපා.අපි දුක් විඳපු විදිය හින්දා ඔය අක්කලා නංගිලා පාරේ බැහැල අද යන්නේ. ඔය නිර්මාල්,පිට බද්දර ජයා,ගුණා, ඔයාලා ලංකාවේද,කොහෙන් හරි අාපු අයද,ඕකනේ කියන්නේ ලංකාවේ අයට, කිසිම දෙයක් මතක නැහැ,ඕවා ජාන වලින් ගෙනාපුවා ...........(ස)
දැන් බලන කොට වැරදි කරන්නේ කවුද කියල පෙන්නන එකත් වැරද්දක් වෙලා වගෙයි. (ස)